මං බැදපු පිරිත් නූල අනුර දිසානායක ගලවා විසි කලා.. ඔ්කුන් ඔහොම තමයි. මිත්‍යා දෘෂ්ටිකයෝ. ආගමක් දහමක් නෑ…- මිහින්තලා හිමි
Posted on December 14th, 2023

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

තමන් වහන්සේ විසින් ජාතික ජන බලවේගය නායක අනුර දිසානායක මහතාගේ අතේ බඳින ලද පිරිත් නූල පන්සලෙන් එළියට බහින විටම ගලවා විසි කළ බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියෝ කියා සිටිති.

අනුර දිසානායක මහතා පක්ෂයේ නායකත්වයට පත්වූ දිනවල මිහින්තලේ විහාරස්ථානයට පැමිණි අවස්ථාවේ මෙම සිදුවීම වූ බවද උන්වහන්සේ කියා සිටිති.

ආවාසයෙන් එළියට බහින ගමන්ම පිරිත් නූල ගලවා විසි කරනු එහි සිටි පිරිස් දැක තමන් වහන්සේට දැනුම් දුන් බවද උන්වහන්සේ පැවසූහ.

‘ඔ්කුන්ගේ හැටි ඔහොම තමයි. ඔ්කුන් මිත්‍යා දෘෂ්ටිකයෝ. ඕකුන්ට අාගමක් දහමක් නෑ. එච්චර ගණන් ගන්න එපා’ යැයි තමන් වහන්සේ ඔවුන්ට පැවසු බවද එහිමියෝ කියා සිටියහ.

උන්වහන්සේ මෙම අදහස් පළ කරන ලද්දේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress