රජයේ 2024 රේ අයවැය යෝජනා දුටුවිට මට එක් වරම මතක් උනේ මහදැනමුත්තා සහ ගෝලයෝ 5 දෙනා, ගෙයකට රින්ගා මුට්ටියක ඔලුව හිරකරගත් එලුවාගේ ප්‍රස්නය විසඳපු හැටි.
Posted on November 30th, 2023

දේශමාන්‍ය ආචාර්‍ය සුදත් ගුණසේකර. මහනුවර

හුදී ජන පහන් සන්වේගය සඳහා පමණි.

මහ දැනමුත්තාගේ කතාව මම ඉගෙනගත්තේ මගේ ගමවූ මීමුරේ ගමේ පාසැලේ 2 වන වසරෙදී. ඒ 1946 දී.

මහ දැනමුත්තා කියන්නේ එකෝමත් එක කාලෙක අපේ රටේ හිටපු ලොකුම ලොකු පඬි තුමා. ඔහුට හිටියා ඒවගේම උගත් ගෝලයෝ 5 දෙනෙක්. ඒ පස්දෙනාට නම් දීලා තිබුණේ මෙහෙමයි.රබ්බඩ අයියා,කෝටුකිටය්යා, පොල්බෑමූනා, ඉදිකටු පැන්චා සහ පුවක්බඩිල්ලා. මේ නම් ඔවුන්ට දීලාතිබුණේ මහදැනමුත්තාමයි.  ඔවුන්ගේ ඇඟේ පතේ හැඩරුව අනුවයි, ඒ නම් දීලත් තිබ්බේ. එහෙම නැතිව ඔවුන්ගේ දැණුම මිණුම හෝ දක්ෂපක්ෂ කම් නිසා නොවෙයි.

තම ගුරුතුමාට ගමනක් යනකොට පාරේ ඉස්සැරහින් ගල්, ලී වැනි භාධක ඉවත්කිරීම,අව්වක් නොතිබුණත් අව්වට තලාත්ත ඇල්ලිම, කොණ්ඩේ ගසා තිබුණු පණාව සකස් කිරීම, අතිරේක හැරමිටියක් ගෙනයාම, මඟ දෙපස ගුරුතුමාගේ ගමණට භාධා කරණ අත්පතු කඩා දැමීම ආදිය තමා ඔවුන්ගේ රාජකාරින්.හැබැයි කිසිම වෙලාවක් කිසිම ගෝලයෙක් ගුරුනාන්සේට ඉස්සරහින් එහෙමෙ යන්නේ නෑ.එහෙම ගියොත් පහුවදාට ඔහු ගෙදර.

ගෝලයින් ගේ සුවිශේෂම ලක්ෂණය තමා ගුරුනාන්සේ කියන කිසිදේකට විරුද්ධ නොවීම සහ කියන හැමදේකටම එහෙයි කීම. ගුරුනාන්සේ ඉරට හඳ කීවහ්, හඳට ඉර කීවත් ගෝලයෝත් එක පිලිගන්ටම ඔනෑ. මොකද ඔහු නෙ ඔක්කොම දන්නෙ. එහෙම නොකීවොත් ඒත් පහුවදාට ගෙදර.අපේ ජනාධිපති තුමාගේ ඇමති මණ්ඩලය ගැන හිතනකොටත් මට ඒ පස්දෙනාමයි මතක්වෙන්නෙ. මොකද ඒ තරම්ම තම නායකයාට ඔවුන් කීකරු නිසා.

එලුවා බේරා ගන්ට මහදැනමුත්තා ඉස්සෙල්ලාම, ගෙදර උලුවස්ස කඩන්ට කිවා. ඊ ලඟට එලුවගේ බෙල්ල කපන්ට කීවා. අන්තිමට තමා මුට්ටිය බිඳින්ට කීවේ. එලුවා බේරාගන්නවා වෙනුවට අන්තිමට ප්‍රථිපලය ගෙදර දොරත් ඉවරයි. එලුවත් ඉවරයි,මුට්ටියත් ඉවරයි.රටට සහ ලෝකයට ඉතිරිවූයේ මහදැනමුත්තාගේ සහ ගෝලයින් 5 දෙනාගේ ප්‍රඥා මහිමය ප්‍රකට කෙරෙන  හුදී ජනයාගේ පහන් සන්වේගය සඳහා ශේෂවූ ජනකතාව පමණයි

ඉස්සෙල්ලාම මුට්ටිය බින්දානම් මුට්ටිය විතර නෙ පාඩුවෙන්නෙ.උලුවස්සත් ඉතුරුයි. එළුවත් ජීවත් වෙනවා.ඒ වගෙ තමයි මේ අයවැය කථාවාත්. මුට්ටිය ආර්ථිකයටත්, එළුවා ජනතාවටත්, ගෙය රටටත් උපමා කලහොත් ඒ තුනටම අත්වූ ඉරණම නොවේද? මේ අයවැයෙන්ද, රටේ ආර්ථිකයටත්, ජනතාවටත්, ඒ වගේම රටටත් සිදු වන්නෙ කියල කෙනෙකුට හිතන්ට පුළුවන්.

මේ අයවැයේ වැදගත්ම අඩුපාඩුව තමා බුදු හාමුදුරුවෝ දේශනා කළ පරිදි සබ්බේ සත්තා ආහාරට්ඨත්තිකා”නිසා පළමුව රට බත බුලතින් ස්වයන්පෝෂනය කරා ගෙනියන ජාතික ආර්ථිකයේ කොඳුනාරටිය වන දේශී ගොවිතැන සහ ආනයන සීමා කෙරෙන සහ අපනයන වැඩිකෙරෙන කර්මාන්ත අන්ශවල  නිෂ්පාදනය වැඩිකිරීම සහ රැසහකීරහ්ෂා වැඩිකිරීම ගැන මෙහි කිසිම සඳහනක්  නැති වීම. ඉස්සර සින්හල රජකාලෙනම් කළේ එහෙමයි.

මේ අයවැයෙන් මුල්තැන දී ඇත්තේ

1.ණය ගැනීම සහ ණය ගෙවීම. (පවතින 3.45 ට්‍රිලිනය 7.35 දක්වා වැඩිකිරීම)

2.දේශීය සම්පත් විකිනීම

3.රජ‍යේ ආයතන ප්‍රති ව්‍යුහගත කිරීමේ මුවාවෙන්  ඒවා පිටරැටියන්ට (විකිණීම ?) යන කරුණු සහ

4 භාණ්ඩ මිල රිජුව සහ වක්‍රව වැඩිකෙරෙන යෝජනා ඇතුලත්වීම යන කරුණු 4 ටය

5.අවසාන වෂයෙන් මේ අය වැය කථාවේ සුවිශේෂීම ලක්ෂණය නම් එය කිසිදු නිශ්චිත අයක් නැති ණයටත් වඩා පොලී ගෙවන (ජාතික වාර්ෂික ආදායමෙන් 72%) වැයක් පමණක් වන බවය. මෙම ක්‍රියාවළියෙ රටට, ජාතික හා ආර්ථිකයට ඇතිවන අන්තිම ප්‍රතිඵලය අපට හිතාගන්ටත් අමාරුය. දැනට ඇති විදේශ නය us$3.45 ට්‍රිලිනය ගෙවිම, සහ ඊට පොලිය ගෙවීම, අලුතෙන් ගැනීමට මේ අය වැයෙන් යෝජිත ණය  වන ට්‍රිලිනය  7.35 සහ ඊට අදාල පොලිය ගෙවීම  යන කරුණු සම්පූර්ණ  වන විට මේ රට 2048 සන්වර්ධිත රටක් වීම කෙසේ වෙතත් ඊටත් පෙර ණය කරුවන්ට වෙන්දේසියේ විකිනෙණ රටක් වීමේ ඇති අවදානම නම් සඳහන් කල යුතුව ඇත.

කෙසේ වුවද, කිසිවකු ණඩුවක් ගොනු කළොත් දැනට ප්‍රකාශවෙලා තියෙන ආර්ථික ඝාතන ලැයිස්තුවට තම නමද ඊළඟ උසාවි තීණයේදි මේ අයවැය ලේඛණයේ පියාටත් ඒ වගේම ඊට සහාය දුන් සියළු දෙනාටත් සිදුවන බවනම් කෙනෙකුට උපකල්පනය කරන්ට පුලුවන්.

(මා මුලින් දැක්වූ මහ දැන්මුත්තාගේ කථාවේ එන මුට්ටිය ආර්ථිකයටත්, එළුවා ජනතාවටත්, ගෙය රටටත් උපමා කලහොත් ඒ තුනටම අත්වූ ඉරණම නොවේද? රටේ ජනතාවටත්, ආර්ථිකයටත් ඒ වගේම රටටත් මේ අයවැයෙන් සිදු වන්නෙ කියල කෙනෙකුට හිතන්ට පුළුවන්. 

අයවැය විවාදයේදී ක්‍රිකට් වැනි අයවැයට කිසිසේත් අදාල නැති බොහෝ දේ ගැන ඉතා වැඩි කාලයක් ගෙන සන්වේදීව කථා කලත් මේ එක මහජන නියෝජිතයෙක් හෝ යටත් පිරිසෙයින්

පහත සඳහන් දේවල් එකකක් ගැන හෝ කථා කළාද?

1.රජයේ අනවශ්‍ය වියදම්, නාස්තිය හා ධූෂණය අඩු කිරීම

 2. අනවශ්‍ය රාජ්‍ය ආයතන වසා දැමීම

 3. 16 ලක්ෂයක රාජ්‍ය සේවය ඵලදායී මට්ටමකට ගෙන ඒම (

 4. සෑම සේවකයෙකුටම දිනකට ඔහු/ඇය ලබාගන්නා වැටුපට සරිලන පරිදි සිදුකළයුතු අවම ඉලලක්කයක් නියම කොට රාජ්‍යසේවයේ ඵලදායිතාව වැඩි කිරීම

5.රාජ්‍ය අන්ශයේ හොරකම් දුෂන නැතිකිරීම

6 ලාභ නොලබන ආයතනවල අතිකාල දීමනා සහ බෝනස් ගෙවීම නතරකිරීම 

7.සෑම මන්ත්‍රීවරයෙකුටම දයිනික ඉලක්කයක් නියම කිරීම

8. ඔවුන්ට පාර්ලිමේන්තුව පැවැත්වෙන සෑම දිනකම පැමිණීම අනිවාර්‍ය කිරීම සහ දවසේ වැඩ කටයුතු අවසන් වන තුරු එහි රැඳී සිටීම අනිවාර්‍ය කිරීම

9.සෑම ආයතනයකම නාස්තිය දුෂනය නැතිකිරීම

10. පලාත් සභා හූනියම තවත් ප්‍රමාද නොකොට කපා දැමීම

(පලාත් සභා වල ආණ්ඩුකාරයින්,මහ ඇමතීන් ඇතුලු දේශපාලකයින් හා නිලධාරින්ට පඩිනඩි, ආයතන නඩත්තුව ඇතුළු වියදම බිලියන 298  යි. රටේ වැඩට බිලියන 16 යි. (2023.11.25 දින. දෙරණ ප්‍රවුර්තියක්) පලාත් සභා ක්‍රමයෙන් රටට සිදුවන විනාශය පෙන්වා දීමට මීට වඩා උදාහරණ අවශ්‍යයයි මම නොසිතමි).

වසරකට මෙපමන ජාතික ධනයක් විනාශවනවානම් වසර 35 පුරා මොනතරම්නම් ධනස්ඛන්ධයක් මේ සඳහා නාස්තිවන්ට ඇද්දැයි ඔබට සිතාගත හැකි නේද.රටේ සමස්ථ පරිපාලනයම  සම්පූර්ණයෙන්ම අකර්මණ්‍යකොට, අවුල් ජාලයක් කොට, රටේ ප්‍රාන්ත  පරිපාලනය තවත් මධ්‍යගතක්කොට   විනාශකල පලාත් සභා වහාම අහෝසි කිරීම සහ ඒ සමඟම  දේශපාලන අනාතයින්ට සහ මැති ඇමැතිවරුන්ගේ නෑදෑ හිත  මිතුරන්ට කැබිනට් ඇමැති වැටුප් සහ වරප්‍රසාද සහිත සුර සැප ලබා දීම හැර  වසර 35ක් පුරා රටට හෝ ජාතියට කිසිදු සේවයක් නොකල ආණ්ඩුකාරයින් නම් වූ ජනාධිපති බලතල සහිත  පරපුටු නඩයද. මහ ඇමැතිවරුන්ද ගෙදර යවා, දැනට තම නිවෙස්වල නිවාඩු ගත කරණ පලාත් සභා සභාපතිවරුන්ට ගෙවන වැටුප් සහ දීමනා මෙන්ම වරප්‍රශාදද වහාම අහෝසි කිරීම සහ පලාත් සභා නම්වූ, මේ රටේ ඒකීය භාවය විනාශකොට රට බෙදීම සඳහා  ඉන්දියාව විසින් අප හිස මත බලහත්කාරයෙන් පටවන ලද ඉන්දියාණු shaaපය  වහා ම අහෝසිකොට ඒ සඳහා වාර්ෂිකව වැයකෙරෙන කෝටි ප්‍රකෝටි සන්ක්‍යාත ජාතික ධනය  ඉතිරි කොට ගැනීම. 

11.ක්‍රි.පූ. 327 සිට මේ රටේ පැවැති පෙරදිග ලෝකයේ පැවැති විශිෂ්ඨ පාලන ක්‍රමයක් වෂයෙන් පූජිත  ගම්සභා ක්‍රමය විනාශකොට ගමද  විනාශකළ, පාර්ලිමේතුව සහ ගම අතර සුපිරි දේශපාලකයින් පිරිසක් සහ සුපිරි ආයතන රැසක් ඇතිකොට පලාත් පාලනයද විනාශකළ එසේම ප්‍රාදේශීය මට්ටමේ ජාතික බදු ආදායම රජයට ලැබීමේ මාර්ගයද වසාදැමූ ප්‍රාදේශීය සභා නම්වූ  ආයතනද වහාම වසා දමා යලිත් ජනහිතකාමී පැරණි ගම්සභා ඇතිකිරීම.

12.රට තුළ සහ ඉන් පිටත සීටිණ සියලු දෙනාටම රට සහ ජනතාව ගැන සිතා ජාත්‍යලයෙන් ඇප කැපව තම වැඩකොටස ඉටුකිරීමට ආයාචනය කිරීම

13. රට වෙනුවෙන් සියලුම මැති ඇමැතිවරුන් වසරක් පඩිනඩි සහ අමතර වර ප්‍රසාද නොගෙන සේවය කිරීමට පොරොන්දුවීම සහ ඊට අමතරව එක ජතා නියෝජිතයෙක් පහත සඳහන් දේවල් ගැන පාර්ලිමේන්තුවේදී කථා කරනවාද?

14.ජාතික සම්පත් විකුණා දැමීම,දිනපතා බඩු මිල වැඩි කිරීම සහ විදුලිය සහ ජලය වැනි අථ්‍යාවශ්‍ය සේවා වල ගාස්තුව වැඩි කිරීම වැණි ජනතා පීඩක පියවර හැර  රජයේ ආදායම් වැඩිකර ගැනීමට වෙනත් විකල් ඇත්තේම නැද්ද.

15 එසේම දැනට ශතවර්ෂ 8 ක් පමණ කාලයක් පුරා සමස්ත ලෝකයම සූරා කමින් තම බල අධිකාරිය කඩුව,තුවක්කුව සහ බයිබලය හරහා අතිෂයින්ම ම්ලේච්ච සහ කෲර අන්දමින් යොදාගනිමින් මුලු ආසියාතිකරය,අප්‍රිකාව සහ පැරැණි අමෙරිකාවන්, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය ආදී රටවල් බලහත්කාරයෙන් අල්ලාගෙන  සූරා කෑ යුරෝපීය රටවල් සහ අනතුරුව එම නඩයට එක්වූ අමෙරිකා එක්සත් ජනපදය ඇතුලු අධිරාජ්‍ය වාදීන්ගේ බලය තහවුරු කරගැනීමේ සහ ඊනියා 3 වන ලෝකයේ රටවල් සදාකලික ඔවුන් යටතේ තබා ගැනීමේ  පශ්චාත් යුධ උපාය මර්ගවන ලෝක බැන්කුව සහ ජාත්‍යන්ත්‍ර මූල්‍ය අරමුදල  සරණ යමින් ඔවුන්ගේ උගුලේම බෙල්ල හිරකර ගැනීම හැර  ඊනියා රජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහ ගත කිරීම නැමැති උගුලේම හිර නොවී  රටක් ගොඩගන්නා කිසිම ක්‍රමයක් ගැන ඔබලාට සිහිනෙන්වත් හිතන්ට බැරි ඇයි?

16. මේ රජයට ලෝක බැන්කුව සහ ජාත්‍යන්ත්‍ර මූල්‍ය අර්මුදලේ සියලු කොන්දේසි වලට යටත්වෙමින් (ඔවුන්ගේ ලාභය  සඳහාම ක්‍රයාත්මක වන ) රට  සහ ජනතාව පාවාදීම හැර වෙනත් විකල්පයක් ඇත්තේම නැද්ද?

17 2015 සහ 2016 දී සිදු කළ මහබැන්කු මන්කොල්ලයට වගකිවයුතු අයගෙන් එම මුදල් අයකොටගෙන එම මුදල්ද විදේශ ණය ගෙවීමට යොදා ගැනීමට යෝජනා ඇතුලත් කළාද?

18.අද මේ රටට මහා ව්‍යශනක්ව ඇති මත් ද්‍රව්‍ය, රටට ගෙන ඒම,බෙදාහැරීම සහ පාවිච්ච්ය සහමුලින් නැති කිරීම

19 සින්ගප්පූරුවේ මෙන් මත් ද්‍රව්‍යහා සම්බන්ධ් අපාරාධ වලට වර්ද කරුවන් වන සියළු දෙනාටම මරණ දඬුවම දීම

 20. රජයේ නිවාඩු දින ගණන ලෝක සම්මත ගණන වන 12 ට හෝ ඊට ආසන්න ගණනක් දක්වා අඩුකොට වැඩ කරන දින ගණන වැඩිකොට රටේ නිශ්පාදය වැඩිකොට ගැනීම

21ලොව පුරා විසිරී සිටින සියළුම ලාන්කිකයින්ට ජාතිය ගොඩනැගීමේ අරමුදලකට උපරිම මුදල් එවන්මෙන් ආයාචනය කිරීම.ගා

22. ප්‍රතුගීසි,ඕලන්ද සහ ඉන්ග්‍රීසි යටත් ව්ජිත කොල්ලකරුවන් විසින් මේ රටෙන් වසර 500ක් පුරා මන්කොල්ල කෑ වත්කම් වෙනුවෙන් වන්දි ඉල්ලීම

23 සෑම පුරවැසියෙකුගෙන්ම රට, ජාතිය පිළිබඳ දේශප්‍රේමයෙන් සහ ජාති වාත්සල්‍යෙන් කටයුතු කරනමෙන් ආයාචනා කිරීම.

24 වරතමානයේ කොලඹ වාසින් ඇතුලු රට පුරා සිටින ධනවතුන්ගේ පරිභෝජනය සඳහා පමණක් පිට රටින් ගෙන්වන සියළු දේවල් වසර 5 කට නතර කිරීම

25.අවසාන වශයෙන් තවත් එක් ප්‍රශ්නයක් මම අසමි.  මේ රටේ ධනවතුන්,දේශපාලකයින් සහ ඔවුන්ගේ ඥාතීන් පිටරටවල  සඟවා ඇතයි කියන බිලියන 60 කට අධික හොර සල්ලි ගෙන්වාගෙන මේ ලෝක ණය කන්දරාව ගෙවා දැමීමට යෝජනාවක් ඉදිරිපත් කිරීම

මා දන්නා පමණින් උත්තරය නැත යන්නය.

මේ 1948 න් පසු මේරටේ දේශපාලකයින් මෙන්ම නිලධාරීන් විසින් ඇද දමාඇති වර්ථමාන අඝාධයෙන් රට ගොඩ ගැනීම සඳහා මේ සා  අපමණ උපක්‍රමයන් සහ සම්පත් තිබියදි,එසේම රට තුල මෙන්ම   ඒ වටා ඇති සාගරයේද ලෝක ගෝලයේ පෙර අපරදිග නාවික සහ ගුවන් මෙන්ම වානිජ මාර්ගයේ විශිෂ්ඨතම කේන්ද්‍රස්ථානයේ පිහිටා තිබිම වැනි දෙවියන්විසින් දෙනලද අසීමිත දායාද තිබියදී දිනෙන් දිනම රට තවත් විනාශයටම ඇදදමමින් මේ රටේ දෙශපාලකයින් සහ රාජ්‍ය නිලධාරින් ක්‍රියා කරන්නේ ඇයි?

පැරණි කියමනක් තියෙනවා නටපු නැටුමකුත් නෑ නමුත් බෙරේ පලුවකුත් නෑ කියල. මා දකින අන්දමට අපට අද කියන්ට වෙන්නේ, වසර 75 ක් තිස්සේ මේ රටේ දේශපාලකයෝ නටපු නැටුමකුත් නෑ නමුත් දැන් බෙරේ නම් පලු දෙකම නෑ පමණක් නොවෙයි මුලු බෙරේමත්  නෑ කියලයි.

මෙවැනි පසුබිමක රජ්ජුරුවෝ අමු හෙලුවෙන් යනවෝ කියල කෑගහල කියන්ටවත් පුළුවන්, උපන් ඇඳුමෙන් ඇලක් අයිනේ නාන පොඩි කොලු පැටියෙක්වත් අද මේරටේ නැති එක ගැනයි මට කණාගාටුව.

අවසාන වෂයෙන් මේ අය වැය කථාවේ සුවිශේෂීම ලක්ෂණය නම් එය කිසිදු නිශ්චිත අයක් නැති ණයටත් වඩා පොලී ගෙවන (ජාතික වාර්ෂික ආදායමෙන් 72%) වැයක් පමණක් වන බවය. මෙම ක්‍රියාවළියෙ රටට, ජාතික හා ආර්ථිකයට ඇතිවන අන්තිම ප්‍රතිඵලය අපට හිතාගන්ටත් අමාරුය. දැනට ඇති විදේශ නය US$ 3.45 ට්‍රිලිනය ගෙවිම, සහ ඊට අදාල පොලිය ගෙවීම, අලුතෙන් ගැනීමට මේ අය වැයෙන් යෝජිත ණය වන ට්‍රිලිනය US$ 7.35 සහ ඊට අදාල පොලිය ගෙවීම  යන කරුණු සම්පූර්ණ  වන විට  ජනාධිපතිවර්යා ප්‍රකාෂකොට ඇති පරිදි 2048 වනකොට මේ රට සන්වර්ධිත රටක් බවට පත්වීම කෙසේ වෙතත් ඊටත් පෙර මේ රට ණය කරුවන්ට වෙන්දේසියේ විකිනෙණ රටක් වීමේ ඇති අවදානම නම් මෙහිලා අවධාරණය  කල යුතුව ඇත.

මේ උතුම් සින්හල ජාතියේ සහ සින්හල දේශයේ එම මළගමේ සෝක ගීතය ගැයීමට ඔහු ජීවිතුන් අතර නොසිටිණුඇත. එබැවින් ඔහුට නම් සැනසුම් සුසුම් හෙලිය හැක.එහෙත් පුරා වසර 2600 කට ආසන්න කාලයක් ලොව පුරා ජයකෙහෙළි නන්වා සිටි සින්හ වන්සිකයින් වූ සින්හල බෞද්ධයින් වන අපි කෙසේනම් එම විනාශය විඳදරා ඉවසා සිටිමුද

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress