බටහිර අධිරාජ්‍යවාදී ඊනියා ජාත්‍යන්තර මර උගුලේ තව කොපමණ කල් අපි එල්ලී විනාශවෙමුද?
Posted on September 7th, 2023

ආචාර්‍ය සුදත් ගුණසේකර  මහනුවර 7.9.2023

මේ ජාත්‍යන්තරය කියන්නේ කවුද.එක්සත් ජාතීන් කියන්නේ කව්ද. ලෝකබැන්කුව කියන්නේ.ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියන්නෙ මොකක්ද.

සරළම උත්තරය නම් 1505 සිට මුළු ලෝකයම අවිබලයෙන් කොල්ලකා, විනාශකොට, ලෝකයේම ධනයෙන් සහ දැණුමෙන් තම රටවල් සමුර්ධිමත් කරගත් හා උ හා ද අමෙරිකා මහාද්වීප, ඕස්ට්‍රලියාව නවසීලන්තය වැනි රටවල ස්වදේශිකයින් සමූල ඝාතනය කොට ඒ රටවල්ද අල්ලාගෙන දෙවන ලෝක යුද්ධයෙන් පසු එකතුවී ඔවුන්ගේ ආධිපත්‍ය තව දුරටත් පවත්වාගෙන යාම සඳහා බටහිර අධිරාජ්‍යවාදි කඳවුර  සහ උන් එකතුවී අටවාගත් ඊනියා ලෝක සන්ව්ධාන නොවේද.ඔය සන්විධාන සියල්ලගේම වැඩිචන්ද බලය ඇත්තේ ඔවුන් අතේමය. මූල්‍ය සන්විධානවල කොටස් වැඩි පුර ඇත්තේ ඔවුන් අතේමය. ඒවායේ ගනුදෙනුවලින් ලැබෙන ලාභය ලැබෙන්නෙ ඔවුන්ටය. අප වැනි රටවලට ණය දෙන්නේ වැඩි පොලියටය කොණ්දේසි පනවන්නේ අපගේ රට්වල් අවුල්කොට ,දුප්පත්කොට ඉර හඳ  පවතින තුරු  ඔවුන්ගේ ආධිපත්‍ය ආරක්ෂාකොට ගැනීමට මිස අප වැනි රටවල් දියුණු කිරීමට නොවේ.

මෙම තත්වය හරියාකාරව තේරුම්ගෙන අධිරාජ්‍යවාදයේ ගොදුරු බවට පත්වු ආසියා අප්‍රිකා රටවල් එකතුවී බටහිර අධිරාජ‍යවාදි කොල්ල කෑම් සහ සූරාකෑම් නතරකොට අප්ගේම දෙපාමත නැගී සිටිනතුරු මෙම සූරාකෑමෙන් නම් ගැළවුමක් නැත.

 මේ සඳහා ලෝක බලතුලනයේ සහ මූල්‍ය  කණ්දවුර වන  21 සියවසේ විප්ලවය වශයෙන් හැඳින්විය හැකි බ්‍රික් කඳවුරට බැඳීම හැර අපට වෙන විකල්පයක් නැතැයි මට සිතේ

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress