අනුර දැනටමත් දිනලා ඉවරයි.. ජනාධිපති කියන ලියුම ගන්න විතරයි තියෙන්නේ..
Posted on August 17th, 2024

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

සැප්තැම්බර් 21 වෙනිදා පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර දෙන අවස්ථාව වන විටම තම පක්ෂයේ අපේක්ෂක අනුර දිසානායක මහතා ජයග්‍රහණය කර අවසන් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.

සැප්තැම්බර් 21 වනදා සිදුකිරීමට ඇත්තේ අනුර දිසානායක මහතා ජනාධිපතිවරයා බවට පත්වන ලිපිය මැතිවරණ කොමිසම අතින් ලබා ගැනීම පමණක් බවද ඔහු සඳහන් කළේය.

ඉදිරි ජනාධිපතිවරණයේදී තම පක්ෂයේ ජයග්‍රහණය එතරම්ම ස්ථිර බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

ඒ මහතා මේ බව පැවසුවේ ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද තංගල්‍්ලේ ජනරැළිය අමතමිනි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress