ආර්ථික අර්බුදයෙන් ගැලවීමට ලිංගික සේවා වෙළෙඳපොළක් මෙරට ප්‍රචලිත කිරීමේ සැලැසුමක් ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි (වීඩියෝ)
Posted on March 20th, 2024

උපුටා ගැන්ම  ලංකා ලීඩර්

දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා පනතක් ගැසට් කර ඇත්තේ රටේ ස්ත්‍රී දූෂණ සහ ළමා අපචාර ප්‍රචලිත කිරීම සඳහා බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේමහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ජාතික සංවිධාන එකමුතුව විසින් අද(20) මේ පිළිබඳව පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවේ දී  වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අනාවරණය කළේ මෙම පනත මගින් කිරීමට උත්සාහ දරන්නේ මෙරට දරුවන් අපයෝජනයට ලක්කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා බවයි.

1995 වසරේ දී සිදු කළ දණ්ඩනීති සංග්‍රහයේ සංශෝධනයට අනුව මෙරට අවුරුදු 16 ට අඩු දැරිවියක් ස්ව කැමැත්තෙන් අපයෝජනයට ලක් වුවද එය ස්ත්‍රී දූෂණය යටතට වැටෙන බරපතළ වරදක් බවත්, අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා එම වයස් සීමාව මෙම පනත මගින් අවුරුදු 14 දක්වා අඩුකර ඇති බවත් ඒ මහතා මෙහිදී චෝදනා කළේය.

මෙහිදී වරදකරුවා බවට පත්වන පුරුෂයාගේ වයස් සීමාව අවුරුදු 18 සිට 22 දක්වා ඉහළ දමා ඇති බවද පෙන්වා දෙන ඒ මහතා, හදිසි අවශ්‍යතාවයක් ලෙස සලකා මෙම පනත ගෙන එන්නේ මෙය ජනතාවගේ දැවෙන ප්‍රශ්නයක් නිසාදැයි ප්‍රශ්නකර සිටියේය. 

ආර්ථික අර්බුදයෙන් ගැලවීමට ලිංගික සේවා වෙළෙඳපොළක් මෙරට ප්‍රචලිත කිරීමේ සැලැසුමක් ඇති බවද වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මෙහිදී හෙළිකළේය.

සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න…

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress