ගල්කිස්ස මහ හෝටලයේ පොළොව යට උමග දිගේ යන සියවස් ගණනක ආදරයේ යටගියාව
Posted on February 14th, 2025

උපුටා ගැන්ම  හිරු පුවත්

ආදරය… ජීවිතය ජීවත් කරවන හරි අපූරු හැඟීමක්, අපි කවුරුත් එක වගේ විඳන්න ආස දෙයක්

නමුත් කෙතරම් කැපකිරීම් කළත් හැම ආදර කතාවක්ම සතුටින් අවසන් වෙන්නේ නැහැ.

එලෙස මතකයන් පමණක් ඉතිරි කර මැකී යන සමහර ප්‍රේමකතාවල සුන්දරත්වය තවමත් ජීවමානයි.

අද (14) ආදරවන්තයින්ගේ දවසේ අපි ඔබට රැගෙන එන්නේ වසර 220ක් පැරණි, ඔබ අසා ඇති ආදර පුරාවතක නොදන්නා යටගියාවක් ගැනයි..

ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවැති සමයේ මෙරට දෙවැනි ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා ලෙස තෝමස් මෙට්ලන්ඩ් මෙරටට පැමිණෙන්නේ 1805 වසරේදී.

ඔහු එවක 46 හැවිරිදි වියෙහි පසු වූ අවිවාහකයෙක්.

මෙරටට පැමිණීමෙන් පසු කොළඹ කොටුව කේන්ද්‍ර කරගත් නිල නිවාසයක පදිංචි වූ මෙට්ලන්ඩ් වෙනුවෙන් උත්කර්ෂවත් සාදයක් පැවැත්වුණා.

ගාඩි හෙවත් රොඩි තරුණියන්ගේ නර්තනාංගයක්ද ඊට එක්කර තිබුණේ එවක මෙවැනි සාදවල එය අනිවාර්ය අංගයක් වූ බැවින්.

එම නර්තන කණ්ඩායම ඉදිරියෙන්ම නර්තනයේ යෙදුණු සුරූපී තරුණිය මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයාගේ නෙත් සිත් පැහැර ගන්නවා.

ඇය ලොවීනා අපොන්සු..
තලෙලු හා දීප්තිමත් පැහැපත් තද කළු කෙස් කළඹකට හා දුඹුරු නෙත් සඟලකට හිමිකම් කියූ ලොවීනා නව යොවුන් වියේ පසුවූ ඉතාමත් සුරූපී තරුණියක්.

එදා ලොවීනා ගැන ආදරයෙන් බැඳුණ මෙට්ලන්ඩ් ආණ්ඩුකාරවරයාට ලොවීනාගේ හිත දිනාගැනීමට වැඩි කාලයක් ගතවන්නේ නැහැ.

\ලොවීනා ජීවත් වූ ගල්කිස්සේ රොඩී ගම්මානය අසළින් සිය නිවාඩු නිකේතනය ඉදි කිරීමටත් මේට්ලන්ඩ් තීරණය කරන්නේ මේ ආදර කතාවේ තවත් පරිච්ඡේදයක් ලෙසයි.

පසුකාලීනව එම මන්දිරය ඔහුගේ නිල නිවස බවට පත්වුණා.

මේ ගල්කිස්ස මුහුද ආසන්නයේ ඉදි වූ ඒ ප්‍රතාපවත් මන්දිරයයි.

එය වර්තමානයේ හදුන්වන්නේ මවුන්ට් ලැවිනියා හොටෙල්, එහෙමත් නැත්නම් ගල්කිස්ස මහ හෝටලය ලෙසයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress