ඥානාසාර හාමුදුරුවන්ගේ මස් රාත්තලම ඉල්ලන චන්ද්‍රිකා මැතිණිය-(Mrs. Chandrika goes after Ven. Gnanasara’s pound of flesh)
Posted on June 6th, 2023

C. Wijeyawickrema, LL.B., Ph.D.

සුද්දෝදනගේ කොළුවා ගැන කතාකල නටාෂා නම් ඔල්මාද තරුණිය වෙනුවට, ඒ හැමදෙනාටම කලින්, ඉස්ලාම් ආගමට අපහාසකල, කිතුණු (බෝන් අගේන් මඩු) හා මුස්ලිම් පල්ලි වලට ගිනි තැබූ,  බොදු බල සේනා සංවිධානයේ ඥානසාර හිමියන් හිරභාරයට ගතයුතු යයි මිසිස් චන්ද්‍රිකා විසින් කරණ ලද ප්‍රකාශය පුදුමයට කරුණක් නොවේ. ජෙරොම්ගේ ජරමරය සම්බන්ධයෙන් ජෙරෝම් ගැනට වඩා  යූටියුබ්කාරයින්, අරගලයේ කුමන්ත්‍රණ පඬරැල් හා රටින් පැනගොස් පැරිසියේ සැඟවී සිටින slvlog  හා මංජු නිස්සංකගේ ඒජන්ට්, භාරත තෙන්නකෝන් වැනි පංචස්කන්ධ වැඩියෙන් සඳහන් කරන්නේ  ඥානසාර හාමුදුරුවන් ගැනය.

මීට හේතුව වන්නේ මීට පෙර පාස්කු ප්‍රහාරයේදී එලිවූවා මෙන් ජෙරොම් මගඩියේදීද එලිවන්නේ ඥානසාර හිමියන් රටට පෙන්වා දුන් සත්‍ය කතාවම වීමය. පාස්කු කොමිෂම ඉදිරියේ දින පහක් පුරා උන්වහන්සේ දුන් ශාක්ෂි හා ලේඛණ වලින් පාස්කු කොමිෂම් වාර්තාව පිරී ඇත. කොමිෂම  හාමුදුරුවන්ට පොලිස් ආරක්ෂාව ලබාදී ඇත්තේද මේ නිසාය. මෙම යථාර්ථය ඉදිරියේ නැවතත් ජාතිවාදී හා අගම්වාදී ලේබලය බොදු බල සේනාවට පැටවීමට සමස්ත යුටියුබ් හා සමාජ මාධ්‍ය ජාලයම වලිකමින් සිටී. මොවුන්ට අනුව ජෙරෝම් ලා, නටාෂා  හෝ සේපාල් ලාගේ නාඩගම්වල වැරදිකාරයා ඥානසාර හාමුදුරුවන්ය.

බෲනෝ ඇරිස්ටෝටල් මෙන් හැසිරෙන ගමන් හසලක තුෂාර වේදිකාවේ කලිසම ගැලවීමට තරම් දාර්ශණිකයෙක් විය. කලිසම පහලට දැමූ විට ඔහුගේ පොට්ටනිය කමිසයෙන් වැසී තිබුණු නිසා කමිසය උඩට උස්සන ලෙස නාටාෂා කෑ ගැසුවේය.  එන්න බලන්න හැබැයි  මිරිකන්න එපා යයි හසලක කෑ ගැසුවේය. ප්‍රේක්ෂාගාරයේ පිස්සෝ ඔල්වරසන් දුන්නේය. අභිෂේකා කෙලීද   විනෝද වුනේය. දරු පැටියෙකු උකුලේ තබා ගෙන මව්කිරි පෙවීමේ අත්දැකීමක්වත් තවම නැති slvlog අභිෂේකා කෙලී පවා ඥානසාර හාමුදුරුවන්ට කියන්නේ ඥානසාර සාදු කියාය. බෞද්ධාගමේ සාදුලා නැත. හින්දු භක්තිකයින් කියන අන්දමට සාමි කියාවත් කියන්නට ඇයට නොසිතේ. ඇය බෝනගේන් කාරියක්ද? මේ මංජු නිස්සංකගේ රට හදන අළුත් නිරාගමික දේශපාලන පක්ෂයේ සාමාජිකයින්ගේ මානසික මට්ටමද?

බල සේනා බලු කූඩුවට දැමීම

නාටාෂාගේ නාඩගම ගැන උන්වහන්සේට කැතම අපහාසය කරන්නේ මිසිස් චන්ද්‍රිකා විසින්ය. චන්ද්‍රිකා නෝනාට අමතක නොවන පාඩමක් ඉගැන්වීමට කදිම අවස්ථාවක් ඇය විසින් ඥානසාර හාමුදුරුවන්ට සපයා දී තිබේ. ඇගේ ප්‍රකාශය සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානය විසින් පොලිසියට/CID හා මානව හිමිකම් කොමිෂමට පැමිණිල්ලක් කල යුතුය කියා මම සිතමි.

මෑත කාලයේදී, විශේෂයෙන් 2012 මැයි මස බොදු බල සංවිධානය පිහිටුවීමෙන් පසුව රටේ සියළුම පක්ෂ දේශපාලකයින් ඥානසාර හිමියන්ට වෛර කලේය. සිංහල බෞද්ධයයි පෙනී සිටින අය උන්වහන්සේව සැලකුවේ සතුරෙක් ලෙසය. මීට හේතුව අනිත් හැම ජනවර්ගයකටම නායකයින් සිටිනවා නමුත් සිංහල බෞද්ධයින්ට හරිහමන් නායකයෙක් නැතැයි හාමුදුරුවන් විසින් පෙන්වා දීමය. සැකකටයුතු ලෙස රුසියාවේදී පරලොව ගිය සෝම හාමුදුරුවන් මෙන් බණ මඩුවේ සිට නොව ප්‍රසිද්ධ වේදිකාවල මෙම තරුණ භික්ෂුව කල ප්‍රකාශ වල ව්‍යංග අර්ථය වුනේ, මේ බොරු බෞද්ධ දේශපාලකයින් සිංහල බෞද්ධයින්ට සළකන්නේ හරියට සමහර පිරිමි හිත හොද ගෑණුන්ට සළකනවා වගේය යන්නය.

දේශ-පාලනය (සමාජ සේවය) කල භික්ෂූන්ට කඹයකින් බැඳි හරකෙකුට මෙන් කොටුව ඇතුලේ, පවතින සිස්ටම් එක තුල සැරිසරණවා විනා, කඹය කඩාගෙන, වැට උඩින් පැන ගෙන යාමට සිංහල කළු සුද්දන් කල්ලි විසින් ඉඩ තැබුවේ නැත. ඓතිහාසිකව බලන විට නාරද හාමුදුරුවන්ට හෝ මඩිහේ හාමුදුරුවන්ට සිදුවූයේ එයය.  ඥානසාර නම් හිමිනම උපතින් ගෙනා, අවංකකම, කැපවීම හා නිර්භීතකම යන ලක්ෂණ අතින් මිගෙට්ටුවත්තේ ගුනානන්ද, අනාගාරික ධර්මපාල වැනි ජාතික වීරයින්ගේ ගති ලක්ෂණ මුල සිටම පෙන්නුම් කලේය. එම මුල් අවධියේදී චම්පික රණවක, ඇතුරැලියේ රතන හිමි යන අය උන්වහන්සේගේ දේශපාලන ගුරාලා විය. මේ ගුරාලා අවස්ථාවාදී ලෙස ප්‍රතිපත්ති කරණම් ගසද්දී, එකම මතවාදයක් වෙනුවෙන් අදටත් නිර්භීතව නොසැලි දිගටම පෙනී සිටිමින් රටේ ඉතුරුව ඉන්නා එකම පංචස්කන්ධය ඥානසාර හිමියන් පමණය.

මහින්ද රාජපක්ෂ පවා ඥානසාර හිමියන් නොර්වේ ඒජන්ත කෙනෙක් යයි පැවසූ කාලයක් තිබුනේය. රජීව විජේසිංහ, රාජිත සේනාරත්න, විජේදාස රාජපක්ෂ යනාදී නොයෙක් නොයෙක් ආකාරයේ පංචස්කන්ධද ඊට සම්මාදම් විය. එහෙත් හාමුදුරුවන්ගේ ජාතික ව්‍යාපාරයට වැඩියෙන්ම වෛරකලේ චන්ද්‍රිකා නෝනාය. බොදු බල සේනා මතවාදයෙන් වඩාත්ම මානසිකව වැටුනේ ඇයය. මුස්ලිම් සභාවක් ඉදිරියේ “අපි ලඟදීම බලු සේනාව බලු කූඩුවේ දමනවා” යයි ඇය පැවසුවේ මේ නිසාය. මේ අතරතුර කුරුණෑගල පැත්තේ පාළු පාරකදී මහරෑ හාමුදුරුවන්ව අත් අඩංගුවට ගන්නට ගිය ආයුධ සන්නද්ධ පොලිස් බල ඇනියක් මහජනයා මැදිහත්ව ව්‍යවර්ථ කලේය. අන්තිමේදී මේ දඩයම ඉවරවුනේ අස්ගිරි මල්වතු මහානායක හිමිවරුන්ගේ මැදිහත් වීමෙනි (අස්ගිරි ප්‍රකාශනය 2017 ජූනි 20 හා ජූලි 4 නිවේදනය).

LankaWeb – අස්ගිරි විප්ලවය

ලෝකයේ අරුම පුදුම නඩු තීන්දු දෙක

එහෙත් චන්ද්‍රිකා දුන් පොරොන්දුව ප්‍රකාරවම වැඩි කාලයක් යාමටත් කලින් නීතිපති දෙපාර්තමේන්තුව හා jvp  නීතීඥ කුමාරප්පෙරුමද එකතුව හෝමාගම මහෙස්ත්‍රාත්ට අපහාස කලා යයි බොරු නඩුවක් පටලවා හාමුදුරුවන්ට වසර 19 ක සිර දඬුවමක් දෙන ලදී. හිර ගෙදර හාමුදුරුවන්ට බණ මඩුවක් වීම වෙනම කතාවකි. නමුත් ඇපැල් උසාවියේ මෙම නඩු තීන්දුව අනීතික තීන්දුවක් බවත්, ඊට විරුද්ධව සුප්‍රිම් උසාවියට ආයාචනයක් කිරීමට කල ඉල්ලීම ප්‍රතික්ෂේපකල සුප්‍රිම් උසාවියේ නිගමනයද  ස්වාභාවික යුක්තියට පටහැනි බවත් පෙන්වමින් මා කල විග්‍රහය ලංකා වෙබ් වෙබ් අඩවියේ පලවිය (එය උසාවි, බාර් ඇසෝෂියේෂන්, අධිකරණ අමාත්‍යාංශ යනාදියටද ඊමේල් කර යවන්න ලදී).

නඩුකාරයින් යයි කියන්නේද ශාන්තුවරයින් නොව කෙළෙස් බරින් පිරි පංචකන්ධ බව ඇමෙරිකාවේ සුප්‍රීම් උසාවියේ නඩුකාරයින් සඳහාද යම්  විනය රීති පද්ධතියක් (code of conduct) අවශ්‍ය යයි මේ දිනවල පවතින වාද-විවාද වලින් පෙනීයයි. ඇමෙරිකාව වැනි රටවල මෙන් ලංකාවේද උසාවි නඩු තීන්දු සම්බන්ධයෙන් කරණ ශාස්ත්‍රීය විග්‍රහ උසාවියට අපහාස කිරීමක් නොවන්නේ  ඒ මඟින් නීති විද්‍යාව (jurisprudence) පෝෂණය වන නිසාය.

LankaWeb – Six lawyers and a monk: importance of impotence

අගමැති බණ්ඩාරනායක ඝාතන කුමන්ත්‍රණය

1959 සැප්තැම්බර් අගමැති ඝාතනය, ඊට කලින් ඔහුට සර්ප විෂ සහිත කිරි වීදුරුවක් පෙවීමට ගත් උත්සාහය (වැරදීමකින් කැබිනට් ඇමති සී. පී. ද සිල්වා විසින් බොන ලද), හා ඉන්පසු 1962 ජනවාරි පොලිස්-නේවි ක්‍රිස්තියානි කුමන්ත්‍රණය සමඟ බැඳී ඇත. සෝමාරාම-බුද්ධරක්ඛිත මෝඩ ඉත්තන් පමණය. මෙය සඳහන් කලේ සිය පියාගේ ඝාතනය නිසා බණ්ඩාරනායක දරුවන් තිදෙනාට සිදුවූ අසරණවීම ගැන මට ඒකාලයේ සිටම ඇතිවූ අනුකම්පාව නිසාය. අගමැතිණි වීමෙන් පසුව ඔවුන්ගේ මවට දරුවන් නිසි ආකාරයට <හදාගන්නට> නොහැකිවිය. උදාහරණයක් වශයෙන් අනුරව බලාගන්නට භාරදී තිබුණේ ඥාතී ලක්ෂ්මන් ජයකොඩිටය. අනුරට සෙනේට් සභා භෝජනාගාරයේදී මත්පැන් පානයට හොරෙන් පුරුදු කලේ ඔහු බව මට කිව්වේ D. A. අබේසේකර නම් නිලධාරියා විසින් මා සිමෙන්ති සංස්ථාවේ සේවය කල කාලයේය (1973?) ආදරේට, මවට හොරෙන් මෙසේ නොකලා නම් අනුර තවමත් ජීවත්වන්නට ඉඩ තිබුණා නොවේද?

චන්ද්‍රිකාගේ සිංහල බෞද්ධ විරෝධී මනස හා ආගම ධර්මානුකූල නොවන හැසිරීම් සමුදාය පියා ජීවත්ව සිටියා නම් මීට වඩා වෙනස් වන්නට ඉඩ තිබුණි. ඇය චතුරාර්ය සත්‍යය හෝ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන දන්නේ රෝසි සේනානායක හෝ ටාරා ද මැල් දන්නවාටත් වඩා අඩුවෙන් විය හැකිය. වික්ටර් අයිවන්ගේ චෝර රැජින පොත චන්ද්‍රිකා විසින් ඔහුව රැවටීම නිසා ඔහු දැක්වූ ප්‍රතික්‍රියාවක් විය හැකිය. මීට වඩා ප්‍රබල  ශාක්ෂියක් වන්නේ අගමැතිණි සිරිමාවෝගේ නිල පුද්ගලික ලේකම්ව සිටි සුදත් ගුණසේකර එලිකල කතාවය.

ඇය ඔහුට කියා තිබෙන්නේ චන්ද්‍රිකා (ජනාධිපතිනිය) පිස්සු කෙළිනවා කියාය. තම මවගේ මිනියට නිල්පාට සාරියක් අන්දවා තිබෙනු දුටු මළගෙදරට ගිය හාමුදුරුවරු බෞද්ධ උපාසිකාවක්වු සිරිමාවෝට සුදු සාරියක් තිබුණේ නැද්දයි බලවත්සේ කණගාටු වුනේය. මේ සියල්ලටම වඩා ඇගේ ක්‍රියාකලාපයේ නරකම දේවල් අතර භයානකම දෙය වූයේ නීලන්-ජී එල්-ජයම්පති වික්‍රමරත්න යන අය හවුල් කරගෙන 1995-2000 කාලයේ ගෙනා රට කැබලි 7-10 ගණනකට කැඩීමේ පැකේජ් ඩිල් ව්‍යවස්ථාවය (balkanization of Sinhale). රනිල් අගමැති විසින් ඊට එකඟවුනත් අන්තිමේදී සිය ගෝල බාලයින් ලවා පාර්ලිමේන්තුවේදි එය පුච්චා දැම්මේ තමන්ට අළුත් විධායක අගමැති කම නොලැබෙන බව දැනගත් විටය. ඇය ඇගේ මේ ජාති භ්‍රෂ්ට ක්‍රියාවේ තිබෙන ඇයට පෙනෙන <වටිනාකම>  ගැන රනිල්-සුමන්තිරන්-ජයම්පති වික්‍රමරත්නලාගේ 2018 ඔරිමිත්තනාඩු මගඩියේදී මෙන්ම දැන් 2013 ජූනි මාසයේදීත්  මහත් උජාරුවෙන් දොඩවමින් සිටී.

රනිල්ගේ 2002 රට පාවාදීමේ සටන් විරාම ගිවිසුමට නොදෙවෙනිව චන්ද්‍රිකා විසින් ISGA හා PTOM  යන රට නිසැකවම කැබලිවන මර උගුල් දෙකක්ම  අටවා ගන්නට සැදුවේය. මෙහිදී ඇයව  කොට උඩ යැව්වේ JVP විසින්ය

LankaWeb – සජිත්-රනිල්-චන්ද්‍රිකාගේ රට කැබලිකිරීමේ ප්ලෑන

ජාති වාදියා හා ජාතික වාදියා

සාමාන්‍ය මහජනයා හෝ උවමනාවෙන්ම එය විකෘති කර හුවා දක්වන මිය ගිය මංගල සමරවීරලාගේ අනුගාමිකයින් හා දෙස් විදෙස් බලවේග  අමතක කලත් චන්ද්‍රිකා වැන්නෙකුට ජාති හා ජාතික යන වචන දෙකේ වෙනස නොතේරෙනවාද? ජාතිවාදියා කියන්නේ තමන්ගේ උපන් ජාතිය පමණක් උතුම්ය, සෙසු ජාති/ජන වර්ග පහත්ය යයි සිතමින් ඔවුන්ට හිරිහැර, වද හිංසා කරණ හෝ කරන්නට අනුබල දෙන අයටය. හිට්ලර්ගේ යුදෙව් මනස හොඳම නිදසුණය.

ජාතික වාදියා යනු තමන් උපන් ජාතිය හා එහි ශිෂ්ටාචාරය රැක ගැනීමට, එය ලෝක සිතියමෙන් වඳවී අතුරුදහන්වීම වැලැක්වීමට ක්‍රියා කරන්නාය. ඔහු/ඇය සෙසු ජනවර්ග වලට හානි කිරීමට ක්‍රියාකරන්නේ නැත (බුදුවනතුරුම සිද්ධාර්ථ කුමාරයා ජාතික වාදියෙක් විය). විග්නේශ්වරන් විසින් සිංහල ආණ්ඩු  දෙමළ ජන සංහාරයක් කරණවා යයි කරණ ප්‍රකාශයට චන්ද්‍රිකා නෝනා විසින් නිහඬව සිටීම ජාතිවාදය පිළි ගැනීමකි. මේ අනුව ඇය නිර්මාල් රංජිත් දේවසිරි, ජයදේව උයන්ගොඩලා හා රාජිත සේනාරත්නලා වැනි පක්ෂ දේශපාලක ජාවාරම්කාරයින් මෙන්ම ජාතිවාදී හීතල හොරෙක්/හෙරක් ය.  සිංහල වෙලා හෝ ලංකාවේ හෝ ඉපදුනේ තමන්ගේ තීරණයක් නිසා නොවේයයි කේන්තියෙන් කියන්නට බෝන් අගේන් පල්ලි මඩු 200 කට වඩා භාරයේ සිටින එරාන් වික්‍රමරත්න අර්ධ පාස්ටර් වරයා කියන්නේ ජාතික වාදය ඔවුන්ගේ බැටළු පැටවුන් හොයා යන දඩයමට භාධාවක් නිසාය.

ආගම්වාදියා යනු තමන් අදහන දෘෂ්ටියට සෙසු ලබ්ධිවල අයව කැරට් අලය පෙන්නා හෝ වේවැල (කඩුව එල්ලකර හෝ හරවා ගත යුතුයයි බයිබලයේ හෝ කෝරානයේ එසේ කියා ඇතත් නැතත් කරන සංවිධාන වල සාමාජිකයින්ටය. ක්‍රිස්තියානි පල්ලි ක්‍රමය අනුව අස්වැන්න නෙලා ගන්නවා කියන්නේ මෙම ක්‍රියාවලියටය. බුද්ධ දර්ශණය සර්ව බලධාරී දෙවියෙකු විශ්වාස නොකරයි. හින්දු ආගමේ නම් මහා බ්‍රහ්මයෙකු සිටී. මේ අනුව විශේෂයෙන් බෞද්ධයින් වෙනත් ලබ්ධියකට මාරුවීම රේල් පාරවල් මාරු කිරීමකි. ඒ සඳහා අයථා විධි අනුගමණය කරන්නේ ඒ නිසාය.

අම්බෙඩ්කාර්ගේ නිගමණය

ඩලිත් වරුන්ට සිදුවන හානිය ගාන්ධිගේ මතවාදය ඉදිරියේ නොවිසඳෙන බව අවභෝධ කරගත් අම්බෙඩ්කාර් ක්‍රිස්තියානි, ඉස්ලාම් හෝ ශීක් ලබ්ධි වෙනුවට බුදු දහම තෝරා ගත්තේ බුදු දහම වැළඳ ගැනීමෙන් හින්දු ආගමට හතුරු කමක් සිදු නොවනවාය යන මානව දයාව ද නිසාය. ගස් ගල්. සතා සිව්පාවා ඇතුළු සියළුම සත්වයින්ට නිදුක්, නිරෝගී, සුවපත් බව පතන බෞද්ධ දර්ශණය හා ඒ වටා ගොඩ නැගුණ ආගමික ශිෂ්ටාචාරය ගැන නොදන්නා නිසා චන්ද්‍රිකා වැනි  පංචස්කන්ධ රටේ ඉතිහාසය ගැන ඇය පැරිසියේ විනෝදවෙමින් සිටි කාලයේවත්, එහි වැඩ විසූ වල්පොල රාහුල හිමියන්ගෙන්වත් ඉගෙන ගත්තේ නැත. එසේ නැත්නම්  ඇය සුමන්තිරන්ලා පාකියසෝතිලා හකීම්ලාගේ, වසන්ත රාජාලා, හෝ බෝන් අගේන් කාරයින්ගේ සුකොමල හස්තයක් වන්නේ නැත.

අවලංගු කාසි

කලකට පෙර රනිල් වික්‍රමසිංහ මහතා විසින් කියා සිටියේ පරණ දේශපාලන පක්ෂ දෙකම හා ඒවායේ නායකයින් අවලංගු කාසි යයි ඒකාලයේ jvp එක විසින් පෙන්වා දුන් බවයි. දැන් කාලය වනවිට පරණ පිනකට එවැනි අවලංගු කාසියක්වූ රනිල්, රටේ ජනාධිපති විය. එය රටේ වාසනාවද, අවාසනාවද යන්න ඔහු පරණ පව් සමාකර ගෙන විමලධර්මසූරිය වැනි රජෙක් වේද යන්න මත රඳා පවතී. මහින්ද රාජපක්ෂ මෙන් ඕ මයි ගෝඩ්, පිරිත් නූල් බෞද්ධයෙක් නොවීමට කදිම අවස්ථාවක් ඔහුට ලැබී තිබේ. 

චන්ද්‍රිකා තවමත් අවලංගු කාසියක්ම පමණක් නොව බොරු කතා මඟින් තවතවත් දියේ ගිලෙමින් සිටී. කුමාර වෙල්ගමට ඇයව ගොඩ ගැනීමට නොහැකිය. ඥානසාර හාමුදුරුවන් ව්සින් ජෙරෝම්-නටාෂා-බෲනෝ-මංජු-අභිෂේකා-සේපාල්- පැරිසියේ සැඟවී සිටින භාරත තෙන්නකෝන්, තරිඳු උඩුවරගෙදර, එරාන් වික්‍රමරත්න වැන්නන්ගේ බෞද්ධ විරෝධී  ව්‍යාපාරයේ ආරම්භය  ගැන අනතුරු ඇඟවූයේ 2000 පමණ සිටය. චන්ද්‍රිකාගේ 2002 බෞද්ධ කොමිෂම් වාර්තාවේම මෙය සඳහන් විය. ඇය කලේ කුමක්ද? ඇය මංගල සමරවීර සමඟ නිර්වස්ත්‍රම් පරමං සුඛම් වැනි කතාවලට විරුද්ධ වුනාද?

මුරදේවතා සංකල්පය

1802 න් පසු ලංකාවේ ඉතිහාසය සුද්දන්/කළුසුද්දන් හා පන්සල අතරවූ අතිවූ සනාතන අරගලයේ කතාව යයි සළකන විට ලෝකයේ වෙන රටක දක්නට නොලැබෙන මුර දේවතාවා යන සංකල්පයේ වැදගත්කම එලිවේ. නෝත් ආණ්ඩුකාරයාට පවා තේරුණු මෙම සංකල්පය ගැන දැනුමක් චන්ද්‍රිකාලාට, රාජිතලාට හෝ විජේදාස රාජපක්ෂටවත් නැත.

ථේරවාද බුදු දහම. ත්‍රිපිටකය හා සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය රැක බලාගත්තේ හාමුදුරුවරු රටේ මුරදේවතාවුන් ලෙස කල කාර්යභාරය නිසාය. රජුන් තැනීම, රැකීම හා ඉවත් කිරීම පන්සල ඉටුකල ජාතික වගකීම් විය. 1940ස් ගණන්වල අද්මිරාල් ලේටන් හාමුදුරුවරුන් හමුදා කඳවුරු වල තබන්නට සැලසුම් කලේ ජපනුන් ලංකාව ආවොත් පන්සල් ජපනුන්ගේ පැත්ත ගනීවී යයි ඇතිවූ භීතිය නිසාය.

ඉතිහාසයේ එක් එක් අවධිවල නායකත්වය ගත් භික්ෂූන් සිටියේය. මෑත කාලයේදී මෙසේ මදිහත්වූ හාමුදුරුවරු  සැක සහිත ලෙස අපවත්වීයෑම ලංකාවටම විශේෂිත සිද්ධිය. සෝම හාමුදුරුවන් අපවත් කෙරෙව්වාය යන සැකය මාදුළුවාවේ සොභිත හිමියන් සිංගප්පුරු වෛද්‍ය ගුවන් යානයේ  ගෙනයෑමේ කතාවට වඩා බලවත් වන්නේ, සෝම හිමියන් රුසියාවේ අපවත්වීම ස්වාභාවික හේතු මත සිදුවූවායයි පෙන්වන පොතක් වික්ටර් අයිවන් විසින් ලියා ඇති නිසාය.

පන්සලේ විප්ලවය (Ravaya, Piliyandala, 2006) නම් ඒ පොතෙන් සෝම හිමියන්ගේ පෙම් සම්බන්ධයක් ගැන පවා වික්ටර් ලියන්නේ හාමුදුරුවන් නළුවෙක් මෙන් මුහුණ ආලේප තවරා සකස් කල බව පෙන්වමිනි. එපමණක් නොව මේ ක්‍රිස්තියානි මාක්ස්වාදියා ලංකාවේ සංඝ සමාජය පුනර්ජීවනය කිරීම සඳහා උපදෙස් මාලාවක්ද  ලියයි. ඔහුගෙ මේ පොත ඩොලර්  කොන්ත්‍රාත් එකක් බව නිසැකය.

ලංකා වාසි ජනයාගෙන් කී දෙනෙක් මෙම ලිපියේ පෙන්වන කරුණු කාරණා දන්න්වාද කියා මට සිතේ. මේ අවස්ථාවේ මේවා වාර්තාගත කිරීමේ අරමුණ චන්ද්‍රිකා නෝනාට  ඥානසාර හිමියන් ගැන කට ඇරීමට සාධාරණ හෝ අසාධාරණ අයිතියක් නැති බව පෙන්වා දීමටය.

ඥානසාර හිමියන්ගේ ජාතික සේවය

2012 සිටම ඥානසාර හිමියන්ගේ ක්‍රියාකලාපය විමසිල්ලෙන් බලා සිටි මම ඒ කාලයේ සිටම උන්වහන්සේගේ මතවාදයට එරෙහිව කට මැත දෙඩවූ දේශපාලකයින්ට සිංහලෙන් හා ඉන්ගිරිස් වලින් පිලිතුරු ලිපි ලිව්වෙමි. ලංකාවෙබ් වෙබ් අඩවිය මෙම ලිපි සුරක්ෂිත කර තිබේ. එහෙත් උන්වහන්සේ සමඟ මා මුල්වරට කතා කලේ 2021 දීය. මේ හාමුදුරුවන්ගේ ජීවිත කතාවේ අබමල් රේණුවක් හෝ චන්ද්‍රිකා දන්නවා නම් ඇය මෙසේ දුෂ්ඨ ලෙස කට අරින්නේ නැත. හාමුදුරුවන් ගැන කරුණු කීපයක් මෙහි පහතින් සටහන් කරමි.

*1. කුඩා ලමයෙකු කාලයේ ඔහු මිහිරි හඬින් බෞද්ධ ගාථා කියනු අසා ඔහුව මහණ කර ගන්නට දෙන ලෙස ආරණ්‍යයේ නායක හිමියෝ  ඉල්ලා සිටිවිට ඔහුගේ පියා ඊට අකමැති විය. දැන් TV නාලිකාවල  නිතර නිතර ඇසෙන බෝධි පූජා,  සුත්‍ර ගායනා ඥානසාර හිමියන්ගේ කට හඬ බව දන්නේ කී දෙනාද?

*2. දළදාව හොරකම් කරගෙන යන්නට රතන හිමියන් වරක් ඥානසාර හිමියන්ට යෝජනා කලේය. පසු කලෙක දළදා මාලිගාව අසල කල මාරාන්තික උපවාසයෙන් රතන හිමියන්ගේ ජීවිතය බේරුනේ ඥානසාර හිමියන්ගේ මැදිහත්වීම නිසාය. එහෙත් අවුරුදු 15 ක් ම පාර්ලිමේන්තුවේ සිටි රතන හිමියෝ ඥානසාර හිමියන්ට ලැබුණු අවස්ථාව නැති කලේය. ඥානසාර හිමියන් පාර්ලිමේන්තුවට ගියා නම් ඉතුරු මන්ත්‍රීන් 223 ටම සිංහල බෞද්ධ මතවාදය උගන්වා දෙනවා නිසැකය.

* 3. බොදු බල සේනා සංවිධානය ගාන්ධිගේ හෝ ඇමෙරිකාවේ මාටින් ලූතර් කිංගේ මෙන් මිලිටන්ට්  ව්‍යාපාරයක් විය. එය අවිහිංසාව, විනය හා පරිත්‍යාගය (ඩෙඩිcඅටිඔන්) මත පදනම් වූවකි. තමන් හෝ තම සංවිධානය කිසිම පුද්ගල හෝ දේපල හානිකිරීමකට ක්‍රියා නොකල බව උන්වහන්සේ සපථ කර සිටී. මේ සම්බන්ධයෙන් කරණ චෝදනා දේශපාලන කුමණ්ත්‍රන බවත්, කොමිෂමක් පත්කර කරුණු විමසන ලෙසත් කීපවරක්ම හාමුදුරුවන් ආණ්ඩුවලට අභියෝග කලේය.

*4. එක් උසස් පොලිස් නිලධාරියෙක් වරක් හාමුදුරුවන්ට කතාකර උපකාරයක් ඉල්ලා සිටියේය. යම් චීවර ධාරියෙක් කොළඹ සිටගෙන මහානායක හාමුදුරුවරුන්ගේ නියෝජිතයෙක් යයි කියමින් දූෂිත හොර කාර්යාලයක් පවත්වාගෙන ගියේය. දේශපාලනමය කරුණක් නිසා මෙයට අතගහන්නට නිලධාරියා මැලිවිය. හාමුදුරුවන්  වහාම මැදිහත්ව  චීවරධාරියාගේ කාර්යාලයට ගොස් විමසා බලා ඔහුව නෙරපා දම්මේය. මෙවැනි හොරුන් දුසිම් ගණනක් ඥානසාර හිමියන් විසින් අල්ලා නෙරපා ඇත. මිලිටන්ට් බුඩිසම් යනු එයය.

*5. හාමුදුරුවන් විසින් රටේ පන්සල් 20 ක් 30 ක් පමණ හදාගැනීමට උදව් කලත් තමන්ගේ පන්සල හදාගෙන නැත. බැංකු ගිණුමේ සල්ලිද නැත. එසේ නමුත් V8 හාමුදුරුවරු යන ලේබලය යූටියුබ් කාරයින් උන්වහන්සේටද ගසයි.  ඇමෙරිකාවේ දොස්තර වෝල්ටර් ජයසිංහ විසින් හාමුදුරුවන්ට වාහනයක් පූජා කලේ උන්වහන්සේගේ ශාසනික/සාමාජ කටයුතු සඳහා, දුර ගමන් සඳහා, සුදුසු වාහනයක් අවශ්‍ය නිසායයි පවසමිනි.

*6. හේතුඵල න්‍යාය අනුව කරුණු වටහා ගෙන රෝග නිධානයට ප්‍රතිකාර කරනවා මිස, ජෙරෝම්ලා හෝ නටාෂාලා පස්සේ එලවීම නිෂ්ඵල ක්‍රියාවක් බව පෙන්වන හාමුදුරුවන් ක්‍රිස්තියානි ආක්‍රමණය හා බෝන් අගේන්ලා බොහෝ කාලයක සිටත්. ඉස්ලාම් ව්‍යාප්තවාදය මෑතක සිටත් ලංකාව පුරා ක්‍රමයෙන් මුල් බැසගෙන යමින් සිටින නිසා ඒ පිළිඹදව දැන්වත් ආණ්ඩු ක්‍රියාකල යුතුබව පෙන්වා දෙයි. 1990 ගණන් වල සිට මීට අදාල තොරතුරු තිබේ. මේ නිසා මෙම ඉල්ලීම කිසියම් පක්ෂ දේශපාලනයකට කඩේ යාමක් නොවන බව පැහැදිලිය.

(1952 දී නාරද හාමුදුරුවන්ට පේරාදෙණිය සරසවියට පැමිණ දේශනයක් දීම සඳහා දේශන ශාලාවක් භාවිතයට අවසර ඉල්ලුවිට ඩීන් රොද්‍රිගෝ එය ප්‍රතික්ෂේප කලේය. මෙය නාරද හිමියන්ට වාර්තා කල විට අයිවොර් ජෙනින්ස් ට එය ඉදිරිපත් කරණ ලෙස උන්වහන්සේ ශිෂ්‍ය නායකයාට යෝජනා කලේය. ඒ අනුව ජෙනින්ස් ලඟට ගියවිට ජෙනින්ස් ඇසුවේ ඩීන් ශාලාව නොදීමට හේතුවක්  දුන්නාද කියාය.  හේතුවක් නොදුන් බව ශිෂ්‍යයා පැවසූ විට ජෙන්නින්ස් ශිෂ්‍යාට කිව්වේ ඩීන් ලඟට යන ලෙසය. ඩීන්  ශාලාව භාවිතයට අනුමැතිය දුන්නේය. ඒ කාලයේ ක්‍රිස්තියානි Mර්‍RA (moral re-armament)  ව්‍යාපාරය  බලවත් ලෙස පැවතුණි. මෙත්තානන්ද මහතා කැතලික් ඇක්ෂන් ලෙස නම් කලේද එයය. මට මේ කතාව කිව්වේ ඒ කාලයේ පේරාදෙණියේ ඉගෙනගත් දැන් ඇමරිකාවේ වසන මගේ මිත්‍රයෙකු විසින්ය).

*7. ආරම්භයේදී LLRC කොමිෂමට විරුද්ධවූ පිරිස් පසුව එහි වාර්තාව හිස්මුදුණින් පිලිගත්තේය. ඥානාසර හිමියන්ගේ එක රටක්-එක නීතියක් වාර්තාව ගැනද කිව යුත්තේ මෙයමය. දෙමළ හා මුස්ලිම් දේශපාලකයින් බලාපොරොත්තු වූයේ මිනිසුන් උද්ඝෝෂණකර එය කඩාකප්පල් කාරවි කියාය. එහෙත් උතුරේ හා නැඟෙනහිර දමිල හා මුස්ලිම් ජනයා හාමුදුරුවන් මහඉහලින් පිලිගත්තේය. ගෝටාභය 2018/9 සිංහල බෞද්ධ  බලවේගයේ වින්නඹුවා මිස එහි අයිතිකාරයා නොවීය.

*8. එක රටක්-එක නීතියක් සංකල්පය නාගානන්ද කොඩිතුවක්කු පවා කොපිකරගෙන තිබේ. මෙම සංකල්පය, ජන සභා සංකල්පය සමඟ බද්ධකර ඉදිරියට ගෙනයාමට ඓතිහාසිකව අයිතිය ඇත්තේ ඥානසාර හිමියන්ටය.

*9. බොරු ප්‍රජා (තන්ත්‍ර-නාස්ලණූ) වාදයක්, මානව හිමිකම්, යුක්තිය ගැන කතාකරණ මායාකාරී ලෝකයක, ඥානසාර හිමියන්ට විරුද්ධව ඉස්ලාම්  අන්තවාදීන් හා බෝන් අගේන් කාරයින් විසින් දමා ඇති බොරු නඩු උන්වහන්සේ සම්බන්ධයෙන් චන්ද්‍රිකා මුස්ලිම් සභාවකට පොරොන්දුවූ බලු කූඩු නඩුය. මේ නඩු සඳහා මුදල් උන්වහන්සේට නැත. එක්තරා නඩුවක් සඳහා ප්‍රකට නීතීඥයෙක් ලක්ෂ 10 ක් ඉල්ලුවේය. අරාබි ඩොලර් හාමුදුරුවන්ට නැත.

10. 2015 සිට හමුදුරුවන්ට Facebook තහනම් කර තිබේ. ලංකාවේ හා විදේශ ඩොලර් තැරව්කාරයින්, ජාතිවාදී/ආගම්වාදී දේශපාලකයින් මේ පිටුපස සිටී.  ඥානසාර යන නම හා බොදු බල සේනා යන නම සමහර විද්යුත් මාධ්‍යවල තහනම් වචනය. හාමුදුරුවන්ගේ අත් බැඳ, කටට මුඛවාඩම් දමා හාමුදුරුවෝ නිහඬ මන්දැයි මේ හොර නඩ ප්‍රශ්ණ කරයි!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress