මහා පොලවට උහුලන්නට බැරි තරමට ජාති හා දෙශද්‍රෝහී වුවෝ
Posted on March 16th, 2025
ධර්මසිරි සෙනෙවිරත්න
1978 සි ට 2024 දක්වා එජාප නායකයින් වන ජේ ආර් ,ප්‍රේමදාස හා රනිල් කළහැකි සියලු ජාති හා දේශ ද්‍රෝහී කම් කළහ . ජේ ආර් විවෘත ආර්ථිකය ගෙනාවෙම රටේ බහු තරයක් වූ සිංහල බෞද්ධයාගේ සුපුරුදු සැහැල්ලු පැවැත්ම ,අපිස් දිවි මග ,වෙනස් කර ඔවුන් බටහිරයන්ගේ අවශ්‍යතා සපුරන කා ම භෝගීන් කිරීමටය.එය බටහිරයන් විසින් ”යැංකි ඩි කීට’ පැවරුන කාර් ය භාරයයි .13 ව්‍යවස්ථාව ගෙනවිත් පළාත් සභා අටවා ඔහු රට ගලවා ගත නොහැකි ප්‍රපාතයකට හෙලුවේය ඉන්දියාවට ඇරයුම් කර ඉන්දියන් හමුදා රටට ගෙනවිත් උන් ලවා රට විනාශ කර විය.මේ විනාශයන්ට දඬුවම් වශයෙන් ඔහුට ගුදමාර්ගයේ පිළිකාවක් හදවා සොබා දහම ඔහුට දඬුවම් දුන් බව කියැවේ.
ඊළඟට ප්‍රේමදාස රන්ජන් විජේරත්න හා එක්ව කල මිනීමැරුම් කෙළවරක් නැතිබව දැන් හැමෝම දන්නා කරුණකි.ජවිපෙ තරුණන් පමණක් නොව තම දේශපාලන හතුරන් සිය දහස් ගණනක් ඔහු විසින් මරා දමන ලද බව නොයෙකුත් ජන මාධ්‍යවලින් ප්‍රකාශයට පත් කරඇත.
ජනතාව විසින් පත් කල ආණ්ඩුවක් පෙරලා දැමීමට ආයුධ ගෙන සටන් වදින කැරලි කරුවන් පිරිසක් අකර්මන්‍ය කිරීමට අයිතියක් ආණ්ඩුවට ඇතත් ප්‍රේමදාසලා එය කලේ කැරලි කරුවන්ටත් වඩානීති විරෝධී අන්දමටය.මොවුන්ද හිට්ලර් අනුගමනය කරමින් ”නීති විරෝධී රාජ්‍ය වධකාගාර පොකුරු ” රට හැම තැනම බිහි කළහ . දසදෙස ප්‍රචලිත බටලන්ද වද කඳවුර ඉන් එකකි .
රනිල් වික්‍රමසිංහ චන්ද්‍රිකා ජනපතිනියටත් හොරෙන් කොටි එක්ක සා ම ගිවිසුම් ගසා රට පාවාදුන් අයෙ කි . රටට වග නොකියන පිටරැ ටියෙක් මහා බැංකු අධිපති කර මහා බැංකුවේ මුදල් වංචනික ලෙස අපයෝජනය කල හොරෙකි .කම්කරු ඇමතිවූ රනිල් රාජ්‍ය ආරක්ෂක ඇමතියෙකුගේ කාරය භාරයට අනීතික ලෙස අ ත පොවමින් බටලන්ද වදකස්තානය ක්‍රියාත්මක කරමින් පොලිස් නිලධාරීන්ද නීති විරෝධී කටයුතුවල යොදමින් කල අපරාධ සියල්ල දැන් හෙළිවෙමින් ඇත .
ජවිපෙ මුන්ට දෙවෙනි නොවේ .මාක්ස් වාදීන් යයි කියන ජවිපෙ නායකයෝ සිරිමාවෝ ගේ ආණ්ඩුවට විරුද්ධව 1971 දී මුල් වරට අවි ආයුද සටනක් දියත් කළහ.මේ වන විටත් බණ්ඩාරනායක දෙපොළ සීරුවෙන් ලේ නොහෙලා රට යම් සමාජ වාදී හෙවත් බහුතර සමාජයේ යහ පැවැත් මට හේතුවෙන ”යම් සමාජ වාදයකට ” රට ගෙන යාමේ පදනම දමා තිබුනේය. මේ සඳහා එකල මාක්ස් වාදීන් ද එකතු කරගෙන ඇය යම් වැඩ පිළිවෙලක් ක්‍රියාත් මක කරන්නට අත් හදා බලමින් සිටියාය එය දියුණු පවුණු කළා නම් රටට ගැලපෙන ”සමාජ වාදයක් ” හදා ගන්නට ඉඩක් තිබුනේය . ජවිපෙ කල යුතුව තිබුනේ වෙනත් මාක්ස් වාදීන්ට නොමැතිවූ තමන්ගේ ජාතිකත්වය මගින් සිරිමාවෝ තවත් ශක්තිමත් කර තමන් පවසන පාරාදීසය බිහි කර ගැනීමට කට යුතු කිරීමය . එමගින් අනාගතය සකසා ගැනීමයි . වසර 5 න් 5 ට චන්දෙන් බලයට පත් වීමේ පහසු ක්‍රමය තිබියදී උන්ඩේන් බලය ඇල්ලීමේ ක්‍රියාව රට ලේ විලක් කළේය .චන්දෙන් බලයට පත් වෙන්නට ජවිපෙට නොහැකි වුයේ ඔවුන්ට ජනතාව කැ මති නැති නිසාය .ජනතාව දිනාගැනීමට නොසමත් ඔවුන් ජනතා කැමැත්තට පිටුපා බලය ඇල්ලීමට යාම ජනතා විරෝධී ක්‍රියාවකි .
ගින්නක් නැතිව දුමක් නොනගී. බලලෝභී දුර්ජන දේශපාලකයින් වන ජේ ආර් ලා ,.ප්‍රේමදාසලා රන්ජන් විජේරත්නලා රනිල් ලා ගේ අල්ලේ නැටවෙන උඩුගම්පොලලා ඩග්ලස් පීරිස් ලා ලකී අල්ගමලා බිහි වුයේ මේ ජවිපෙ ක්‍රියා හේතුවිය . ඔවුහු පවුකාර ”උපන් සාහසිකයන්’බව ඇත්තය . ජවිපෙ මේ මුග්ධ ක්‍රියා නොවූයේ නම් රට මේ ප්‍රපාතයට නොවැටෙනු ඇත .ගේ දොර වාහන ගිනි තියමින් රට අ රාජික කරමින් භීෂණය පතුරවමින්”පිස්සු කෙලීම ”අතහැර, 13 ගෙන ඒ මේ දී රටේ ඒකීයත්වයපිළිබඳව දැක්වූ විචක්ෂණ විවේචන හා රටට අවශ්‍ය ජාතික ප්‍රති පත්ති පිළිබඳව විජේ වීර තුලවූ දැනුම් සම්භාරයමගින් ජනතාව දැනුම් වත් කළා නම් ජන බලයෙන්ම බලයට පත් වී කොටි පරදවා රට ගලවා ගැනී මේ වාසනාව හිමි වෙන්නේ ජවි පෙට ය . මහින්ද කොටි එක්ක සටනට ගියේ නොගිහින් බැරි කමටය . එනිසා ජවිපෙ කලේ නොකළ යුතු වැඩකි .තරුණයන්ගේ හිතුවක්කාර ක්‍රියා එජාපයින් විසින් මර්ධනය කලේ රාජ්‍ය පාලකයින් ලෙස නොව හිතක් පපුවක් නැති ම්ලේච්චයින් ලෙසිනි .
ප්‍රජා අයිතිවාසිකම් නැති කල යුත්තේ මුන් දෙගොල්ලගේය. කවදා හෝ මහා බලගතු කොමිසමක් මගින් මේ සියලු තොරතුරු සමාලෝචනය කර මුන් සියල්ලන් ටම දඬුවම් දිය යුතුය. අවම වශයෙන් දේශද්‍රෝහීන් ලෙස නම් කළ යුතුය.