සිංහල බෞද්ධ  භික්ෂුවක් සිටිය හැකිද ?සිටී නම් ඔහුගේ කාර්ය භාරය
Posted on March 25th, 2025

ධර්මසිරි සෙනෙවිරත්න

සිංහල  බෞධ්ධභික්ෂුව කියන්නේ  සිංහල නමින් අනන්‍ය වූ ජාතියක් විසින් වසර දහස් ගණනකට පෙර  බිහි  කල, වර්ධනයකළ, ආරක්ෂා කල , රටේ ඔවුන් විසින්  බුදහමට  අනුගතව හදාගත්තමන්ට අනන්‍ය වූ  ජීවන ක්‍රමය  හෙවත් සන්ස්ක්රුතිය  මගින් නඩත්තු කරන  ,ඒ සමාජයෙ සාමාජිකයන් අතරෙන්ම  බිහිවූ ඒ සමාජයේ ගරුබුහුමන් ලබන  භික්ෂුන්ට ය . ඒ භික්ෂුවගේ එක්වැ දගත් කාර්ය භාරයක්  වන්නේ  එකී සමාජයේ ලෞකික හා ලෝකෝත්තර  යහ පැවැත්ම උදෙසා කල හැකි සියලු  උපදෙස් දීමය .පටිච්ච සමුප්පාදය පමණක් නොව ලෞකික වූ  මංගල  හා පරාභව කරුණු ගැනත් මේ භික්ෂුව උපදෙස් දියයුත්තේ  ඒ භික්ෂුව නඩත්තු  කරන්නේ ඒ ජනතාව නිසා බැවිනි.ඉන්දියාවෙනුත් තුරන්ල කල බුදුදහම ග්‍රන්තාරුඩ කර ආරාක්ෂා කලේ ඒ දහමට අනුගතව ගිහි වතක්   හදා ගත්  සිංහලයන් විසිනි. ඒ සිංහලයෝ  ඒ දහම රකින ගිහිවත  රැකීමට  බෞද්ධ භික්ෂුව ට භාර කලේ වසර දහස් ගණනකට පෙරය..මහසෙන් වැනි රජවරුත් පුනරුත්තාපනය කිරීමට සිංහල භික්ෂුන්ට භාර කලේ ඒ සිංහල බෞධ්ධයන්ය .එහෙයින් වර්තමානයේ  එකී සිංහල බෞද්ධයන් වඳ කිරීමේ ,බලරහිත කිරීමේ හා  ලොව වෙනත්   කි සිදු තැනක නැති තමන්ටම අනන්‍ය වූ සංස්කෘතියක් ඇති  එක්සේසත්   රාජ්‍යය  කඩා බිඳ දමා සිංහල බෞද්ධයන්  අසරණ කිරීමට යමෙක් ගන්නා උත්සාහය දුටු වහාම  ඔවුන් වෙනුවෙන්  පෙනීසිටීම සිංහල බෞද්ධ භික්ෂුවගේ කාර්ය   භාරයයි. සිංහල බෞද්ධ භික්ෂුව  කාපු පතේ පහරන්නෙක් නොවේ .  බඩගිනි එන විට පමණ පිඬු සිගා ගොස් අර මිනිසුන්ගෙන් කෑම ටිකක් ඉල්ලා ගෙන කැ ලයට ගොස් ,ඉන්පසු ඒ  කෑමදුන් මිනිසුන් ගැන නොසොයා නොබලා   ආයෙත් කෑම අවශ්‍ය වෙන විට පමණක් ඔවුන් සොයා යන ,තමන් ලඟට ආවොත් පමණක් නිවන් මඟ  දෙසන භික්ෂුන් ද  ජනතාවට වැදගත් වුනත් ඊ  ට වඩා නිරන්තරයෙන් මිනිසුන්ට අවශ්‍ය වන්නේ  ජීවත් වෙන කාලයේතමන්ට ජීවිතේ නිසිපරිදි ගෙන යාමට උපදෙස් දෙන  මේ ”සිංහල බෞද්ධ භික්ෂුවය .

                                  මේ සටහන ලිවීමට  අ දහස්  කලේ කිරුලපන ධම්ම විජය හිමි හා කැකිරාවේ සුදස්සන හිමි වරුන්ගේ වාදය ඇසීමෙන් පසුවය  කැකිරාවේ හිමි පවසන්නේ  හික්ෂුව ජාතියක් ගැන කතා නොකළ යුතු බවය සිංහල ජාතිය රැකුනොත්  ඒ ජාතියෙන් බිහිවෙන බෞද්ධ භික්ෂුන් ද ආරක්ෂා වෙනු ඇත . 99 % ක් සිටි බෞද්ධයින් 70 % බැස සිංහලයන්ගෙන් 5 % පමණ අබෞධ්ධයන් වුයේ  මකොලි විසින්  පසුගියකාලය තුල ඒ සිංහල ජනතාවගේ මුරදෙවතාවන්ගේ මොළ සෝදා  බෙලහීන කල නිසාය. 70 % වත් ඉතිරි වුනේ  ග්‍රාමවාසී ජාතිකවාදී භික්ෂුන්  සිය කාර්ය භාරය හැකිතරමින් කල නිසාය . .ඉතිරියත් නැති කිරීමට දැන් ජාතිකවාදයට නැඹුරුවූ   මාක්ස් වාදියොත් ලිබරල් කරණයට පාත්‍ර  කිරීම සඳහා  අබෞධ්ධයන් ගෙන යන  උගුලට  බොහෝ කරුණු කාරනා දත් ,බොහෝ විට නව අදහස් පල කරන කැකිරාවේ සුදස්සන හිමියන්ද හසු වීම දුකකි.

ධර්මසිරි සෙනෙවිරත්න

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress