සිංහල දේශයේ  ‘’රාජ්‍යාගම ‘’හෙවත් ඓතිහාසික  උරුමයට අත නොතබනු 
Posted on August 31st, 2025

ධර්මසිරි සෙනෙවිරත්න

රාවනා දී වශයෙන් කියවෙන හෙළ පාලනය  පිරිහීමෙන් පසුව  අප දිවයින පාලනය කලේ කුඩා කුඩා හෙළ  කණ්ඩායම්ය.මේ අතර පැමිණි  විජයසිංහගේ සිංහ වංශිකයන්ද  භද්ද කච්චානාගේ ශාක්‍ය වංශිකයන් ද  ග්‍රීක  ආදී විවිධ වාර්ගිකයිනුත් ජෛන, නිඝන්ට,පාශාන්ඩ  ආදී විවිධ  විවිධ ආගමික මත ධාරිනුත් ,’’නිරාගමික ‘හා නිදහස් මතධාරීන්ගේනුත්  සැදී සමාජයත් ආදී හෙළ කණ්ඩායම් හා එකතු කර’’එක්සේසතක් ‘ යටතට ගෙනාවේ  පණ්ඩුකාභය  විසිනි . එය අති විශේෂ ‘ව්‍යාපෘතියකි . විජය සිංහයන් විසින් කුවේණි පරපුරට  කල වෙනස්කම් නිසා අමනාපවී සිටි බොහෝ යක්ඛයින් සමග ඔහු පළමුවෙන් මිතුරු විය .චිත්ත රාජ ,කාලවේල, වලවා මුඛී , චේතියා වැනි නායක නායිකාවෝ ඒ අතර වුහ .මුළු මහත් බහුතරය විසින් නොපිළිගත් ‘’මිතයන්  ‘’පවා රජුගේ පිලිගනීමට ලක් වුවා පමණක් නොව ඔවුන්ට නිදහසේ ජීවත් වීමට ප්‍රදේශ වෙන් කර දුන්නේය.  නානා පාශාන්ඩයන්ට ද අ ක්කර හත් දාහක්  දුන් බව කියැවේ.මේ අතර ඔහුකල සුවිශේෂී ක්‍රියාවක් නම්  වෛදික බ්‍රාහ්මණයන්ට වඩා නිදහස් මතධාරීන් වූ ග්රීකයන් නගර පාලනයට සම්බන්ධ කරගැනීමයි.  කුඩා නගර එක්කර පිහිටුවූ  ‘’අධි නගරයේ.  නගරාධිපති වුයේ  ග්රීකයෙකි.එහෙත් ග්‍රීක පුර රාජ්‍යයේ පැ වතී වහලුන් තබා ගැනීම  හා ස්ත්‍රිය දෙවන තැනට දැමීම වැනි කරුණු පණ්ඩුකාභය තම ක්‍රමය තුලට වැද්ද ගත්තේ නැත.ඒ වෙනුවට බෞද්ධ ක්‍රමය ‘සීරුවෙන්’ යොදා ගත්තේය  . බෙදී විසිරී ගිය ජනසමුහයක් සංතෘප්ත කර ඔවුන්ගේ ජන ජීවිතයට බාධා  නොවනසේ යම් නිදහසක් දී ඔවුන්ද සමාජයේ කොටස් බව අවබෝධ වීමට සැලැස් වීම  ප්‍රථම අදියරේදී අවශ්‍ය බව රජු තේරුම් ගන්නට ඇත .බමුණු මතවාදය ඊට හරස් වෙන බවත් ග්‍රීක  නිදහස් මතවාද එහිදී ඊට වඩා ප්‍රයෝජනවත් බවත් තේරුම් ගන්නට  ඇත.බද්ධ කච්චාන ශාක්‍ය ’බහුජන හිතාය ,බහුජන සුඛාය ‘චින්තනයටද එය එකඟ විය .   චින්තනයෙන් වෙනස් වු නානාප්‍රකාර වාර්ගිකත්වයෙන් යුතු වුවද  මෙසේ මහා සමාජයේ පිළිගැනීමට ලක්වීමෙන්  සංතෘප්ත වූ ජනතාව  එකල භාවිතවූ  ‘’හෙළ  භාෂාව ‘’නම්  රැහැනින්  එකට බැඳ තැබීම  අපහසු නොවීය .  ක්‍රම ක්‍රමයෙන්  එකම බසක් කතා කරන  එකම ‘’ජාතියක් ‘ ටික කලකින්ම බිහි විය. භාෂාව සිංහල විය . ජාතිය සිංහල විය .

                                                      මේ විවිධ වාර්ගික ‘’සුසැදිය ‘‘  කඩා බිඳ විසිරී යාම වලක්වා ගැනීම  සඳහා’’කාලීන අවශ්‍යතාවක් ලෙස ‘’ රජු තවත් ග්‍රීක ලිබරල්  උපක්‍රමයක් ‘’ප්‍රයෝජනයට ගත්තේය . සියලු සත්වයාම මෛථුනයට ආසක්තය.බහුශෘතයෝ ,පණ්ඩිතයෝ , උගත්තු නුගත්තු  කවුරුත් වාද භේද  අ ත හැර මෙහිදී එකතු වෙන බව දත් පණ්ඩුකාභය ‘’රාග දෙවොල් ‘’ සංකල්පයද හඳුන්වා දුන්නේය .ප්‍රභූ නිර්ප්‍රභූ භේදයක් නොමැති බව  ඇඟවෙන් නට  රජු රාත්‍රී කාලයේ රජකමට මාමා අභය පත් කර තෙමේ ද සෙසු ජනතාව සමග රාගදෙවෝල්  තුල විනෝද විය .’’අපි ඔක්කොම රජවරු ‘’යයි ජනතාවට එවන් විට සිතෙන්නට ඇත . ජනතාව ‘’එක්සේසතක් ‘’යටතට ගෙනෙන මේ මුල් සමයේදී ,ජන සිත් සතන් තුල  ඇතිවිය හැකි කලකිරීම් ,කාන්සාව  හා ද්වේශය  මගින් මෙහෙයවෙන ‘’අරගල ‘’හා නොසන්සුන්තා  ඇතිවීමේ ප්‍රවනතාවද මදකින් හෝ  අවුරා ගැනීමට මේ රාග දෙවොල් උපකාරී විය ..මෙසේ නිදහසේ තම  ආතතීන්  පහකරගන්නා  අ ය ‘’දෙනදෙයක් කාබී  වෙනදෙයක්  බලාගෙන සිටින බව ‘’ රජු තේරුම් ගන්නට ඇත. මේ ක්‍රමය නිසා ජනතාවට  පාලකයා එපා වුයේ නැත . රජු ජනතාව එක්සේසතක් යටතට ගත්තේ ,කාලාම සුත්‍රයේ සඳහන් ‘’නිදහස් චින්තන දැල’’ජනතාව මත හෙලා ඒ  දැලතුල හිඳිමින්ම නිදහස භුක්ති විඳීමට ත් ඉඩ ලැබෙන සේ කටයුතු කිරීමෙනි .  

                                                                            බ්‍රාහ්මණ යන්ගේ විවිධ තහංචි  හා මර්දන වෙනුවට ඔහු සීරුවෙන් කච්චානා ශාක්‍ය පරපුරේ  කාලාම සුත්‍රයෙන් කියවෙන නිදහස් චින්තනය අනුව හොඳ නරක  ,වැඩ අවැඩ  ගැන පමණක්  උපදෙස් දෙමින්  තම සීමා  තෝරා ගැනීමේ  නිදහස ජනතාවට ලබා දුන්පසු ,,බොහෝ අංශ වලින් සන්තර්පණය වී සිටි ජනතාවද අලුතෙන් හිතන්නට පුරුදුවී  මේ චින්තනය ට ආසක්ත වන්නට වුහ. සිදුහත් කුමරුට පවා  කාමරාගයේ නිස්සාරත්වය  හා අස්තිරබව හද පත්ලටම කිඳා බැස්සේ  කාමරාගී ජීවිතය උපරිම ලෙස වින්දාට පසුවය .අද වුවත් බොහෝ බටහිරයෝ බුදුදහම සොයා එන්නේ  එසේ  තේරුම් ගත්  පසුවය .මුලික ජීවන අවශ්‍යතා ඉටු කරගත් ජනතාව  ඊට පසුව ගැඹුරු  දාර්ශනික  කරුණු කාරනා ගැන හිත යොමු කරන බව රජු  දැනසිටියේය. එතුමා අනුරාධ පුර නගරය නිර්මාණය කලේද සිය මිත්තනිය බද්ධ කච්චානාගේ සොයුරු  අනුර ශාක්‍යසිංහගේ  උපදෙස් අනුවය .ඒ වනවිටත් එතනම කලකට පෙර දියුණු නගරයක් පැවතී බව ඉසිවර  ශාක්‍ය සිංහයෝ දැන සිටියාද  වියහැක .(( දැරණියගලයන්ගේ සල්ගහවත්ත කැනීමෙන් එවන් නගරයක් ඊට පෙර පැ වතී බව සනාථ විය)).

                                    මෙසේ  ක්‍රි .පූ437 -367  බිහිකළරාජ්‍ය ක්‍රමය හා  අනුරාධ පුර රාජධානිය ක්‍රි .ව  1017  පමණ වනතෙක්   වසර 1500 ක් පුරා අඛණ්ඩව ආශ්චර්යමත් නගරයක් ලෙස  පැවතුනේය.ධර්මාශෝක යන්ගේ පාලන ක්‍රමය  පවා පැවතුනේ ටික කළකි . පන්ඩුකාභයගේ පුත් මුටසිවගෙන් පසු ඔහු පුත් තිස්සගේ කාලය වන විට පණ්ඩුකාභය විසින් බිහිකල ජාතිය  ගුණ නුවණින් මෝරා වැඩී යත්ම  අන්ධ විශ්වාසයන් වෙනුවට බුදු දහමේ ‘’එව බලව’ වැනි සංකල්පයන්  කෙරෙහි වඩාත් යොමුවෙන තත් වයකට පත්ව තිබිණි . වැඩිදුර නොවිමසා යම ක් දැක්ක දුටු පමණින් විශ්වාස නොකල යුතුබව  පසක් කරන චුල්ල හත්ති පදොපම සුත්රය මගින් මිහිඳු හිමි ජාතියේ චිරස්ථිතිය ට හේතුවන මුල් පාඩම  කියාදෙන විටම එය මැනැවින් ග්‍රහණය  කරගැනීමට ඔවුහු  සමත් වුහ.  

                                                             ක්‍රිස්තු පුර් ව 307 -267   අතර –බු .ව 236  පොසොන් පෝ  දිනෙක හෙළදිව දම්දෙසු  මිහිඳු හිමියන් ගෙන් පසුව හෙළදිව සංස්කෘතිය බෞද්ධ සංකල්ප  හා මිශ්‍රව නවතම සංස්කෘතියක් බිහිවිය.මේ දේවානම් පියතිස්ස රජ සමයයි. රතිය රාගය  හා අධික තෘෂ්ණාව හැකි තරම් සීමා කරන ප්‍රාණඝාතයෙන් බොහෝ දුරට වැලකුණ ලෝකධර්ම විෂයෙහි කම්පා නොවී ලද දෙයින් සංතෘප්ත වෙමින් ඒ සමගම වීර්යයෙන් කටයුතු කරන  යම් මැද මාවතකට  සමාජය යොමු කරන ජීවන ක්‍රමයක් මේ මගින් බිහිවිය. එසේ ජීවන -කෘත්‍යය/පිළිවෙත සංස්කරණය   කර ගැනීමෙන් නව සංස්කෘතිය බිහිවිය. 

                                                                    මෙසේ බිහි වූ සංස්කෘතිය හෙවත් ජීවන දැක්ම නිසාම වෙනත් කිසිම ආගමික රටක නැති උපේක්ෂා කරුණා මුදිතා ගුණයෙන් පිරි ජන සමුහයක් සිංහලද්වීපය තුල බිහිවිය. වෙන අ ය මෙන් මේ සංස්කෘතික ජනතාව අන්‍ය ලබ්ධිකයන් මැරුවේ නැත. අනුන්ගේ සම්පත් කොල්ල කෑවේ නැත. චේතනාන්විත  ප්‍රාණඝාතය පිලිකෙවූ කල, එය දස අකුසලයෙන් එකක්  ලෙස පිළිගත්  එකම සමාජය මේ  බෞද්ධ  සමාජයයි .මෙදා සිටම රාජ්‍ය පාලකයා ‘’බෝසත් ‘’ගති පැවතුම් ඇත්තෙක් විය යුතුය යන මතය  ජාතික විඥානය  තුලට කාවැදුනේය.’’නොබෝසත් නොරජ වම්හ ‘’හෙවත් බෝසත් ගතිගුණ නැත්තෙක් රජ නොවිය යුතුය යන මතය බිහිවිය .  මේ නිසාම සංඝ බෝධි , අග්ග බෝධි වැනි  බෝසත් තේරුම දෙන නම් දැරීමට රජවරු පෙළඹුනේ ය. රාජ්‍යත්වය ස්ථිර වීමට නම්  දළදා සමිඳු ගේ භාරකාරත්වය අයිති විය යුතුය යන අදහස ජාතික විඥානය  තුල කිඳා බැස්සේය . මාඝාත නීති පැනවූ එකම රට සින්හලදීපයයි . මේ ජාතික විඥානය  දිගටම පවත්වා ගැනීමට මුල් වුනේ සංඝ සමාජයයි .මිහිඳු හිමියන් විසින් මෙහි  සම්බුද්ධ සාෂණය  ස්ථාපිත කර   භික්ෂු සමාජය  ගිහි සමාජය හා  බද්ධ කළේය. දේවානම් පියතිස්ස විසින් අඩිතාලම දැමු අශෝකගේ අනුබල ලැබූ මේ සමාජය මෙහෙය වුයේ අනුබුදු  හිමියන් විසිනි.  අශෝක තම පුතා හා දුව යන දෙදෙනාම මේ විශේෂ කාර් ය භාරයට යෙදවූ නිසා මේ දක්වාත් ශ්‍රී සද්ධර්මය මේ දිවයින තුල නිරුපද්රිතව සුරැකී ඇත.භාරතය ඒ අතර හින්දු විය .එසේ බ්‍රාහ්මණ සංස්කෘතියට යට නොවී පිවිතුරු බුදු  දහම ලොවට දෙන්නට සිංහලේ ඉතිරිවිය .

                         මේ සුවිශේෂී වගකීම ගැන වසර දාස් ගණනක් අප ගලේ කොටා පොතේ ලියා ඇත.

                                                            මිහිඳු හිමි දම් දෙසීමට තෝරා ගත්තේ  දඩකෙලි කාමොත්සව දිනයයි.ප්‍රීති ප්‍රමෝදයෙන් අනුරාගයෙන් මත්ව සිටියවුන් නිරන්තරයෙන් අපේක්ෂා කලේ ඒ ප්‍රීති ප්‍රමෝදය නොනැසී රඳවා තබා ගැනීමට වුවත් එය  එසේ නොවන විට ඔවුහු කනස්සල්ලට පත් වුහ. ඒ සියල්ල අනියත බවත් වෙනස්වන සුළු බවත් තන්හාව ශෝකය ජනිත කරන බවත් ,මෙයින්  ගැලවීමේ මගක් වූ ඇති බවත්,ඒ මග සොයා ගත හැක්කේ  විචක්ෂණ ශීලීව ප්‍රඥාව මෙහෙයවීමෙන් බවත්  මිහිඳු හිමියන් විසින් දේශනා කරන විට බුද්ධිමත් ජනතාවට  එය බෙහෙවින් ආකර්ෂණය විය .කාමභෝගී දිවියෙ පවා ඇති අස්තිරත්ව්වයෙනුත් බ්රාමනයන්ගේ නොයෙකුත් තහංචි සම්බාධක නිසාත් හෙම්බත්ව සිටි රාජරාජ මහාමාත්‍යාදීහු බුදුදහමේ නව චින්තනයෙන්  විෂ්මප්‍රාප්ත වී රාජ්‍ය පරිපාලන කටයුතු වලින් පවා ඈත්වී  ඒ මග යන්නට පෙළඹුනහ.ශෘංගාර  දිවියේ අසීමාන්තික නැඹුරුවීම් නිසා දරුගැබ් දැරීම් ප්‍රසව වේදනා  ආදී  විපාක  හෝ හෙම්බත් වීම වැඩියෙන් ම පසක්වූ නිසාදෝ රජ බිසෝ වරු හා අන්තඃ පුර කාන්තාවෝ බුරුතු පිටින්  ගිහි සැප අත්හැර පැවිදි වන්නට වුහ.දිවියේ ශෘංගාර  කලා පයෙන් ඉවත්වී බණ භාවනා පුදපුජා මගින් කෙලෙස් ප්‍රහීන කිරීමට   බිසෝ වරු යොමු වූ විට එය රාජ්‍ය පාලන යටද අහිත කර ලෙස බල පෑවේය .රාෂ්ට්‍ර පාලනයේදී රජුගේ  දුක්ඛ දෝමනස්සයන් , සාංකා හා ආතතීන්  දුරුකර රජු ප්රීතිප්‍රමොදයෙන් තබා ගෙන රාජවංශ නොකඩවා පවත්වා ගැනීමට දු පුතුන් බිහි කලයුතු බිසෝවරු අන් මගක යන අතර  බොහෝ රාජ රාජ මහාමාත්‍යදීනුත්  ගිහි වත හා පැවිදිවත අතර වෙනස හඳුනා ගත නොහැකිව අන්තර්ජාතික වෙළෙඳාම  රාජ්‍ය ආරක්ෂාව මෙන්ම සංවර්ධන කටයුතුද අමතක කරමින් ආගමික කර්තව්‍යයන්ට මුල්තැන දෙමින් මේ නව ක්‍රමය අත් හදා බලන්නට යුහුසුලු වනවිට රාජ්‍යය  අස්ථාවර  වන්නට විය .දෙවන තිස්ස  මියැදී වසර 30 යනවිටම මේ සිදුවන දේ දෙසැ විපරමින් බලා සිටි විදෙශීය අ ස් වෙළඳුන් දෙදෙනෙක් වන  සේන හා ගුත් තික එකල රජුවූ සුරතිස්ස පලවා රාජ්‍ය බලය පැහැර ගත්තේය.වසර 22 ක් පමණ රට සුරාකමින් අපේ ධන සම්පත් සුරාගෙන ගිය උන් ගෙන් රටටහෝ සසුනට යහපතක් නොවුනත් ‘’ධාර්මිකවී සිටි  ‘’ජනතාවඅතරින් උද්ඝෝෂණයක් මතුවුයේ නැත .සටන බුදුදහම පාවාදීමක් යයි කියූ මෙදා තම්බයියාගේ මතයේ උන් සිටියාදැයි නොදනිමි .එනපොට  හොඳ නැතිබව  මෙන්ම ගිහි වත හා පැවිදි වත අතර වෙනස දුටු අසේල තනිවම ගොස් උන් මරා රජවිය.බුදුදහම වරදවා වටහා ගෙන ‘’ආත්මාරක්ෂාවට වත් යුද නොවැදීමේ රෝගයෙන් ‘’ පෙළුන උන් අසේලට සහයෝගයක් දුන්නේ නැත . අසේල වටා ජාත්‍යාලයෙන් ඔදවත් ජනතාවක් හෝ භික්ෂු පිරිසක් මේ වන විටත් සිටියේ නැත .  එහෙත් වසර 19 යන විට නැවතත් එළාර නම් විදේශීය වෙළෙන්දෙක් අසේල ගෙන් රාජ්‍යය පැහැර ගෙන වසර 44 ක් පමණ නිරුපද්‍රිතව රටෙන් අඩක්ම පාලනය කළේය ….මේ තත්වයෙන් සිංහල දීපය වෙනස් කලේ ගාමිණී අභය හෙවත් දුටු ගැමුණු රජතුමාය ..   

                                                              සේන ගුත්තිකලා එළාර ලා  හෝ ඕනෑම විදේශිකයෙක් රාජ්‍යය බලය ගත්තත්  ‘’ඒ උන්ගේ උරුමයයි, අපේ කරුමයයි ‘’ කියා තමන්ගේ වැඩක් බලාගෙන සිටින, ’’විදේශිකයන් ඉඹලා පිළිගන්න ‘’ පිරිසක් එදත් සිටියහ.මොවුන්ගේ පාලනය ඉවසා දරා ගෙන යටත්ව සිටියහ .  වෙළෙන්දා   මෙරට ධන සම්පත් තම රටවලට  ගෙනයාමට අවශ්‍ය සාමය පවත්වා ගැනීමට  පෙන්වූ ප්‍රමාණවත්  ‘’ ධර්මිෂ්ට ‘’ බවෙන් මොවුහු සෑහීමට පත් වුහ . එහෙත් මහින්දා ගමනයේ සිටරටම අපේක්ෂා කල සම්බුද්ධ සාෂණයේ චිරස්ථිතිය  වෙනුවෙන්  මේ විදේශීය පාලකයන් ගෙන්  කිසිදු සේවයක් ඉටු නොවන බවත් රටේ ධනය ඔවුන් විසින් කොල්ල කාගෙන යන බවත් දුටුවේ දේශාභිමානී පිරිස පමණි .අසේල කුමරු තනිව සටන් කර වසර 10 කට මේ ‘’ධන කොල්ලය ‘’නැවැත්තුවත්  සැලසුම් සහිතව අවශ්‍ය තරම් රාජ්ය ආරක්ශාව පිලිබඳ කටයුතු නොකළ  නිසා  එළාර නැවත බලය ගත්තේය .

                                                       ‘’එළාර රජතෙමේ ධාර්මිකය , තෙමේ මිත්‍යා දෘෂ්ටිකය ‘’යි මහාවංශය කියයි .වෙළෙඳ පරංගින්ට වඩා වෙළෙඳ ලන්දේසීන් ද  ‘’යම් තරමකට ධාර්මික ‘වුහ .JR ද තෙමේ ධර්මිෂ්ටයයි පැවසුවේය .ජෛන දහමේ ධාර්මිකත්වයත් හින්දු දහමේ  ධාර්මිකත්වයත්  බුදු දහමේ ධාර්මිකත්වයම නොවේ . බොදු වියතුන්  එළාර  ගේ  ‘’හද දහම’’  දුටුවේ  මානසික විකුර්තියක් ලෙසය .මේ මානසික විකුර්තිය  දනන් තුඩ තුඩ රැවු පිලිරැවූ දුන්නේ මෙසේය         .1. ඔහු  වැස්ස නිසා වී වෙලා ගැනීමට නොහැකි ස්ත්‍රියකට පිහිට වීමට සත්‍ය ක්‍රියාවෙන්  වැස්ස නැවැත්  විය—-(එවිට වැස්ස අවශ්‍ය ගොවියා ගේ තත්වය ?) 2 . තම පැටියා රථයට හසුකර මරා දැමීම ගැන එළදෙනක් විසින් කල පැමිණිල්ල අනුව එළාර  චුදිත තම පුතා මර දැම්මේය .((මෙය නම් ආගමික උන්මාදයක් යයි ජනතාවට  හිතුනා නම් වැරදිද. පුතා මරා දැමීමෙන් එවෙලේ බොරු සාධාරණත්වයක් පෙන්නුම් කර බාලයන් අතර යම් ජනප්‍රියත්වයක් ලබා ගත හැකි වුවද  රාජ්‍යයට අනුප්‍රාප්තිකයෙක්  නැතිවීමේ පාඩුවගැන මුලින්ම සිතී නැත . එහෙත් ඒ ගැන ‘’ හුදියන් නොසිතුවේය ,මැදියන් සිතුවේය යි ‘’යනුවෙන් ඉතිහාස පොතේ  ලියවුනේ එදා ජන මතයයි    )) 3 .තමන්ගේ බිත්තර නයෙක් ගිලදැමුවායයි පැමිණිලි කල කි රිල්ලිය සැනසීමට නයාගේ  බඩ පැලීම–((නයාට වූ අසාධාරණය)) 4 . සම්බුද්ධ සාෂණයේ පැවැත් මට කිසිවක් නොකළ ඔහු  තම  රථය  විහාරයක  ගැටී විහාරයේ කොනක් කැඩුන විට   එය ට වන්දි වශයෙන් කහවනු 14000 ක් භික්ෂුන් අතට  දීම .(((මෙය හිතාමතා කල රංගනයක් බවත් කැඩුන තැන පිළිසකර නොකර භික්ෂුන් තමන්ට නම්මා ගැනීමට මහා පරිමාන අල්ලස් දීමක් බවත් භික්ෂුන් ලාභසත්කාර සඳහා පෙළඹ වීමට කරන ලද්දක් බවත්  බොහෝ අ යට අවබෝධ වන්නට ඇත .)) 

                                           මේ වන විටත් ජාතික  විඥානය  තුලට කාවැදී තිබු  ‘’සම්බුද්ධ සාෂණයේ චිරස්ථිතිය  ඇතිකර එහි සෙවනේ කටයුතුකරමින් අප දැහැමි මිනිසුන් විය යුතුය’’ යන සංකල්පය තුලාබරින් කිරා බලා  එම අහිංසක චින්තනය හේතුවෙන් ජාතියේ හා රටේ ආරක්ෂාව බිඳ හෙලා පාලන බලය අත්පත් කරගෙන   පසුගිය වසර 66 ක් තිස්සේ  විදේශික වෙළෙඳුන් විසින් කල සම්පත් මංකොල්ලය ගැන මනා අවබෝධයක් ලත් ගාමිණී අභය උන්ට විරුද්ධ තම සටනේ තේමා පාඨය ලෙස ‘’මාගේ මේ ව්‍යායාමය වනාහී හුදෙක් සම්බුද්ධ සාෂණයේ  චිරස්ථිතිය සඳහාමය ‘’ යන්න යොදා ගත්තේය .එසේ කලේ ජනතා ජීවන ක්‍රමය දේශපාලන හා ආර්ථික චින්තනය  ආදී සියල්ල සාෂණයේ ස්ථාවර භාවය මත රඳා පවතින නිසාය. .එදා සාතවාහන  ආදී ඉන්දියානු වෙළඳ පාලකයන් හා තරගයට වෙළඳාමේ යෙදුන නොයෙකුත් විදේශීන් ‘’සිංහලේ ධන නිධානය’’ ආක්රමනය කිරීම ඉදිරියේදීත් නොනවත්වන බවත් එළාරට මේවනවිට තමන්ගේම අනුප්‍රාප්තික පුතෙක් නැතත්  භල්ලුක සොයුරා අවස්තාව එනතුරු එතෙර  බලා සිටින බවත් මෙතුමාට අ වබෝධ විය .

      බුදු දහමේ ‘නැවැත්මේ මග’අරමුණෙන් බැහැර නොකරම ‘’පැවැත්මේ මගක්’’ පාදාගැනීම ඔහුගේ අරමුණ විය.

                                                       මෙසේ ක්‍රි :පූ 161දී ස්ථිරසාර ලෙස   ප්‍රතිෂ්ඨාපනය වූ සිංහල බෞද්ධ දේශපාලන ආර්ථික සංස්කෘතික හැඩතල  විසින් සංස්කරණය කල රටේ ජීවන ක්‍රමය  ක්‍රි : ව : 2025 දක්වාත් අවිච්චින්නව  විවිධ කෙනහිලි බාධක මැද පවත්වා ගැනීමට ඉඩ ලැබී ඇත්තේ ඒ ක්‍රමය රටේ පැවැත්මට අවශ්‍යම හා අපටම  අනන්‍ය  ක්‍රමය හෙයිනි.එදා සිට මේ ක්‍රමය වැඩී වර්ධනය වී ජාතික විඥාන ය තුලට කිඳා බැස්ස හැටි පහත දක්වමි .

                                                                   ‘’නො බෝසත් නො රජවම්හ’’ යනු ඉපැරණි පාඨයකි.රජවරු බෝසත් ගතිගුණ ඇත්තන් විය යුතුයි සැලකිණි .බෝසත් සංකල්ප බුදුදහමේ විනා වෙනත් ආගම් වල නැත .එනිසාම බොහෝ රජවරු ‘’බෝධි ‘’යන නම ගත් හ.ක්‍රි :පූ: 161 සිට ක්‍රි :ව : 843 වන විට  සංඝ බෝධි හැර  අග්ග බෝධි නමින්  රජවරු 9 දෙනෙක් ම සිටියහ. සිංහල කමත් බෞද්ධ කමත් එකිනෙකට මොනතරම් බද්ධ වී  තිබුණේදැයි මෙයින් පෙනී යයි .රාජ්‍යත්වය ස්ථිර වීමට නම් දළදා සමිඳුන් ගේ භාරකාරත්වය ලැබිය යුතු විය . අවම වශයෙන් රජවරු තුන් දෙනෙක්  රට තුල ‘’මාඝාත ‘’නීතිය පනවා  ඇත.පුර්ණ බෞද්ධ රටක මිස මෙවන් නීතියක් ආඥාවක් පැන විය නොහැක . චේතනාන්විත ප්‍රාණ ඝාතය දස අකුසලයෙන් එකක් ලෙස සැලකිණි . රජවරු ආඥා දායකයන් නොව රටේ භාරකාරයන්ය යන  දර්ශනය බුදහමින් ලැබුණකි .1815 සිංහල ඉංග්‍රීසි ගිවිසුමේ  5 වගන්තියෙන් බුද්ධාගම නමින් වූ සංස්කෘතිය හා ඒ සමග බැඳී නීතිරීති වලට විශේෂත්වයක් ඇතිබවට ඉන්ග්රීසීන්ට  එකඟ  වීමට සිදුවිය..1893 දී රජයේ අනුමැතියකින් තොරව බෞද්ධ  පුජ්‍ය ස්ථාන ඉදිකිරීමට අවසර දී අනෙක් ආගමික ස්ථාන සඳහා රජයේ අවසරගත යුතුයි තීරණය කිරීමට ඉංග්‍රීසීන්ට  සිදුවුයේ සිංහල දීපය බෞද්ධ රටක් නිසත් ඒ උරුමය  පිළිගත යුතු නිසාත් ය  .රට බහු ආගමික රටක් නම් එසේ තීරණය කරන්නේ නැත. ඒ වන විටත් බෞද්ධයින් 90 % කට වඩා සිටියහ. නොයෙක් බලහත් කාරකම් වලින් පසුවත් අදත් 70 % ක් ඇත . මේ බෞද්ධ කම  නිසාම අන්‍යාගමිකයන්ට අපේ පන්සල් පුදබිම් අසලත්  තම ආගමික ස්ථාන හදා ගන්නට ඉඩක් නිදහසක්  ලැබුනේය.අන්‍යාගමික රටක් වුනානම් මේ නිදහස ලැබෙන්නේ නැත.

                                                                         1948 සිට  රට පාලනය කල  මකොලි අධ්‍යාපනයෙන් කුරුවල් වූ  බටහිර චින්තන වහලුන්ට  ගෝචර නොවූ ‘’නොබැඳි ප්‍රතිපත්තිය ‘’ අනුගමනය කර  ජාත්‍යන්තර ගෞරව ලැබීමට  තරම් සිරිමාවෝ නම් බෞද්ධ කාන්තාව  වාසනාවන්ත වුයේ බුදුදහමේ  ‘’මැද පිළිවෙත ‘’ රට ගොඩනගන මාවත ලෙස ඇයවිසින්  තෝරා ගත්  නිසයි. 1977 දී ජේ ආර් වැනි සින්හලයාට එතරම් ලැදී නොවන අ යෙකුට පවා තම ව්‍යවස්තා වෙන්  බුදුසසුනට රටේ ඇති විශේෂත්වය  පිලි නොගෙන බැරිවිය . ලාල් විජයනායකගේ ‘’වයිඩර් ‘’ ආයතනයේ ‘’බෙදුම් වාදී චින්තනයෙන් තම චින්තනය  ‘’වයිඩ් හෙවත් පලල්’ කරගත්    චන්ද්‍රිකාගේ ‘’සුදුනෙලුම් හා තවලම් ‘ පරදා , ‘  රට බෙදන ත්‍රස්තවාදීන්ට විරුද්ධ සටන පවා බුදුදහම පාවාදීමක් ලෙස අර්ථකථන සැපයෙද්දී ත් මුළු එජාපයම බෙදුම් වාදීන්ගේ පැත්තගෙන උසුළු විසුළු කරද්දීත් කොටි පැරද විය නොහැකි යයි  ව්‍යාජ  විශේෂඥයින් කියද්දීත්,එය කලහැකිය කල යුතුය කියූ  ජාතික ජනබල වේගයේ හඬට ඇහුම්කන්දීමට මහින්දට සිදුවුයේ ජාතික විඥානය  තුලට  කිඳාබැස තිබු ගාමිණී අභයගේ ‘’පැවැත්මේ මාවත ‘’ඔහු  වටහා ගත්  නිසාය  .නොඑසේ නම් අද රට කැබලි වී අවසන්ය. 

                                                             ඉන්දියාව බුදුදහම එරටින් තුරන් කළේය. අපි ඒ දහම රැකගැනීම ගැන උන් කිසිදා කැමතිවුයේ නැත.ආගම් අබිං කි යු පුද්ගලයන් හා නිරාගමික ලිබරල් වාදී සංසදයක් මගින්  දැන් අප ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය ඉවත් කරවීමට කටයුතු කෙරෙන බව ප්‍රසිද්ධය . 

                                                        ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  9 වගන්තිය  හුදු ‘’බුධ්ධාගමක් ‘ ආරක්ෂා කිරීමක් නොවේ . ඉහතකී ලෙස වසර දාස් ගණනක් තිස්සේ  රටක් හදා ගොඩනගා  ආරක්ෂා කර  සිංහල නමින් ඒ රටහා කතාකරන භාෂාව  නම් කර,යම් දහමකට ,දැක්මකට අනුව  ජීවන ක්‍රමයක්  සකසා එය  සිංහල බෞද්ධ සංස්කෘතිය හෝ සභ්‍යත්වය  නමින් නම් කිරීමේ මහා ව්‍යාපෘතිය  ආරක්ෂා කිරීම එහි අරමුනයි .

                                                මෙයට පිටු පෑමට  කිසිදු ද්‍රෝහියෙකුට  ඉඩ නොදෙමු .

ධර්මසිරි සෙනෙවිරත්න

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress