කතානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව ප්‍රතික්ෂේප කළ හැකිව තිබුණා; මෙයින් පරාජය වන්නේ, ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ක්‍රමයට ඉටු කළ හැකි කාර්ය භාරයයි- අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා
Posted on March 21st, 2024

පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලය

ව්‍යවස්ථා සභාවේ අභ්‍යන්තර කරුණු ප්‍රසිද්ධියට පත් නොකළ යුතුයි කියන පිළිවෙත උල්ලංඝනය වී ඇති නිසා, ඒ පදනම මත කතානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව ප්‍රතික්ෂේප කළ හැකිව තිබූ බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේය. ස්ථාවර නියෝග සැකසීමේ බලය පාර්ලිමේන්තුවට ඇති පරිදි ම පිළිවෙත් සකසා ගැනීමේ හැකියාව ව්‍යවස්ථා සභාවට ඇති බවද ඔහු පැවසීය. මේ විශ්වාසභංගය හරහා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අභ්‍යන්තර කරුණු හෙළිකිරීමෙන් එහි උත්තරිතරභාවය ආරක්ෂා කරගැනීමේ අවස්ථාව විපක්ෂය විසින් සම්පූර්ණයෙන් කඩාකප්පල් කර ඇතැයි ඔහු පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂය ගෙනා විශ්වාසභංග යෝජනාව පිළිබඳ පාර්ලිමේන්තුවේ පැවති විවාදයට 2024.03.21 දින එක්වෙමිනි.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා, පසුගිය කාලයේ රට බරපතළ තත්ත්වයකට පත්වූ අවස්ථාවේ ජීවිතය පරදුවට තබා කටයුතු කළ බවද සඳහන් කළ අග්‍රාමත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, මෙම විශ්වාසභංගයෙන් පරාජය වන්නේ, ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ක්‍රමයට ඉටු කළ හැකි මෙහෙය බවද පැවසීය. උද්ඝෝෂකයන් පාර්ලිමේන්තුව දෙසට එනවිට, කතානයවරයා එදා වැඩබලන අගමැති සමග එක්ව පාර්ලිමේන්තුව ආරක්ෂා කරදුන් බවද ඔහු සිහිපත් කළේය.

අග්‍රාමාත්‍යවරයා මෙසේද කීය.

ගරු නියෝජ්‍ය කතානායකතුමනි අද අපි විවාදයට ගන්නේ පාර්ලිමේන්තුව මේ දවස් 3ක්ම වෙන් කරන ලද විවාදයේ අවසාන දවසයි. එහි සඳහන් වන්නේ, ගරු කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව ලෙස ‍න්‍යාය පත්‍රයේ අන්තර්ගතව තිබෙනවා. මෙහි සඳහන් වන ගරු කතානායකතුමා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨයෙක්. මම හිතන්නේ පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරු කීප දෙනාගෙන් එක් කෙනෙක්. මම ගෞරවයක් වශයෙන් පළමුව මතක් කරන්න කැමතියි 1983 අතුරු මැතිවරණ 18ක් පවත්වන අවස්ථාවේදී එතුමා හක්මන කොට්ඨාශයේ මන්ත්‍රීවරයා ලෙස පත්වුණා. ඒ  දවසෙම මමත් මේ පාර්ලිමේන්තුවට පත්වුණා, මහරගම මන්ත්‍රීවරයා හැටියට. අපේ ගාමිණී ලොකුගේ මන්ත්‍රීතුමා කැස්බෑව මන්ත්‍රීතුමා හැටියට පත්වුණා. අද අපි ජීවනතුන් අතර මේ සභා ගර්භයේ ඉන්නවා. මේ කාල පරිච්ඡේදය තුළ කිසිම අවස්ථාවකදී ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා කෙරෙහි සැකයක් උපදින ක්‍රියාවලියක හවුල් වෙලා නැති බව පාර්ලිමේන්තු ඉතිහාසයේම සාකෂි දරනවා. ඔහු එකම පක්ෂයේ හිටියේ නැහැ. ඔහුට යම් යම් ජාතික තීරණ ගැනීමේ අවස්ථාවල තම පක්ෂයට වඩා රට අතහැර රට මුලට තියලා තීරණය ගත්ත කෙනෙක්.

ප්‍රතිපත්තිමය වශයෙන් නායකයෙක් හැටියට දක්ෂිණ පළාත් සභාවේ මහා අමාත්‍යවරයා හැටියටත් කටයුතු කරා. මම මේ කාරණය පළවෙනියෙන් මතක් කරන්නේ මෙවැනි කෙනෙක් පිළිබඳ විශ්වාසය නොමැති බව කියාපාන්නට යම් යම් අය නැගී සිටිනවා නම් ඒකයි මේ යෝජනාවේ පළවෙනියෙන්ම සටහන් වෙන්නේ. ඒක ඉතාම දුර්වල අදහසක් සම්මත කර ගැනීමට දරන උත්සාහයක්.  කතානායකතුමා කෙරෙහි පූර්ණ විශ්වාසය අපට තිබෙන බව මා පළවෙනියෙන් සඳහන් කරන්නට කැමතියි. එතුමා පාර්ලිමේන්තුවේ සෑම කෙනෙක්ම නියෝජනය කළ යුතුයි කියලා කියවෙන හඬ නියෝජනය කරපු කතානායකවරයෙක්. ඔහු කවදාවත් ආණ්ඩුවට පමණක් ඉඩ දීලා කතානායකවරයා හැටියට කටයුතු කරලා නැහැ, මේ සභාවේ කුමන විවේචනයක් ආවත්. එලෙස සාධාරණත්වයෙන් තමන්ට පාවිච්චි කළ හැකි උපරිම තීරණයන් කතානායකතුමා විරුද්ධ පක්ෂයේ විවිධ කොටස් වෙනුවෙන් අනුගමනය කර තිබෙන බව සිහිපත් කිරීම අපේ යුතුකමක්. ඒ නිසා විරුද්ධ පක්ෂය මේ පසුගිය දවස් දෙකෙම උත්සාහ දැරුවා එතුමා පක්ෂපාතී කතානායකවරයෙක් බව ප්‍රකාශ කරන්න. එහෙම තත්ත්වයක් නැති බව මම යළිත් සිහිපත් කරන්න කැමතියි, පාර්ලිමේන්තුවට. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ විශ්වාසභංග යෝජනාවේ කොටස් 2ක් තිබෙනවා. එක කොටසක් තමයි, කතානායකතුමා මේ යෝජනාවේ සඳහන් වන ශ්‍රේෂ්ඨාධිකරණය හා පොලිස්පති පත්වීම සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අපට එවන ලද තීරණයන් එනම්, අපේ රටේ මාර්ගගත ක්‍රමවල සුරක්‍ෂිතභාවය නමැති පනත ගැනත් එවන ලද තීරණයන් ප්‍රකාරව කටයුතු කිරීම ගැන ප්‍රකාශයක් නගලා තියෙනවා. දෙවැනි කාරණය, පොලිස්පතිවරයා පත් කිරීමේදී ව්‍යවස්ථාදායක සභාව කටයුතු කරපු ආකාරය ගැන වැරදි අර්ථ නිරූපණයක් දුන්නයි කියන චෝදනාව එතුමාට එල්ල කරනවා. මේ කාරණා දෙක මුල් කරගෙන තමයි විරුද්ධ පක්ෂය මේ උත්සාහයට බැහැල තියෙන්නෙ. මේ දෙක අතර සම්බන්ධකුත් නෑ. පොලිස්පතිතුමාගේ ප්‍රශ්නය දේශපාලන ප්‍රශ්නයක් බවට මේ විපක්ෂය මගින් මීට ප්‍රථම කීප වතාවක්ම මේ පත්වීම කරන්නට පෙරද නගලා රටට ප්‍රකාශ කරපු අය. දැන් ඒ අය ස්වාධීනත්වයෙන් හිතනවා කියලා, එහෙම නැත්නම් ව්‍යවස්ථාදායක සභාවේ හිතනවා කියලා කිසි ලෙසකින් කියාපාන්නට බෑ. මම උත්සාහ දරන්නේ නෑ, අපි පැමිණි එකඟතාවයන් ව්‍යවස්ථාදායක සභාවක් හැටියට ව්‍යවස්ථාදායක සභාව අනුගමනය කළ යුතු පිළිවෙත්වල් සම්බන්ධව මේ පාර්ලිමේන්තුව ඇතුළේ මා ඉතා පැහැදිලිව කියලා  තිබෙනවා, එහි විශ්වාසය රකින්න පාර්ලිමේන්තු සභා ගර්භයට හෝ ප්‍රසිද්ධියට පත්වන ප්‍රකාශයන්ගෙන් අපි වැලකී සිටී, කියලා එකඟතාවයකට ඇවිල්ලා හිටියා. මේ එකඟතාවය සම්පූර්ණ කඩලා තමයි මේ විශ්වාසභංග යෝජනාව සකස් කරලා තියෙන්නේ. ඇත්ත වශයෙන්ම මේ විශ්වාසභංග යෝජනාවේ මේ වගන්තිය උඩ මේ විශ්වාසභංග යෝජනාව ප්‍රතික්ෂේප කරන්න තිබුණා. Not in order. අපි ව්‍යවස්ථාදායක සභාව කියන්නේ පාර්ලිමේන්තුව නෙමෙයි. පාර්ලිමේන්තුවට පාර්ලිමේන්තුවේ තිබෙන යම් යම් ස්ථාවර නියෝග ව්‍යවස්ථාදායක සභාවේ ක්‍රියාත්මක වෙනවා කියලා කියන්නත් බෑ. ඒ නිසා අපි එතන ඉඳලා පටන් ගත්තොත් විරුද්ධ පක්ෂයේ සහය සම්පූර්ණ වැරදි උත්සහයක්. දැනුත් විපක්ෂ නායකතුමා කිව්වා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව. නෑ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග comes under the constitution. Constitution එකේ තියෙනවා, පාර්ලිමේන්තුව විසින් ස්ථාවර නියෝග කෙටුම්පත් කරනු ඇත කියලා. කිරීමට හැකියි කියලා. ඒවගේම ව්‍යවස්ථාදායක සභාවටත් තියෙනවා තමන්ගේ අනුගමනය කරන පිළිවෙත් එම ව්‍යවස්ථාදායක සභාව විසින් කෙටුම්පත් කළ හැකියි කියලා. එයයි 21 වෙනි සංශෝධනය තියෙන්නේ.

ඒ නිසා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග ගෙනහැර දක්වමින් ව්‍යවස්ථාදායකයේ කටයුතු පිළිබඳ කටයුතු කිරීමේ පිළිවෙත මම හිතන්නේ වැරදි තර්කයක් විරුද්ධ පක්ෂය අල්ලගෙන මේ කතා කරන්නේ. අපි ව්‍යවස්ථාදායක සභාවට යන්නට මත්තෙන් ඒ නිසා මේ ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාව ගැන ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තුවේ මම යෝජනා කරන්න කැමතියි. අපි ගරු කතානායකතුමනි, 21 වැනි 2021 වසරේ පාර්ලිමේන්තුවේ කතානායකතුමා මේ අද කියන අවිශ්වාසවන්ත කතානායකවරයෙක් කියන්න පුළුවන්ද අද තියෙන මේ පාර්ලිමේන්තුව ආරක්ෂා කිරීමට ඔහු තමන්ගේ ජීවිතය පරදුවට තබලා ආරක්ෂා කළා. මේක කිසිම මන්ත්‍රීවරයෙක් හෝ ලංකා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන කිසිවෙකුට අමතක කරන්න බෑ. මුළු රටම කඩා වැටිලා ජනාධිපතිතුමා රට හැරලා ගිහිල්ලා, අග්‍රාමාත්‍යතුමා අගමැතිකමෙන් අස්වෙලා, ඒ දවසේ තිබුණු ආරාජික තත්ත්වය නියෝජ්‍ය කතානායකතුමාට සිහිපත් කරනවා. පාර්ලිමේන්තුවට ඇවිල්ලා විවිධ පාර්ශ්වයන් සමඟ මේ පාර්ලිමේන්තුවේදී කතා කරලා තර්ජන මැද්දෙ එතුමා නිවසට ගිහිල්ලා ඉන්නකොට තමයි අපිට එහා මංසන්ධියේ පාර්ලිමේන්තු ප්‍රාකාරයට රැස්වෙලා ඉදිරිපත් වෙන අවස්ථාව අරම්භ වුණේ. මම මෙය සිහිපත් කරන්නේ නෑ දීර්ඝ වශයෙන්. නමුත් එදා පාර්ලිමේන්තු දෙසට ගමන් කිරීමේ ක්‍රියාවලියට ඉඩ දුන්නා නම් අපේ ආරක්ෂක බලකායන් සිදුවිය හැක්කේ කුමක්ද කියලා ඔබතුමා දන්නවා. එය වළක්වා ගන්න ගරු කතානායකතුමා, ගරු ජනාධිපතිතුමත් සමඟ වැඩ බලන අග්‍රාමාත්‍යවරයා හැටියට එතුමා සමඟ ඒ ආරක්ෂක බලකායනයන්ට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවායේ කේන්ද්‍රස්ථානය වූ පාර්ලිමේන්තුව ආරක්ෂා කරලා දුන්නා.  මෙවැනි කතානායකවරයෙක්ට විරුද්ධව තමයි විශ්වාසයක් නෑ කියලා කතා කරන්නේ මේ පාර්ලිමේන්තුව ඇතුලෙම ඉඳලා. එතුමා උල්ලංඝනය කරපු දෙයක් නෑ. ඒ විශ්වාසය එතුමා ආරක්ෂා කළා. විපක්ෂය වෙනුවෙන්, ආණ්ඩුවේ පක්ෂයේ මන්ත්‍රීවරු වෙනුවෙන්. ආණ්ඩුවක ප්‍රශ්නය නෙමෙයි එදා තිබුණේ. මේ පාර්ලිමේන්තුව පාර්ලිමේන්තු ප්‍රජනන්තවාදය ආරක්ෂා කිරීමයි. ඒ තීරණය ගත්ත මහින්ද යාපා අබේවර්ධන මැතිතුමාට ඒ තීරණය ගන්න  පුළුවන්කම තිබුණේ එතුමා තුළ තිබුණු ජ්‍යෙෂ්ඨත්වය සහ සම්භාරයක එකතු වෙච්ච අත්දැකීම් සම්භාරයයි. ඒ නිසා මේ වචන වලින් මම පුදුම වෙනවා විරුද්ධ පක්ෂය මේ  විදිහට ගරු කතානායකුතාමට විශ්වාසයක් නැති බව ප්‍රකාශ කරන්නට සභාවේ විවිධ අය පසුගිය කාලයේ වෙච්චි දේවල් පාර්ලිමේන්තුව ආරක්ෂා කරන්න, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න, හිංසාවාදය ජයග්‍රහණය පරාජය කරගෙන අවිහිංසාවාදයේ ජයග්‍රහණය ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ආරක්ෂා කර දෙන කතානායකතුමාට පුළුවන්කම ඇතිවුණු බව මම හිතන්නේ මේ විපක්ෂේ කිසිවෙක් ප්‍රශ්න කරන එකක් නැහැ කියලා. ඒ නිසා කුමටද මේ ව්‍යවස්ථාදායක සභාවේ යෝජනාව අද ඉදිරිපත් කරන්නේ කියලා ඉතාම ඕනෑකමෙන් අපි සඳහන් කරන්නට ඕනේ. ඔවුන් කියනවා, මේ යෝජනාව එක කොටසක් අනිත් කොටසට සම්බන්ධ නැති වුණත් මේ යෝජනාව ඉදිරිපත් කරලා තියෙන්නේ එහෙමයි. මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය නැමැති පනතේ සංශෝධනයන් සම්මත කරන අවස්ථාවේදී එම සංශෝධනයන්වලට ඉඩකඩ නොදෙමින් කටයුතු කළා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඔබතුමත්, රටත්, අපිත් විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුත් දැක්කා එදින පාර්ලිමේන්තුවේ සිදුවුණ දේ. එදින පාර්ලිමේන්තුවේ ඡන්දය කැඳවලා අපි ඡන්දය දුන්නු ආකාරය ලියාපදිංචි වෙලා තියෙනවා. විරුද්ධ පක්ෂයේ නායකතුමා කියන දේ මම ඉතාම ඕනෑකමින් සිහිපත් කරනවා එතුමාට.

මේ ඡන්ද විමසීමෙදී පක්ෂයි විපක්ෂයි ඡන්දය දුන්නේ ණය කියලා සටහන් වෙනවා. එදා වුනෙත් ඒකනේ. එදා විරුද්ධ පක්ෂයේ සජබ මන්ත්‍රීවරු හා ඔවුන් සමඟ අද  මේ විශ්වාසභංග යෝජනාවට අත්සන් තියලා   තිබෙන 44 දෙනාගේ කණ්ඩායම නැගිටලා පාර්ලිමේන්තුවේදී ගියා. සභානායකතුමාට මතක ඇති. ඡන්දය දෙන්න හිටියේ නෑ. නමුත් පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයේ අපේ උතුරේ මන්ත්‍රීවරු, අපේ දකුණේ මන්ත්‍රීවරු කීපදෙනෙක් විපක්ෂයේ ඉඳගන්න අය ඡන්ද පාවිච්චි කළා. ඒ අයට ඡන්දය පාවිච්චි කරන්නට ඉඩ කඩ ලැබීමත් අනිත් අය සභාගර්භයෙන් ඉවත්ව ඡන්දය පාවිච්චි නොකිර සිටීමෙන් ඔප්පු කරන්නේ තමන්ගේ වගකීම් විපක්ෂය ඉෂ්ට කරලා නෑ.

අද ඒ වෙනුවට කතානායකතුමාට චෝදනා කරනවා කතානායකතුමා පමණට ඡන්ද පාවිච්චි කරන්න ඉඩ දුන්නේ නෑ කියලා. මේ විශ්වාසභංග යෝජනාවේ වගන්තිය කියන්නෙ ඒකයි. මම හිතනවා ඒ සම්පූර්ණ අසත්‍යයක්. These are total lie that has been presented in the vote of no confident. If the opposition wanted to vote they could I wanted to some members of opposition voted against. SJB Parliamentary group and the join signatories of this motion walked away from parliament. 

අද ඇවිල්ලා කියනවා, එදා ඡන්දය නොදී නැගිටලා ගිහිල්ල අද ඇවිල්ලා කියනවා ඡන්දය දෙන්න ඉඩ දුන්නේ නෑ කියලා. මෙයින් විරුද්ධ පක්ෂයේ අරමුණ ඉතා පැහැදිලියි. පාර්ලිමේන්තුව හා රජය කරගෙන යන වැඩකටයුතුවලට බොරු චෝදනා එල්ල කිරීමයි. පාර්ලිමේන්තුව ප්‍රජාතන්ත්‍රවාදීව යළි ශක්තිමත් කර වැඩ කරගෙන යන අවස්ථාවේදී  විපක්ෂයට ඕනේ පෙන්නන්න රටටත්, පුළුවන් නම් ලොවටත් කියන්න ඔවුන්ගේ පාර්ලිමේන්තු අයිතිවාසිකම් නෑ කියලා. පාර්ලිමේන්තුවේ විවාදයන්, ඡන්ද විමසීම් විවිධ ප්‍රශ්න ඉදිරිපත් කිරීම අවස්ථා සියල්ලටම ඉඩකඩ තියෙද්දී මේ චෝදනාව සම්පූර්ණයෙන් පදනම් විරහිත අසත්‍යයක් කියන එක සඳහන් වෙනවා. අපිට ඒ කාලයටත් වඩා මේ කාලය පටිගත කරන ලද වීඩියෝ තියෙනවා එම හැම මොහොතකම පාර්ලිමේන්තුවේ. ඒ අවස්ථාව යළි ඔබ බැලුවොතින් ඔබලා මේ කියන කතාව සම්පූර්ණ අසත්‍ය බොරුවක් කියලා ඔප්පු වෙනවා.

මම ඊට වඩා විරුද්ධ පක්ෂයට ඒ කාරණය ගැන කියන්නේ නෑ. ඒ නිසා  ඔබාලා අනුගමනය කරපු හෝ අද  කියන හදන යෝජනාවේ මාර්ග ගත ක්‍රම වල සුරක්ෂිතභාව  පනතට ඡන්දය දුන්නේ නෑ. කාරක සභා අවස්ථාවේදී ඉඩ දුන්නේ නෑ කියන දේ යළි යළි සිහිපත් කර බලන්න. අනිත් පාර්ලිමේන්තුවේ අනත් විරුද්ධ පක්ෂයේ අයිතිවාසිකම් පාවිච්චි කරන හැටි බලන්න.

ඒ නිසා අපක්ෂපාතිත්වයෙන් එම පනත පාර්ලිමේන්තුව හමුවට දාලා පාර්ලිමේන්තුවේ සම්මත වුන හැටි අපි දන්නවා. එහි යම් යම් සංශෝධනයන් ඉදිරියේ ගේන බව එදින අපේ අලස් ඇමතුමා නැගිටලා කිව්වා. පසුව වෙනමම සංශෝධනයන් ගේන දිනයකට ඉදිරිපත් කරනවා කියලා එ් සංශෝදනයන්. පැහැදිලිවම තියෙනවා හැන්සාඩ් වාර්තාවේ.

එය නම් අද මේ උත්සාහය ඊට පස්සේ කියනවා කතානායකතුමා මේ පනත අත්සන් කරා කියලා නීති විරෝධී ලෙස. නීති විරෝධී ලෙස කතානායකතුමා පනතක් අත්සන් කරන්නේ නෑ. අත්සන් කරනවා කියලා කියන්නට කරනාවල් මම හිතන්නේ විරුද්ධ පක්ෂය ඉදිරිපත් කරන්න අසාර්ථක වී තිබෙනවා. කතානායකතුමා පනත අත්සන් කළ තිබෙන දෙයින් පස්සේ මොකද වෙන්නේ? මගේ මිත්‍ර සුමංදිරන් මැතිතුමා ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා මේ කාරණය තර්ක කළා. සභාවේ නැති උනත් මම කියන්න ඕන සුමංදිරන් මැතිතුමා තර්ක කළා මේ පනතට අත්සන් කරලා තිබෙනවා කතානායකතුමා.  ඒක නීති විරෝධී අවලංගු කරන්න කියලා. ශ්‍රේෂ්ඨාධිකරණය ඒක සලකා බැලුවේ නෑ. සළකා බලන්නේ නැතිව  ඒ පෙත්සම ප්‍රතික්ශේප කළා.

එහෙනම් ගරු කතානායකතුමනි, ඒ අවස්ථාවේ ප්‍රකාශ කරලා තියෙන්නේ ඔබතුමා දන්නවා පාර්ලිමේන්තු පනතක් සම්මත කරන්න පාර්ලිමේන්තුව එය  අවලංගු කරන්න බෑ. එහි අඩු පාඩු තියෙනවනම් ප්‍රවිෂ්ට විය හැක්කේ තවත් පනතකින් කෙරෙන සංශෝධනයක් මගින් පමණයි. මේක තමයි පාර්ලිමේන්තු සම්ප්‍රදාය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අපි කටයුතු කරන ක්‍රමවේදය. මට මතකයි සුමන්දිරන් මැතිතුමාටත් කිව්වා 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙනාපු දවස. එදා අපි පාර්ලිමේන්තු වේ එහා පැත්තේ හිටියේ ටික දෙනයි. අට දෙනයි. එය සම්මත කරපු ආකාරය පිළිබඳව ගැටලු තිබුණා.

එය හරි ආකාරව සම්මත කිරීම සිදු නොවනු නිසා ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සමක් ඉදිරිපත් කරන්න ගරු බණ්ඩාරනායක මැතිනිය තීරණය කළා. බණ්ඩාරනායක මැතිනිය එක පෙත්සමකුත්, මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හැටියට දෙවනි පෙත්සමත් ඉදිරිපත් කළා. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය විනාඩි කිහිපයකින් කිව්වා මේකට මැදිහත් වෙන්නෙ නෑ කියලා. අභියාචනාධිකරණය කිව්වා මේකට මැදිහත් වෙන්නේ නෑ කියලා.  පනතක් සම්මත වෙලා තිබෙනවනම්  එතනින් කටයුතු හමාරයි. ඉතින් ඒක නිසා සුමන්දිරන් ගරු මන්ත්‍රීතුමා  අපේ රටේ ඉන්න දක්ෂ නීතිඥවරයෙක්. පාර්ලිමේන්තුවේ දක්ෂ විවාදකයෙක්.  මම සිහිපත් කරන්න කැමතියි පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කළාට පස්සේ එයට අත්සන කතානාකතුමා තිබ්බට පස්සේ එය නීතිය බවට පරිවර්තනය වෙනවා.

ඒ ගැටලුවට අපි ගරු ඇමතිතුමා පැමිණි එකඟතාවයන්  විවිධ සංවිධානයන් සමඟ යම් යම් සංශෝධනයන් අවශ්‍ය නම් අපි ඒ සංශෝධනයන් ගෙනෙන බවත්. එනිසා පොලිස්පතිතුමාගේ පත්වීම පිළිබඳව ගරු විපක්ෂ නායකතුමා ඇතුළු විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරු ඉදිරිපත් කරපු කරුණු මම එකින් එකට කතා කරන්න යන්නෙ නෑ.  මම කලින් කිව්වා ව්‍යවස්ථාදායක සභාවේ සභිකයෙක් හැටියට මම අග්‍රාමාත්‍යවරයා හැටියට එදිනෙදා වෙන කටයුතු ගැන මේ ඉදිරිපත් කරලා තිබෙන යෝජනාව මම හිතනවා පිළිගන්නට පුළුවන්කමක් කතානායකතුමාටවත් නෑ. ව්‍යවස්ථාදායකසභාවේ ඇතුලේ තිබෙන කාරණාවල්  මෙලෙස ප්‍රසිද්ධියට පත්කරන අයිතියක් කිසිම සභිකයෙක්ට නැහැ.

වාචිකව හෝ ලිඛිතව අපි පැමිණ තිබෙන එකඟතාවය කියන්නෙ සභාව කටයුතු කරන ආකාරය පිළිබඳ පැමිණ තිබෙන එකඟතාවයයි. පක්ෂව දෙනවද, විපක්ෂව දෙනවද, එහෙම නැත්නම් ඡන්දේ දීමෙන් වැලකී සිටිනවාද කියලා අපේ 17 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සිට ව්‍යවස්ථාදායක සභාවක් පවතිනවා ගරු නියෝජ්‍ය කතානායකතුම. හැම සංශෝධනයකදීම මේ ව්‍යවස්ථාදායක සභාවක් ඇති කරා. ඒ අභ්‍යන්තරයේ කටයුතු පාර්ලිමේන්තුවේ විවාදයකට ලක් කරලා නෑ මොන මතභේද තිබුණත්. මේ විරුද්ධ පක්ෂය ඉතාම විශ්වාසයක් නෑ කියලා කතානායකතුමාට කියමින්, තමන්ගේ අවිශ්වාසය ප්‍රදර්ශනය කර තිබෙනවා.

තමන්ගේ අවිශ්වාසය සහ ඒ කාරක සභාවේ කටයුතු කරන ආකාරය පිළිබඳව විශ්වාසය කඩලා තියෙනවා. මම කණගාටුවෙන් අග්‍රාමාත්‍යවරයා හැටියට ප්‍රකාශ කරන්නට ඕනේ ඊට වඩා දේවල් මම කතා කරන්නේ නෑ. කලින් තිබුණ ව්‍යවස්ථාදායක සභාවලත් අභ්‍යන්තරයේ මතභේද තිබිලා තියෙනවා. අභ්‍යන්තර ඡන්ද විමසීම් තිබිලා තියෙනවා. ඒ මන්ත්‍රීවරු අද ඒ සභාවල්වල නැති උනත් අද දක්වා ඒ සාකච්ඡාවල් ප්‍රසිද්ධියට පත්කරලා නෑ. ඉතින් මෙහෙම විපක්ෂයක අරමුණ මොකද්ද එහෙනම්. ඔබතුමාලට ඕන උනා පොලිස්පතිගේ පත්වීම නවත්වන්න. ඔබතුමාලට ඕන වුණා රට අරාජික කරන්න. පොලිස්පතිවරයා වැඩ බලන පොලිස්පතිවරයා හැටියට පත්වෙලා එතුමා යම්කිසි වැඩ කොටසක් ඉතා පැහැදිලිව ජාතික ආරක්ෂාවේ යහපත පිණිස ඉටු කරමින් සිටින විට එය වැඩ කටයුතු අවුල් කරන්නට නවත්තන්නට ඒවගේම අනිත් පැත්තෙන් අපේ රටේ ව්‍යවස්ථාදායක සභාව විශ්වාස කරන්නට බැරි ලෙස එහි සභාපතිතුමා කතානායකතුමා. කතානායකතුමයි සභාපති වන්නේ නිලබලයෙන්. මාද සාමාජිකයෙක් වන්නේ නිලබලයෙන්. විපක්ෂ නායකතුමාද සාමාජිකයෙක් වන්නේ නිල බලයෙන්. ජනාධිපතිතුමාට බලය තියෙනවා කෙනෙක් පත් කරන්න. ඒ අනුව එතුමා පත්කරනවා. අග්‍රාමාත්‍යතුමාට බලය තියෙනවා එක්කෙනෙක් පත් කරන්න. ඒ අනුව පත් කරනවා. අනිත් තුන් දෙදෙනා අපි ජනතාවගෙන් නියෝජනය කරන අදහස් ඇති සමාජයේ නියෝජිතයින් හැටියට පත්කරනවා. ඉතින් ඒ නිසා එහි රහස් භාවය හා උත්තරීතර භාවය ආරක්ෂා කරන්නට තිබුණ ඒ ක්‍රියාදාමයෙන් සම්පූර්ණයෙන්ම කඩාකප්පල් කිරීමකට යොමු කරන විශ්වාසභංග යෝජනාවක්. ඒ තුළින් ආණ්ඩුවේ කටයුතු අවුලකට පත්කරන්න කඩාකපල් කිරීම තමයි විරුද්ධ පක්ෂය මේ කාලසීමාව තුළ කරන එකම කටයුත්ත. අනිත් පැත්තෙන් රට වැටී තිබුණු ආරාජික තත්ත්වයෙන් ගොඩගෙන නීතිය හා සාමය පිහිටවලා ආර්ථිකය යළි හිස ඔසවමින් වර්ධනයකට පරිවර්තනය කරලා තිබෙන මේ ආණ්ඩුවේ කටයුතු අවුල් කිරීමේ එකම උත්සාහය තමයි මේ විශ්වාසභංග යෝජනාවේ සඳහන් වන්නේ. ඒ නිසා ගරු කතානායකතුමනි මම මෙයට වඩා කාල වේලාව ගන්නේ නැහැ. තව නීතිමය වශයෙන් අපට බලපාන ප්‍රධාන නීති නඩුතීන්දු ගණනාවක් ඉන්දියානු අධිකරණ ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කරල තිබෙනවා. මා ඒවා කියවන්නට යන්නේ නෑ. අපේ රටේ හදිසි කල්දැමිය නොහැකි තත්ත්වයක් ඇති වෙනකොට යම් යම් ආයතනවල ප්‍රධානීන්ට ගතයුතු තීරණ ගැනීමේ අවශ්‍යතාවය අපි පිළිගන්නවා.  මගේ මිත්‍ර රවුෆ් හකීම් මැතිතුමා කතා කරනවා මම අහගෙන හිටියා සභාගර්භය නොහිටියට ඔබතුමාට මතක ඇති මම සිහිපත් කරන්නේ නෑ අපි කතා වුනු දේ. ඔබතුමාට මතක ඇති අන්තිම සාකච්ඡාව ජනාධිපති ගිහිල්ලා අගමැති අස්වෙලා කතානායකතුමාගේ මූලාසනයේ පැවති අන්තිම සාකච්ඡාව පාර්ලිමේන්තු කාමරේ. එදා ජනාධිපතිතුමා ආවේ ජනාධිපතිතුමා හැටියට නෙවෙයි. ඔබතුමත් මමත් එතැනට සහභාගි වුණේ අපි පාර්ලිමේන්තුවේ දරණ තනතුරු නිසා. ඒ අවස්ථාවේදී භයානක තත්ත්වයක් එළිය මතුවෙමින් තිබුණා. ඒ තත්ත්වය තුළත් ගරු කතානායකතුමා අපිව රැස් කරා මේ සුළු සුළු ප්‍රශ්න අරයව පත් කරේ නෑ, මෙයාව පත් කරේ නෑ කියලා කතානායකවරයෙක්ට විශ්වාසභංග  ගේන්නේ නෑ. ගරු රවුෆ් හකීම් මැතිතුමා හොඳින් දන්නවා. Then we would have to bring no confidential motion to every speaker in parliament. Those are issues that we must settle within ourselves.  ඒ වෙනුවට අද වැඩිය කතා කරේ මොකද්ද අර එක මන්ත්‍රීවරයා නැගිටලා කියනවා cope එක ගැන තව මන්ත්‍රීවරයෙක් නැගිටලා කියනවා තවත් කොමිටියක් ගැන. මේවා නෙමෙයි මේ විශ්වාසභංග යෝජනාවේ ගෙනැල්ලා තියෙන්නේ. මෙවැනි දෙයක් පාවිච්චි කළ යුත්තේ ඊට වඩා උත්තරීතර කාරණා පදනම් කරගෙනයි. ඒ නිසා මම කණගාටු වෙනවා ඒ අවස්ථාවේ අපි සාකච්ඡා කරලා නමුත් ඉතිහාසයේ කොටසක් නිසා මම එක කියලා ඉවර කරනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඒ දවසේ ගරු අග්‍රාමාත්‍යතුමා හැටියට පත්වෙලා ඒ ධූරය භාරගෙන කටයුතු කරපු රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ සාකච්ඡාවෙන් පිටවෙලා ගියාම වැඩි වෙලාවක් යන්නට කලින් එතුමාගේ ගේ පදිංචි වෙලා හිටපු ගෙදර සම්පූර්ණයෙන් ඉදිරිපත් කරනු ලැබුවා. ගරු රවුෆ් හකීම් මැතිතුමා දන්නවා එදා ඇතුලේ අපේ සිදුවුනු උණුසුම් කරුණු හුවමාරුව කර ගැනීම. නමුත් අපි කිසි කෙනෙක් ඒ කාමරයේ හෝ කිසිවකුට තර්ජනයක් කළේ නෑ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා දිවුරුම් දී කටයුතු කිරීමට අවතීර්ණ වීම නිසා මේ සාකච්ඡාව පිළිබඳව වැරදි ප්‍රවෘත්ති ලබාදීම හේතුවෙන් එතුමාගේ නිවස සම්පූර්ණයෙන් ගිනිබත් කොට පොළොවට සමතලා වුණා. මම මේ එක සිද්ධියක් කියන්නේ. අපේ මන්ත්‍රීවරයෙක් ජීවිතක්ෂයට පත්වුණා අත්තනගල්ලේදි. ඒ වෙලාවෙදි මා හිතන්නේ අපි කිසිවකු ඒ අනුමත කරේ නෑ. ඒ නිසා මෙවැනි රටක් අවුලකට පත්වන යෝජනාවක් විරුද්ධ පක්ෂය අද  44 දෙනෙේ  අත්සන් කරලා ඉදිරිපත් කරන අවස්ථාවේ එහි පදනමක් නැති කරුණු මේ ආකාරයෙන් මම විස්තර කරමින් පාර්ලිමේන්තුව අපි යන දවසකට ඡන්දෙට යන්. නියමිත දිනට ඡන්දය තියෙනවා. එතෙක් මේ රට මොන දුන්නු unprecedented economic crisis මෙවන් ආර්ථික අර්බුදයකට අපි රට මුහුණ දීලා නෑ. යුද්ධ කාලවලවත් මුහුණ දීලා නෑ. මේකෙන් ගොඩ එන විශ්වාසය රට වැසියා ද ලබමින් සිටින වෙලාවේ අමාරුකම් තියෙනවා. ඒ අමාරුකම අඩු කරමින් අපි ඉදිරියට යන වෙලාවේ මෙවැනි අසත්‍ය මුල් කරගත් සත්‍ය සම්පූරයෙන් වසන් කොට ඉදිරිපත් කරපු විශ්වාසභංග යෝජනාව පරාජයට පත් කිරීම අද දිනයේ සිදු කිරීමයි අපේ පාර්ලිමේන්තුවෙත්, අපේ පාර්ලිමේන්තු සම්ප්‍රදායටත්, ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ක්‍රමයටත් ඉටු කළ හැකි කාර්යය වන්නේ. ස්තූතියි”

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress