ක‍්‍රිකට් තහනමෙන් සතුටු වී ක‍්‍රිකට් ආයතනයේ තිරිසනුන් පාටියක් දාලා..
Posted on November 12th, 2023

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ‍්‍රී ලංකාවට ක්‍රිකට් තහනම් කළේ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ඉල්ලා සිටීම නිසා බව ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා සඳහන් කරයි.

එම තහනම ලැබීම ගැන පාලක මණ්ඩලයේ තිරිසනුන් සතුටුවෙමින් සාද පවත්වා ඇති බව ද ඔහු පැවසීය.

ඔහු මේ බව සඳහන් කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක්වෙමිනි. ‍

ශ‍්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදලට යටවුණු අය ජනාධිපති ලේකම් කාර්යාලය තුළ ද සිටින බවද පවසන ඔහු ජනාධිපතිට දැන් හොර සූදු ෂම්මිද, රොෂාන් රණසිංහ දැයි තෝරා ගැනීමට සිදුවන බවද කියා සිටී.

ශ‍්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හොරු යැයි කිව්වේ තමන් නොව විගණකාධිපති වාර්තාව ද පවසන ඔහු තීරණ ගැනීමට බැරිව ඇමතිකමක් තබාගෙන සිටීමද වැඩක් නැති බවද සදහන් කරයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress