සිය දිවි නසා ගැනීම
Posted on January 10th, 2024
චානක බණ්ඩාරගේ
මානසික විෂාධය (ඩිප්රෙෂන්) මේ සියවසේ මිනිස් වර්ගයා විනාශ කර දැමීමට තරම් වූ දරුණු රෝගයකි. මෙය ඉතා තදින් ලොව පුරා පැතිර යයි.
මෙය බොහෝ දෙනෙක් ගණන් නොගන්නා සහ කථා කිරීමට අකමැති රෝගී තත්ත්වයකි. මෙය නිසා මිනිස් ක්‍රියාකාරිත්වය හින වී සමහරු සිය දිවි නසා ගැනීමට පවා පෙළඹේ.
මිනිස් මනසේ ඇති වන ව්‍යසනය, අධි ව්‍යාකුලභාවය, අධි තෙරපුම වැනි තත්ත්වයන් නිසා මේ රෝගය සෑදේ (හට ගනී).
දීර්ඝ කාලයක් මේ රෝගයෙන් පෙලෙන්නන්ගේ මොලයේ හිපොකැම්පස් ප්‍රදේශය හීනවී ගොස්, මතක තබා ගැනීමේ හැකියාව සහ හැඟීම් (ඉමෝෂන්ස්) ප්‍රදර්ශනය කිරීමේ හැකියාව දුර්වල වේ.
කෑම අරුචිය හෝ වැඩිපුර කෑම, නින්ද නොයාම හෝ උවමනාවට වඩා නිදා ගැනීම, කටයුතුවලින් ඉවත්ව සිටීම, තනිවීමට ඇති ආශාව, මුළුවී සිටීමට බැලීම මේ රෝගයේ ලක්ෂණයි.
බලාපොරොත්තු සුන් වීම, කුඩා කාලයේදී දෙමව්පිය ආදරය නොලැබීම – විශේෂයෙන්ම දෙමවිපිය ආදරය සෙසු සොයුරු/සොයුරියන්ට වැඩියෙන් ලැබීම, ස්ථානවලදී අඩු සැලකුම් ලැබීම, බාල වියේදී කාම අපරාධ වලට ලක්වීම, පවුලේ/සමාජයේ දරුණු ආසාධාරණයකට/වලට ලක් වීම, පොලිසි/සිර මැදිරි වලදී ගුටි කෑම, දරාගත නොහැකි ක්ෂණික සිදුවීමක් සිදුවීම (උදා: රැකියාවෙන් පහ කිරීම, දැඩි ලැජ්ජා සහගත දෙයක් සිදුවීම) ආදිය සිය දිවි නසා ගැනීමට හේතු සාධක විය හැක.
අඩු තරමින් ලෝකයේ 7 දෙනෙක්ගෙන් එක් අයෙක්වත් මේ රෝගයෙන් පිඩා විඳිනවා ඇතැයි (බොහෝ විට නිහඬව) උපකල්පනය කෙරේ.
කොටින්ම, ජිවිතයේ කිසියම් අවස්ථාවක සිය දිවි නසා ගැනීම තම දරුණු ප්‍රශ්ණයට විසඳුම යයි කල්පනා නොකළ කෙනෙක් මේ ලොව නොමැති තරම්ය.
ඔබ දන්නා කෙනෙක් මේ කාළකන්නි රෝගයෙන් පිඩාවිඳින්නේ නම්, ඒ අයට උදව් අවශ්‍ය බව හැගේ නම් මානසික උපදේශකවරයෙකුට හෝ සාමාන්‍ය වෛද්‍යවරයෙකුට ඒ අයව පෙන්වන්න. නැත්නම්, ඔබටම හැකි පමණින් හොඳ උවදෙස් ලබා දෙන්න.
‘මම සියදිවී නසා ගන්නවා’ කියා කියන අය ගැන ඉතා වැඩි අවධානයක් යොදන්න. ඒ අය එසේ කියන්නේ ඒ ගැන සිතන නිසයි. ඔවුන්ගේ ප්‍රකාශ සුළුවෙන් තැකීම අපේ මෝඩ කමයි. එවලේම නොකලත් කාලයක් ගියාට පසු හෝ සිය දිවි හානි කර ගැනීමට බොහෝ ඉඩ තිබේ. බරපතල තත්ත්වයක් ඉදිරියේ දී මතු වීමට පුළුවන; නමුත්, එවිට සියල්ල ප්‍රමාද වැඩි විය හැකියි.
මේ අය තුල තිබෙන ‘සිය දිවි හානි කර ගැනීම තමා එකම විසඳුම’ යන වැරදි ආකල්පය වෙනස් කළ යුතුයි. ඒ සඳහා අපට දැඩි කැපවීම් කළ යුතු වුවහොත් එසේ කළ යුතුයි.
බොහෝ අය (දෙමව්පියන් පවා) මේ කැපවීම් නොකරත්. සමහරවිට ඔවුන්ගේ මෝඩ කම නිසා රෝගය අවබෝධ නොකර ගනී. ඒ නිසා වටිනා ජිවිතයක් විනාශ වේ. මැරුණු පසු දුක්වීමෙන් පළක් නැත.
සිය දිවි නසා ගැනීමේ ක්‍රම වේදයට කෙනෙක් යොමු වන්නේ තනිවයි. ඒ අයට කිට්ටු අය ඔහු/ඇයගේ ඩිප්රේෂන් තත්ත්වය හඳුනා ගැනීමට දක්ෂ විය යුතුයි.
මේ රෝගී තත්ත්වයේ සිටින අයට බොහෝ අවශ්‍ය ආදරය, කරුණාව සහ සැළකිලිවන්තභාවය පෙන්විය යුතුයි. මේවා කළ යුත්තේ නැවත කිසිත් බලාපොරොත්තු නොවීය.
ඒවා නොඅඩුව දෙන විට ඔවුන් ‘එළියට’ එනු ඇත.
කළින් කීවාක් මෙන් ප්‍රධානම දෙය ඒ අයගේ රෝගී තත්ත්වය හඳුනා ගෙන, ඔවුන්ගේ ප්‍රශ්ණයට විසඳුම සිය දිවි නසා ගැනීම නොවන බව පෙන්වා දීමයි. නිසි උවදෙස් නොමඳව ලබා දීමය කල යුතු වන්නේ.
සෑම සිය දිවි නසා ගැනීමක්ම වැළක්විය හැකියි; ඒ අවට අය ඒ පිළිබඳව නිසි අවබෝධයක් රෝගී අයට ලබා දුන්නා නම්.
සිය දිවි නසා ගැනීමට පෙළඹෙන තැනැත්තා තමා අවට සිටින අයට කිසියම් ‘රතු එළියක්’ කළින් දල්වයි (සුනාමි ඒමට පෙර ස්වභාව ධර්මයා අපට අනතුරු අඟවනවා සේ – මුහුද ගොඩ කිරීම, දැඩි ශබ්ධයෙන් රළ බිඳුම වැනි).
අප එය ගණන් නොගැනීමයි වරද.
කිසි කෙනෙක් නොමැතිව සමහරු තනිව,සතුටින් ජීවත් වෙති. මේ අය අතර සිය දිවි නසා ගැනීම අඩුය. තනිව ජීවත් වෙන කෙනා දැඩි මානසික ශක්තියක් වර්ධනය කර ගත් තැනැත්තෙකි.
නමුත්, මොවුන් අතරද සිය දිවි නසා ගැනීම් නැතුවා නොවේ. තනිව ජීවත්වෙන එවැනි අයට බාහිර කෙනෙක් මැදිහත්ව උපකාර කිරීම ඉතා අපහසුය.
සිය දිවි නසා ගැනීම මුළු ලෝකයටම තියෙන ප්‍රධාන ප්‍රශ්නයකි. එය ඉදිරියේදී වැඩි වනු ඇත. ශ්‍රී ලංකාවේ ඇති තත්ත්වයන්/වාතාවරණය අනුව මේ රට ලෝකයේ සිය දිවි නසා ගන්නන්ගේ ප්‍රමුඛතම රටක් වෙනු ඇත (දැනටද එසේ යයි කෙනෙකුට කිව හැක).
ශ්‍රී ලංකාවේ සිය දිවි නසා ගැනීම් ගැන මාධ්‍ය විසින් ප්‍රචාරණය කරන අයුරු වැරදිය. ඔවුන් වාර්ථා කරන්නේ සිය දිවි නසා ගැනීම ප්‍රශ්ණයට පිළියමක් ලෙසිණි. සිය දිවි නසා ගත් තැනැත්තාගේ (උදා: බෙල්ල වැල දා ගත් හෝ දුම්රියට පැන්න කෙනා) සිද්ධියේ ඍජු පින්තූර පළ කිරීම වැරදිය.
බොහෝ විට මාධ්‍ය කරන වැඩ පණින රිලවුන්ට ඉනිමං තැනීමකි. මාධ්‍යය පුවත් බලා දරුවන්, තරුණයන් සිය දිවි නසා ගැනීම ගැන තමන් තුල තිබෙන බිය නැති කර ගනිත්. අනුන් අණුකරනය් කිරීමට යත්.
උපරිම විව්ස් ලබා ගැනීමේ චේතනාවෙන් සිය දිවි නසා ගැනීම් ආචාර්ය ධර්ම විරහිතව වාර්ථා කරන නරුම යු ටියුබ් මාධ්‍යවේදීන් ඇත.
බොහෝ සිය දිවි නසා ගැනීම් සාමාන්‍ය මරණ ලෙස හුවා දක්වන අවස්ථා තිබේ. ලෙඩවූ වයෝව්රිධයෙක් චේතනාවෙන්ම කෑම/බීම නොගෙන සිටීම සිය දිවි නසා ගැනීමක්ද විය හැක.
අද පාසැල් ළමුන් (වයස 13 -17) බහුල ලෙස සිය දිවි නසා ගනිති. මෙය, මේ රටේ ඉතාම කණගාටුදායක, නව ප්‍රවණතාවයකි. පාසැල් මට්ටමෙන් වහාම යොමු විය යුතු කරුණකි.
පුළුවන් සෑම විටම සතුටින්, ධනාත්මකව සිටීමට බලන්න; හිත දැඩි කරගන්න, ඩිප්රෙෂන් පරාද කරන්න.
ඇල්සය්මර්
ඇල්සයිමර් යනු අනාගතයේදී මේ ලොවම ගොදුරු කරගන්නා මහා අවාසනාවන්ත ව්‍යසනකාරී, වැඩිමහල්ලන්ට හැදෙන ලෙඩකි.
බොහෝ වැඩිහිටි දෙමවුපියන්ට යන්තමින් හෝ ඇල්සය්මර් තිබිය හැක – පසුව මේ රෝගී තත්ත්වය එන්න එන්නම වැඩිවේ.
අවසානයේදී පිඟනේ තිබෙන කෑම ටික කෑමටවත් ඔවුනට මතකය නැත.
දු දරුවන් ඇල්සය්මර් ගැන නොසිතත්. වයස 75/80ට වැඩි වැඩිමහල්ලන් දිහා ඉතා විමසිල්ලෙන් සහ පරීක්ෂාවෙන් සිටිය යුතුයි.
රෝගය වැළඳුනු විගස ප්‍රතිකාරවලට යොමු කරවීම යෙහෙකි.
ආදරනිය දරුවාට ඇල්සය්මර් හැදුනු මව හෝ පියා දෙසැරයක් මැරේ.
පළමුව, වයසක මවට හෝ පියාට තම දරුවාව පවා අඳුනා ගන්න බැරි වෙන අවස්ථාව.
උදා: දෙමව්පියන් අර්ථයක් නැතිව විකාර දොඩවීම. සමහරු (දරුවන් පවා), මේ තත්ත්වය දැක සිනාසෙති. වැඩිමහල්ලාට සැබවින්ම ආදරය කරන කෙනා නම් එසේ සිනහ නොවේ, දුක් වේ.
ඇල්සයිමර් යනු ඉතාම ශෝචනීය තත්ත්වයක්. එය අවසානයට මාරයා ගෙන දේ.
මහළු පියා/මවගේ අවයවයක් නැති වුනත් කමක් නැත – සිහිය විකල් නොවී කියා විටෙක සිතේ.
වයසක පියාට/මවට හොඳ සිහිය නැති නම් හොඳ අවයව වලින් කිනම් පළ?
හොඳ සිහියක් නැති දෙමව්පියන්ව සෑම දෙනාම පාහේ අත් හැර යත්; සමහර විට දරුවන් පවා. මන්ද, එවැන්නෙක් සමඟ නැවත මොන අර්ථවත් කථා බහද කියා ඔවුහු සිතති.
රෝගී මව, පියා මේ ගැන දන්නවාද විය හැකියි.
දෙවෙනුව, ඇත්තටම ඒ අය මැරෙන අවස්ථාව.
පළමුවැන්න සහ දෙවැන්න දෙකම ඒ දරුවන්ගේ පැත්තෙන්, ඉතාම ශෝකදායි තත්ත්වයක්.
රෝගී දෙමව්පියනට සැබවින්ම උවැටන් කිරීමට අවශ්‍ය නමුත් ඒ සඳහා අවස්ථා නොලැබෙන දරුවන් සිටී. ඒ අයගේ තත්ත්වය ඉතා කණගාටුදායකය. මේ දරුවෝ තනිව දුක්වෙත්.