දේශබන්දුගේ විශ්වාසභංගය ව්‍යවස්ථා විරෝධීයි.. එය ශ්‍රේෂ්ඨාධිකරණයට අභියෝගයක්…
Posted on March 30th, 2025

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමට ගෙන ඇවිත් තිබෙන විශ්වාසභංගය නිශ්ඵල කටයුත්තක් බව හිටපු අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයට පත් කිරීම නීති විරෝධී බවත් එම ධුරයේ කටයුතු කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබියදී ඔහු තවදුරටත් පොලිස්පති වශයෙන් කටයුතු නොකරන බව ඒ මහතා පෙන්වා දෙයි.

පාර්ලිමේන්තුවට එවන් විශ්වාසභංගයක් ඉදිරිපත් කළ හැක්කේ ඒ මොහොතේ ධුරය දරන පුද්ගලයකුට පමණක් බවද හෙතෙම පෙන්වා දෙයි.

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් එවන් යෝජනාවක් කතානායකවරයා බාර ගැනීමද ව්‍යවස්ථා විරෝධී බවද ඔහු පෙන්වා දෙයි.

මෙම විශ්වාස භංග යෝජනාව හරහා පාර්ලිමේන්තුව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අභියෝග කරන බවත් හිටපු ඇමතිවරයා තව දුරටත් පැවසුවේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress