ජනපතිවරුන් 8 දෙනෙකු නොකළ, එහෙත් සූදානම් වූ, පාවාදීම ජනපති අනුර ලවා කරවා ගැනීම
Posted on March 31st, 2025

උපුටා ගැන්ම  ලංකා ලීඩර්

1987 ඉන්දු ලංකා ගිවිසුමට පසුව භූ දේශපාලන තලයේදී ඊට වඩා භයානක ආරක්ෂක (Defence) ගිවිසුමක් ඉන්දියාව සමඟ අත්සන් කිරීම ඉතා භයානක ආරම්භයක් බව ජාතික සංවිධාන කියයි. ඉන්දියානු අගමැති සහ ශ්‍රී ලංකාවේ ජනාධිපති අතර අත්සන් කිරීමට නියමිත අවබෝධතා ගිවිසුම් 5ක් පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධාන මතය විමසීමේදී වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා එසේ සඳහන් කළේය.  තවදුරටත් අදහස් දැක්වූ ඔහු සදහන් කලේ එම ගිවිසුම් මගින් ඉතිහාසයේ කිසිදු ජනාධිපතිවරයෙකු විසින් නොකළ මහා පාවාදීමක් සිදුවන බවය. 

ඔහුට අනුව ආරක්ෂක ගිවිසුමක් මගින් ඍජුව හමුදා ක්‍රීයාකාරීත්වයට මඟ පාදන බැවින් චීනයට එරෙහිව දියත් කෙරෙන ඉන්දු – ඇමෙරිකානු යුද ක්‍රියාන්විතයේදී ශ්‍රී ලංකාව උපාය මාර්ගික මර්මස්ථානයක් ලෙස බරපතළ යුදමය වාතාවරණයකට මුහුණ දීමට සිදුවේ. ඒ් අතර විදුලි පද්ධති ඒකාබද්ධ කිරීම මගින් ඩිජිටල්කරණ ක්‍රියාවලියට අදාල ගිවිසුම් මගින් ශ්‍රී ලංකාවේ දත්ත ස්වෛරීභාවය අනතුරට ලක්වන බවද ඔහු සදහන් කරයි. මෙම තත්වය ඌරාගේ පිටේ තබා ඌරාගේ මස් කැපීමේ උපමාවට සමාන තත්වයක් බව, ඒනම් ඉන්දියානු ව්‍යාප්තවාදී මෙහෙයුමට සහ බෙදුම්වාදී මාර්ග සිතියමට එරෙහිව ජීවිත පරිත්‍යාගයෙන් සටන් කළ පක්ෂයක නායකයෙකු විසින් සිදු කරන මහා පාවාදීමක් ලෙස ඔහු හදුන්වයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress