සජිත්-රනිල්-චන්ද්‍රිකාගේ රට කැබලිකිරීමේ ප්ලෑන
Posted on November 5th, 2019

චන්ද්‍රසිරි විජයවික්‍රම, B.A. (Hons.), LL.B., M.A., Ph.D.

මේ දිනවල චන්ද රැස්වීම්වල සජිත් පිලේ කතා කරණ අය කියන බොරු හා මහජනයා නොමඟ යවන ප්‍රකාශ අති විශාලය. පොහොට්ටුවෙන් මෙවැනි ප්‍රකාශ කිරීම ඉතාමත් අඩු බව අපක්‍ෂපාතව බලන විට පිලිගත යුතුය. අශීලාචාර කතා හා සජිත්ගේ කවට විලාශය මනස අවුල් කරවන සුළුය. හිරුනිකා හා රන්ජන් මේ දුෂ්ට, ගුණමකු කතා කීමට සේරසිංහ, සරත් ෆොන්සේකා හා මර්වින් සිල්වා සමග තරග කරනවා වැනිය. ඔවුන් සිතන්නේ රැස්වීම් වලට එන්නේ පහත්, කුපාඩි මනස් ඇති වනචාරී ජනයා කියාය.

මේ අස්සේ ඇමෙරිකාව හරහා ලංකාව තුනට බෙදීයාමේ මිලේනියම් ප්ලෑන දැන් කරලියට ඇවිත් තිබෙන්නේ චන්දයට පෙර එය අත්සන් කිරීමට යහපාලනකාරයින් කරණ වෑයම නිසාය. ත්‍රිකුණාමළ වරායේ මුහුද යට ඇති භූවිද්‍යා අගාධවල න්‍යෂ්ටික ආයුධ ඇති සබ්මැරීන් යාත්‍රා වලට සැඟවී සිටිය හැකි බව ලොව දන්නේ දැන්‌ය. නමුත් මේ වරායේ අගය ගැන බ්‍රිතාන්‍ය අගමැතිවරු තුන් දෙනෙක්ම සිටි කමිටුවක් නිර්දේශ දුන්නේ අවුරුදු 150 කටත් පෙරය. 1815 උඩරට අල්ලාගත් වහාම ඉංග්‍රීසීන් කලේ කොළඹ හා ත්‍රිකුණාමළය යාකරණ පාරක් දැමීමය. දැන් 2019 දී ඇමෙරිකාව කරන්නේ ඒ පාර නොකැඩුණු අක්කර ලක්‍ෂ 12 ක ඇමෙරිකන් පටියක් කිරීමය. මේ ගලෙන් ඔවුන් එකවර කුරුල්ලන් දෙන්නෙක් නොව කීපදෙනෙක්ම බිමදා ගනී. ටයිමෝර් දූපත බටහිර-නැඟෙනහිර වශයෙන් හෝ සුඩානය උතුරු-දකුණ වශයෙන් හෝ බෙදා ඒ රටවල් විනාශකලා මෙන් නොකර, උතුරු හා දකුණු ලංකාව වශයෙන් රට බෙදා ඒ දෙක මැදින් ඇමෙරිකන් පටියක් හදන්නේ ඊළම් රටක් හදා ඉන්පසු නිසි කාලය හා අවස්ථාව ආවිට දකුණු ඉන්දියාවටද ගේම් එකක් දීමටය. ඔළුවිල් ප්‍රකාශනයට අනුව මුස්ලිම් ප්‍රදේශයක් හැදීම මේ වේලාවේ ඔවුන්ට වැදගත් නැත්තේ ඒ සඳහා අවශ්‍ය දේ හා ප්ලෑන දැනටමත් 1997 දී චන්ද්‍රිකා විසින් ලෑස්‌තිකරදී තිබෙන නිසාය.

ඒ ප්ලෑන රනිල් විසින්, ඊළම් සුමන්තිරන් හා උග්‍ර මාක්ස්වාදී ජයම්පති වික්‍රමරත්න ලවා සැදූ යහපාලන ව්‍යවස්ථා මගඩියේ නොකියා කියා ඇත. ඒ ප්ලෑන කෙතරම් ශූක්‍ෂමද යත්, ඒ මගඩිය පාර්ලිමේන්තුව නම් පිස්සු කඩේට (මෑඩ් ෂොප්) ගෙනා විට රනිල් එහි අයිතිය, භාරකාරත්‌වය ප්‍රතික්‍ෂේප කලේය. ඇමෙරිකන් පටියට විදුලි රේල්පාරක්ද ඇතුලත් නිසා අලියෙකුට තබා හරකෙකුටවත් ඇමෙරිකන් අවසර නැතිව උතුරු-දකුණු මාරුවීමකට ඉඩක් නැත. මේ මිලේනියම් පාවාදීමත්, අනිත් එක්ටා හා සෝෆා දෙකත් එකට ආ විට දකුණේ මිනීමරුවෙකුට ඇමෙරිකාව කැමතිනම් පටිය හරහා උතුරට පැන ගොස් සිටිය හැකිය. ඇමෙරිකන්කාරයෙක් ජපානයේ ඔකිනාවා දූපතේ සිදුවුන අයුරු කාන්තාවක් දූෂණය කලොත් ඔහුව දකුණේදී ප්‍රශ්ණ කිරීමටවත් අත්‌අඩංගුවට ගන්නවත් නොහැකිය. කෙසේ වෙතත් ඔහු ඇමෙරිකන් පටියට ඇතුල්වූ විට වැඩේ එතනින්ම ඉවරය.

යම් ලෙසකින් රටේ කාලකන්නිකමට සජිත් දිනුවොත් මිලේනියම් හා යහපාලන ව්‍යවස්ථා මගඩිය යන දෙකම ක්‍රියාත්මක වන බව රනිල් උතුරට ගොස්, 1954/55 කාලයේ සර් ජෝන් යාපනයට ගොස් කල කතාමෙන්, කරණ කතාවලින් පෙනේ. සජිත් මිලේනියම් ජාවාරම ගැන මෙතෙක් නිහඬ අතර, ඔහුගේ චන්ද ප්‍රාකාශණය ප්‍රමාද කලේ ටී.එන්.ඒ ඉල්ලීම් 13 සමග පෑස්සීමට බව දැන් පැහදිලිය. සී. ඒ. චන්ද්‍රප්‍රේම විසින් ලියන ලද (අයිලන්ඩ්, නොවැම්බර් 2) ලිපියකින් සජිත් ප්‍රේමදාස හා ටී.‌එන්. ‌ඒ. ඊලම්කාරයින් විසින් සිංහල ජනයාට විරුද්ද්ධව කරණ ලද කුමන්ත්‍රණය එලිදරව්කර ඇත.

ස්කොට් ජාතික පෝල් හැරිස් විසින් 2002 දී ප්‍රභාකරන් හා එරික් සොල්හයිම් විසින් ලියා රනිල් විසින් හොරෙන්ම අත්සන්කල සටන් විරාම ගිවිසුම හැඳින්වූයේ, එවකට ලෝකයේ සිදුවු ලොකුම රාජ්‍ය භූමි පරිත්‍යාගය (වෙස්සන්තර-සිරි සංඝබෝ ගනයේ) ලෙසය.
(හ්ට්ට්ප්://www.ලන්කwඑබ්.චොම්/නෙwස්/ඉටෙම්ස්/2013/12/10/ච්‍රිමෙස්-අන්ඩ්-සින්ස්-ඔෆ්-ඨෙ-එන්ග්ලිස්හ්මන්-පෞල්-හර්රිස්/) එයත්, පොලිස් ශුනඛයින් භාරව සිටි උඩුගම්පොල යොදවා කරගත් මිලේනියම් සිටි පාවාදීමත් ගැන සිතන විට, රනිල්ට, රට-ජාතියට කලනොහැකි ද්‍රෝහී කමක් ඉතුරුව නැත. එහෙත් රනිල්ගේ බෙල්ල දියරෙද්දෙන් කපා චන්දය ඉල්ලන සජිත් ඔහුගේ චන්ද ප්‍රකාශණය ටී.එන්.ඒ උවමනාවට අනුව ප්‍රමාදකර, කලින් ඊට පෙර සුමන්තිරන් හා ජයම්පති වික්‍රමරත්න විසින් ගෙනා සඟවා ගෙන ගැසූ ව්‍යවස්ථා ජරමරය ඉදිරියට ගෙනයාමට ඉදිරිපත්‌වී සිටීම ඛේදජනකය. මෙහි කෙටි ඉතිහාසය කුමක්ද?

1918 දී ඉන්දියා-ලංකා පෙඩරේෂන් එකක් සදන්නට යෝජනාකල පොන්නම්බලම් අරුණාචලම් මහතා, 1919 දී ඔහුම මූලිකව ආරම්භකල ලංකා ජාතික සංගමයෙන් 1921 දී ඉල්ලා අස්වී, 1923 දී ලංකා දෙමළ සංගමය පිහිටුවා ගත්තේය. එහි අරමුණවූයේ ලංකාව, දකුණු ඉන්දියාව හා අනිකුත් මලයාව වැනි දෙමළ වැසියන් සිටිනා යටත් විජිතවල, දෙමළකම (ටැමිලක්කම්) පණගැන්‌වීම, පැතිරවීම, එකමුතුකම හා සංවිධානය කිරීමය. මේ වනාහි ඉංග්‍රීසින්ගේ බෙදාපාලන උපක්‍රමය අනුව බලවත්‌ව සිටි ඔහු, තමා බලාපොරොත්තුවූ රටේ නායකත්‌වය ක්‍රිස්තියානි හෝ අර්‌ධ ක්‍රිස්තියානි සිංහල කළුසුද්දන්ට මිස ඔහුට නොලැබෙන බව ප්‍රත්‍යක්‍ෂවූ විට, වසර පහක කෙටි කාලයක් තුල ඔහු විසින් ඔහුගේ ප්ලෑන් බී එක ක්‍රියාත්මක කල ආකාරයය. මේ වනවිට ධ‌ර්‌මපාලතුමාද මොවුන් හා සහයෝගයෙන් වැඩකිරීමට සැදුවත් දෙමළ කට්ටියට හෝ සිංහල කළුසුද්දන්ට, 1815 වනතෙක් දිවයින පාලනයවූ, ගම-වැව-දාගැබ යන ත්‍රිත්‌ව සිංහල බෞද්ද්ධ රාජ්‍ය සංකල්පයට අරහංවූවා නිසැකය. 2019 දී අදද රටට අවශ්‍ය මේ සංකල්පය බව අප්‍රේල් පාස්කු ප්‍රහාරයෙන් පසු තහවුරුවී තිබේ. මෙය කාදිනල්තුමා විසින් කියා සිටියේ ඊට බොහෝ කලින්‌ය. එය 1551 දී ලංකාවේ ප්‍රථම හා අන්තිම කතෝලික රජුවූ දොන් ජුවන් ධර්‌මපාලට පසු ක්‍රිස්තියානි පල්ලිය විසින් ප්‍රථම වරට කල පාපොච්චාරණයක් වැනිය.

රටේ ඉතිහාසයට හා ධර්‌මපාල ප්‍රායෝගික දර්‌ශනයට හා පසුව 1930-40 කාලයේදී එය ගම්මට්ටමින් සාර්‌ථක ලෙස ක්‍රියාවට නැඟූ කළුකොඳයාවේ ප්‍රඥාශෙඛර නාහිමියන්ට අසාධාරණ ලෙස සැලකූ සිංහල කළුසුද්දන් හා මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කිරීමට නොදත් ඩොනමෝර් බෞද්ද්ධයින්ගේ අඥාන හැසිරීම නිසා 1923 දී අරුණාචලම්ගෙන් මතුවී, 1930 ස් ගණන් වලදී පොන්නම්බලම්ගේ පනහට-පනහේ (හා බංගවේවා දේශපාලනය කල මාක්ස්වාදිිැන් ඇම්ලාගේ සමතැනේ) සිට, 1957 බණ්ඩා-චෙල්වා, 1965 ඩඩ්ලි-චෙල්වා, 1976 වඩුකෝඩ්ඩෙයි ප්‍රකාශණය, රනිල්ගේ 2002 සටන් විරාම පාවාදීම හා 2002 ඔස්ලෝ විසඳුම, චන්ද්‍රිකාගේ පීටොම්, ෂුනාමි අන්තර් පාලන මගෝඩිය දක්‌වා උඩුදුවා, අන්තිමේදී අවිබලයෙන්, මහින්ද-ගෝටාභය-සරත් ෆොන්සේකා (ඔහුට ඇමෙරිකන් තානාපති කාර්‍ය්‍යාලය විසින් ජනාධිපති ඇමක් දීමට පෙර) යටතේ 2009 මැයි 18 දා නන්දිකඩාල් කලපුවේ මඩවඟුරකදී විනාශකල ඊළම් පිළිකාව සජිත් විසින් බදා ගැනීම සජිත්ගේ දේශපාලන මළගම වනු නියතය.

ශිෂ්‍ය සමිතියක් හරහා ඊළම්කාරයින් ගෙනා යෝජනා 13 සිංහල දේශපාලකයින්ට දුන් කම්මුල් පහරක් වුනත් එහි යම් ශූක්‍ෂම උපක්‍රමයක් අඩංගුය. ගෝඨාභය නිසැකවම ඒවා ප්‍රතික්‍ෂේප කරණ බව ඊළම්කාරයින්, සුමන්තිරන්, විග්නේශ්වරන් ඉඳුරාම දැන සිටියේය. දෙමළ ජනයා අතර ශීඝ්‍රයෙන් අවලංගු කාසි වෙමින් සිටිනා හා අළුතින් මතුවෙමින් පවතිනා දෙමළ-සිංහල අවභොධතාවන් ඉදිරියේ නැවතත් වඩුකෝඩ්ඩේ කඩදාසි කොටීන් වීම මොවුන්ට ඇති එකම වරණයය. එවැනි සිහිවිකල් යෝජනා දෙමළ ජනයාට දෙන්නේ සිංහලයින් හා සහයෝගීවීම දෙමළාට ද්‍රෝහී වීමක්‌ය යන පෙඩරල්-ඊළම්කාරයින්ගේ ගේම් එක මතය. එහෙත් 13 න් එකකට දෙකකට හෝ සජිත් කැමති වුනොත් එය දෙගොල්ලන්ටම ලැබෙන ජයක්සේ දෙපැත්තටම සැලකිය හැකිය.

ඉල්ලීම් 1 හා 2 ට එකඟවුනාට ඉතිරිවාට එකඟ නොවන බව සජිත්ට කියන්නට ඉඩ ලැබේ. මූලික ඉල්ලීම් දෙක ලබාගත්තායයි සුමන්තිරන්-විග්නේශ්වරන්ලා කිව හැකිය. මෙය සිංහල මිනිහාටත්, දෙමළ මිනිහාටත් කරණ ඇස්බැන්ඳුමක් බවත්, එය හරියට පැස්බරා වැල්ලේ හිස සඟවා ගැනීමක්වගේ බවත් මොවුන්ට නොතේරේ. දෙමළ ශිෂ්‍ය යෝජනා (1) යුනිටරි සංකල්පය ප්‍රතික්‍ෂේප කල යුතුය, (2) පෙඩරල් සංකල්පය පිළිගත යුතුය, (3) දෙමළ ජනයා සර්‌වාධිපත්‍යය සහිත වෙනම ජාතියක් බව පිළිගත යුතුය, (4) එම ජාතියට ස්වයං නිර්‌ණායක අයිතියක් ඇති බව පිළිගත යුතුය, යනු ජෙොර්ජේ විසින් ප්‍රතික්‍ෂේප කල තිම්පු
යෝජනාමය. යහපාලනකාරයින් විසින් ඊළම්කාරයින් ලවා පිළියෙල කල ව්‍යවස්ථා මගඩිය හරහා හොරපාරෙන් යන්නට ගිය ඊළම් පාර දැන් එලිපිටම ඉහත ඉල්ලීම් හතරේ ඇත. 13 වන සංශොධනය අනුව ලංකාව දැනටමත් පෙඩරල් වුන රටකි. මඩකලපුවේ රාජ්‍ය වැඩ කෙරෙන්නේ දෙමළ භාෂාවෙන් පමණක් නිසා එහි සිංහල ජනයා අතරමංවී සිටී. රෑ හෝ සති අන්තයේ රජයේ වියදමින් කොළඹට පැමිණ තම සිංහල ලේලිලාගේ මුණුබුරන් සමඟ විනෝදවුන උතුරේ මහaැමතිව සිටි විග්නේශ්වරන්, යාපනේදී කරන්නේ පන්සල් කඩන්න, බුදුපිලිම කඩන්න වැනි කතා වලින් අහිංසක ද්‍රවිඩ ජනයාගේ මනස දූෂ්‍ය කිරීමය.

මෙවැනි පසුබිමක් යටතේ රට කැඩීම සඳහා චන්ද්‍රිකා සැදූ රහස් ප්ලෑන රටේ ජනයා දැන ගැනීම ඉතාමත් වැදගත් වන්නේ මිලේනියම් ආවත් නැතත් සජිත්-රනිල්-චන්ද්‍රිකා රැළ දේශපාලනයේ ඉන්නා තුරුම රටට ද්‍රෝහී මේ ක්‍රියාව පසුපස ඉන්නා නිසාය. ලබන පාර්ලිමේන්තු මැතිවරණය දැන් තිබෙන චන්ද ක්‍රමය යටතේම කලොත් මොවුන් නැවතත් මන්ත්‍රීලාවේ. මොවුන්ට ලැබෙන චන්ද අඩුවන්නේ මේ ද්‍රෝහි ක්‍රියා ජනයා දැනගත්තොත් පමණය. මෙහි පහතින් ඇත්තේ චන්ද්‍රිකාගේ මේ රහස් ප්ලෑන ගැන 2017 ජූනි මස ලංකාවෙබ් වෙබ්‌අඩවියේ පළවූ ලිපියකින් උපුටාගත් කොටස්‌ය.

චන්ද්‍රිකාගේ රහස් ප්ලෑන අහම්බෙන් මා දුටුවේ (ඉන්දියානු) ප‌ර්‌තා ඝොෂ් විසින් 2003 දී ලියන ලද එත්නිසිටි වර්‌සස් නැෂනලිසම් යන පොතේ‌ය (163 පිටුව). චන්ද්‍රිකා විසින් 1995 අගෝස්තු 3, 1996 ජනවාරි 16, 1997 ඔක්තෝබර් 14 දිනවල පැකේජ් ඩීල් පිලියෙල කරණ ලදී. මින් අන්තිම එක 2000 අගෝස්තු 3 දා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් වශයෙන් ඉදිරිපත් කලේ එහි තිබූ රහස් ප්ලෑන ඉවත්කරය. ඒ මඟින් ලංකාව පෙඩරල් ප්‍රදේශ (රීජන්ස්) නවයකට බෙදීමට යෝජනාවිය. 1997 රහස් ප්ලෑනේ සරල අරමුණවූයේ, උතුරු නැඟෙනහිර පලාත් දෙක එකතුකර වෙනම රීජන් එකක් සදා දීමත්, හැකිතාක් දුරට එය අඛන්ඩ (ඉන්දියාවේ පොන්ඩිචේරි මොඩලය මෙන් කාවෝ කෑවා වැනි සිංහල හා මුස්ලිම් දූපත් ඒ තුල නැති) මොනෝ එත්නික් (තනිකර දෙමළ) ප්‍රදේශයක් කර දීමත්‌ය.

මෙහි ඇති අංක 1 හා 2 ක සිතියම් වලින් මේ රට කැඩීමේ විස්තරය පෙන්වයි. මේ අනුව:

1.මධ්‍යම, දකුණ, උතුරුමැද, වයඹ හා සබරගමුව යන පලාත අළුත් ප්‍රදේශ 5 ක් බවට පෙරලේ.
2.බස්නාහිර පලාතෙන්, කොළඹ හා ජයවර්‌ධනපුර මහනගර සභා භූමි දෙක, කැපිටල් ටෙරිටරි යනුවෙන් වෙනම මධ්‍යම ආණ්ඩු ප්‍රදේශයක් වේ.
3.ඌව පලාතට, අම්පාර චන්ද කොට්ඨාශය (2 සිතියමේ තැඹිලි පාට) අළුතින් තාවකාලිකව එකතු කිරීමට නියමිතය.
මේ අනුව ප්‍රදේශ 8 කි.
4.ඉන් පසු උතුරු හා නැඟෙනහිර පලාත් දෙකෙන් අළුත් ඊසානදිග ප්‍රදේශයක් හා,

  1. පොතුවිල්, කල්මුණේ හා සම්න්තුරෙයි චන්ද කොට්ඨාශ එකතුකර අළුත් ගිණිකොණදිග ප්‍රදේශයක් සැදේ (1 සිතියමේ කොල පාට).
    මේ අනුව ප්‍රදේශ 10 කි.
    මෙය සිදුවන්නේ ත්‍රිකුණාමළ හා මඩකලපු දිස්ත්‍රික්ක දෙකේ චන්දයකින් (අම්පාර දිස්ත්‍රික්කය නැතිව) ඒවායේ ජනයා ඊසානදිග ප්‍රදේශයකට එකඟ වුනොත්‌ය. එකඟ නොවුනොත්, උතුරු පලාත උතුරු ප්‍රදේශය ලෙසත්, නැඟෙනහිර පලාත නැඟෙනහිර ප්‍රදේශය ලෙසත් පවතී. තවද එසේ එකඟ වුනොත්, අම්පාර චන්ද කොට්ඨාශයේ (තැඹිලි පාට) ජනයා චන්දයකින් තමන්ට අම්පාර කියා වෙනම ප්‍රදේශයක් අවශ්‍යද යන්න තීරණය කලයුතුය. එකඟ නොවුනොත්, අම්පාර චන්ද කොට්ඨාශය ඌව ප්‍රදේශයේ කොටසක් වශයෙන් තාවකාලිකව දැනට ඊට එකතුකර, පසුව අම්පාර කියා වෙනම ප්‍රදේශයක් ඇතිකල යුතුය. එතෙක් අම්පාර චන්ද කොට්ඨාශය, මධ්‍යම රජය යටතේ කැපිටල් ටෙරිටරි ප්‍රදේශයේ ආකාරයට පාලනය වනු ඇත.

මේ අනුව රටේ ප්‍රදේශ 11 ක් සැදේ.
මීට අමතරව යම් ප්‍රදේශ දෙකකට හෝ වැඩි සංඛ්‍යාවකට, (දැනට ඇති) පලාත් සීමාවෙන් ඔබ්බට ගිය එකතුවීමක් සදා ගැනීමට අවකාශ සලසා දෙනු ලැබේ. ඒ හැර පාර්ලිමේන්තුවේ අනුමැතිය ඇතිව, යම් ප්‍රදේශයකට එය තුලම (ප්‍රදේශ ලෙස?) නැවත බෙදීමටද හැකියාව ලබාදෙනු ඇත. තවද ප්‍රදේශ දෙකකට හෝ වැඩි ගණනකට විශේෂ පොදු කටයුතු සඳහා සහයෝගීව කටයුතු කිරීමට ඉඩ ලබා දෙනු ඇත.

භයානක අම්පාරේ පාර

මේ ආකාරයට අම්පාර දිස්ත්‍රික්කය වෙන්කිරීමේ ඒකායන අරමුණ, උතුර හා නැඟෙනහිර පලාත් එකතුකර දෙමළ ජනයාටා දීමත්, නැඟෙනහිර පලාතේ මුස්ලිම් ප්‍රදේශයක් සාදා දීමත්‌ය. මීට පෙර ජෙොර් විසින් සිංහල ජනයාට පලත් සභා ක්‍රමයක් බලෙන් පැටවූවා මෙන්, දැන් අම්පාරේ සිංහල ජනයාට අම්පාර කියා ප්‍රදේශයක් බලෙන් පැටවේ. යම් චන්ද කොට්ඨාශයක 51% ට වඩා යම් ජනවර්‌ගයක් සිටිනවාය යන පදනම යටතේ මෙසේ ප්‍රදේශයක් සැදීම අනාගතයේදී භයානක ප්‍රතිපල ගෙන එනවා නිසැකය. මෙයක් අහක යන නයි යට ඇඳුම් අස්සේ දාගන්නවා වැනි අඥාන ක්‍රියාවකි. ඊට හේතුව නම් මුස්ලිම් ජනයා අතර ජනගහන වර්‌ධනය ශීඝ්‍ර නිසාත්, මුස්ලිම්-දෙමළ වන්ද එකතුවකින් ඔවුන් 51% වැඩි චන්ද කොට්ඨාශ රාශියක්ම සදාගත හැකි නිසාත්‌ය.

උංදාහරණයක් වශයෙන් ඉහත සිතියම් දෙකේ රතු පාටින් පෙන්වන්නේ ඒ චන්ද කොට්ඨාශ වල ඉන්නා ලංකා දෙමළ හා ඉන්දියන් දෙමළ චන්දදායකයින් ප්‍රතිශත පමණක් බවත් (1977 ජන සංඛ්‍යා ලේඛනය), ඒවායේ සිටිනා මුස්ලිම් චන්ද දායකයින් ඊට එකතුකර නැති බවත්‌ය. එසේ කලොත් ඒ සිතියම්වල ඇති රතුපාට චන්ද කොට්ඨාශ ගණන හා ජන සංඛ්‍යා ප්‍රතිශතය බෙහෙවින් ඉහල යන්නේය. උංදාහරණයක් වශයෙන්, සිතියම් වල නිල් පාටින් පෙන්‌වා ඇති වතුකරයේ ඉන්දියන් දෙමළ බහුතරයක් ඇති චන්ද කොට්ඨාශ හතර (නුවරaෙලිය-මස්කෙළිය, කොත්මලේ, පස්සර, හපුතලේ) හඳුනාගෙන ඇත්තේ ඒවායේ සිටිනා මුස්ලිම් චන්ද දායකයින් එකතු නොකරය. මේ නිසා අම්පාරට දුන් දෙය අපටත් දෙන්නයි යම් මලයනාඩු පක්‍ෂයක් නුදුරු අනාගතයේදී ඉල්ලා සිටියොත් දෙන්න උත්තරයක් නැතිව සිංහලයා කොට උඩ යනවා නොවේද?

සුමන්තිරන්-ජයම්පති ව්‍යවස්ථා මගඩියේ භයානක කම දැන් ඔබට වැටහෙනවා යයි සිතමි. මිලේනියම් බෙදීමෙන් උතුරු ලංකාව (අනාගත ඊළම) පටියක් දමා සුරක්‍ෂිත කරදුන්නත්, දකුණේ මුස්ලිම් ශාරියා රටක් ගැන මිලේනියම් ඇමෙරිකන් නියෝජිතයින් නිහඬව ඉන්නේ චන්ද්‍රිකාලා, රනිල්ලා 1997 සිටම ඒ සඳහා අවශ්‍ය කරණ පිඹුරුපත් දැනටමත් සදා ඇති බව ඇමෙරිකන් මිලේනියම් බලධාරීන් දන්නා නිසාය. මේ නිසා මේ සජිත් කියන්නේ සිංහලයාට අබසරණ ගේන්න හදන ජාති භ්‍රෂ්ටයෙක් නොවේද?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress