මට ඩිමෙන්ෂියා තියෙනවා.. කතා කරන ඒවා ලියල දෙන්න..’- ඇමති ලාල් කාන්ත
Posted on August 15th, 2025
lanka C news
August 15, 2025 at 10:22 pm |

‘මට ඩිමෙන්ෂියා තියෙනවා.. ළග ඒව පොඩ්ඩක් අමතක වෙනවා’ යයි ඇමති කේ.ඩී. ලාල් කාන්ත මහතා පැවසීය.
කොළඹදී පැවති රජයේ මිනුන්දෝරු සංගමයේ 99 වන සංවත්සර උත්සවය අමතමින් ඔහු මේ බව පැවසුවේය.
තමා දරන වෘත්තීය සමිති නායක සහ කැබිනට් අමාත්‍ය යන දෙකේම වගකීම් දෙකම සමබරව පවත්වාගෙන යාමට සිදුව ඇති බවත් එම නිසා කතා කිරීමේදී සහ තීරණ ගැනීමේදී ප‍්‍රවේශම් විය යුතු බවත් ඔහු සදහන් කලේය.
තමාට ඩිමෙන්ෂියා ඇති බවත් මෑත සිදුවීම් සමහරක් තමාට අමතක වන බවත් එනිසා සාකච්ඡා කළ කරුණු ලිඛිතව ලබා දෙන ලෙස ඔහු සංගමයේ සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටි බවත් හෙතෙම පැවසුවේය.
ඩිමෙන්ෂියා (Dementia) යනු මතකය, චින්තනය, භාෂාව සහ ගැටලු විසඳීමේ හැකියාවට බලපාන රෝගී තත්ත්වයන් කිහිපයක එකතුවකි. මෙය මොළයේ සෛල වලට හානි වීමෙන් හෝ මිය යාමෙන් ඇතිවන රෝග ලක්ෂණ සමූහයකි.
මතකය දුර්වල වීම, දෛනික කටයුතු සිදුකිරීමට ඇති හැකියාව අඩු වීම, කතා කිරීමට සහ භාෂාව තේරුම් ගැනීමට අපහසු වීම, මනෝභාවය සහ හැසිරීම් වල වෙනස්කම් ඇති වීම ප්‍රධාන රෝග ලක්ෂණ වෙයි.
ඩිමෙන්ෂියා යනු වයස්ගත වීමත් සමඟ ඇතිවන සාමාන්‍ය තත්ත්වයක් නොවන අතර, බොහෝවිට ඇල්ෂයිමර්ස් (Alzheimer’s) රෝගය හෝ වෙනත් ස්නායු රෝග තත්ත්වයන් නිසා ඇතිවේ. මෙම තත්ත්වයන් පුද්ගලයෙකුගේ දෛනික ජීවිතයට සහ සමාජ සම්බන්ධතා වලට බලපෑමක් ඇති කළ හැකිය.