මඩකලපුව මහජන පුස්තකාලය ගැන, අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්
Posted on June 9th, 2024

olhp.media

දැනට ඉදිකිරීම් ආරම්භ කර ඇති මඩකලපුව මහජන පුස්තකාල ගොඩනැගිල්ලේ කටයුතුවල ප්‍රගති සමාලෝචනය සඳහා විශේෂ රැස්වීමක් අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගිය දා පැවැත්විණි. ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, පළාත් සභා හා පළාත් පාලන, සහ පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර යන මහත්වරු මෙන්ම ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරු, මඩකලපුව නගර සභාවේ කොමසාරිස්, ඉදිකිරීම් සමාගමේ හිමිකරු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ සහකාර ලේකම් ඇතුළු එම අමාත්‍යංශයේ නිලධාරිහුද ඊට එක්ව සිටියහ. මඩකලපුව මහජන පුස්තකාලය සඳහා දැනට වෙන්කර ඇති, රුපියල් මිලියන 345ට අමතරව වැයවන මුදල් සොයාගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහාද මෙහිදී සාකච්ඡා විය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress