රනිල්ගේ නිවස ගිනි තැබූ සැකකරුවෙකු ලෙස නි. ඇමති එරංග නම් කෙරේ…
Posted on March 27th, 2025

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කොල්ලුපිටියේ පස්වන පටුමගේ පිහිටි පෞද්ගලික නිවසට 2022 ජූලි 09 වන දින එල්ල වූ ප්‍රහාරයේ සහ ගින්න නිවා දැමීමට පැමිණි ගිනි නිවන හමුදාවට බාධා කිරීමේ සිද්ධියේ සැකකරුවෙකු තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා නම් කර තිබේ.

ඒ අනුව එම නඩුව ඊයේ දින කැඳවූ අවස්ථාවේදී කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ ඔහු පෙනී සිටියේ නැත.

ගුණසේකර මහතාගේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ තම සේවාදායකයා අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් ඔහුට අධිකරණයට පැමිණීමට නොහැකි වූ බවය.

තවත් සැකකරුවන් කිහිප දෙනෙකුගේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ තම සේවාදායකයින් අධිකරණයට පැමිණීමට නොහැකි බවය.

කෙසේ වෙතත් මහේස්ත්‍රාත්වරයා පුද්ගලයින් හතර දෙනෙකු අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කළ අතර ඊළඟ නඩු විභාගයේදී නියෝජ්‍ය අමාත්‍ය ගුණසේකර මහතාට අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කළේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress