13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සක්‍රීය නොකරම 1992 දී එජාප රජය විසින් උතුරු නැගෙනහිර පළාත්වල ඉඩම් බලතල රිදී තැටියක තබා ඊළම ලබාදුන් බව ඔබ දන්නවාද?
Posted on September 30th, 2023

ආචාර්ය සුදත් ගුණසේකර. මහනුවර

1 කොටස2023 සැප්තැම්බර් 30 වැනි දින

1992 ප්‍රේමදාස ආණ්ඩුව විසින් පරිපාලනය ජනතාව අතරට ගෙනයාම නමැති දේශපාලන උප්පරවැට්ටියේ මුවාවෙන්” සූක්ෂ්ම දේශපාලන උපක්‍රමවලින් 13 වැනි සංශෝධනය සක්‍රීය නොකරම උතුරු නැගෙනහිර පළාත්වල ඉඩම් බලතල රින් තැටියක තබා ලබාදී ඇති බව දන්නේ මේ රටේ කීයෙන් කී දෙනාද. ඒ අනුව, මේ බලතල 1992 අන්ක 58 පනතේ සහ රා. ප. පා. චක්‍රලේඛ 21/92 හි විධිවිධාන ගැසට් කරන ලද නියමිත දින සිට  දීවයින පුරා ක්‍රියාත්මක විය.දැන් සම්පූර්ණ කිරීමට ඉතිරිව ඇත්තේ  ඊළාම් සිතියම බිම සලකුණු කොට වෙනම රාජ්‍යක් වශයෙන් ප්‍රකාශකිරීමෙන් පසු එය පිළිගැනීමම පමණි.

නමුත් මෙම පනත සහ චක්‍රලේඛය යටතේ ඉඩම් බලතල ලබාදීමේ සැබෑ අන්තරායන් ක්‍රියාත්මක වන්නේ වඩාත් සවිස්තරාත්මකව පහත විස්තර කර ඇති පරිදි නැගෙනහිර සහ උතුරු පලාත් තුළ පමණි. මේ කතාවේ සරදම වන්නේ එවකට පාර්ලිමේන්තු සිටි මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් කිසිවෙක් පාර්ලිමේන්තුවේදී මෙයට විරුද්ධවී නොතිබීමයි. උ.ප. සහ නැ.ප. නියෝජනය කරන අය අදටත් කට වහගෙන ඉන්නේ එහෙම කිව්වොත් පාර්ලිමේන්තුවේ ලොකු සද්දයක් දාලා දෙමළ ජනතාව රවටන්ට කතා කරන්ට වෙන මාතෲකාව නැති නිසාය. සින්හල මන්ත්‍රීවරුන්  නිශ්ශබ්දව සිටින්නේ එක්කෝ ඔවුන් ඒ ගැන නොදන්නා නිසාය.  මැතිනැM සභාව තුල සම්මටහ්වන අනපනත් ගැන ඔවුන් දක්වන අවදානයේ ප්‍රමාණය නිසාඅවිය යුතුය. රටේ සහ ජාතීයේ අභිවුර්ධිය ගැන එවැනි අවදියකින් සිටි පිරිසක් අපේ පර්ලිමේන්තුවේ 1948 සිටම සිටියානම් අද මේ රට මෙVඅණි තත්වයකට නොවැටෙනු ඒකාන්තය.

විශිෂ්ඨ රාජ්‍ය පාලන ක්‍රමයක් දේශපාලකයින් විසින් විනාශකිරීම

යටත් විජිත පාලනය ආරම්භයේ සිට 1992 වනතුරුම දිසාපතිවරුන් විසින් ප්‍රඥප්ති, ගැසට් සහ චක්‍රලේඛ යටතේ ක්‍රියාත්මක කළ සියලු බලතල 1992 අන්ක 58 පනතේ විධිවිධාන යටතේ ඒ ඒ දිස්ත්‍රික්ක තුළ ප්‍රාදේශීය ලේකම්වරුන්ට පවරා ඇති අතර මින් පසුව එවැනි බලතල ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් ක්‍රියාත්මක කළ යුතුය. ඒ අනුව  ලිඛිත නීතිය මගින් ඔහුට/ඇයට ලබා දී ඇති හෝ පනවා ඇති, හෝ පවරා ඇති ඕනෑම බලයක්, රාජකාරියක් හෝ කාර්යයක් 1992/ 21 රා. ප. පා  චක්‍රලේඛය මගින් ‘පරිපාලනය ජනතාව අතරට ගෙන යාම” යනුවෙන් එය ක්‍රියාවට නැංවීමේ විස්තර ඇතුළත් කර වසර 200 ක පමණ යටත් විජිත කච්චේරි පාලනයේ දීර්ඝ හා කීර්තිමත් වාර්තාව අවසන් කර ඇත. තවද 16 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් අවශ්‍ය දේශපාලන, පරිපාලන, නීතිමය සහ භාෂා යටිතල  පහසුකම්ද  සවිස්තරාත්මකව පැහැදිලිව එම දෙපලාතට ලබාදී ඇත.

මේ නිසා අද බෙදුම්වාදී දෙමළ දේශපාලනඥයින් ඉඩම් බලතල සහිත 13 සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙස කරන ඉල්ලීම අන්තවාදී ජාතිවාදී කොටස් ඇවිස්සීමේ දේශපාලන සටන් පාඨයක් පමණයි. මෙම ජාතික වියවුළට දේශපාලන දියකඩණයේ දෙපැත්තේම සිටින සිංහල දෙමළ දේශපාලනඥයන් සියළු දෙනාම වගකිව යුතුය. එමනිසා, මෙය කටුක මෙන්ම සමස්ථ ජාතියටම අපට දිය හැකි පශ්චාත් නිදහස් යුගයේ අතිෂයින්ම අශුභදායක ආරංචියද වේ.

මක්නිසාද යත්,2009 දී බෙදුම් වාදයට එරෙහිව ලබාගත් ජයග්‍රහනය මෙන්ම වසර 2600 ක් පුරා ලක් පොලවේ පැවති සින්හල රාජධානියේ අවසනද එය විය හැකි බැවිණි.

මේ අනුව රටේ සමස්ත වර්ගප්‍රමාණයෙන් 1/3 ක් සහ වෙරළ තීරුවෙන් 2/3 ක්ද මුහුදු සම්පත් ඊටත් වැඩි කොටසක්ද, එසේම එම කලාපයේ  ආරක්ෂාව, විදේශ ප්‍රතිපත්තිය,පරිපාලනය ඇතුළු සියලුම බලතල සහ වාරිමාර්ග, රජයේ ඉඩම්, සම්බන්ධ සියල්ල ලන්කා රජයේ ග්‍රහනයෙන් බැහරවනු ඇත.කොටින්ම කියනවානම් ඉන් පසු ඒ පලාත් දෙක  වෙනම රටකි.

අංක 58/92 පනත සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වීමත් සමඟ ඉහත සඳහන් විෂයන් පැවරීම උතුරු නැගෙනහිර පළාත්වල පමණක් නොව මුළු රටේම දැනටමත් ක්‍රියාත්මක වෙයි. ඒ අනුව  1992/ 58 බලතල පැවරීම (ප්‍රාදේශීය ලේකම්වරුන්ට ) සහ රා.ප.පා.චක්‍රලේඛය 21/92. මගින් මේ පාවාදීම සිදුකොට ඇත. ඒ නිසා දැන් දෙමළ දේශපාලකයෝ උද්ඝෝෂණ කරන විදියට 13 යටතේ ඉඩම් බලතල ලබා දීමක් අවශ්‍ය නැත. ප්‍රේමදාස පාලනය යටතේ එම ජාතිද්‍රෝහී ක්‍රියාව එජාප රජය විසින් පරිපාලනය ජනතා අතරට ගෙනයාමේ” මුවාවෙන් විවිධ ප්‍රඥප්ති යටතේ විධිමත් ලෙස දිසාපතිවරුන් යටතේ පැවති ඉඩම් හා ඒ ආශ්‍රිත විෂයයන් සම්බන්ධයෙන් සියලු බලතල ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත පවරා එය දැනටමත් නීතිමය හා පරිපාලනමය විධිවිධාන මගින් සිදු කෙරෙමින් පවාතී.

මේ අන්දමින් දිසාපතිවරුන් සම්පුර්ණයෙන්ම ඉවත් කර, එමගින් දිස්ත්‍රික් මට්ටමින් පැවති එකම ස්වාධීන, අපක්ෂපාතී සහ දේශපාලනික නොවන පරිපාලන යුක්තියේ අත්තිවාරම ජනතාවට අහිමිකොට ඇත.

1992 දි මෙම පියවරවල සැබෑ අරමුණ  දේශපාලනඥයන් විසින් පෙන්වා දුන් පරිදි ජනතාවට සේවා සැපයීමට නොවන බවද, එය හුදෙක් තම දේශපාලන බලය සහ ග්‍රහ්ණය රැක ගැනීම සහ වැඩි කර ගැනීමා සඳහා යොදාගත් දේශපාලන උපක්‍රමයක් පමනක්වූ බවද කිවද යුතුය.  මෙය ප්‍රධාන වශයෙන් සිදු කරනු ලැබුවේ දේශපාලන අවශ්‍යතා සඳහා නීති රීති උල්ලංඝනය කිරීමට තම දිස්ත්‍රික්කවල ප්‍රධාන බාධකයක් වූ බැවින් එසේම දේශපාලනඥයන්ගේ ඊර්ෂ්‍යාවට ලක් වූ දිසාපති වරුන්  දුර්වල කිරීමට ය. මේ අලූත් ක‍්‍රම සොයා ගත්තේ ජනතාව රවටා බලය තහවුරු කර ගැනීමටත් ඒ සමගම ලාභ ජනප්‍රියත්වය ලබා ගැනීමටත් පමණි. තෙවනුව ප්‍රාදේශීය දේශපාලඥයන් මත නොයැපෙන දිස්ත්‍රික් මට්ටමේ අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨ සිවිල් සේවකයන්ට වඩා කොට්ඨාශවල කනිෂ්ඨ, අද්දැකීම් අඩු නිලධාරීන්ට බලපෑම් කිරීම පහසු බව ද ඔවුහු දැන සිටියහ. මෙහි ප්‍රතිඵලයක් ලෙස දිස්ත්‍රික් පරිපාලනයට සහ රටේ ජනතාවට සිදුවන හානිය පිළිබඳව අංක 58/92 පනතේ සහ රා.ප.පා. චක්‍රලේඛය 21/92 හි භයානක කම ගැන ඒවායේ නිර්මාතෘන්ට අවබෝධයක් තිබුණු බවක් නොපෙනේ.

ඊටත් වඩා භයානක දෙය නම් 58/92 පනතේ සහ 21/92 රා.ප.පා චක්‍රලේඛය දෙකෙහිම විධිවිධාන අඛණ්ඩව දැනටත් ක්‍රියාත්මක වන බැවින් ආපසු හැරවිය නොහැකි හානියක් මේ අතර රටට සිදුවනු ඇති අතර ඊළම පිහිටුවීම 13න පූර්ණ වශයෙන් බල ගැන්වීමට පෙර යථාර්ථයක් වීමය.ඒ නිසා  දැන්වත් මේ ව්‍යවස්ථාදායක සහ පරිපාලන උපාංග දෙක අහෝසි නොකළොත් දේශප්‍රේමී ආණ්ඩුවක් විසින් අනාගතයේදී  නියත වශයෙන්ම ඒවා අහෝසි කළද  ඒ වන විට සිදුවිය යුතු හානි සිදුවී අවසන්ය. එසේම සුළු ජනයාගේ භේදකාරී සහ පාලනය කළ නොහැකි බෙදුම්වාදී ප‍්‍රවනතා තවත් පැලපදියම් වන බැවින් මෙම දූපත් රාජ්‍යයේ භෞමික අඛණ්ඩතාවයට සහ ඒකීය තත්ත්වයට එය විශාල තර්ජනයක් වනු ඇත. එම නිසා මෙම පනත සහ ඒ යටතේ නිකුත්කොට ඇත් 21/92 වහාම අහෝසිකළ යුතුයයි මම යොජනා කරමි.

58/92 පනත ප්‍රකාරව ලබා දී ඇති බලතල යටතේ එක් එක් ප්‍රාදේශීය ලේකම්වරයා ලිඛිත නීතිය මගින් ඔහුට/ඇයට ලබා දී ඇති හෝ පනවා ඇති හෝ පවරා ඇති ඕනෑම බලයක්, රාජකාරියක් හෝ කාර්යයක් එම කොට්ඨාසය තුළ ක්‍රියාත්මක කිරීම, ඉටු කිරීම සහ කළ යුතුය. තවද, උතුරු නැගෙනහිර ප්‍රාදේශීය කාර්යාලවලට අනුයුක්තව සිටින සියලුම නිලධාරීන් පාහේ දෙමළ හෝ මුස්ලිම් ජාතිකයන් වීමත්, මුළු දිවයිනේම ප්‍රාදේශීය ලේකම්වරුන් බහුතරයක් කාන්තාවන් වීමත් වත්මන් ප්‍රවණතාවයෙන් ඔප්පු වී ඇති පරිදි සාධාරණ පරිපාලනයේ බරපතළ කඩා වැටීමක් මම අපේක්ෂා කරමි.

1992 ට පෙර දිසාපතිවරුන් යටතේ පැවති ආකාරයේ අධීක්ෂණ සහ උපදේශක අධිකාරියක් නව ක්‍රමය තුල දිස්ත්‍රික් මට්ටමින්  නොමැති වීම හේතුවෙන් සමාජ සාධාරණත්වය, අපක්ෂපාතීත්වය, කාර්යක්ෂමතාව, දූෂණය, නාස්තිය, අසාඅධාරනය සහ රාජ්‍ය සේවයේ ගුණාත්මක භාවයද වල් වදිනු ඇත. මෙම ප්‍රාදේශීය මට්ටමේ කනිෂ්ඨ නිලධාරීන් සම්බන්ධයෙන් කිසිදු තුලන හා සන්වරණ ක්‍රියා දාමයක්ද සිදු නොවන් බැවින් රටේ යහපානය අතුරුදන්වී මුළු රටම එකම අවුල් ජාලයක් වනු ඇත.

මේ ක්‍රමය යටතේ සාපේක්ෂව කනිෂ්ඨ සහ අද්දැකීම් අඩු ප්‍රාදේශීය මට්ටමේ නිලධාරීන්ට ඔරොත්තු දීමට අපහසු ප්‍රාදේශීය පක්ෂ දේශපාලනයේ පීඩනය වැඩි වීමට ඉඩ ඇති බැවින් අනාගතයේදී මහ ජනතාවට යුක්තිය සහ සාධාරණය, මෙන්ම සේවයේ ගුණාත්මක භාවය ද අඩාල වනු ඇත. ප්‍රාදේශීය ජනවාර්ගික සහ ආගමික වෙනස්කම් අණුව සිදු කෙරෙන විෂේශිත සැලකීම්ද රාජ්‍ය සේවාවේ ගුණාත්මක භාවයට දැඩි සේ බලපානු  ඇත.

පාර්ලිමේන්තුවේ මේ පනතට ඡන්දය දුන් මන්ත්‍රීවරුන් මේ දේශද්‍රෝහී ජාතික අපරාධයේ පාර්ශවකරුවන් බවට පත්ව ඇත. මේ ජාතික අපරාධය හෙළි නොකර මේ දේශද්‍රෝහී ක්‍රියා දෙක හකුලා නොගෙන මොවුන් මොන මගුලක් කළාද කියන එකයි මට තියෙන වැදගත්ම ප්‍රශ්නය. මේ පනතට 58/92 ඡන්දය දුන් ද්‍රෝහීන් කවුද. ඔවුන් කළේ කුමක්ද. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය දිස්ත්‍රික් පරිපාලනය පිළිබඳ මෙම මරණ දණ්ඩන චක්‍රලේඛය නිකුත් කරද්දී එම කාලය තුළ අපේ දේශපාලනඥයන් දේශපාලන වාසි තකා මේ රට අවුල් කළ ආකාරය මේ සිදුවීම් දෙකෙන්ම ඔප්පු වෙනවා.

මේ රටත්, ජාතියත් සාසනයත් යන ජාතියේ කුළුණු 3ම මුළෛන් ගලවා  මේ ලක්පොලව මත වසර 2500 කට වැඩි කාලයක් පුරා පැවති සින්හල බෞද්ධ සිස්ඨාචාරය මේ රටින් තුරන් කිරීමේ සාපරාධී ක්‍රියාව නොකළයුතු බව අමාත්‍ය මණ්ඩලයට පෙන්වා දීමට තරම් මොළයක් ඇති එකම සිවිල් සේවකයකුවත් එදා සිටියේ නැද්ද? ජාතියේ මරණ වරෙන්තුව වූ මේ 21/92 අත්සන් කර ඇති ලේකම් එම්.එන්. ජුනයිඩ් වසර 2 කින් මගේ කනිෂ්ඨයකුවූ අතර නුවරඑළිය කච්චේරියේ කැඩෙට් නිලධාරියකු ලෙස මාස කිහිපයක් පුහුණුවීම් කාලය හැර කොළඹින් බැහැර කිසි දිනෙක සේවය නොකළ අයෙකි. ඒ නිසා පැහැදිලිවම මේ රටේ කච්චේරි පාලනය යනු කුමක්ද යන්න ගැන හෝ ගමක් ගැන හෝ  අවබෝධයක් ඔහුට කිසිදා දැනගත නොහැකි විය. ඉතින් මෙවැනි අය රාජ්‍ය පරිපාලනය වැනි අමාත්‍යාංශ ලේකම්වරුන් ලෙස පත් කරන විට මෙවැනි ඛේදවාචක සිදු වීම පුදුමයක්ද නොවේ. ඊට වගකිව යුත්තෝ කව්ද?

මෙහි 11 වන කොටස  හෙට බලාපොරොත්තු. වන්න.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress