13 පූර්ණ වශයෙන් බලාත්මක කිරීමේ ජනාධිපතිවරයාගේ උත්සාහයට එරෙහිව දේශප්‍රේමී ජාතික පෙරමුණෙන් ජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාරයක්
Posted on September 1st, 2023

 Lanka Lead News

රට දෙකඩ වීම නවතා දැමීමට, 30 වසරක යුද්ධයේ දී ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ වීරෝධාර රණවිරුවන්ගේ හා ජාතිමාමක ජනතාවගේ සියලු උත්සාහයන් විනාශ කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ දෙමළ බෙදුම්වාදී නායකයන් එක්ව 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කිරීමට දරන උත්සාහය පරාජය කිරීම සඳහා ජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් ඊයේ (31) සවස මහරගම දී පැවැත්විණි.

එය සංවිධානය කර තිබුනේ දේශප්‍රේමී ජාතික පෙරමුණේ මධ්‍යම මණ්ඩල සභික, ගෝලීය සංසදයේ මෙරට නිත්‍ය නියෝජිත නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා ප්‍රමුඛ පිරිසක් විසිනි.

එහිදී ජනතාව දැනුවත් කිරීම සඳහා අත්පත්‍රිකා බෙදාහැරීම ද සිදුවිය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress