අරගල සමයේ සිදුවීමට ගිය කුමන්ත්‍රණයක් කථානායක රටට හෙළිකරයි
Posted on March 22nd, 2024

Courtesy Adaderana

කථානායකවරයාට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් ගෙනආ විශ්වාසභංග යෝජනාව අද (21) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 42කින් පරාජයට පත්වූ පසු විශේෂ ප්‍රකාශයක් කළ කථානායකවරයා සුවිශේෂී කරුණු රැසක් අනාවරණය කළේය.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා එහිදී පැවසුවේ, ඉකුත් අරගල සමයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර හෝ ආණ්ඩුවක් පිහිටුවන ලෙසට තමාට එල්ලවූ බලපෑම් සම්බන්ධයෙනි.

මේ අතර ඡන්ද විමසීමට සහභාගි වන ලෙස ජනපතිවරයා ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට අනිවාර්ය කිරීම නිසා, විදෙස්ගතවී සිටි ඇමතිවරුන් වන බන්දුල ගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි සහ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම අද දිවයිනට පැමිණ තිබුණි.

දැනට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ද අද පාර්ලිමේන්තුවට පැමිණ සිටියේය.

මෙහිදී කථානායකවරයා කළ හෙළිදරව්ව ඉහත වීඩියෝවෙන් නරඹන්න…

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress