අයවැය හිගය පියවන්න රජය ඩොලර් බිලියන 7.3ක ණයක් ගන්න සොයයි.
Posted on March 26th, 2025

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

වත්මන් රජය විසින් මෙම වසරට පමණක් ඩොලර් බිලියන 7.3ක ණය මුදලක් ලබා ගැනීමට බලාපොරොත්තු වන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා සඳහන් කරයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

ජාතික ජන බලවේගයට අමතක වෙලා තියෙනවා අනුර කුමාර දිසානායක මැතිතුමා ජනාධිපතිවෙලා පහුගිය සිකුරාද විසි එක් වෙනිදට මාස හයක් ගිහිල්ලා ඉවරයි. ජනාධිපතිවරයාගේ ධූර කාලය මාස හයේ ඒවා දහයයි ඒ කියන්නේ 10%ක් ධූර කාලේ ඉවරයි. එතකොට මේඅය පොරොන්දු වුනා ජනතාවට විශේෂයෙන්ම මේ රටේ කාන්තා පරපුරට අධ්‍යාපනයෙන්, සෞඛ්‍යයෙන්, ආහාර පාන වලින් බදු බිංදුවට අඩු කරනවා කියලා. youtube එකේ Tiktok එකේ මේක අහන් හිටපු මිනිස්සු හිතුවා අවුරුදු හැත්ත හයක් හොරකම් කරලා ඉවර වෙලා තමයි මේවා වැඩිවෙලා තියෙන්නේ , ඒ නිසා අනුර කුමාර දිසානායක මැතිතුමාව / මාලිමාව ජාතික ජන බලවේගය පළවෙනි අයවැයෙන් බදු බිංදුවකට අඩු කරහම සහනයක් ලැබෙයි කියලා. ලෙඩ වුණාමත් බදු, පොඩි එකාට ඉගෙන ගන්නත් බදු ගෙවන්න ඕනේ. බඩගින්නට කන්න බොන්නත් බදු ගෙවන්නඕනේ. ඒ නිසා අපි මේක සම්පූර්ණයෙන් අයින් කරනවා කිව්වා.

ඊළගට ලයිට් බිල 6000- ඉඳලා 4000 ට අඩු කරනවා කියලා කිව්වා . සංස්ථාවේ සමස්ත ණය ප්‍රමාණයම මහා භාණ්ඩාගාරයට අරගෙන තියෙනනිසා තෙල් ලීටරයකට මහා භාණ්ඩාගාරයට ගෙවන රුපියල් පනහත් වහාම අයින් කරනවා කියලා කිව්වා. එතකොට කාන්තාවෝ හිතුවා ස්වාමිපුරුෂයා හම්බ කරල දෙන ගාණෙන් කෑම බීම වලට යන මුදල ඉතුරු වෙයි කියලා. ළමයින්ව ටියුෂන් යවන්න ගාන අඩුවෙයි, පොත්පත් පෑන් උපකරණ වල මිල අඩුවෙයි, බේත් මිල තෙල් මිල අඩු වෙයි, කරන්ට් බිලඅඩුවෙයි, බස් ගාස්තු ත්‍රීවීල් ගාස්තු අඩුවෙයි, ඒ නිසා තමන්ට ජීවිතයේ විශාල සහනයක් ලැබෙයි කියලා බලාපොරොත්තුවෙන් තමයි මේ රටේ කාන්තාව එක මිටට මාලිමාව කියාගෙන යද්දී ඒ විශ්වාසය තමයි ලබා ගත්තේ කාන්තාවෝ. අද වන විට මාස හයක් ගිහිල්ලත් ඒ එකක්වත් කරගන්න බැරුව කෙඳිරි ගානවා. ණ්‍යය අරගෙන රටක් දුවන්න පාලකයෝ මොකටද කියලා අහපු අය, මේ අවුරුද්දේ අයවැය පරතරය පියවන්න ඩොලර් බිලියන7.3 ක් ණය ගන්න ලෑස්ති වෙනවා. එතකොට බලාපොරොත්තු වෙච්ච ආදායම නොලැබුණොත් මේ ණය ප්‍රමාණය තවත් වැඩි වෙනවා.

අවුරුදු හැත්තෑ හයටම අරන් තියෙන්නෙ ඩොලර් බිලියන අනූපහයි. අනුර කුමාර ජනාධිපතිතුමාගේ මාලිමා ආණ්ඩුව එක අවුරුද්දකට විතරක් ගන්නවා ඩොලර් බිලියන 7.3ට වැඩි ප්‍රමාණයක්. එතකොට අපි අහනවා මේගොල්ලන්ට ප්‍රාදේශීය සභාව ඕන වෙන්නේ VAT බද්ද අඩු කරන්නද? කරන්ට් මිල තෙල් මිල අඩු කරන්න පුළුවන්ද ප්‍රාදේශීය සභාවට? දැන් ජනතාවට තේරිලා තිබෙනවා තමන් රැවටිලා , එහෙම නැත්නම් රැවටීමකට ලක් කරලා කියලා . අපි ජනතාවට ඉල්ලීමක් කරනවා මේ ප්‍රාදේශීය සභා ඡන්දෙන් පස්සේ මේ ආණ්ඩුව පෙරලෙන්නේ නැති බව ඇත්ත. ඒ නිසා ඔබව රවට්ටපු ඔබට බොරු පොරොන්දු දුන්න ආණ්ඩුවට පාඩමක් උගන්වලා ජනවර්මයේ තරම පෙන්වලා ඔබට දුන්න පොරොන්දු ටික ඉතුරු අවුරුදු තුනේදී කරවගන්න නම් ආණ්ඩුවට විරුද්ධව මේ කතිරේ ගහන්න ඕන. නැතුව ආණ්ඩුවටම චන්දේ ගැහුවොත් මේ ආණ්ඩුව හිතනවා අපි කියන ඕන බොරුවක් මේ ජනතාව පිළිගන්නවා කියලා.

ඕන විදිහට රවට්ටන්න බොරු කියන්න ඒ හැම එකම කරලා උද්දච්චකමින් ඉන්න පුළුවන්. ඔබේ ජනමතයේ හයිය පෙන්නන්න ඕනේ විපක්ෂයට ඡන්දය පාවිච්චි කරලා . ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගයට ඡන්දය පාවිච්චි කිරීමෙන් පමණයි ආණ්ඩුවට රස්නය දැනෙන්නේ. ගමට වගකියන බොරු නොකියන කණ්ඩායමක් ඉන්න ඕන. ගමේ ජීවත් වන ගම ගැන අවබෝධයක් තියෙන ඔබේ ගැටළු වලට විසඳුමක් ප්‍රාදේශීය සභාවෙන් ලබාගන්න පුළුවන් පුද්ගලයෝ පත් කරගන්න.

මාලි මාවේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබුණා පුනර්ජනනීය විදුලිබලය ව්‍යාප්ත කරලා පුනර්ජනනීය බල සංග්‍රාමයක් හදනවා කියලා. දැන් කැබිනට් පේපර් එකක් දාන්ඩ යනවා රු. 27 ට තියෙන solar power එකේ ගාන රු. 19.61 ට අඩු කරන්න. 20-100 kw අතර එක 17.46 ට, 100-500 kw අතර 15.79

මේ කරන්නේ විදුලි බල මාෆියාවට ඉංජිනේරු මාෆියාවට යට වීමක් කරන්න හදන එක. මේක අල්ලේ නැටවෙන ආණ්ඩුවක්ද?

ආණ්ඩුවේ වම් අත දන්නේ නෑ දකුණු අත කරන දේ. දකුණු අත කරන දේ කකුල් දෙක දන්නේ නෑ. එකිනෙකට පරස්පර සම්පූර්ණයෙන් ඉබාගාතේ යන වැඩපිළිවෙළක් තියෙන්නේ.

එක් ඇමතිකෙනෙක් ඇවිත් කියනවා ගුවන් අනතුර සිද්ධ වුණේ එල්බෝඩ් දාගෙන ගියේ නැති උනාට ගියපු පුහුණු නියමුවාගේ වැරදි නිසා කියල. තුමාගුවන් හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක කියනවා තාම පරීක්ෂණ වාර්තා ඇවිල්ල නැහැ කියලා.

දැන් මහා බ්‍රිතාන්‍යයෙන් දාලා තියෙනවා ශවින්ද්‍ර සිල්වා මැතිතුමා ප්‍රමුඛ හමුදාපතිවරු තුන්දෙනාට සම්භාදක දාලා තියෙනවා. අපි විනයාග මූර්ති ගැන කතා කරන්නේනෑ.

සාමාන්‍යයෙන් මේක කරනකොට විදේශ අමාත්‍යාංශය දැනුවත් කරලා තමයි කරන්නේ. දැන් පැය 48ක් යන්න වෙනවා , තවම ආණ්ඩුව ඔවුන්ගේ ස්ථාවරය ප්‍රකාශයට පත්කරලා නැහැ. එතකොට මේ හමුදාපතිවරු යුද්ධ කළේ හමුදාවේ හිටියේ රාජ්‍යය වෙනුවෙන් , එහෙම රාජ්‍යය වෙනුවෙන් කරපු යුද්ධයක් නිසා තමයි ඔවුන්ට මේ තහනම පැනවිලා තියෙන්නේ. ඒ නිසා මේ රාජ්‍යයේ මතය මොකක්ද කියලා කියන්න ඕන. ඔවුන්ට මෙවැනි තහනමක් පැවතීමට හේතුව මොකක්ද කියලා අහන්න රාජ්‍යයට අයිතියක් තියෙනවා. දැන් ප්‍රාදේශීය සභා ඡන්දය නිසා උතුරු නැගෙනහිර චන්ද ටික මංකොල්ලකන්න ඕන හින්දා කට වහගෙන ඉන්නවා. මේ රටේ දෙමළ ජනතාවට අසාධාරණයක් විය යුතු නැහැ. අපි සිංහල දෙමළ මුස්ලිම් සියලු ජනතාව එක කණ්ඩායමක් විදියට පිළිගන්න කට්ටියක් විදියට මේ රටේ දෙමළ ජනතාවට ඇතිවෙලා තියෙන ප්‍රශ්න පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් කරන්න ඕන. ඒක වෙනම කතාවක් නමුත් රාජ්‍යය වෙනුවෙන් යුද්ධ කරපු හමුදාපතිලට තහංචි පනවනවා නම් ඒ තහංචි පනවනකොට රජයට වගකීමක් තියෙනවා විදේශ ඇමතිවරයා දැනුවත් නැද්ද? :දන්නේ නෑ මේ පිළිබඳව මතය විමසන්න මෙච්චර පරක්කු. 88/89 අතීත වෛරයන් හිතේ තියා ගත්තට කමක් නැහැ රාජ්‍යත් එක්ක සෙල්ලම් කරන්න එපා කියන එක අපි කියන්න ඕන

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress