මැතිවරණකොමිෂන් සභාවේ සභාපතිතුමා විසින් ගරු ජනාධිපතිතුමාගෙ ලේකම්තුමාට දැනුම් දෙමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදය නිවැරදිව ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීමට අදාල පියවර ගැනීමට කියයි….
Posted on August 17th, 2025

මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදයට ගැලපෙන ලෙස ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ (b) ඡේදය නිවැරදිව පළකරන ලෙස නීතීඥවරුන් 209ක් සහ නීතීඥවරුන් නොවන පුරවැසියන් 104ක් විසින් ගරු ජනාධිපතිතුමාගෙන් කරන ඉල්ලීම් ගැන ජනාධිපති ලේකම් කාර්යාලය දැනුවත් කර එකී ඉල්ලීම් සහිත A-3 ප්‍රමාණයේ ලේඛන 34 2025.08.14 දින ජනාධිපති මහජන සම්බන්ධතා අංශය වෙත බාර දී ඇත.

ජනාධිපති මහජන සම්බන්ධතා අංශය වෙත ඉල්ලීම් බාරදුන් බවට අදාල  ලේඛනය මේ සමඟ අමුණා ඇත.

ස්වාධීන රූපවාහිනීයේ 2025.08.14 දින සවස 6.30 ප්‍රවෘත්ති විකාශයේ  https://www.youtube.com/live/s5YIqYDoGvo?si=etwh3jdgQuf4gyQo?&t=1686
සහ 2025.08.15 දින දිවයින පුවත්පතේ 2 වන පිටුවේ පළවූසිංහල මුද්‍රණයට ගැලපෙන ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි මුද්‍රණය නිවැරදි කරන්න.
(දිවයින 2025.08.15)
https://www.divaina.lk/main-news/22720

ජනාධිපති ධූරකාලය සහ පාර්ලිමේන්තුව පවත්නා කාලය වසර 6කට වඩා වැඩි කිරීමට පමණක් ජනමතවිචාරණයක් මගින් ජනතාවගේ අනුමැතිය අවශ්‍ය බවත්, එම කාලය වසර 6කට වඩා අඩුකර ගැනීමට  ජනමතවිචාරණයක් මගින් ජනතාවගේ අනුමැතිය අවශ්‍ය නොවන බවත් ඉංග්‍රීසියෙන් මුද්‍රණය කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ (b) ඡේදය අනුව දැක්වෙන අතර, ඒ අනුව 2015 දී ඉදිරිපත් වූ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී ජනාධිපති ධූරකාලය සහ පාර්ලිමේන්තුව පවත්නා කාලය වසර 6කට වඩා අඩු කර ගත්තේ එනම් වසර 5ක් බවට පත්කර ගනු ලැබූයේ ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මුද්‍රණය අනුව කටයුතු කිරීමෙන් ය. එසේ වුවත් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කටයුතු කිරීමේදී එනම් ජනාධිපති ධූරකාලය සහ පාර්ලිමේන්තුව පවත්නා කාලය වසර 6කට වඩා අඩු කර ගැනීමට එනම් වසර 5ක් කිරීමට ජනමතවිචාරණයක් පවත්වා ජනතාවගේ අනුමැතිය ලබා ගත යුතු වෙයි.

එසේම මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිතුමාවද මේ සම්බන්ධයෙන් දැනුවත් කර තිබූ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදය නිවැරදිව ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීම සඳහා ගරු ජනාධිපතිතුමා දැනුම්වත් කොට අදාල නිවැරදි කිරීම ස‍ඳහා අවශ්‍ය කටයුතු සලසා දෙන මෙන් ජනාධිපති ලේකම්තුමා වෙත ලිපියක් යවා ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා විසින් නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා වෙත දැනුම් දී ඇත.

ඒ බවට අදාල ලේඛනය මේ සමඟ අමුණා ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.(ආ) ඡේදයේ ඉංග්‍රීසි භාෂා පාඨයේ ඇති දෝෂයක් නිවැරදි කිරීමට අදාල පියවර ගැනීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිතුමා ඇතුලු සියලු දෙනාටම ස්තුතිය ප්‍රකාශකර සිටී.

http://neethiyalk.blogspot.com/2025/08/83.html?m=1

මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0712063394
(2025.08.16)

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress