ගෝඨාභය දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලංකාපු හැටි ශ්‍රී ලාංකික සංසදයේ විධායක ලේකම් යසස් ධර්මදාස හෙළිකරයි.. (වීඩියෝ)
Posted on August 4th, 2025

උපුටා ගැන්ම  ලංකා ලීඩර්

නීතිය සහ ව්‍යාතිරේකය බිඳවැටීම ආරම්භ වූයේ 2015 යහපාලන රජය පවතිද්දී බවත්, ජිනීවා මානව හිමිකම් කොමිසමේ දී රණවිරුවන්ට එල්ල වූ යුද අපරාධ චෝදනා ප්‍රතික්ෂේප නොකර එම රජය විසින් එම චෝදනා පිළිගත් බවත් ශ්‍රී ලාංකික සංසදයේ විධායක ලේකම් යසස් ධර්මදාස මහතා පවසයි.

ජාතික සංවිධාන එකමුතුව මගින් පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව සිටියදී රණවිරුවන්ට මෙම චෝදනා එල්ලවීමේ දී ඒ සඳහා පිළිතුරු ලබාදීම සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්නයක් තිබුන බවත්, දරුස්මාන් වාර්තාවේ කරුණු සත්‍යදැයි සොයන්නට සිදුවූයේ මහ බැංකු අධිපතිව සිටි අජිත් නිවාඩ් කබ්රාල් මහතාට බවත් ඒ මහතා සඳහන් කරයි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති සමයේ දෙමළ ඩයස්පෝරාව විසින් තමන්ගේ සූක්ෂම වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ ආකාරය ගැනද ඒ මහතා මෙහිදී හෙළිදරව් කළේය.

සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න..

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress