යාපනය ගිනි තැබූ 1981 සංවර්ධන සභා මැතිවරණය – I Jaffna District Development Council Election 1981
Posted on January 6th, 2024

Kaarige Channel Eka | Dharmasri Kariyawasam

ලංකාවේ දූෂිත මැතිවරණ සංස්කෘතිය ආරම්භ වූයේ 1981 යාපනය සංවර්ධන සභා මැතිවරණයෙනි. බොහෝ දෙනා ඒ මැතිවරණය දූෂිත බව අසා ඇතත් ඒ ඡන්ද දූෂණය සිදු වූයේ කෙසේ දැයි නොදනිති. කොළඹින් ගිය 500ක අතුරු පොලිස් බළකායක් සහ කුරුණෑගලින් ගිය 1500ක දේශපාලන හෙංචයියන් කණ්ඩායමක් යාපනය ගිනි තබමින් කළ විනාසය අවසන් වූයේ දකුණේ ආණ්ඩුවෙන් ආරක්ෂාවක් හෝ පිළිසරණක් හෝ නැතැයි යන ආකල්පය උතුරේ මිනිසුන්ගේ සිත් තුළ ඇති කරමිනි. උතුරේ සන්නද්ධ කණ්ඩායම්වලට ඔවුන්ගේ අනුකම්පාව සහ පිළිගැනීම ලැබුණේ එයින් පසු ව ය. කාරිගෙ චැනල් එකේ මෙවර වීඩියෝවෙන් විස්තර කෙරෙන්නේ යාපනය සංවර්ධන සභා ඡන්දය මැර ඡන්දයක් වූ ආකාරයයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress