අම්පිටියේ සුමනරතන හිමි: තනිකර දමා ඇති මුරදෙවතාවෙක්!
Posted on November 11th, 2023

C. Wijeyawickrema, LL.B., Ph.D

(848) ආන්ඩුව මට ගැහුවා – Ampitiye Sumanarathana Thero – YouTube  (ඉරාජ්)

(854) ගිහි ජිවිතයේ දී මම Sunflower වේදිකාවේ ගීත ගායනා කරා/ Film එකකත් රගපෑවා-Ampitiye Sumanarathana Thero] – YouTube     (ලහිරු)

ලබ්බෙක් (සේපාල්) හා <පිස්සෙක්> (අම්පිටියේ සුමනරතන හිමි)

රටේ හාමුදුරුවරු අතලොස්සකගේ අඩුපාඩු/දුර්වලකම් හුවාදක්වමින්, යූටියුබ්-ෆේස්බුක් හරහා මුළු සංඝ සංස්ථා පදනමට පහර ගැසීමේ ව්‍යාපාරයක් සංවිධානාත්මක ලෙස මේ වනවිට ක්‍රියාත්මක වන බව පැහැදිලිය. යහපාලන කාලයේ රංජන් රාමානායකගෙන් ඇරඹුණ මෙම ක්‍රියාවලියේ බර දැන් කරට ගෙන සිටින්නේ සේපාල් අමරසිංහ, ප්‍රංශයට පැනගොස් සිටින බරත තෙන්නකෝන්, අමිල සුයාමා එගොඩමහවත්ත,  සුදා තිලකසිරි, සන්නස්ගල හා පානදුරේ ලාල් යන  නඩයය. මෝඩාභිමානයේ බෲනෝ හා අභිෂේකා කෙලීද ගිනිපෙල්ලෙන් බැටකාවුන් සේ දැන් පරිස්සමෙන් මීට ඈඳෙමින් සිටී. මොවුන් හැමදෙනාම වාගේ JVP ට කඩේ යන පංචස්කන්ධය.  මහාවංශ විරෝධී කළුසුද්දන් අවුස්සා ඔවුන්ට කිසියම් මෝඩ සුදියක් සපයාදී ඩොලර් කොමිස්  ගරා ගැනීමද ඔවුන්ගේ උපක්‍රමයය. බරත, හා ක්‍රිස්තියානි අමිල නීති වෘත්තියද කෙළසමින් යූටියුබ් අවභාවිතය කරමින් සිටී. යුද්ධයක වුනත් යම් හොඳක් තිබිය හැකි මෙන් මේ අයගේ කටින්ද යම් සමාජ සේවයක් සිදුවියහැකි වුවත් ඔවුන්ගේ සැඟවුණු  මූලික චේතනාව දුෂ්ඨය.

අශීලාචාර මුඛ සහිත මේ පංචස්කන්ධ අතරින් සුදාටත් වඩා ඉදිරියෙන් ඉන්නේ සේපාල්ය. යමෙකුට සිය ඕමාර් කයියාම් න්‍යායට අනුව නිරාගමිකවීමට හෝ මාක්ස්වාදියෙකුවීමට හෝ නිදහස ඇත. එහෙත් JVP එකට සපෝට්කිරීම වැනි ක්‍රියාවක් තමන් නොදැනම කඩේයාමක් වන්නේ අසත්‍ය හෝ අර්ධ සත්‍ය කියමින් ජනයා නොමඟ යවන විටය.  උදාහරණයක් වශයෙන් ගෝල්පේස් කුමණ්ත්‍රනය <මහජන විප්ලවයක්> යයි සේපාල් කියන්නේ රනිල් වික්‍රමසිංහ මෙන්ම ජුලී චංද එහි පිටිපස සිටි බව දැන දැනමය. මීට කලකට පෙර ඥානසාර හාමුදුරුවන් අරාබි තානාපති සාදයේදී බුරියානි කෑවා, අරාබි ඔත්තුකරුවෙක් යයි ඔහු කිව්වේ කාරණා නොදැන වෛරී සිතකින්ය. සේපාල් විසින් අම්පිටියේ සුමනරතන හාමුදුරුවන්ව පිස්සෙක් ලෙස හැඳින්වීම ඔහු (සේපාල්) විසින් කරණ ලද  ලබ්බේ කතාවට සමාව ගැනීම වංචාවක් බව තහවුරුකර දෙන්නේය. ඔහු රාසමානික්කම් කොල්ලා සමඟ ලඟිනා නාකි ඊළම් කොටියෙකි.

‘සිවුර කියන්නේ කැළයක්’

අවිනීත කටවල් සහිත මේ  පංචස්කන්ධ මෙසේ හැසිරෙන්නේ, ලෝක ඉතිහාසය අමතක කලත් අඩු තරමින් තමන් උපන් රටේ, භූගෝල විද්‍යාව හා ඉතිහාසය (ඉතිහාසය යනු අතීත භූගෝල විද්‍යාවය) නොදන්නා නිසාද?  යම් ශාස්ත්‍රීය දැණුමකින් පිරි සන්නස්ගලත් මෙය උවමනාවෙන්ම මඟ හරිනවා පෙනේ. ලෝකයේ වෙන කොහේවත් නැති ලංකාවේ මුරදේවතා සංකල්පය හා ඊට බද්ධ වුනු සිංහල බෞද්ධ නමැති සංකල්පයත්, නෝත් ආණ්ඩුකාරයා 1799 දීම වටහා ගත්තත්, 1930 කාලයේ හෝ දැන් 2023 අගදී සේපාල්-සන්නස්ගල වැනි යූටියුබ් මාක්ස්වාදී නායාචාරීනුත් එයට ගරහමින්, ථෙරවාදි ත්‍රිපිටකය හා බෞද්ධ දර්ශනය, සිංහල බෞද්ධ ආගම හා ශිෂ්ටාචාරය සමඟ පටලවා ගෙන සිවුරට තඩිබෑමේ මුග්ධ ක්‍රියාවලියක නිරතවී සිටී.

‘සිවුර කියන්නේ හොරුන්ට සැඟවිය හැකි කැළයක්’ යන කියමන සනාථ කරමින්, සිවුරු පොරවා ගැනීමෙන් ලැබෙන සමාජ වාසිය ප්‍රයෝජනයට ගනිමින් සිවුර කෙලසූ, බුද්ධරක්ඛිත වැනි පංචස්කන්ධ ලංකාවේ සිටියෝය, සිටින්නේය. එහෙත් ඇමෙරිකාවේ සමහර කාදිනල්ලා, ලිංගික අපචාරවල යෙදුනු පාදිලිවරුන් ආරක්ෂාකලා මෙන් වසංගතයක් ලංකාවේ නැත. ගමක වසන අශීලාචාර  හාමුදුරුකෙනෙකුට ගම්වැසියන්ගෙන් ආරක්ෂාවක් නොලැබේ. සේපාල්ගේ ක්‍රමයට අනුව ඔහුගේ මාකස්වාදී ලෝකයට එකඟවන, අන්තරේ පෙලපාලියන, අරගලේට වැඩියායි කියන, හෝ කටේ බ්‍රේක් නැති දඹරාවේ අමිල වැනි චීවරධාරින් <ධර්මධර, විනයධර> හික්ෂූන්ය. රට-ජාතිය- ආගම-භාෂාව වෙනුවෙන් දිවිපරදුවට තබා ක්‍රියාකල හාමුදුරුවරුනමකගේ කටින් ඉවසීමේ රතු කට්ට පැන පරලවූවාමෙන් යම් අසභ්‍ය වචන පිටවුවවොත් උන්නාන්සේ දුශ්ශීල භික්ෂුවකි. මෙය සේපාලලාගේ ඩබල්ගේම් එකය. නාගානන්ද කොඩිතුවක්කු පෙන්වා දෙන ආකාරයට මේ අය වනාහී හෘදය ශාක්ෂියක් නැති මිනිස් පුළුටුය. අම්පිටියේ හාමුදුරුවන්ව උවමනාවෙන්ම ප්‍රකෝපකරවා වීඩියෝකර මුදාහැරීමක් කරනවා යන සැකයක්ද මෙහිදී මතුවේ.

ගඩොල් මෝඩයා

ඊජිප්තුවේ පිරමිඩ් අගයන මේ මාකස්වාදීන්, රුවන්වැලි මහාසෑය සැදූ දුටුගැමුණු රජතුමාට ගඩොල් මෝඩයෙක් යයි අපහාස කලේ මෙම වෙනස වටහාගන්නට අපොහොසත් වීම නිසාය. 1505 දී පරංගීන් ලංකාවට ඒම හා 1551 දී දොන් ජුවන් ධර්මපාල රටේ එකම ක්‍රිස්තියානි රජු වීමත් සමඟ රටේ බිහිවූ සිංහල ක්‍රිස්තියානි කළු සුද්දන්, පාලක සුද්දන්ට ආවඩමින්, බුද්ධාගම කියන්නේ බොරුවක් යයි ගෙනගිය  ව්‍යාපාරය, 1873 දී පානදුරා මහා වාදයෙන් වළලා දැමුවත් එය  මියගියේ නැත (buried, but not dead). මෙය පැහැදිලි වන්නේ ලංකාවේ මෑත ඉතිහාසය, පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි හා නිදහස් යුග වශයෙන් නොව, එක පැත්තකින් රට යටපත් කරගෙන සිටි සුද්දන් හා 1948 න් පසු ඔවුන් සිය යටත්  විජිතය පවරාදී ගිය කළු සුද්දනුත්, අනිත් පැත්තෙන් පන්සල/ගම යන දෙපාර්ශය අතරත්, ඇතිවූ නොනවතින අරගලයක් නොවේද යනුවෙන් විමසා බලන විටය.

එකිනෙකට බැඳුණු මෙවැනි ගැටුම් අවධි 14 ක් පමණ හඳුනාගත හැකිය. මෙම හැම අවධියකදීම එහි පෙරමුණ ගත්, ඊට මුලිකව ක්‍රියාකල හාමුදුරුනමක් හෝ කීපනමක් සිටියෝය. වැලිවිට සිරි සණංකර සංඝරාජයාණන් වහන්සේ (1698-1778) කන්ද උඩරට  වඩිග රජුගෙන් මෙන්ම කොළඹින් ගිය චරපුරුෂයින්ගේ ඝාතන සැළැස්මවලින්  ගැලවීමට සිදුවූ  හිමිනමක් විය. 1815 දී වාරියපොල සුමංගල හාමුදුරුවන්ගේ ආදර්ශය මෙන්ම, 1818, 1848 හා අනිකුත් අප්‍රසිද්ධ කැරළිවලදී පසුබිමින් සිටියේ ගමේ පන්සලය. ඉන්පසු කාලයේදී පානදුරේ වලානේ සිරි සිද්ධාර්ථ, මිගෙට්ටුවත්තේ ගුනානන්ද යන හාමුදුරුවරුන්ගෙන් පටන් ගෙන, මෑත කාලයේදී යක්කඩුවේ ප්‍රඥාරාම, කළුකොඳයාවේ ප්‍රඥාශෙඛර, වල්පොල රාහුල, කොටගම වාචිස්සර, පානදුරේ සාසනරතන, දිඹුලාගල හිමි, ඇල්ලේ ගුණවංශ, පාර්ලිමේන්තුවට රිංගීමට පෙර ආත්මයේදී අතුරැලියේ රතන, ගංගොඩවිල සෝම, සිය දිවියේ අවසානකාලයේදී යහපාලන මරාලයට අසුවු මාදුළුවාවේ සෝභිත, අරගලයේ පිණ්ඩපාතේ යෑමට පෙර ඔමල්පේ සොභිත හිමි හා සිංහල කළුසුද්දන්/දේශපාලකයින් විසින් නොමරා මැරූ බොදු බල සේනාවේ ඥානසාර වැනි හාමුදුරුවරු සිය ජීවිත අනතුරේ දමා ගනිමින් රටේ මුරදේවතා කාර්ය්‍යයට කැපවුවන් විය.

නිවන්මඟ කල්දැමීම

නිවන සොයා යෑම කල්දමා සමාජ ක්‍රියාවලට මැදිහත්වූ භික්ෂූන් සෑහෙන සංඛාවකගේ ජීවිත හදිසියේ, සැකසහිත ආකාරයට අවසානවීම ලංකාවට විශේෂවූ සංසිද්ධියක් සේ පෙනේ. සෝම හාමුදුරුවන්ගේ අවාසනාවන්ත වියෝවෙන් පසුවත් (2003/12/13), උන්වහන්සේගේ නමට පෙම් සම්බන්ධයක් පටලවා අපහාසකරමින් වික්ටර් අයිවන් ලවා පොතක් ලියවීමේ (පන්සලේ විප්ලවය, 2006) ගණුදෙණුවක් පවා සිදුවිය. R. G. සේනානායක මහතා ත්‍රිකුණාමළයේ සිංහල ජනයා පදිංචිකරවීමට කල ජාතික මෙහය හා සමාන කරණ විට අම්පිටියේ සුමනරතන හිමියන් කරණ ජාතික මෙහෙවර  මාරයා සමඟ කරණ දෛනික සටනක් වැනිය. පන්සලේ මුරට දමා ඇති පොලිස්කාරයා ඔහුගේ මුරකුටිය අසලට ආ හාමුදුරුවන් හොල්මනක් යයි සිතා හදිසියේ රෑ නින්දෙන් අවධිවී භයවී හාමුදුරුවන්ට වෙඩි තබන්නට යෑම වැලකුනේ ජාතියේ පිනට අනුනමයෙනි. මෙවැනි දෙයක් ලංකා ඉතිහාසයේ සිදුවී ඇද්ද?

සිංහලේට (සිංහල බෞද්ධයින්ට) වටින්නේ සේපාලද, මඩකලපුවේ හාමුදුරුවන්ද?

ඔහුගේ ආගම් විරෝධී, මාකස්වාදී, සිංහල බෞද්ධ විරෝධී ව්‍යාපාරයට විරුද්ධව යයි ඔහු සළකන හාමුදුරුවරුන්ගේ දුර්වලකම් පස්සේ හඹායන සේපාල්, උමංදාවේ හාමුදුරුවන්ගේ (ආගමික නොව) යහපත් සමාජ දේශපාලන සේවයට ඊර්ෂ්‍යාවෙන් පහරදෙන්නේ තමන්, සේපාල් නම් කෙලෙස්භරිත පංචස්කන්ධය, රටේ බුද්ධ සාසනයේ නිලනොලත් භාරකාරයා යයි සිතාගෙනය. මොහුගේ මේ ඩබල්ගේම් එක එලිකලයුතු ඒ නිසාය. 1988/89 කාලයෙදී සේපාල් නමැති දඩබ්බර පුත්‍රයාව ඔහුගේ අම්මා විසින් රටින් පිටකරගත්තේ මරණයෙන් ගලවා ගැනීමටය. සේපාල්ගේ පිස්සු සහෝදරයාවූ රාසමානික්කම් කොලුගැටයාද මෙසේ රටින් පිටවූවායයි පිල්ලෙයාන් පවසයි. කලකට පසු සල්ලි ටිකකුත් හොයාගෙන ලංකාවට ආ සේපාල් යම් සේවයක් රටට කලාදැයි මම නොදනිමි. මේ වන විට ඔහු JVP එකට කඩේ යමින් ඉන්නේ වෙනකල හැකි දෙයක් ඔහුට ඉතිරිව නැති නිසාය. අරගලයට ඔහු, සුදා හා සන්නස්ගල තැබූ බලාපොරොත්තු සුන්වූයේ නිර්මාල් දේවසිරි, ජයදේව උයන්ගොඩ වැනි JVP න්‍යායාචාරීන් ඒ ගැන සිහින මවා සිටි අන්දමටමය.

මෙම සේපාල්ගේ හිස් ජීවිතය, ඔහුත් රාසමානික්කම් කොල්ලාත් පිස්සෙක්යයි කියන මඩකලපුවේ හාමුදුරුවන්ගේ ජීවිත කතාව සමඟ සසඳා බලමු. මෙම සටහනේ ඉහළින් ඇති වීඩියෝ දෙක සේපාලලා විසින් බැලිය යුතුව ඇත.

*1. මහින්ද බණ්ඩාර දිසානායක නම් දරුවාට වයස අවුරුදු 4 දී, ඔහුගේ පියාව ඔහු බලා සිටියදී ඊළම් කොටින් විසින්  කපා මරා දමන ලදී. අම්මාද මිය ගියේය.

*2. ඔහුගේ සහෝදරයින් 5 දෙනාවම ඊළම් කොටින් විසින් ඝාතනය කරන ලදී.

*3. වයස අවුරුදු 18 දී මහින්ද බණ්ඩාර මහණවූයේ ඔහුව හදාගත් මවගේ හා පියාගේ අකමැත්ත තිබියදීය.

*4. ඊට කලින් ඔහු නැටුම්-ගැයුම්-වැයුම් වල නිරතව සිටියේය. සබීතා පෙරේරා, ජීවන් කුමාරතුංග සමඟ චිත්‍ර පටියකද රඟපෑ ඔහුට ලතා වල්පොල වැනි අයගේ ආශ්‍රයද ලැබුණේය. සංගීත කණ්ඩායමක් සමඟ විදේශ සංචාරවලද නිරතවිය.

*5. මහණවී කෙටි කලකින් 1997 දී නුවර සිට අම්පාරට මේ හාමුදුරුවන් වැඩියේ පන්සලේ ගුරු හාමුදුරුවන්ටත් නොකියා හමුදා කඳවුරක බෝධි පූජාවකට සහභාගිවීම සඳහාය. ඉන්පසු මඩකලපුවේම නතරවීමට හාමුදුරුවන් තීරණය කලේය. මේ වනවිට පන්සල් ඉඩමේ පවා කොටින්ගේ  තිප්පොලවල්ය. පන්සල ගිනිතබා විනාශකර තිබුණි.

*6. 1998 මැයි 17 දා පන්සලට ගැසු බෝම්බයකින් 48 දෙනෙක් මියගියේය.

 *7. මායිම් ගම්මානයක්වූ ගෝනගලට රෑ පැමිණි කොටින් 58 දෙනෙක් මරණ ලද්දේ බඩේ ඉන්නා දරුවන් බඩකපා එලියට ගනිමින්ය.

*8. ආපසු නුවර බලා නොගොස් මඩකලපුවේ කොටින්ට මුහුණ දීමට හාමුදුරුවන් තීරණය කලේ සේපාල්ලා කියන අන්දමට දැනට අවුරුදු 25 කට කලිනුත් හාමුදුරුවන් <පිස්සෙක්වූ> නිසාද?

*9. ඊලමක් සඳහා අවශ්‍ය එක කරුණක් නම් තමන්ට අයිති භූමි ප්‍රදේශයක් තිබීමය. යුද්ධය කාලයේදී නැඟෙනහිර පලාතේ තිබූ සිංහල මායිම්ගම් විනාශ කිරීම කොටි ප්ලෑනවූයේ මේ නිසාය. බොහෝ මායිම් ගම් වැසියන් කොටින්ට බයේ ඒවා අතහැර ගියේය. මඩකලපුවේ මංගලාරාමය පුරාණ රජමහා විහාරයකි. දැනට මේ ප්‍රදේශයේ තිබෙන එකම සිංහල බෞද්ධ විහාරය එය පමණය.

*10. කෙවිලියාමඩුව වැනි ගම්මානවල කොටින් රජකලේය. මේවායේ සිංහල මිනිසුන් නැවත පදිංචිකිරීම සඳහා හාමුදුරුවන් තනියෙන් මාරාන්තික සටනක් කලේය. හැමපැත්තෙන්ම වෙඩිවර්ෂාය.  හාමුදුරුවන් කොටින්ගේ අතින් මරණයෙන් බේරුණේ සටන් විරාම කාලයේදී කොටි හිරකඳවුරක සඟවාගෙන සිටියදී රතුකුරුස නියෝජිතයින් සමඟ පැමිණි යුද හමුදාවේ (?) ලතිෆ් මහතා විසින් අහම්බෙන් හාමුදුරුවන්ගේ සිවුර දුටු නිසාය.

දකුණේ පන්සල්වල හාමුදුරුවරු හා  (අ)සිංහල දේශපාලකයින් මේ මඩකලපුවේ පන්සල හා නැවත පදිංචිවන ජනයා රැකගැනීමේ වැදගත්කම තේරුම් නොගැනීම විෂ්මය දනවයි. කොටින් විනාශකල පන්සල සදාගැනීමට ගෝඨාභය ආරක්ෂක ලේකම් වශයෙන් උදව් කිරීම හැර වෙන කිසි දේශපාලකයෙක් ඒ කාලයේත්, දැනුත් පන්සල අමතක කර ඇත. ශාරියා අරාබි විශ්ව විද්‍යාලයට මඟ සළසා දීමට ඩලස් අලහප්පෙරුම උදව් කලත්, මේ පන්සල බලන්නටවත් ඔහු පැමිණ නැත!

අමාරුවෙන් පන්සල සාදා ගත්තාට පසුව, මෛත්‍රීපාල ජනාධිපති මඩකලපුවට පැමිණි අවස්ථාවකදී ඔහුට එය නිලවශයෙන් විවෘත කරණ ලෙස අරාධනය කලවිට ඊට වේලාවක් නැතැයි කියා ඔහු පිල්ලෙයාන් බැලීමට හිරගෙදරට ගියේය. මේ නිසා හාමුදුරුවෝ ඔහුගේ නම කොටා සාදා තිබූ සමරුඵලකය බිමදමා කුඩුකර දැම්මේය.

*11.13 සංශෝධනයේ රඟ හාමුදුරුවන් විසින් රටටම පෙන්වා දෙමින් සිටී.  නැඟෙනහිර පලාතේ සිංහල ජනයාට ඔවුන් දෙමළ නොදන්නා නිසා දෛනිකව බිම් මට්ටමින් මුස්ලිම් හා ද්‍රවිඩ නිලධාරීන් හා උසාවි විසින් කරණ හිරිහැර වල සීමාවක් නැත. මේ සම්බන්ධයෙන් අනුරාධා යහම්පත් ආණ්ඩුකාරයාවූ කාලයේ යම් පියවර ගත්තත් දෑන් තොන්ඩමන් ඉන්දියාවක් හා හිස්බුල්ලා ශාරියා අරාබියක් සඳහා තරඟයක යෙදී සිටී.

*12. ක්‍රිස්තියානි මූලධර්ම වාදී යාඥා ස්ථාන 400 කටත් වඩා මඩකලපු ප්‍රදේශයේ තිබෙන බව හාමුදුරුවන් පවසයි. මොවුන් ඩොලර් බලයෙන් ගම්වලට රිංගා බෞද්ධ හා හින්දු ජනයාගේ මොළ සේදීමට විරුද්ධව ඉඳහිටවත් නැඟීසිටින්නේ හාමුදුරුවන් පමණය.

අවුරුදු 30 කට ආසන්න කාලයක් පුරා මේ හාමුදුරුවන් කරන්නේ මුරදේවතා යුතුකම නොවේද යන්න ඉහත වීඩියෝ දෙකෙන් පෙනී යන්නේය. එක්තරා කාලයකදී ගනින්නාන්සේලා යනුවෙන් හැඳින්වූ හාමුදුරුවරු අඹුවන් තබාගෙන පවුල්කෑම කෙතරම්ද යත්, කසාදයක් බැඳීමේ වයසේ ඉන්නා තරුණයෙකුගෙන් වැඩිහිටියන් අසන්නේ දැන් ඉතින් පවුල්පන්සල් වීමට කාලය නොවේද කියාය! දුෂ්කර කාලවලදී, බුද්ධාගම පිරිහී වල්වැදී ගිය කාලයේදී බෞද්ධ උරුමය රැකදුන්නේ මේ ගනින්නාන්සේලාය. මේ කාලවල සේපාල්ලා සිටියා නම් මොනවා කියයිද?

වෙන ආගම් වල මෙන් නොව ලංකාවේ සාමනේරවරු සිය ගිහිනම අතහැර උපන් ගමේ නම භාවිතයට ගනී. මවට-පියාට වැඳ මහණවන දරුවාට ඉන් පසු මව හා පියා විසින් වැඳින්නේය. ගම-වැව-දාගැබ යන ත්‍රිත්වය ආශ්‍රිතව ගොඩ නැඟුණ ලංකාවේ <සභ්‍යත්ව රාජ්‍යය> රැක ගැනීමේ මුල් පාදම වූයේ ගමේ පන්සලය. රජුන් බිහිකිරීම, රැකීම , දමණය කිරීම හෝ ඉවත්කිරීම හාමුදුරුවරුන්ගේ වගකීමක් විය.

දැන් අපි ඉන්නේ කොසොල් රජතුමාගේ සීන දාසැය සැබෑවෙමින් පවතින අවධියකය. බෞද්ධ සාහිත්‍යයට අනුව  අවුරුදු 5000 කින් බුද්ධ සාසනය නිමවේ. හාමුදුරුවරු යයි කියා ඉතිරිවෙන්නේ අතේ කහනූලක් බැඳගත් අයලු! සංඝ සාසනය බලවත් සෝදාපාළුවකට අසුවී ඇත.  ඉන්දියාවේ හෝ අනිකුත් මුස්ලිම් රටවලදී මෙන් ලංකාවෙන් බුද්ධාගම අතුගෑවී නොගියේ ගනින්නාන්සේලා මෙන්ම සිල්වත් හාමුදුරුවරුන්ගේ ක්‍රියාකලාපය නිසාය. අද ලෝකයට ගැලපෙන ලෙස ලංකාවේ සංඝ සමාජය ක්‍රියා නොකලොත් සතුරු බලවේග විසින් එය ගිලගන්නවා නිසැකය. පක්ෂ දේශපාලනයට ගොදුරුවූ රටේ හාමුදුරුවරුද අනිකුත් කොටස් මෙන් රටට කල විනාශයට වග කිවයුතුය. බෞද්ධ මහා සම්මේලනය, කොළඹ තරුණ බෞද්ධ සමිතිය, මහා බෝධි සමාගම වැනි ආයතන කළු සුද්දන් විසින් සිය ග්‍රහනයට ගෙන ඇත. ඒවායේ ක්‍රියා ක්‍රිකට් බෝඩ් එකට  සමාන නොවේද?

ක්‍රිස්තියානි මූලධර්මවාදය, ශරීයා ඉස්ලාම් ව්‍යාප්තවාදය, ඊළම් වාදය, බටහිරින් එන නව අධිරාජ්‍යවාදය, ඉන්දියන් ව්‍යාප්තිය, ඉන්ටර්ෆේත් ජරමරය (හෙවත් හැම ආගමක්ම සත්‍යය යන මිථ්‍යාව), ජාතිකත්වය වෙනුවට බහු ජාතිවාදය, ලෝක කොම්පැනි විසින් දුගී රටවල් සූරාකෑම, දේශපාලකයින් විසින් ලංකාව අතිදූෂිත, අශීලාචාර රටක් කිරීම යනාදී විෂබීජ ඉදිරියේ මුරදේවතා සංකල්පය දෙදරා යමින් පවතී. මෙවැනි පසුබිමක් යටතේ සේපාල් වැන්නන් කරණ ඝෝෂාවට තර්ජනයක් ලෙස අම්පිටියේ සුමනරතන, කුරුන්ද පන්සලේ හාමුදුරුවෝ වැනි පංචස්කන්ධ විසින් කරණ කැපවීමට සිංහල බෞද්ධයින් උන්වහන්සේලාට ණය ගැතිය.

නොයෙක් නිකායවල හාමුදුරුවරු එකතුව සංඝ සංගායනාවක් කලයුතුය. සිවුරු ගලවා ඉවත් කිරීමට බලය ඇති සංඝාධිකරණයක් පිහිටුවා ගත යුතුය. විදේශවල මහානායක තනතුරුදීම නතර කල යුතුය. සමාජවාදය පන්සල් අතරටද යායුතුය. දකුණේ කොළඹ ධනවත් පන්සල් දුප්පත් ගරා වැටුන උතුරු නැඟෙනහිර පන්සල් රැකබලා ගතයුතුය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress