උතුරු නැගෙනහිර හර්තාලය අසාර්ථකයි: මඩකලපුව නගරාධිපතිගෙන් වෙළඳුන්ට තර්ජන
Posted on August 18th, 2025

උපුටා ගැන්ම  හිරු පුවත්

මුලතිව්, මුත්තියාන්කට්ටු හි යුද හමුදා කඳවුරකට ඇතුළු වූ පුද්ගලයෙකු මරණයට පත්වීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් උතුරු – නැගෙනහිර පළාත්වල අද හර්තාලයක් ක්‍රියාත්මක වුණා.

කෙසේ වෙතත් එම ප්‍රදේශවල දෛනික කටයුතු සාමාන්‍ය පරිදි සිදුවූු බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

ඒ අනුව බොහෝ ප්‍රදේශවල පාසල් කටයුතු සාමාන්‍ය පරිදි සිදු වූ අතර, කඩ සාප්පු ද විවෘත කර තිබුණා.

මුත්තියාන්කට්ටු හි පිහිටි, යුද හමුදා 12 වැනි සිංහ රෙජිමේන්තු කඳවුරට අනවසරයෙන් ඇතුළු වූ පිරිසක් පළවා හැරීමට හමුදා සාමාජිකයින් පියවර ගෙන තිබූ අතර එහිදී පළා ගිය අයෙකු වැවේ ගිලී මියගොස් ඇති බවටයි පසුව අනාවරණය වුණේ.

කෙසේ වෙතත් මෙම මරණය සම්බන්ධයෙන් මියගිය පුද්ගලයාගේ ඥාතීන් සහ ඇතැම් දේශපාලන පක්ෂ යුද හමුදාවට චෝදනා එල්ල කළා.

කෙසේ වෙතත් අද ක්‍රියාත්මක වූ හර්තාල් ව්‍යාපාරය අතරතුර විවෘත කර තිබූ වෙළෙඳසැල් වසා දමන ලෙසට මඩකලපුව නගරාධිපතිවරයා වෙළදුන්ට දැනුම් දී තිබුණා.

වෙළෙඳුන් සඳහන් කළේ, විවෘත කර ඇති වෙළඳසැල්වල බලපත්‍ර අවලංගු කරන බවට එහිදී නගරාධිපතිවරයා තර්ජනය කළ බවයි.

එහිදී වෙළඳුන්ගෙන් එල්ල වූ දැඩි විරෝධය හේතුවෙන් නගරාධිපතිවරයා එම ස්ථානයෙන් පිටව ගිය බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress