අවට සල්ලි තියෙන අයගෙන් ආධාර එකතු කරලා සියළු පාසල් නඩත්තු කරනවා…
Posted on March 4th, 2024

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

මෙරට සෑම පාසලක්ම නඩත්තු කිරීමට කිසිවකුත් නොමැති හෙයින් පාසල් ඉදි කිරීම පමණක් නොව නඩත්තුවටත් වැඩසටහනක් අවශ්‍ය බව විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

ඒ සඳහා ප්‍රාදේශීය ව්‍යාපාරිකයන් හා දානපතියන්ගේ සහාය ලබා ගත හැකි බවත් ඔහු පෙන්වා දෙයි.

මොණරාගල බුත්තල ලුණුගල යෝධවැව මහා විද්‍යාලයේ පැවති උත්සවයක් අමතමින් ඔහු මේ බව පැවසීය.

අධ්‍යාපනයට අමතර මුදල් වෙන් කල නොහැකි බව රජය පැවසුවත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ දියුණුට මුදල් සෙවිය හැකි ක්‍රම රාශියක් පවතින බවත් එමගින් අධ්‍යාපන ක්‍රමය වඩාත් හොඳ ගුණාත්මකභාවයෙන් යුක්තව ලබා දිය හැකි බවත් ඔහු එහිදී පැවසීය.

2019 මෙන් වැරදි තීරණ මෙවර නොගන්නැයිද පේ‍්‍රමදාස මහතා එහිදී තව දුරටත් කියා සිටියේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress