මෝදි, රනිල්ගේ වටිනාකම කියන අතර රනිල් වික‍්‍රමසිංහ කියන්නේ හොරෙක් හිගන්නෙක් කියා අධිකරණ ඇමති හර්ශන නානායක්කාර පාර්ලිමේන්තුවෙදී කියයි
Posted on March 1st, 2025

උපුටා ගැන්ම දේශය පුවත්

ශ‍්‍රී ලංකාවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉදිරි දර්ශනය තමා අගය කරන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි.

ඉන්දියාවේ පැවත්වෙන NXT Conclave 2025″ සමුළුවට සහභාගි වීමට ඉන්දියාවට ගොස් සිටින රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ අවස්ථාවේ ඉන්දීය අගමැතිවරයා එහි ඡායාරූපයක් තම සමාජ ජාල ගිණුමේ පල කරමින් මේ බව සඳහන් කර තිබේ.

” මගේ මිත්‍ර රනිල් වික්‍රමසිංහ මහතා NXT සමුළුවේදී හමු වුණා. මම සැමවිටම අපගේ අන්තර්ක්‍රියා දෙස බලා සිටි අතර විවිධ ගැටළු සම්බන්ධයෙන් ඔහුගේ ඉදිරි දර්ශනය අගය කර ඇත්තෙමි”

ඒ අතර රනිල් වික්‍රමසිංහ යනු තනිකර හිඟන්නෙක් සහ හොරෙක් බවත් එක්සත් ජාතික පක්ෂය බිමටම වැටී පරාජය වී සිටිද්දී ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඇල්ලුව අඩවුව හේතුවෙන් පිනට ජනාධිපති වීමට රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාව ලැබූ බව අධිකරණ ඇමැති හර්ශන නානායක්කාර මහතා සඳහන් කරයි.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාලයේ උපදේශකයන් තිස් නවයක් සියලු පහසුකම් දී නඩත්තු කර ඇති බවද ඔහු පාර්ලිමේන්තුව අමතමින් පැවසීය.

ඊට අදාළ වියදම් ලේඛනයක්ද ඔහු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

https://www.facebook.com/plugins/video.php?height=476&href=https%3A%2F%2Fwww.facebook.com%2Fsinhala.adaderana.lk%2Fvideos%2F1026815702708152%2F&show_text=false&width=476&t=0

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress