ඉංග්‍රීසි පනත් අධිකරණයට ඉදිරිපත් කරන අයට එරෙහිව නඩු?නීතීඥවරයෙක් කතානායකට, නීතිපතිට, නීතීඥ සංගමයට දැනුම් දෙයි.
Posted on August 24th, 2025
මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1, 2, 3, 7, 9, 10, 23, 79, 80, 83 වන ව්‍යවස්ථා අනුව කතානායකවරයාට හෝ ජනාධිපතිවරයාට සහතිකය යෙදිය නොහැකි ඉංග්‍රීසි භාෂා පරිවර්තන පනත් නීති ලෙස භාවිතා කිරීම වළක්වන ලෙස සහ ව්‍යවස්ථාපිත යුතුකම ඉටුකිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා පාර්ලිමේන්තු කතානායක ජනාධිපති ලේකම්, ජනාධිපති ලේකම් කාර්යාලය, ගාලුමුවදොර, කොළඹ 01. පාර්ලිමේන්තුවේ මහ ලේකම්, පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ, සභාපති, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, අංක 14, ආර්. ඒ. ද මෙල් මාවත, කොළඹ 04., ලේකම්, අධිකරණ අමාත්‍යාංශය, අංක 19, ශ්‍රී සංඝරාජ මාවත, කොළඹ 10., ලේකම්, අධිකරණ සේවා කොමිෂන් සභාව, අලුත්කඩේ, කොළඹ 12, රෙජිස්ට්‍රාර්, අභියාචනාධිකරණය, අලුත්කඩේ, කොළඹ 12.,නීති කෙටුම්පත් සම්පාදක, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව, අධිකරණ මාවත,කොළඹ 12.,සභාපති, ශ්‍රී ලංකා නීතීඥ සංගමය, මිහිදු මාවත, අලුත්කඩේ, කොළඹ 12.වෙත 2025 අගෝස්තු 21 දින ලිඛිතව දැනුම් දී ඇත.
ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යස්ථාවේ (ආ) ඡේදය නිවැරදිව ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීම සදහා ජනාධිපතිතුමා දැනුවත් කර අදාල නිවැරදි කිරීම සදහා අවශ්‍ය කටයුතු සළසා දෙන ලෙස ජනාධිපති ලේකම්තුමා වෙත මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා විසින් දැනුම් දී ඇති බව ව්‍යවස්ථාවේ හිලක්, 2025.08.18 දින ලංකාදීප පුවත්පතේ මුල් පිටුව මගින් වාර්තා කර ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1, 2, 3, 7, 9, 10, 23, 79, 80, 83 ව්‍යවස්ථා අනුව කතානායකවරයාට හෝ ජනාධිපතිවරයාට සහතිකය යෙදිය නොහැකි ඉංග්‍රීසි භාෂා පරිවර්තන පනත් නීති ලෙස භාවිතා කිරීම වළක්වන ලෙස සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හතරවන උපලේඛනය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කිරීමේ යුතුකම සම්බන්ධයෙන් සහ 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පනත සම්බන්ධයෙන්ද අවධානය යොමු කරන ලෙසත් නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා විසින් කතානායක, ජනාධිපති ලේකම්, පාර්ලිමේන්තුවේ මහ ලේකම්, සභාපති, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, ලේකම්, අධිකරණ අමාත්‍යාංශය, ලේකම්, අධිකරණ සේවා කොමිෂන් සභාව, අලුත්කඩේ, රෙජිස්ට්‍රාර්, අභියාචනාධිකරණය,නීති කෙටුම්පත් සම්පාදක,සභාපති, ශ්‍රී ලංකා නීතීඥ සංගමය වෙත දැන්වීම් යොමු කර ඇති හෙයින් මෙම කාරණාව තවදුරටත් නොදන්නා බව පැවසීමේ හැකියාවක් අදාල පාර්ශවයන්ට නොමැත.
එසේ හෙයින් තවදුරටත් නීති ලෙස සැළකෙන සිංහල හෝ දෙමළ භාෂා පනත් (අනනුකූල විට සිංහල භාෂා පාඨය බලාත්මක) අධිකරණයට හෝ නෛතික කටයුතුවලදී ඉදිරිපත් නොකර කතානායක සහතිකය නොමැති ඉංග්‍රීසි පරිවර්තන පනත් අධිකරණයට හෝ නෛතික කටයුතු වලදී යොදා ගන්නා අයට එරෙහිව නඩු පවරනු ලැබීමේ අවස්ථා මතු වෙයි.
http://neethiyalk.blogspot.com/2025/08/blog-post_23.html?m=1
මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන දුරකථන 0712063394
(2025.08.23)