අගමැතිණියගේ ලෙඩේ පාසල් දරුවන්ටත් බෝ කරන්නයි හදන්නේ – විමල් වීරවංශ
Posted on February 18th, 2025

Courtesy Lanka Leader

අගමැති හරිනි අමරසූරිය අධ්‍යාපන ඇමතිවරිය විදියට ඇගේ ලෙඩේ පාසල් දරුවන්ටත් බෝ කිරීමේ උත්සාහයක් නියැලෙමින් සිටින බව ජාතික නිදහස් පෙේමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි. 

ඊයේ (17) ජාතික නිදහස් පෙරමුණෞ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය. 

”අපේ රටේ අගමැතිනිය, හරිනි අමරසූරිය මහත්මිය. එතුමියටත් ලොකු ව්‍යාධියක් තිබෙන බව පේනවා. එතුමියගේ මාධ්‍ය අංශයෙන් 2025-02-11 ලෝක බැංකුවේ නිලධාරීන් සමග සිදුකළ සාකච්ඡාවක වාර්තාවක් නිකුත් කරලා තිබෙනවා. එම මාධ්‍ය වාර්තාවේ කොටසක් මම කියවන්නම්”

” මෙම අතිරේඛ මුදල් යොදවමින් පාසල් දරු දැරියන්ගේ සෞඛ්‍ය හා ප්‍රතිශක්තිය වර්ධනය, පාසල් සංවර්ධනය සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, නව අ්‍ධ්‍යාපනය සදහා ගුරුවරුන් පුහුණු කිරීම, ස්ත්‍රී – පුර්ෂ සමාජභාවය සහ සමානාත්මතාවය ඇති කිරීම. “

මොකක්ද මේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය කියන්නේ මෙන්න මේ වගේ බර වචන දාලා තමයි මේවා හංගන්නේ යැයි ඔහු පැවසීය. මෙම මාධ්‍ය හමුවේදී 2025 අය වැය සම්බන්ධයෙන් සහ පොලීසියේ ජොබ් එක කරන පුනරුද රාළහාමිලා සම්බන්ධනේද ඔහු අදහස් දැක්වීය. 

සම්පූර්ණ මාධ්‍ය හමුව පහළින් 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress