අනුරට අද නූතන එළාරගේ භූමිකාව රඟදක්වන්න වෙලා – කාන්තා පරපුර (වීඩියෝ)
Posted on August 2nd, 2025
උපුටා ගැන්ම ලංකා ලීඩර්
කාන්තා පරපුර සංවිධානය විසින් ‘අධ්‍යාපන ඇමතිනීගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ ජනපතිගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සමපාත නොවීම’ සම්බන්ධව අදහස් දැක්වීමේ මාධ්‍ය හමුවක් ඊයේ (01) දින පැවැත්වුණි. මෙම අවස්ථාවට කන්තා පරපුර සංවිධානයේ විධායක කමිටු සාමාජිකා ෆාතිමා හර්ෂණී සහ කාන්තා පරපුරේ ක්‍රියාකාරිනියන් සහභාගි විය.
එහිදී අදහස් දැක්වූ ෆාතිමා මහත්මිය සදහන් කළේ එදා රනිල් වික්‍රමසිංහ මහතාගේ ධවල පත්‍රිකාවට විරෝධය දක්වා තම ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවූ ත්‍රිමා විතානලාගේ පරපුර නියෝජනය කළ ජනතා විමුක්ති පෙරමුණේ නායකයාට අද එම ධවල පත්‍රකාව වැනිම වූ ඊනියා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සදහා සහය දාක්වීමට සිදුවීම කුමන තත්වයක් දැයි තමන්ට නොතේරෙන බවත්, තඹුත්තේගමින් ආපු අනුර කුමාර දිසානායක මහතාට නූතන එළාරගේ භූමිකාව රඟ දැක්වීමට සිදුවී ඇති බවයි.
සම්පූර්ණ මාධ්‍ය හමුව පහතින්