සිංහල බෞද්ධයාගේ තවදුරටත් වන පරිහානිය
Posted on December 16th, 2023
චානක බණ්ඩාරගේ
පන්සල් යන ගමන් පල්ලි යන අය අද එමටය. මේ අයගේ ආගම කුමක්ද?
කෙනෙකුට ආගම් 2ක් තිබිය හැකිද? මෙම ලියුම්කරු කියනුයේ නොහැක කියායි.
ආගම යනු විශ්වාසයකි.
එසේ නම්, කෙනෙකුට එකම කරුණ ගැන පරස්පරවූ ආගමික විශ්වාසයන් 2ක් තිබිය නොහැක (උදා: මරණයෙන් පසු ජීවිතය, දෙවියන් සිටීද /නැද්ද).
ආගම් අතර ඉගැන්වීම් වල ඇත්තේ බලවත් පරතරයන්ය.
යුදෙව්වන්, මුස්ලිමානුවන්, ක්‍රිස්තියානුවන් (Abrahamic religions) – සියල්ල අදහන්නේ එකම ජීවමාන දෙවියන් වහන්සේය. නමුත්, එකී ආගම් අතර මොන තරම් පරස්පරතාද? ඔවුන් යනුයේ තමනට ආවේණික ආගමික සිද්ධස්තාථානයට පමණි. මෙරට මුස්ලිමානුවෙක් ක්‍රිස්තියානි පල්ලියකට ගොස් භක්තියෙන් ඉටි පහන් පත්තු නොකරයි; ක්‍රිස්තු භක්තිකයෙක් හින්දු කෝවිලකට ගොස් භක්තියෙන් පොල් නොගසයි.
බුද්ධාගම සහ හින්දු ආගම අතරද ඇත්තේ වෙනස් වූ විශ්වාසයන්ය. එක් කෙනෙකුට මෙම ආගම් 2ම ඇදහිය නොහැක.
පන්සල් යනවා යයි කියන දේශපාලඥයින් තිරුපතිද යන්නේ සුළු ජාතික චන්ද අපේක්ෂාවෙන් නොවේද? ඉදිරියේදී, සුළු ජාතික චන්ද නොමැතිව ජනාධිපතිවරණයක් දිනිය නොහැක. රටේ නායකයා අගමැති නම් (’72 ව්‍යවස්ථාව අනුව),. මේ ප්‍රශ්ණය මෙතරම් කෙලින්ම බල නොපායි.
ආදී දෙමළ බෞද්ධයන් සිටියාය කියා මතයක් බෙදුම්වාදීන් දැන් ගොඩ නගනුයේ උතුරෙන් සහ නැගෙනහිරෙන් හමුවූ සහ දිගටම හමුවෙන ශිලා/ටැම් ලිපි, සිංහල රජවරුන් ඉදි කල ඉපැරණි ගල් කුළුණු, සඳකඩ පහන් ආදියේ දෙමළ අක්ෂර නොමැති නිසා, සිංහල නොමැති, සංස්කෘතික (Sanskrit) අක්ෂර පමණක් ඇති ඒවා සිංහලයන් නොව ද්‍රවිඩයන් – ඊනියා ආදී ද්‍රවිඩ බෞද්ධයන්, විසින් කරන ලද නිර්මාණ බව ලොවට වංක ලෙස පෙන්වීමටයි. මොවුන් කුරින්දිහි (මුලතිව් දිස්ත්‍රික්කයේ කුරුඳුමලේ) කරන්නේ මෙයයි.
අභාසලමෙවන් රජ විසින් කරවන ලද, 10වෙනි සියවසට අයත්, සිංහල පුවරු ලිපියක් කුරුන්දි වල පුද බිමෙන් හමුවූ බව අති පුජ්‍ය මඩිහේ පන්ඥසීහ මහ නාහිමියන් සිය ග්‍රන්ථයක දක්වා ඇත.,
දෙමළ යනු සිංහල, හින්දි, පාලි, උර්දු, බෙන්ගාලි මෙන් වූ සංස්කෘතික (Sanskrit) සම්භවයක් ඇති භාෂාවක් නොව මුළුමනින්ම වෙනස් වූ ‘ද්‍රවිඩියන්’ භාෂාවකි.
මිහින්තලාවට දඹදීවින් වැඩම කළ මිහිඳු හිමියනට පෙර මෙහි බුදු දහම තිබුණු බවත්, රටෙහි සිටී රජතුමා සිංහල දේවානම් පියතිස්ස නොව දෙමළ දේවානම් පියතිස්සම් බවත් බෙදුම්වාදීහු පවසත්. මේ මතයට උඩ ගෙඩි දෙන යු ටියුබයෙන් ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳව නොනවතින ‘බනක්’ කියන පුරා විද්‍යා මහාචාර්යවරයෙක්ද ඇත (ඉතිහාසය ෆැක්ටරියක්).
මොහුට විජය නයාට අඳු කොළ මෙනි.
මහාවංශය බැහැර කරන මෙතුමාද පෙන්වීමට උත්සහ කරන්නේ සිංහලයනට පෙර මෙම භුමියේ දෙමළ අය වාසය කළ බවයි.
මේ කරුණ පෙන්වා ජාත්‍යාන්තර නිතීය යටතේ ඊලාම දිනාගැනීමට විග්නේස්වරන්, සිද්ධාර්ථන් වැන්නන් අනාගතයේදී උත්සහ දරනු ඇත.
‘ආදී ද්‍රවිඩ බෞද්ධයන්’ යන ජන කොටසක් ගැන කිසිම ඉපැරණි ඉතිහාස පොතක සඳහන් නොවේ.
එසේ නම් දැන් මෑතක සිට මෙවැනි මතයක් ජනිත වන්නේ කෙසේද? නැවතත්, මෙය ද්‍රවිඩ බෙදුම්වාදය සාක්ෂාත් කර ගැනීම සඳහා ගෙන එන ලද නව සංකල්පයක් යයි මෙම ලියුම්කරු පවසයි.
අම්බෙඩ්කාර් ද්‍රවිඩ හින්දුන්ව බෞද්ධ කල බව සැබවි (තෙලිඟු, කණ්නඩයන් මෙන්). ඒ මෑතකදීය (20 ශත වර්ෂයේ). එයද දකුණු ඉන්දියාවේය, ශ්‍රී ලංකාවේ නොවේ.
වීරෝධාර රණ විරුවෝ සිය ජීවිත පරදුවට තබා ලක් මෑණියන් රැක දුන්හ. නමුත්, යුධ ජයග්‍රණයෙන් පසු උතුරේ සහ නැගෙනහිර සිංහල බෞද්ධ පුරාවස්තු භුමි වල හින්දු කෝවිල් අලුතින් ස්ථාපනය විණ. දැනුදු සිදුවේ, විශේෂයෙන්ම නැගෙනහිර.
ඉපැරණි ගල් කුළුණුවල (සිංහල රාජධානි යුගයේ – උදා: දෙවෙනි පෑතිස් රජ සමයේ) ත්‍රී ශුල කොටා ඒවායින් නව හින්දු කෝවිල් සාදා, ඉපැරණි කෝවිල් ලෙස පෙන්වත්.
2015 දී ත්‍රිකුණාමලයේ දෙහිවත්තේ සිංහලයන් ගොවිතැන් කල කුඹුරු අක්කර 1000ක් පමණ ඔවුනට අහිමි විය; ජාතික වීරයෙක් තත්වයට අද රටේ පිළිගත් නැගෙනහිර පළාතේ මන්ත්‍රීවරයෙක් වන ප්‍රබල, ඉතා වයෝවෘධ, ද්‍රවිඩ දේශපාලනඥ නායකයෙකුගේ උවමනාවට (TNA) එම ඉඩම් එම පලාතට අලුතින් පැමිණ ස්ථාපිත කල ද්‍රවිඩ ජන කොටසකට හිමි විය. එතුමා එම පළාතේ දිසා ලේකම් තුමාට දුන් ‘ඕඩරයෙන්’ මේ දේ වුවා යයි දෙහිවත්ත පන්සලේ විහාරාධිපති හිමියන් මේ ලියුම්කරු සමඟ පැවසුහ.
මේ හා සමාන ‘ඕඩරයක්’ මේ වයෝවෘධ, දේශපාලනඥයා ත්‍රිකුණාමලේ දිසා ලේකම්ට මේ මෑතක දී එහි පන්සලක ඉදි කිරීම් වැඩ නතර කිරීමට උත්සහ කලත් ගරුතර මහා සංඝයාවහන්සේගේ උද්ගෝෂණ නිසා (උන් වහන්සේලා මහ පාරේ වාඩිවී සත්‍යග්‍රහ කළහ), එම වෑයම ව්‍යවර්ථ විය.
සිංහලයන් 35% පමණ වන නැගෙනහිර පළාතේ අද (ප්‍රථම වරට) ආණ්ඩුකාරවරයාද දෙමළය. ඔහු උපන්නේ තමිල්නාඩුවේය. ඔහුට සිංහල හොඳට පුළුවන්ද?
ශ්‍රී ලංකාවේ සමහර බෞද්ධයෝ ශිව, විෂ්ණු, ගණ වැනි දෙවිවරුන් අදහන බව සත්‍යකි. නමුත්, මෙය ආගම් 2ක් එකවර ඇදහීමක් නොවේ. මේ පිළිබඳව විග්‍රහ කල හැක්කේ මෙසේය:
තමිල්නාඩුවේ මුල් බැස තිබු විජයනගර් රාජධානිය යටතේ ශ්‍රී ලංකාව පාලන කල නායක්කර් රජවරු 4 දෙනා (තෙලිඟු සම්භවය – අද අන්ද්‍රා ප්‍රදේශ්), පුර්ණ බෞද්ධ රජවරුන් බවට පත් වුවත් (රජකම හිමිවීමට මෙය අත්‍යාවශ්‍යම සාධකයක් විය) ඔවුන්ගේ දකුණු ඉන්දියානු දේවී වරුන් හින්දු භක්තිකයෝ වුහ. ඒ අයගේ ඇදහීම උදෙසා මහනුවර දළදා මාලිගා සංකීර්ණයේ හින්දු කෝවිල්ද නිර්මිත විය. රජතුමාට සේවය කල සිංහල රදළයන් සහ වෙනත් වංශක්කාරයන් ද මෙම හින්දු දෙවිවරුන් අනුකරණය කිරීම නිසා (දෙමළ කථා කළ හැකිවූ ශ්‍රී ලංකා රජතුමා සතුටු කිරීමට) කන්ද උඩරට රාජධානියේ සාමාන්‍ය සිංහල බෞද්ධ ජනතාවද මෙම හින්දු දෙවිවරුන් ඇදහීමට පටන් ගත්හ.
නිර්මල බුද්ධාගමේ සියලු බලැති දෙවි වරයෙක්/දෙවිවරුන් නොමැති නිසා (කතරගම, සමන්, දැඩිමුණ්ඩ ආදීන් සිංහල දෙවිවරුන් බව සැබැවි), බෞද්ධයනට බුදුන් වහන්සේ වැඳ පුදා ගත් පසු මෙකී හින්දු දෙවිවරුන්ද වැඳ පුදා ගැනීම පසු කාලයේදී ප්‍රශ්නයක් නොවුවා විය හැක.
නැවතත්, බුද්ධාගමේ දෙවියන් ගැන ඉගැන්වීමක් නැත. නමුත්, බුදු රජාණන් වහන්සේට පහතින් සිටින, අවශේෂ දෙවිවරු පිළිබඳව අප විශ්වාස කරමු. සක්‍රයාද බුදුන්ට අවශේෂය.
වැඩිමනත්ම, ඒ බෞද්ධ සංස්කෘතියට අනුවය.
බෞද්ධ සංස්කෘතියේ දෙවිවරු ගැන සඳහන්ය.
සෝම හාමුදුරුවන්ට ‘වැරදුනේ’ මෙයද? – බුද්ධාගමේ කිසිදු දෙවියෙක් නොමැති බවට උන්වහන්සේ ගේ වූ ඉතා දැඩි ස්ථාවරය.
සියවස් ගණනක් තිස්සේ දෙවියන් ද වැඳ පුරුදු ජනතාවට එක් වරම එයින් මිදිය යුතු යයි අනුශාසනා කිරීම සාධාරණ නොවේ.
දෙවිවරුන්ට පින් දීම ආදිය බුදු බණට විරුද්ධව යාමක් නොවේ. ඒ සම්බන්ධ ගාථා ඇත.
බුදුන් වහන්සේට සක්‍රයා ප්‍රමුඛ සියළු දෙවිවරුන් වන්දනා මාන කල බවට බෞද්ධ ග්‍රන්ථ දක්වයි.
මහාවංශය සඳහන් කරන ආකාරයට විජය ලංකාවට පැමිණියේ බුදුන් වහන්සේ පිරිනිවන් පෑ දිනයේය. එයට අනුව පිරිනිවන් මංචකයේ හොත්තාවූ බුදුන් වහන්සේ ශක්‍රයා අමතා ‘සිංහබා පිත් තෙල විජය කුමර අනගත සත් සියයක් පිරිවර ඇතිව ලාට රටින් ලක්දිව් බැසේය. දේවේන්ද්‍රය මාගේ සස්න ලක්දිව්හි පිහිටන්නේය. එහෙයින් පිරිවර සහිත උහුද ලංකාවද මොනවට රකුව’ යි වදාළ සේක.”
මෙකී හින්දු දෙවිවරු බුද්ධාගමේ කොටසක් ලෙස සලකා අප අද වැඳ පුදා ගනිමු. මේ දේව කෝවිල් පිහිටා ඇත්තේ පන්සල් භූමී තුලමය – නාථ, පත්තිනි, විෂ්ණු, ගණ වැනි.
ඒ නිසා සිංහල බෞද්ධයා බුද්ධාගම සහ හින්දු ආගම යන ආගම් 2ම අදහන්නේය යයි කීම සම්ප්‍රප්ලාවකි.
වර්තමානයේ කෙනෙක් ක්‍රිස්තු පල්ලියට සහ බෞද්ධ පන්සල යන ස්ථාන දෙකටම ගොස් ඇදහීම් සිදු කිරීම මෙයට වඩා වෙනස් දෙයකි.
බෞද්ධයා ක්‍රිස්තියානි පල්ලියට ගොස් දෙවියන් ඇදහීම ‘වරදක්’ යයි මෙම ලියුම්කරු කිසි සේත් පවසනවා නොවේ. තමන් කැමති ආගමක් ඇදහීමේ නිදහස මේ රටේ ඕනෑම කෙනෙකුට ඇත.
ඔහු පවසන්නේ මේ අය ආගම් 2ක් අදහන බව පෙන්වීමට උත්සහ කරන බවත්, ඔහුගේ මතය නම්, කෙනෙකුට ආගම් 2 ක් ඇදහිය නොහැකි බවත්ය.
බොහෝ විට ඒ අය පන්සල් යන්නේ පවුලේ සෙසු බෞද්ධ අයට/ලෝකයාට පෙන්වීමට විය හැක – උපතින් බෞද්ධයන් වීම නිසා.
ඔවුන් දැන් පල්ලි යන්නේ එය ඔවුන් දැන් වැළඳ සිටින ආගම නිසාය. එනම්, ඔවුන් බෞද්ඩ්ත්වයෙන් ගිලිහී ක්‍රිස්තියානුවන් බවට පත්ව ඇති නිසා.
මේ නව ක්‍රිස්තියානුකරණය ශ්‍රී ලංකාව තුල සිංහල බෞද්ධ සංඛ්‍යාව අඩු වී යාමට බලවත්ම හේතුවකි.
මෙය දැන් නගර වල සිට ගම් බිම් දක්වා පිළිලයක් මෙන් පැතිර යයි – විශේෂයෙන්ම තරුණ කොටස් අතර.
1981 සංගණනයයේ දී ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානුවන් (කතෝලිකයන් ඇතුළුව) 8%කි. අද, සංගණනයක් කලහොත් එය 10% ක් පමණ පෙන්වනු ඇත. නමුත් ‘හොරෙන්’ ක්‍රිස්තියානි ආගම අදහන්නන්ද ගතහොත් (කතෝලික, ඒවාන්ජලිස්ට් ඇතුළු – සිංහල + දෙමළ) මේ සංඛ්‍යාව 12%ක් වත් විය යුතුය.
අද කොච්චිකඩේ පල්ලි යන අය අතර බොහෝ ‘බෞද්ධයෝ’ වෙත්.
1981 සංගණනයයේ දී 8%ක් වූ මුස්ලිමානුවන් අද 12%ක් පමණවත් විය යුතුය. මේ රටේ අද දෙමළ හින්දු භක්තිකයන් 16% ඇත්නම් (ද්‍රවිඩ ක්‍රිස්තියානුවෝ 4%), රටේ මුළු සිංහල බෞද්ධ සංඛ්‍යාව 60% වඩා වැඩි විය නොහැක (මේවා හුදු අනුමාන පමණි).
මෑත කාලයේ, ශ්‍රී ලංකාව තුල සිංහල විශේෂයෙන්ම සිංහල බෞද්ධ සංඛ්‍යාව අඩු වීමට අඩිතාලම දැමුවේ 1971 – 77 දක්වා (සිංහලයන්ට පමණක් මෙන්) ක්‍රියාත්මක වුනු ‘පුංචි පවුල රත්තරන්’ සංකල්පයයි. මෙය අතිශය පුළුල් පවුල් සංවිධාන ව්‍යාපෘතියක් විය.
සිංහල බෞද්ධ සංඛ්‍යාව අඩු වී යාමට තවත් බොහෝ හේතු ඇත:
1978 දී සිරිමා – ශාස්ත්‍රී ගිවුසුම අවලංගු කිරීම සහ වතුකරයේ ද්‍රවිඩ සහෝදරයන් ලක්ෂ ගණනකට එක් වර ශ්‍රී ලාංකීය පුරවැසිබව පිළිගැන්වීම (JR රජය මඟින්), 1971 සහ 1989/90වූ ජවිපෙ ත්‍රස්තවාදී යුද්ධ, 1995 පසු රාජ්‍ය නායකයන් සිංහල බෞද්ධත්වය අවංකවම රැකීමට ඉදිරිපත් නොවීම, මැදපෙරදිග මෙහෙකාර සේවා සඳහා අපේ වැදගත් කාන්තාවන් දස දහස් ගණනින් පිටත් කර යැවීම, බෝර්න් අගේන්/ජෙහෝවා විට්නස්/7 වන දින ඇඩ්වෙන්ටිස්ට්/පෙන්ටකොස්ටල් වැනි ඒවාන්ජලිස්ට් ක්‍රිස්තියානි කල්ලි/කණ්ඩායම් වල අති සීග්‍ර වැඩි වීම, මෙරටට ධීවරයන් සහ වෙනත් වේශයෙන් තමිල්නාඩුවෙන් එන නොරටුන්, මාලදිවයින්/පකිස්ථාන්/ඇෆ්ගනිස්ථානයෙන් පැමිණියායි කියන හොර නොරටුන්, අපේ බෞද්ධ ස්වාමීන්වහන්සේලා සමහර දෙනෙක් දුෂ්ශීල වැඩ වල නිරත වීමට යොමු වීම, 30 අවුරුදු අති දරුණු යුද්ධය, 2010 පසු මෙහි වූ (දැනුත් සිදුවෙන) (ආපසු නොයන බව පෙනෙන) අධික චීන ජනගහන ව්‍යාප්තිය, දැනට දකුණේ සිදුවෙන (ආපසු නොයන බව පෙනෙන) රුසියන්/යුක්රේන් සීග්‍ර ජනගහන වර්ධනය, දියුණු රටවල් කරා වු (අදටත් සිදුවන) දැවැන්ත බුද්ධි ගලනය, විධායක ජනාධිපතිත්වය – අපගේ 14/2/23 ලිපිය බලන්න, ආදී විවිධ හේතුන් වේ.
මිශ්‍ර ජාති/ආගම් විවාහයන් නිසා දෙමව්පියන් දරුවන්ව ආගම් දෙකම අදහන තත්වයකට අද පත් කර ඇත.
1995 පසු, රජයන්හි ආශිර්වාදයෙන්, පුද්ගලික (රජයේ නොවන), සිංහල රුපවාහිනී සහ සිංහල FM ගුවන් විදුලි සේවා (ප්‍රධාන පුද්ගලික සිංහල නාලිකා 3ක් හැර – දැන් ඒවා 2කි) සිංහල බෞද්ධත්වය පිරිහීම උදෙසා ඍජුව සහ රහසිගතව කටයුතු කළහ.
මෙවා දකුණු ඉන්දීය සංස්කෘතිය සිංහල බෞද්ධයාට ආරෝපොණය කිරීමට තදින් වෙර දැරුහ (දෙමළ සංස්කෘතිය, දෙමළ චිත්‍රපට, ද්‍රවිඩ රාවණා සංකල්පය වැනි දේ අද කිසිදා නැති තරම් සිංහලයන් අතර ප්‍රචලිතය). සිහල හඬ කවන ලද දෙමළ ටෙලි ඩ්රාමා දැන් දිවා/රාත්‍රී කාලයේ සිංහලයෝ නරඹති; මෙය නව ප්‍රවණතාවයකි.
රජයන්හි අනුග්‍රහයෙන්, ‘සිංහල බෞද්ධ’ අනන්‍යතාවය සුන් කර ඒ වෙනුවට ‘ශ්‍රී ලාංකික’ අනන්‍යතාවයක් දකුණේ තැනීමට උක්ත නාලිකා (පුද්ගලික සිංහල රුපවාහිනි සහ ගුවන් විදුලි) ඉතාම සමත් ව ඇත.
උතුරේ සහ නැගෙනහිර ඇති දැඩි ‘ද්‍රවිඩ’අනන්‍යතාවය එසේම පවතී, එය ‘ශ්‍රී ලාංකික’ බවට පත්වී නොමැත. එය ‘ශ්‍රී ලාංකික’ කිරීම සඳහා කිසිවෙක් වැඩි උත්සහයන්හි නොයෙදුනි.
පසුගිය රජයන්වල (1995 – 2019) සංහිඳියා ක්‍රියාදාමය අසාර්ථක වී ඇතැයි අප පවසන්නේ ඒ නිසායි.
අරගලකරුවන් තමන් සර්ව සාධාරණ සහ සුවිශේෂ අය යයි පවසත්. අද මේ රටේ පවත්නා ප්‍රධානතම මානව හිමිකම් ප්‍රශ්ණය වනුයේ සිංහලයාට උතුරේ සහ නැගෙනහිර ජීවත්වීමට නොහැකි වීමයි. මේ පිළිබඳව ඔවුහු ගොළුවත රකිත්.
යු ටියුබ් සමාජ මාධ්‍යකරුවන් මෙම ප්‍රශ්ණය මඟ හැර යත්.
කතරගම පුද බිම වෙත ජනයා යාම යුටියුබ් සමාජ මාධ්‍ය කරුවන් ඉතා මැනවින් නවතා/අඩු කර ඇත. වයෝවෘධ කතරගම ප්‍රධාන කපු මහතා ‘සොරෙක්’ බව කපටි ලෙස පෙන්වා ඔවුනට අවශ්‍ය වුයේ කතරගම ‘මරා’ දැමීමටද? කතරගම අද බෙහෙවින්ම හිස්ය. එම පුද බිම අවට ප්‍රදේශවල ව්‍යාපාර කරන සිය ගණනකගේ ආදායම් බින්දුවටම මෙන් පහල බැස තිබේ.
සමහර යු ටියුබ් මාධ්‍යකරුවන් සතොස ‘මරා දැමීමේ’ කාර්යයක් භාර ගෙන තිබෙන බව පෙනේ. මෙය ප්‍රධාන සුපර් මාර්කට් ජාලා විසින් මෙහෙයවන දෙයක්ද?
සමහර යු ටියුබ් වැඩසටහන් අනුග්‍රාහක ව්‍යවසායකයින්ගෙන් මුදල් ලබාගෙන, ඒ බව සිය ප්‍රේක්ෂකයනට නොපවසයි. මෙය සදාචාරාත්මක මාධ්‍යකාරණයක් නොවේ. අවශ්‍ය නම් මේ අයව නියාමනයට භාජනය කිරීමේ නිතී/රීති තිබිය යුතුයි.
සමාජ මාධ්‍යකරුවනට නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (අ) වගන්තිය යටතේ පූර්ණ අයිතිය ඈත. එය වාරණය කිරීමට ගෙන එන නිතී නියතයෙන්ම පරාජය කළ යුතුයි.
ආගම් 2, 3ට අනුව විවාහ මංගල්‍ය උත්සව ගන්නෝ වෙත්. මේ අය බොහෝ විට අති ධනවත් දේශපාලන ක්‍රියාකාරින්ය. මේ අය බොහෝ විට මේවා කරන්නේ ජාති 3ම චන්ද ලබා ගැනීමටය.
මේ අය පසුපස යන සාමාන්‍ය ජනයා ද මේ දේම කරත්. මේ නිසා අපේ සිංහල බෞද්ධ සංස්කෘතිය අවුල් වේ.
විවාහ මංගලෝත්සව වලදී අපේ තරුණියෝ (මනාළියෝ) දැන් සාරිය වෙනුවට යුරෝපීය ගවුම වැඩි වැඩියෙන් අඳිති. මෙය අපේ සංස්කෘතියේ ප්‍රබල කඩා වැටීම පෙන්නුම් කිරීමකි.
අපේ ගුරුවරියන් සාරිය වෙනුවට බටහිර ඇඳුම් අන්ද වීමට එක් සුප්‍රසිද්ධ ගුරු සංගම් නායකයෙක් දැඩි වෙහෙසක් දැරීය. ඔහු පරාජය විය.
අද ජාතික ඇඳුම ඇඳගත් පිරිමි කෙනෙක් (දේශපාලනඥයන් හැරුනු විට) බෙහෙතකටවත් හොයා ගැනීම අපහසු වන්නේ දේශපාලනඥයන් මේ ඇඳුම අපෙන් 1970 අග භාගයේ සොරකම් කල නිසායි.
මේ විගඩම මුළින්ම පටන් ගත්තේ 1930/40 ගණන්වල SWRD බණ්ඩාරනායක, JR වැන්නෝයි. ඔවුහු තම නිවෙස්හිදී ටයි කෝටි හැඳ සිටියහ. හැඳි ගෑරපුවෙන් කිරි බත් කෑහ. මේ දෙදෙනාගේම මුතුන් මිත්තෝ 18වෙනි ශත වර්ෂයේ අග භාගයේදී දකුණු ඉන්දියාවෙන් මෙරටට පැමිණ, සිංහල නම් ගත් ද්‍රවිඩයෝය (පිළිවෙලින් නීල පෙරුමාල් සහ තම්බි මුදියන්සේ පරම්පරාවල්).
උදයට ජාතික ඇඳුම හැඳ සවසට යුරෝපිය කලිසම්, ෂර්ට් අඳින – තරු 5 හෝටල්වලට ගොස් විස්කි බී ආලින්ගනයේ යෙදෙන, වර්තමාන දේශපාලනඥයන් තමනටම බොරු කරගනිත්. එදා ජාතික ඇඳුම ඇන්ඳ අපේ වැඩිහිටියන්ගෙන් ඉමහත් ප්‍රෞඩත්වයක්, ආඩම්බරකාරී පෙනුමක් විද්‍යාමාන විය. මේ අය අතර විදුහල්පතිවරුන්, ගුරුවරුන්, වෙද මහතුන්, රාජ්‍ය සේවකයෝ වුහ.
පවුල්වාදයට පින් සිදු වන්න දේශපාලනයට පැමිණි (අද බොහෝ දේශපාලනඥයෝ මෙසේය) තරුණ ඇමතිවරු පිරිසක් අද (2022 මැද භාගයෙන් පසු) සිය ජාතික ඇඳුම් පසෙකලා ඉතා වටිනා, උසස්ම ලේබලවල ටයි කොට් හැඳ වැඩට බැස ඇති බව දුටු විට සිනහ පහළ වේ.
මෙවැනි සංස්කෘතික පිරිහීම් ගැන සමාජයේ කිසිම කථිකාවක් නැත.
ගතානුගතිකත්වය හොඳ නැතැයි එක් දේශපාලන පක්ෂය නායකයෙක් ඊයේ පෙරේදා සිය පක්ෂ වේදිකාවේදී අවධාරණය කරමින් කියා සිටියේය. ඒ, ළඟදී ඇමරිකාවට ගොස් පැමිණී නිසාවත්ද?
ගතානුගතිකත්වය ප්‍රතික්ෂේප කරන රටක ජනතාව තමන් කවුද කියා නොදනී.
එංගලන්තයේ කොන්සර්වටිව්, ඕස්ත්‍රේලියාවේ ලිබරල්, ඇමරිකාවේ රිපබ්ලිකන් පක්ෂ ගතානුගතිකත්වය ආරක්ෂා කිරීම සඳහා ඇප කැප වුනු පක්ෂයි.
ගතානුගතිකත්වයට, සම්ප්‍රදායට, සංස්කෘතියට, සභ්‍යත්වයට, සාර ධර්මවලට ගරු නොකරන සමාජයකට පැවැත්මක් නැත. අප සමාජය කඩා වැටෙමින් පවතින්නේ මේ නිසායි.
රටේ සිදුවන විවාහ ප්‍රමාණය ඉමහත් ලෙස පහත වැටී තිබේ. දික්කසාද වැඩිවී තිබේ. තවදුරටත් වැඩිවනු ඇත.
බටහිර සමාජයන්හි දික්කසාද දැන් අඩුවෙමින් පවතී (උදා: ඕස්ත්‍රේලියාවේ සුදු ආවේනිකයන්, එහි වෙසෙන ශ්‍රී ලාංකික/ඉන්දීය සංක්‍රමණිකයන්).
දියුණු රටවල විවාහ වී ජීවත් වන්නන්ට (දරුවන් සිටින්නවුන් නම් දරු පවුල් සමඟ) සමාජයේ වැඩි ගෞරවයක්, අභිමානයක් ලැබේ. ඒ නිසා, බොහෝ දෙනෙක් එම සංකල්පය අනුකරණය කිරීමට උත්සහ ගනිත්. රජයන් දරු පවුල් රැකීමට අයවැයන් මඟින් බොහෝ සහන සලසයි.
ශ්‍රී ලංකාවේද තිබුනේ එවන් පාලන ක්‍රමයකි/සංස්කෘතියකි.
සීග්‍රයෙන් බිඳ වැටෙමින් යන අපේ ගතානුගතික පවුල් සංස්ථාව අප විසින් ආරක්ෂා කළ යුතුවේ.
අද වැඩි ප්‍රවනතාව සමනළ සමාජයක් කරා යාමයි. කොවිඩ් නිසා අභාවප්‍රාප්ත වූ හිටපු ඇමතිවරයෙක් මෙයට හොඳ අත්තිවාරමක් දැමීය.
සමලිංගිකයනට හිරිහැර කිරීම වැරදිය.
සමලිංගික විවාහ මේ රටේ පිළිගත නොහැක.
එක් වරම අධික ආදායම් බදු බර පටවන, ජනතාව මත අධි උද්ධමනය/වෙනත් බර පටවන සමයක, විවාහ වී දරු පවුලක් ආරම්භ කිරීම කෙසේ වෙතත් තමන්ගේ ජීවිතය පවත්වා ගෙන යාම කරනුයේ කෙසේදැයි නුතන තරුණ තරුණියෝ තුෂ්නිම්භූතව කල්පනා කරත්. ළඟදීම සියළු භාණ්ඩ සහ සේවාවලට VAT 18%කි.
ජවිපෙ බලයට පැමිණිය හොත් බෞද්ධාගමේ ආරක්ෂාව පිණිස ව්‍යවස්ථාවේ 9වෙනි වගන්තියෙන් ලබා දී ඇති ප්‍රමුඛත්වය නැති කරයිද? මේ පිළිබඳව ඔවුන්ගේ ස්ථාවරය ප්‍රකාශ කළ යුතුයි.
විජේවීර මහතා සටන් කලේ මෙවැනි දේ ආරක්ෂා කිරීමටය. රටේ ඊලම බිහි කිරීම, පළාත් සභා හඳුන්වා දීමට ඔහු තදින්ම විරුද්ධ විය. 1980 දශකයේ (2වෙනි) අරගලය අරඹා තම ජීවිතය ඒ සටන් වෙනුවෙන් පුද කළේය. අද ජේවීපිය?
අපට 9වෙනි වගන්තිය (ව්‍යවස්ථාවේ) මුළින්ම ලබා දුන්නේ සිරිමා බණ්ඩාරනායක මැතිණියයි – 1972 ව්‍යවස්ථාවෙන්.
එක් රටක්/එක් නිතීයක් වුවත්, මුස්ලිමානුවන්ට මුස්ලිම් කාති උසාවි මඟින් (දිස්ත්‍රික් උසාවි නොවේ) , සාපේක්ෂව, දික්කසාද ඉතා ඉක්මනින් ලැබේ. ඔවුනට අවශ්‍ය නම් උපරිමව විවාහ 4ක් සඳහා වුවද අයැදුම් කල හැක. සිංහලයන්/ද්‍රවිඩයන් දික්කසාද ලබා ගැනීම සඳහා වසර ගණන් රටේ දිස්ත්‍රික් උසාවි බංකු මත හිඳ සිටිනු දක්නට ලැබේ. ඔවුනට දික්කසාදය ලැබෙන විට සමහර විට ඔවුන්ගේ දෙමව්පියන් වියපත්ව මරණයට ගොසිනි.
නැවත විවාහයක් කර ගැනීමට නොහැකි තරමට ඇතැම් දික්කසාද ලාබීහු වියපත්ව ගොසිනි; නැත්නම් අධි පීඩනයට ගොදුරුව හෝ ලෙඩ දුකින් පෙළෙති.
දික්කාසද නොවී නැවත විවාහයක් කර ගන්නා සිංහලයා හෝ ද්‍රවිඩයා bigamy යටතේ සිර දඬුවම් පවා විඳිය හැක.
යල් පැන ගිය දික්කසාද නිතී කලානුරූප කිරීමට රජයනට කිසිම උවමනාවක් නැති බවක් පෙනෙන්නට තිබුණි. බොහෝ රටවල් අද ‘No Fault Divorce’ ක්‍රමය ක්‍රියාත්මක කරයි. එය හොඳය.
එනම්, දික්කසාදය ලබා ගැනීමට හේතු කාරක දැක්විය යුතු නොවේ. එක් පාර්ශවයක් කැමති නම් දික්කසාදය ලැබේ. ගරු අධිකරණය විසින් දේපළ බෙදීම/වන්දි ගෙවීම්, දරුවන්ගේ වාසය/නඩත්තු ආදීය පිළිබඳව සොයා බලනු ඇත.
පාස්කු ප්‍රහාරයෙන් පසු අතුරුදහන් වූ, බොහෝ රටවල තහනම් ව ඇති නිකාබය/බුර්කාව නැවත උඩට පැමිණෙමින් තිබේ. මෙය සමහර මුස්ලිම් රටවල්ද (සීමා සහිතව) ඇතුළු ලොව රටවල් 28 ක පමණ තහනම් වී ඇත.
ඒවා මේ රටේ නැවත ඇඳිය යුතු නැතැයි මුළු රටම වාගේ පාස්කු ප්‍රහාරයෙන් පසු පිළිගෙන තිබුණි. නිතී මඟින් එය එකළ තහනම් කල හැකිව තිබුනද පිටකොන්දක් නොමැති, අද බොරුවට පාරම් බාන, රාජ්‍ය නායකයෙක් එකළ ජනාධිපති ලෙස විය.
සෙසු ජාතීන් සමඟ මනා මිත්‍රත්වයෙන් මේ රටේ ජීවත්වන මුස්ලිම් ජනතාවගෙන් වැඩිතරය මේ ඇඳුම වලට අකැමතිය.
හිජාබය හොඳය.
1995 පසු රට පුරා හතු පිපෙන්නාක් මෙන් හෝටල් කාමර/මසාජ් සෙන්ටර් නමින් සමහර විට ගණිකා නිවාස ආදිය මතු වී ඇති නිසා ස්ථිරසාර පවුල් ජිවිත කෙසේ වෙතත් තාවකාලික සතුට සොයා යාමට අප රටේ තරුණයන්/වැඩිහිටියන් වැඩි වැඩියෙන් පෙලම්භී ඇත.
මෙය අප රටේ සංස්කෘතිය/සභ්‍යත්වය කෙලසීමට ආ ප්‍රවණතාවකි – 1995න් පසු ආරම්භ වූ.
ඉතාම කණගාටු දෙය නම් පාසැල් යන දරුවනටද මේ ආගම් 2 විගඩම, ලිංගික උත්තේජන වැනි දේ වැඩි වැඩියෙන් ආරෝපණය කිරීම සිදු වීමයි. පෙළ පොත් වලට නොමනා ලිංගික අධ්‍යාපන පාඩම් ඇතුළු කිරීමට විරුද්ධව කටයුතු කල ගරුතර ස්වාමීන්වහන්සේට ජාතියේ ප්‍රණාමය හිමි විය යුතුයි.
කොන්ඩම් රැගෙන ළමුන් පාසැල් යා යුතුයයි වැනි දෙයක් එක් වෛය්ද්‍යවරියක් ඊයේ, පෙරේදා ප්‍රකාශ කර තිබුණි.
පෙළ පොත් වල ශ්‍රී ලංකා ඉතිහාසය විකෘති කිරීම නිවැරදි කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේද? එසේ නොමැති බවයි පෙනීමට තිබෙන්නේ.
ඉතිහාසය පෙළ පොත්වල වැරදි ගොඩකි.
සිංහලයාට පෙර ද්‍රවිඩයන් මෙහි වාසය කර ඇති බව, මිහිඳු හිමි බුදු දහම රැගෙන ඒමට පෙර මෙහි බුදු දහම පැවතියේය වැනි දේ පිළිබඳව රහසිගත ඉඟි මේ පෙළ පොත් මඟින් ළමා මනසට අඩංගු කර තිබේ.
බුදුරජාණන් වහන්සේ 3 වරක් ශ්‍රී ලංකාවට වැඩිය බව සැබවි. ඒ වාරයන්හි උන්වහන්සේ ශ්‍රී ලංකා වැසියනට බුදු දහම දේශනා කළ සේක කියා කථාවක් දැන් හැදී ගෙන යයි. බුදුරජාණන් වහන්සේ වැඩියේ මෙහි යුධ සමනය, සමන් දෙවි ආරාධනය වැනි සුවිශේෂ කටයුතු සඳහායි. මෙහි ශ්‍රාවකයන් හෝ දායකයන් බිහි කර නොගියහ. ශ්‍රී ලංකාවේ බුදු දහම ස්ථාපිත වුයේ මහින්දාගමනයෙනි.
අපේ මී මුත්තා (ජාතියේ ආරම්භය) හෝමෝ සපියෙන් කියා උගන්වන පෙළ පොත්ය අද ඇත්තේ. ලොව වෙනත් කිසිම රටක මෙවන් විහිළු ඉතිහාසයක් තම ළමුනට නොඋගන්වයි. අපේ දරුවන්ට විජය ගැන සඳහන් කර ඇත්තේ පෙළ පොත්වල පේළී 2/3 කින් පමණය.
මෙම ලිපියේ ඉහළින් සඳහන් කල මහාචාර්යවරයා මේ ඉතිහාසය පෙළ පොත් පිලිබඳ සංස්කාරක මඩුල්ලේ ඉතා වැදගත් තනතුරක් හොබවයි.
එදා ඉතිහාසය පොත් වල විජයාගමනය, මහින්දාගමනය, සඟමිත් ආගමනය ගැන පරිච්චේද ගණනින් ලියැවිණි.
සත්‍ය ඉතිහාසය ළමුන්ට ඉගැන්වීමට රජයන් බිය ඇයි? බෙදුම්වාදීන්ගේ/NGO කාරයන්ගේ බලපෑම් නිසා නොවේද? සත්‍ය ඉතිහාසය විෂය මාළාවට මුළින්ම කෙණේහිලි කම් කලේ 1970 ගණන් වල සිටී බද්යුදීන් මොහමඩ් අධ්‍යාපන ඇමැතිවරයාය.
ඉරිදා දහම් පාසැල් ගිය දරුවා දැන් අඟහරුවාදා සවස පල්ලියේ පුජාවට යන තත්ත්වයන් මතුවී ඇත.
ළමුන් ඉරිදා දහම් පාසැල් යාම වැළක්වීමේ දුෂ්ට චේතනාවෙන් ඉරිදා උදේ ටියුෂන් කඩ පවත්වන ගුරුවරුනට විරුද්ධව නිතීය ක්‍රියාත්මක කල යුතුයි. මෙම ලියුම්කරු දන්නා පරිදි එම නිතීය උතුරේ සහ නැගෙනහිර අද ක්‍රියාත්මක කෙරේ.
දහම් පාසැල් කඩා දැමීමේ දුෂ්ට ව්‍යාපාරයන් ක්‍රියාත්මක වන බව පෙනෙන්ට තිබේ.
අපේ මහා නායක ස්වාමින් වහන්සේලා, පන්සල් වල නායක ස්වාමීන් වහන්සේලා, ධර්ම කථික ස්වාමීන් වහන්සේලා, බුද්ධ ශාසන අමාත්‍යාංශය, කාදිනල් තුමා (9වෙනි වගන්තිය බේරා දුන්නේ මෙතුමෝය – 2015/2016දී) මෙහි සඳහන් ප්‍රශ්ණ පිළිබඳව යොමු වීම්/කටයුතු කිරීම ඉතා අවැසියි. ජනතාව නිසි ලෙස දැනුවත් කිරීම මේ අයගේ වගකීමයි.
ශ්‍රී ලංකාවේ අදත් සිංහල බෞද්ධයන් 70% හෝ 75% ඇතැයි අප පාරම් බාමූ. මෙය අප විසින් අපවම මුළා කර ගැනීමකි. මේ රටේ අද බුද්ධාගම පමණක් අදහන සිංහල බෞද්ධයන් 62%ක් ඇත්නම් එය පුදුම විය යුතු කරුණකි. රටේ සිංහලයාගේ සංඛ්‍යාව අඩු වීමත්, සුළු ජාතීන්ගේ සංඛ්‍යාව වැඩි වීමත් (මේවාට හේතු මෙහි යම් තරමින් සාකච්චා කළෙමු) මේ ප්‍රතිශත අවපාතයට ප්‍රධාන හේතුව වේ.
අද කොළඹ නගර සභා සීමාව තුල (කොළඹ 1 -15) වැඩියෙන්ම කථා කරන භාෂාව දෙමළයි (දෙමළ සහ මුස්ලිමානුවන් එකතුව කථා කරන). මේ සීමාව තුල අද සිංහලයන් 35% හෝ 40%ක් ඇද්ද?
මේ සියවස අවසන් වන විට මුළු රටේම මේ තත්ත්වය විය නොහැකිද (සිංහලයන් 35% හෝ 40%)?