ජුලී චං…Go Home…. ඇමරිකානු තානාපති කාර්යාලය වටලයි (වීඩියෝ)
Posted on February 14th, 2025
උපුටා ගැන්ම ලංකා ලීඩර්
ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට සංවිධාන රැසක සහභාගීත්වයෙන් ඊයේ (14) උද්ඝෝෂණයක් පැවැත්විණි. උද්ඝෝෂයකයන් එහිදී ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගෙන් ඉල්ලා සිටිවේ වියානා සම්මුතිය කඩපු සහ USAID සංවිධානය හරහා රටේ අභ්‍යන්තර ප්‍රශ්න වලට මැදිහත්වන ජුලී චන්ග් මෙරටින් ඉවත් කරන ලෙසයි.
එම අවස්ථාවට සහභාගී වූ සරත් වීරසේකර මහතා අදහස් දක්වමින් පැවසුවේ USAID සංවිධානය හරහා මෙරටට ලැබුණු මුදල් වලින් පැවති රජය පෙරළා දැමීමට වියදම් කළ ආකාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙසත්, එමෙන්ම ජුලී චන්ග් මෙරට අභ්‍යන්තර ප්‍රශ්න වලට ඇගිලි ගසන තැනැත්තියක් බවත් ඇයගේ මෙම ක්‍රියා කලාපය වියනා සම්මුතිය පවා උල්ලංගණය කරන බැවින් ඇය මෙරටින් ඉවත් කර ගන්නා ලෙස ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගෙන් ඉල්ලා සිටෙින බවයි.
මෙම අවස්ථාවට නීතිඥ මධුමාලි අල්විස් ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක් සහභාගී වූ අතර ඔවුන් තානාපති කාර්යාලය වෙත සංදේශයක් ද බාර දෙනු ලැබීය
සවිස්තරාත්මක වීඩියෝව පහතින්