ඉන්දියානු ආක්‍රමණයට උඩගෙඩි දෙන සියලු දේශපාලකයන් එකට තබා පරාජය කළ යුතුයි – නීතිඥ නුවන් බැල්ලන්තුඩාව (වීඩියෝ)
Posted on March 21st, 2024

උපුටා ගැන්ම  ලංකා ලීඩර්

මේ රටේ ජීවත්විය නොහැකි බව කියමින් රටේ ජීවත්වන පුරවැසියන් මෙරටින් පිටමං කිරීමට රැල්ලක් නිර්මාණය කරමින්, ඉන්දියාවේ සිටින රැකියා ව්‍යුක්තිකයන්ට රට විවෘත කිරීමට මෙරට පාලකයන් කටයුතු කරමින් සිටින බව දේශප්‍රේමී ජාතික පෙරමුණේ මධ්‍යම මණ්ඩල සභික නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා පවසයි.

දේශීය කර්මාන්ත පද්ධතිය, දේශීය කෘෂි කර්මාන්තය විනාශ කරමින් රට ආර්ථික වශයෙන් බංකොලොත් කර ඉන්දියාව ඉදිරියේ දණ ගැස්වූයේ ද එම පාලකයන්ම බවත් ඒ මහතා පෙන්වා දෙයි. 

ඒ මහතා මේ බව පැවසුවේ ‘ඉන්දියානු ආක්‍රමණය සහ එහි දේශීය ඒජන්තයන් පරදවමු’ යන මැයෙන් පැවති මහජන සමුළුවට සහභාගී වෙමිනි.

මෙරට ජනගහණය මෙන් දෙගුණයක් ඉන්දියාවේ ජනතාව සේවා ව්‍යුක්තියෙන් පෙළෙන බවද, එට්කා ගිවිසුම හරහා මේ සියල්ලන්ට මෙරටට පැමිණ සේවා කටයුතු කිරීමට ඉඩ සැලසෙන බව ද නුවන් බැල්ලන්තුඩාව මහතා මෙහිදී හෙළිකළේය.

ලෝකයේ ඇති ඉංග්‍රීසි භාෂාව කතා කිරීමට හැකි ජනතාවක් සිටින විශාලම රට ඉන්දියාව බවත්, මෙරට 1977 සිට නිර්මාණය කර තිබෙන සේවා ආර්ථිකය තුළ වැඩිපුර රැකියා අවස්ථා ඇත්තේ ඉංග්‍රීසි භාෂාවෙන් කතා කිරීමට හැකි අයට බවත් බැන්ලන්තුඩාව මහතා මෙහිදී පෙන්වා දෙන ලදී.

ඉන්දියානු ආක්‍රමණය සඳහා සහයෝගය ලබාදෙන පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන බලවේග සහ දේශපාලන පක්ෂ එක මිටට තබා පරාජය කළ යුතු බවද ඒ මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

වීඩියෝව නරඹන්න…

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress