හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක 2025 සැප්. 1 (හෙට) උදේ 9 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට
Posted on August 31st, 2025
රජිත් කීර්ති තෙන්නකෝන්
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක 2025 සැප්. 1 (හෙට) උදේ 9 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත්තේ රනිල් වික්‍රමසිංහගේ ලන්ඩන් සංචාරය ගැන ප්‍රශ්න කිරීමටය. රහස් පොලීසිය රනිල් ලෙසම ඔහු ද, අත්අඩංගුවට ගන්නේ නම් (if), පොලිස් අත්අඩංගුවට පත් වන දෙවන ජනාධිපති ලේකම්වරයා හෙවත් රාජ්‍ය සේවයේ ඉහළම පුටුව හෙබවූ නිලධාරියා සමන් ය.
අද වත්මන් ජනාධිපති ලේකම් කුමානායක සිද්ධියේ පැමිණිලිකරුය. එදා, ජනාධිපති ලේකම් සැකකරුවෙකු බව රජයේ නීතිඥවරයා දැනටමත් අධිකරණයට පවසා ඇත.
එබැවින් මෙය රාජ්‍ය සේවයේ ඉහළම තනතුර සම්බන්ධ ප්‍රශ්නයකි.
මු.ලේ. පැත්තක
වියදම් දැරීම සම්බන්ධයෙන් යම් වරදක් වී ඇති නම්, රනිල් ගේ ආණ්ඩුවේ නිලධාරීන්ට එය අතපසුවී හෝ නොතකා හැර හෝ ඇති නම්, ජනාධිපති කාර්යාලය අඛණ්ඩ ආයතනයක් බැවින් එහි වත්මන් කාර්ය මණ්ඩලය විසින් සිදු කළ යුතු ආයතනික ක්‍රියාවලියක් වේ. ඒ වැඩිපුර ගෙවීමක් හෝ වැරදි සහගත ගෙවීමක් (අධිගෙවීමක්) ගැන මුදල් රෙගුලාසි 102 – 107 ප්‍රකාරව අය කර ගැනීම් කළ හැකිය. එය රාජ්‍ය සේවයේ සුලබ ව්‍යවහාරයකි.
මුදල් ගොනුවක් නිවැරදිව සකස් කිරීම ගණකාධිකාරිවරයාගේ වගකීම ය. වත්මන් ජනාධිපති ලේකම් සනත් කුමානායක ගේ වාහන අනතුරු නඩුව ප්‍රශ්නයක් බවට පත්වන්නේ ලිපිගොනුව නිවැරදිව සකස් නොකිරීම නිසා මිස බිරිඳට රාජකාරි වාහනය භාවිත කළ නොහැකි නිසා නොවේ. වැරදියට ෆයිල් හැදීම දැන් ජාතික ප්‍රශ්නයකි. රාජ්‍ය සේවයේ වියදම් යාන්ත්‍රණය නැවත ප්‍රශ්න කරන තැනකි.
ජනාධිපති ගේ කාර්යාලයේ නිලධාරීන්ට, ජනපති/හිටපු ජනපති ගෙන් මුදල් අය කරගැනීමට යම් පැකිලීමක්, නොකැමැත්තක් අපහසුවක් ඇති නම්, රනිල් විසින්ම පිහිටවනු ලැබූ ‘ස්වාධීන විගණන කොමිසමට’ විගණන පනතේ ප්‍රතිපාදන අනුව අධිභාරයක් පැනවීමේ හැකියාවක් තිබුණි. එය ද සිදුකර නැත. අභ්‍යන්තර විගණන, රජයේ විගණන, කෝපා වැනි ආයතන විසඳිය යුතු ප්‍රශ්න දැන් ‘අපරාධ පරීක්ෂණ’ බවට පත්වෙමින් ඇත. මෙය ඛෙදවාචකයකි.
උපුල් ගේ මතය
ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුමට අනුව ‘ලංකාවේ නීතියේ කොහෙවත් තැනක ජනාධිපතිවරයා සම්බන්ධයෙන් මුදල් වෙන් කිරීම හැර, ජනාධිපතිවරයාගේ පැවැත්මට අදාළ මුදල් වෙන් කිරීම ගැන සඳහන් කර තියෙනවා හැරෙන්නට, ජනාධිපතිවරයා මුදල් වැය කළ යුතු ආකාරය, ජනාධිපතිවරයාගේ මුදල් සම්බන්ධයෙන් තියෙන … කටයුතු කළ යුතු ආකාරය ගැන ලංකාවේ තියෙන කිසිම නීතියක කිසිම සඳහනක් නෑ…..’’ අනුර කුමාර ජනාධිපතිවරයාගේ සමීපතම මිතුරාගේ මේ ප්‍රකාශය හෘර්ද සාක්ෂියකට එකඟ කතාවකි. සත්‍යයකි.
නීති කේෂ්ත්‍රයේ කිසිවෙකුත් පුද්ගලික – රාජකාරි වියදම් ඉර කුමක්දැයි තවම නම් වචනයක් කියා නැත!
ව්‍යවහාරය හා යථාර්ථය
ජනපති මැනික්දිවෙල ගේ සිට සමන් ඒකනායක දක්වා ජනපති ලේකම්වරු සියළු දෙනා ජනපතිවරුන්ගේ පුද්ගලික හා රාජකාරි සම්බන්ධ වියදම් — ආරක්ෂාව, ප්‍රොටකෝල්, ගමන් විදයම්, පිළිබඳ කටයුතු කළ ව්‍යවහාරයක් ඇත. ඒ සියල්ල උඩු යටිකුරු වන ලෙස අවස්ථා දෙකක දී රජයේ නීතිඥවරයා දැන් අධිකරණයට කරුණු දක්වා ඇත. මේ සිද්ධිය යටතේ කවදා හෝ අධිචෝදනා බාර දෙන්නේ නම්, මේ වන විට ජීවතුන් අතර සිටින සියළුම ජනපති හිටපු ලේකම්වරු හා ගණනාධිකාරීවරුන් විශේෂඥ සාක්ෂිකරුවන් ලෙස අධිකරණයට කැඳවීමට ඉඩ ඇත! පොලීසියට, රජයේ අධිනීතිඥවරයාට ඔවුන් සියළු දෙනාගේ ආයතනික ක්‍රියාමාර්ග වැරදි බව ගරු අධිකරණයට සාධාරණ සැකයෙන් ඔබ්බට ඉර ඇඳ පෙන්වීමට සිදුවන්නේය.
කෙසේ නමුත්, ගරු අධිකරණය ද රනිල් බන්ධනාගාරගත කරමින්, රජයේ නීතිඥවරයාට සවන් දී ඇත.
මේ වියදම දරා ඇත්තේ ලන්ඩන් තානාපති කාර්යාලයේ නිලධාරීන් විසිනි. සියළු වියදම් ඔවුන්ගේ ‘මිලදී ගැනීම්’ පටිපාටියට අනුකූලවය. ප්‍රසම්පාදන ක්‍රියාවලියේ වගකීම පැවරෙන්නේ තානාපති කාර්යාලයටය. මු.රේ. 137 සිට 139 දක්වා අනුමත කිරීම, සහතික කිරීම, ගෙවීම සිදු කර ඇත්තේ ඔවුන් ය. විදේශ අමාත්‍යාංශයේ ගණන්දීමේ නිලධාරී අරුණී විජේවර්ධන දක්වා නිලධාරීන් මෙම ගෙවීම ගැන තෘප්තිමත් වී ඒවාට අනුමැතිය හෝ සහතික කිරීම ලබාදී ඇත.
ජනාධිපති කාර්යාලයේ අතිරේක ලේකම්රයා ද, ගණකාධිකාරිවරයා ද මේ සියල්ල අනුමත කර ඇත. ඉන් පසුව, අභ්‍යන්තර විගණනය ද, විගනකාධිපති ද, කෝපා එක ද මෙහි වරදක් දැක නැත. දැන් රහස් පොලීසිය එයට පරිබාහිර ක්‍රමයට සිතයි. එය නැවුම් ප්‍රවේශයකි. 1973 ෆීලික්ස් ඩයස් ගේ යුගයේ ඉයන් වික්‍රමනායක ද,, රණසිංහ ප්‍රේමදාසගේ යුගයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති ලෝරන්ස් ද, මෙලෙස නැවුම් ප්‍රවේශයකින් විමර්ශන සිදු කර ඉතිහාසය වෙනස් කර ඇත.
ජනාධිපති ලේකම්වරයෙකු මෙවැනි කටයුත්තක දී සිදු කරන්නේ මුදල් වෙන් කිරීම (Allocation) අනුමත කිරීම හා මුදල් මාරු කිරීම (ගණකාධිකාරී) පමණී. පුදුමය නම්, මේ සියළු කටයුතු සිදු කළ ලන්ඩන් තානාපති කාර්යාලයේ කාර්ය භාර නිලධාරිනිය ගෙන් මේ දක්වා ප්‍රකාශයක් ලබා නොගැනීමය.
මේ දත්ත මත පදනම්ව රනිල් වැසිකිලියන්නට වව්චර් අංක 71/09 යටතේ පවුම් 6600 ක් වැය කළ බව සමාජ මාධ්‍යයේ රස කර පළ විය. ගුවන්තොටුපලකට මගී පර්යන්තයේ ගාස්තු තීරණය වන්නේ වියානා සම්මුතියේ රාජ්‍යයන් අතර එකඟතාවය අනුවය. ලංකා රජය මෙරට ගුවන්තොටපුල මගී පර්යන්තයන්ට අය කරන ගාස්තු එංගලන්තය ද (අනෙක් රටවල් ද) ලංකා ජනරජයෙන් අය කරනු ලබයි! එය රනිල් ට හෝ අනුර ට වෙනස් වන්නේ නැත.
ජනාධිපතිවරයා සහ බිරිඳට බ්‍රිතාන්‍ය රජය විසින් Range Rover රථයක් හා අතිරේක රථයක් සහිතව මෙට්‍රපොලිටන් පොලිස් අංගාරක්ෂකයන් ලබාදී තිබූ බව කියවේ. එය සිදු වන්නේ ද, ජාත්‍යන්තර සම්මුතිගත ප්‍රොටකෝල (පොදු රාජ්‍ය මණ්ඩලීය කාර්යාලය ද ඇතුලත්ව) අනුව ය.
මෙම විමර්ශනය සහ අනාගත නඩුකරය රාජ්‍ය සේවය රාජ්‍ය සේවය, විදේශ සංචාර මුළුමනින්ම නැවත නිර්වචණය කරන ඇත. අර්ථ ගන්වනු ඇත.
අනාගතයේ දී, මේ සියල්ල ඔට්ටුවට තබන්නට ලංකා රාජ්‍ය නායකයින්ට, ප්‍රොටකෝල් නිලධාරීන්ට, විදේශ අමාත්‍යාංශයට, අමාත්‍යාංශ ලේකම්, අගමැති – ජනපති ලේකම්වරුන්ට සිදුවේ. වඩාත් වැදගත් දේ නම්, ගුවන් ගමණක් අතර ට්‍රාන්සිට් අතරතුර අමාත්‍යවරුන්ට, අමාත්‍යාංශ නිලධාරීන්ට, ව්‍යවස්ථාපිත ආයතන නිලධාරීන්ට කිසිදු පුද්ගලික කටයුත්තක යෙදීමට අවසරය, හිමිකම, අවස්ථාව තිබේද යන්න මෙමගින් පරීක්ෂාවට ලක්වන බවකි. යම් අවස්ථාවක ගුවන් ගමණක් අතර ‘රී රුට් කිරීම’ එනම් ගමන් මාර්ගය වෙනස් කිරීම අධිකරණය මගින් විසඳිය යුතු කාරණයක් බවට පත්වන බවය.
මෙම විමර්ශනය සහ අනාගත නඩුකරය රාජ්‍ය සේවයේ සියළු විදයම් නව මානයකින් විග්‍රහ කරනු ඇත.
මතුපිටින් බැලූ විට පෙනන ආකාරයට නම්, රනිල් ජනපතිවරයා කොටු කර ගැනීමට නොහැකි නම් ජනාධිපති ලේකම් සමන් ඒකනායක හෝ කොටු කර ගැනීමට විමර්ශකයින් උත්සහ දරනු ඇත. එහි තාර්කික බවක් ඇත. ප්‍රශ්නය ඇත්තේ සමන් ගේ නොවේ. ජනාධිපති ලේකම් ධූඍයේ ය.
ජනපති හිටපු ලේකම්වරුන් වන ලලිත් වීරතුංග, පී.බී.ජයසුන්දර, ගාමිණී සෙනරත්, අබේකොන්, ඔස්ටින් ප්‍රනාන්දු හෝ උදය සෙනෙවිරත්න වැනි ඕනෑම අයෙකුට මේ සංචාරයේ විදයම් සම්බන්ධයෙන් වෙනත් කලමනාකරණ ප්‍රවේෂයක් ගත හැකිව තිබුණේ ද යන්නය. අතිරේක ලේකම්වරු, ගණකාධිකාරීවරු තම පූර්වගාමීන්ට වෙනස් මඟක යනු ඇති ද යන්නය.
මේක සමන් ඒකනායක ප්‍රශ්නයක් නොව ජනාධිපති ලේකම් ප්‍රශ්නයකි! අනාගතය ලියවෙන ප්‍රශ්නයකි.
ප්‍රශ්ණය ඇත්තේ දැන්, විදේශ අමාත්‍යාංශයේ ගණන් දීමේ නිලධාරීන්, තානාපති කාර්යාලයේ මෙම කටයුත්ත සිදු කළ නිලධාරීන් ට සිදු වන්නේ කුමක් ද? යන්නය.
මේක සමන් ඒකනායක හෝ අරුණී විජේවර්ධන (හෝ රණරාජා) ගේ ප්‍රශ්නයකන් නොව ජනාධිපති ලේකම්, විදේශ ලේකම් ප්‍රශ්නයකි!
මේ දිනවල මා මිත්‍ර නදීක ගුරුගේ ලන්ඩන් සංචාරය ගැන සමාජ මාධ්‍ය විවේචන දුටිමි. මෙය තානාපතිවරුන් ගැන ප්‍රශ්නයක් බවට මේ වන විටත් පත්ව ඇත.
සමස්ත රාජ්‍ය සේවයම තම විශ්‍රාම වැටුප බේරා ගැනීමට නම්, තමන් අත්සන් කරන වච්චර ගැන පමණක් නොව මු.ලේ. 135 සිට 139 දක්වා කාර්යයන් නැවත – නැවත වෙනම දෘෂ්ඨියකින් විග්‍රහ කර ගැනීම අවශ්‍යය.
රනිල් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඔහුගේ නීතිඥයින් නීති කටයුත්තකට සුදානම්වන බව දැනගන්නට ඇත. ජනපති හිටපු ලේකම් ලෙස කටයුතු කිරීම නිසා, සමන් ඒකනායක අත්අඩංගුවට පත් වන්නේ නම්, එය ද නිසැකයෙන්ම තවත් මානව හිමිකම් නඩුවක් බවට පත් විය හැකිය.
අපරාධ චෝදනා නඩු වසර ගණනාවක් දිග් ගැසෙන බැවින් ද, 1978 සිට සියළු ව්‍යවහාරයන් මේ නඩුව මගින් ආපසු හැරවෙන බැවින් ද, ජනාධිපතිවරයාගේ වියදම් ගැටළුව අභියාචනාධිකරණය හා ශ්‍රේෂ්ඨාධිකරණයට දිගු වනු ඇත. ජනාධිපති ධූරයේ වියදම්, ජනාධිපති ලේකම් ධූරයේ බලතල, කාර්ය හා වගකීම, ආයතන හා නිලධාරි වගවීම ගැන නැවුම් අර්ථ ගැන්වීමක් එමගින් ලැබෙනු ඇත.
එතෙක් තම බෙල්ල බේරා ගැනීම සඳහා සියළුම රාජ්‍ය නිලධාරීන්, මේ විමර්ශන හා අධිකරණ ක්‍රියාවලිය ගැන තම බුද්ධිමය ඇස යොමු කර සිටීම වැදගත්ය!
රජිත් කීර්ති තෙන්නකෝන්