ජනපති ගැන කියන විමල්ගේ හූනු සාත්තරය (වීඩියෝ)
Posted on November 28th, 2023
උපුටා ගැන්ම හිරු පුවත්
රනිල් වික්‍රමසිංහ මීට පසු ජනාධිපතිවරණයකට කිසිසේත්ම නොඑන බව තමා හූණා කිව්වා සේ පවසන්නේ යැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ පාර්ලිමේන්තුවේදී අද (28 ) ප්‍රකාශයක් සිදු කළා.
“කවුරුහරි එහෙම හිතාගෙන ඉන්නවනම් අනේ පව් කියලා තමයි මට කියන්න වෙන්නේ” යැයි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
ඔහු ජාත්‍යන්තර සංවිධානයක තනතුරක් ලබාගෙන ඉදිරි කාලය වැජඹීමට බලාවි යැයිද මන්ත්‍රීවරයා කියා සිටියා.
ජනාධිපතිවරණ අපේක්ෂකයෝ දැන් ගොඩක් සිටින බවත් පඳුරකට ගැහුවොත් හැටක් විතර සිටින බවත් ඔහු පවසනවා.
ජනාධිපති පුටුවට ගිය පසු ඔහුගේ සියලු කටයුතු අවසන් වන හෙයින් එතනින් එහාට මේ රටේ අනාගතය ගැන ඔහුට වගකීමක් නැතැයිද අද රට තියෙන්නේ අනාගතය ගැන නොබලන නොහිතන නායකයෙකු අත යැයිද මන්ත්‍රීවරයා පවසනවා.