එට්කා හරහා දේශීය වෙළෙඳපොළ, සේවා වෙළෙඳපොළ ඉන්දියාවට දෙන හැටි ඉංජිනේරු කපිල පෙරේරා අනාවරණය කරයි (වීඩියෝ)
Posted on March 15th, 2024

උපුටා ගැන්ම  ලංකා ලීඩර්

ඉන්දියාව වැනි ආරක්ෂකවාදී රටක් සමග වෙළෙඳ ගිවිසුම් අත්සන් කළද, එම ගමන සාර්ථක ලෙස යා නොහැකි බවත්, එට්කා යනු සාමාන්‍ය වෙළෙඳ ගිවිසුමක් නොවන බවත් වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ සභාපති ඉංජිනේරු කපිල පෙරේරා මහතා පවසයි.

එට්කා හරහා මෙරට දේශීය වෙළෙඳපොළ ඉන්දියාවට විකුණා දමන බවද එමගින් දේශීය ව්‍යවසායකයා අමු අමුවේම විකුණා දැමෙන බවද ඒ මහතා පෙන්වා දෙයි.

ඉන්පසුව මෙරට සේවා වෙළෙඳපොළ ද විකුණා දැමෙන බවත්, මේ හරහා සිදුවන්නේ සම්පූර්ණයෙන්ම රට පාවා දෙන වැඩපිළිවෙලක් බවත් කපිල පෙරේරා මහතා සඳහන් කරයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඉකුත් 12 වැනිදා ‘ඉන්දියානු ආක්‍රමණයේ මාර්ග සිතියම… එට්කා අවසන් සැතපුම’ කෘතිය කොළඹ 7 නිදහස් චතුරස්‍රයේ පිහිටි පුස්තකාල හා ප්‍රලේඛන සේවා ශ්‍රවණාගාරයේ දී ජනගත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress