රට පුරා ගව සොරකම් වැඩිවෙයි-සත්ව සංහාර ඇතුළත් ආගමික උත්සවයක් අතළග
Posted on June 27th, 2023

ආචාර්ය ටිකිරි බණ්ඩාර ඇටිපොළ සම ලේකම් – සත්ව අවිහිංසා ජාතික එකමුතුව

ගවයින්, එළුවන් ඇතුළුව තවත් අහිංසක සතුන්ගේ ජිවිත ඉතා ඛේදනීය අයුරින් බිලිගන්නා තිරස්චීන ආගමික උත්සවයක් ‍ඉදිරියේදී එළැඹෙන්නට නියමිත බව දින දර්ශනය කියාපායි. දහස් ගණන් සතුන්ගේ ජිවිත බිලිගනිමින්, එම අහිංසක සතුන්ගේ රුධිරයෙන් තම දෑත් හා නිවෙස් සෝදා දමන මෙම දිනය, ගවයින් ඇතුළුව ලොව පුරා කෝටි සංඛ්‍යාත අහිංසක සතුන්ගේ දුක් වේදනා ගුවනට මුසුවන ඛේදනීය දිනයකි. දියණු කාර්මික යුගයේ සිටින කාලයක පවා තවමත් මෙවන් ගෝත්‍රික සිරිත් විරිත් සිදුකරමින්, සොබාදහමත් කම්පා කරවන, නොදියුණු ආගමික සංස්කෘතීන් තවමත් සමාජය තුළ මුල්බැස තිබීම ඉතා කණගාටුවට කරුණකි.

එක්තරා ආගමික විශ්වාසයකට අනුව, තම දරුවන්, බිරිඳ, ඥාතීන් බලා සිටියදීම ගෘහ මූලිකයා ගේ සියතින් අහිංසක සතුන්ගේ පණ නල වේදනාත්මක අන්දමින් උදුරා ගැනීම අනුමත කර තිබේ. මෙම කෲර දර්ශනය සහ සතුන්ගේ රුධිරය ගලායන අයුරු දකින දරුවන්ගේ මනසට ඇතිකරන බලපෑම නම් ම්ලේච්ඡත්වය සහ කෲරත්වය මිස වෙනකක් නොවේ. අනේකවිධ වධ හිංසාකර පසුව බෙලි කැපී, ප‍්‍රාණය නිරුද්ධ වන තෙක් වේදනාවෙන් දඟලන සතුන් දෙස බලාසිටීම මෙන්ම තම දෑත් හා නිවෙස් එම සත්වයාගේ රුධිරයෙන් සෝදා දැමීම වැනි දෑ මිලේච්ඡත්වය මිස අන්කවරක්දැයි විමසිය යුතුව තිබේ. පුරාතනයේ පටන් උතුම් සංස්කෘතික ගුණාංගවලින් හෙබි මෙම දිවයින තුළ මෙවන් ම්ලේච්ඡ ආගමික චාරිත‍්‍ර හෝ සංස්කෘතියක කොටස් ඔවුන්ගේ උතුම් සංස්කෘතියක් ලෙස, දේශපාලනික උවමනාවම මත අප පිළිගත යුතුදැයි ද ප්‍රශ්ණ කළ යුතුය. ආගමික උවමනාව මත කුරිරු ලෙස සතුන් ඝාතනය කිරීම, එම ඝාතනයන් නැරඹීමට සැලැස්වීම හා ඒවා උත්සවශ්‍රීයෙන් සැමරීම කොතෙක් දුරට ශිෂ්ට සම්පන්නද? සාදාචාරාත්මකද? මිනිසත්කමට ඔබිනවාදැයි බුද්ධිමත් ඔබ සිතා බලන්න.

එබැවින්, ඉදිරි දින කිහිපය, විශේෂයෙන්ම ගවයින්ට හා එළුවන්ට ඉතා අනතුරුදායක කාලයකි. ගවයින් සොරකම් කිරීම, උපක්‍රමශීලීව පැහැර ගැනීම, නීති විරෝධී ලෙස ප‍්‍රවාහනය කිරීම හා සතුන් සඟවා ගැනීමට ඉඩඇති කාලයකි. ගෙවීගිය දින කිහිපයේත් ගවයන් මෙන්ම, වසු පැටවුන් හොරකම් කිරීම් පිළිබඳව දසතින් පුවත් වාර්තා වී තිබිණි.

මේ හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ නිවෙස් වල, ගව පට්ටිවල, තම ගම්බිම් වල සැරිසරන ගවයින් හා එළුවන්ගේ ජිවිත ආරක්ෂා කර ගැනීම සඳහා දැඩි අවධානය යොමු කරන ලෙසත්, අහිංසක සතුන්ගේ ජිවිත හානිය වළක්වා ගැනීම සඳහාත් ගතහැකි සෑම පියවරක්ම ගන්නා ලෙසත්, සත්ව අවිහිංසා ජාතික එකමුතුව ආචාරධර්ම හා ශිෂ්ටත්වය අගයන රටවැසියන්ගෙන් ඉල්ලා සිටී. 

ආචාර්ය ටිකිරි බණ්ඩාර ඇටිපොළ
සම ලේකම් – සත්ව අවිහිංසා ජාතික එකමුතුව

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress