අල්-කයිඩා අණදෙන නිලධාරියාගේ උපාධියට USAID සම්පූර්ණයෙන්ම අරමුදල් සපයලා.. ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කළ USAID සැලසුම් එළියට…
Posted on February 10th, 2025

උපුටා ගැන්ම  ලංකා ලීඩර්

USAID විසින් එක්සත් ජනපදයේ උපන් අල්-කයිඩා සාමාජිකයෙකු වන අන්වර් අල්-අව්ලාකිට(Anwar al-Awlaki) මූල්‍ය ආධාර ලබා දී ඇති බව  එක්සත් ජනපද විමර්ශන මාධ්‍යවේදිනියක් වන පැමෙලා බ්‍රවුන්(Pamela Browne) විසින් හෙළිදරව් කර තිබේ.

1990 ගණන්වල කොලරාඩෝ ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ සිවිල් ඉංජිනේරු විද්‍යාව හැදෑරීම සඳහා අල්-අව්ලාකිට USAID විසින් “පූර්ණ අරමුදල්” ලබා දුන් බවට හෙළිකෙරෙන පත්‍රිකාවක් ද ඇය විසින් අන්තර්ජාලයට මුදාහැර තිබේ.

ලේඛනයේ අල්-අව්ලාකිගේ උපන් ස්ථානය යේමනය ලෙස ලැයිස්තුගත කර තිබුනද එය නිවැරදි නොවන බවත්,  ඔහුගේ ළමා කාලය යේමනයේ ගත කළද, ඔහු නිව් මෙක්සිකෝවේ උපත ලබා ඇති බවත් අනාවරණය වී ඇත.

2000 වසරේ දී, විදේශිකයන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය ඉල්ලා සිටි යේමනයේ අල්-කයිඩා කලාපීය අණ දෙන නිලධාරියෙකු ලෙස අල්-අව්ලාකි ප්‍රසිද්ධියට පත් විය.

2011 දී, ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමාගේ නියෝගය මත ඇමරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් අල්-අව්ලාකි මිය ගියේය. ඒ වන විට ඔහු ඇමරිකානු පුරවැසියෙකු වුවද ඒ පිළිබඳව කිසිදු හෙළිදරව් කිරීමක් සිදු නොවීය.

මූලාශ්‍ර – Sputnik News

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2026 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress