වලිසිංහ හරිශ්චන්ද්‍ර ඝාතනයට එච්.සී.පී. බෙල් හවුල්?
Posted on September 15th, 2025
කොලට් සේනානායක නාරද කරුණාතිලක
අද (සැප්.13)ට 112 වැනි ගුණානුස්මරණය යෙදී ඇති වලිසිංහ හරිශ්චන්ද්‍ර මීගමුවේ
විසූ ධනවත් ව්‍යාපාරිකයෙකුගේ පුතෙකි. ඒ කාලයේ ධනවතුන්ගේ දරුවන් ඉගෙනුම ලැබූ
කොළඹ වෙස්ලි විදුහලින් උගත් ඔහු නීති විද්‍යාලයට ඇතුළු වී සිටියදී
ධර්මපාලතුමාගේ දේශප්‍රේමී ජාතික ව්‍යාපාරයට දායක වූයේය. එතුමා ගැන ලිපියක්
සපයන්නෙකු ‘සමාජ සේවයට ඉදිරිපත් වූ හරිශ්චන්ද්‍ර ආහාර හිගයෙන් හා මන්ද
පෝෂණයෙන් පීඩා වින්දේ ය’යි සඳහන් කිරීම එතුමාට අපහාස කිරීමකි. ඉතාම නිරෝගී
ශරීරයක් හා මනසක් ඇති ක්‍රියාශීලී තරුණයෙකු වශයෙන් කටයුතු කළ ඔහු මහාබෝධි
සංගමයේ ලේකම්වරයා වශයෙන් මිෂනාරීන්, අසිංහලයන් හා නොරටුන් අත්පත් කරගෙන සිටි
අනුරාධපුර ඓතිහාසික බෞද්ධ නගරය බේරා ගැනීමේ ජාතික ව්‍යාපාරයට නායකත්වය
දුන්නේය. මේ වෙනුවෙන් හැට හැත්තෑ වාරයක් මීගමුවේ සිට අනුරාධපුරයට ගියේය. ආවේය.
මේ ගමන් වැලම එතුමාගේ අයෝමය ශක්තියට සාක්ෂියකි.
බෞද්ධයනට ඒ කාලයේ ශ්‍රී මහා බෝධිය හා රුවන්වැලිය අසල මල් ආසනයක මලක් පහනක්
පූජා කරන්ටත් නිදහසක් නොවීය. නම දැරූ චණ්ඩියෙකුට ශ්‍රී මහා බෝධිය යට මාළු
ලෑල්ලක් පවත්වාගෙන යාමට හැකියාව තිබුණි. මේ නොහොබිනා ක්‍රියාවට විරුද්ධව
හරිශ්චන්ද්‍රතුමා සකස් කළ පෙත්සමට අත්සන දීමට බෝධිමළු විහාරාධිපති හාමුදුරුවෝ
කැමැති නොවූහ. එච්. සී. පී බෙල් පුරාවිද්‍යාවේ නාමයෙන් නිධන් හෑරුවේය. ධනය
රැස් කළේය. ඔහු විනාශ කළ සිංහලයන්ගේ පෞරාණික වස්තූන් කොපමණ දැයි අනුමාන කිරීමට
හෝ නොහැක. බෙල් පුරාවිද්‍යාවේ පියා බව කියමින් ලිපි ප්‍රසිද්ධ කරන උගත්
නිවටුන් පිරිසක් අදටත් සිටිති. අයිවර්ස් නිධන් සොයමින් අභයගිරියේ ධාතු ගර්භය
හාරන විට අටමස්ථානාධිපති හිමියෝ එය ශාසනික ක්‍රියාවක් බව පෙන්වීමට ස්තූපය අසල
භික්ෂූන් රැඳවූහ.
මරක්කල වෙළෙන්දෝ තිදෙනෙක් ආණ්ඩුවේ නිලධාරීන්ගේ සහාය ඇතිව ශුද්ධ නගරය තුළ හරක්
මස් කඩ දෙකක් හා මුව මස් කඩයක් පවත්වා ගෙන ගියහ. අබෞද්ධයන් දෙදෙනෙකුට
අයිති ප්‍රසිද්ධ
සුරාසැල් දෙකක් සහ වයින් කඩයක් ඒ තුළ විය. බි්රතාන්ය ආණ්ඩුවේ කාර්යාල සහ
ආණ්ඩුවේ සේවකයන්ගේ නිල නිවාසයන්ද ශුද්ධ නගරයේම තිබුණි. ඔවුන්ට දාසකම් කළ
ඉන්දියානු දෙමළ කම්කරු පවුල් විශාල සංඛ්‍යාවක් ද එහි විසූහ. එයින් සමහරු පැරණි
දාගැබ් මත්තෙහි පදිංචි වී සිටියහ. ඔවුන් වැසිකිළි කටයුතු කළේද පදිංචි
ස්ථානවලමය. මේ මොන යම් දෙයකටවත් විරුද්ධව කට හොලවන බෞද්ධයින් සිටියේ නම් ඔවුන්
නිහඬ කිරීමට ආණ්ඩුවේ නිලධාරි, නීතිය, පොලිසිය හා චණ්ඩි සිටියහ.
මීගමුවෙන් ගොස් මහාබෝධි සමිති අනුරාධපුර ශාඛාව පිහිටුවා එක එක භික්ෂුව එක එක
බෞද්ධයා එකතු කරමින් අනුරාධපුර ශුද්ධ නගරය බේරා ගැනීමට සහ සිංහල බෞද්ධයන්ට එහි
උරුමය ලබාදීමට හරිශ්චන්ද්‍රතුමා දැරූ උත්සාහය සාමාන්‍ය මිනිහෙකුට කළ නොහැකි,
ජීවිතය ගැන නොසිතා කළ සටනකි. එතුමා කළ යුද්ධයේ ස්වභාවය අනුරාධපුරයේ වෙසෙන
සිංහල බෞද්ධයින් අල්පයක් හෝ දනියි නම් ඔවුන් උදේ සවස හරිශ්චන්ද්‍රතුමාට මල්
පහන් තියා වඳිනු නිසැකය. වන්දනාවට අනුරාධපුරයට යන සිංහලයන් ඒ ගැන දන්නේ නම්
පින්කම් කිරීමෙන් අනතුරුව කරන පළමු ක්‍රියාව දැත් නළලේ තියා හරිශ්චන්ද්‍රතුමාට
පින් අනුමෝදන් කිරීමයි. එහෙත් බොහෝ ගිහි බෞද්ධයන් තියා ඇතැම් භික්ෂුන් වහන්සේ
පවා හරිශ්චන්ද්‍රතුමා අනුරාධපුර බේරාගත් පිළිවෙළ නිවැරදිව නොදනිති.
හරිශ්චන්ද්‍රතුමා
තනිවැල්ලේ, මහසෙන් වැනි සිංහලයන්ගෙන් පුද පූජා ලබන දෙවියෙකු බවට පත් නොවන්නට
මූලික හේතුව කිසියම් පිරිසක් අකල් මරණයෙන් පසුව පවා හරිශ්චන්ද්‍රතුමාට
විරුද්ධව කටයුතු කිරීමයි.
අනුරාධපුර ශුද්ධ නගරය බේරා ගැනීම හරිශ්චන්ද්‍රතුමාගෙන් සිදුවූ එක් සේවයක්
පමණි. එතුමා මිහින්තලයද බේරා ගත්තේය. සිංහල ජාතියට බුදු සසුනට හා සමස්ත
බෞද්ධයාටම සේවය කළේය. ඒ අතර එතුමා, පානදුරාවාදයේ ජයත්, සිංහල බෞද්ධයාත්
මිෂනාරීන්ට පාවා දුන් කර්නල් ඕල්කොට් සහ ඔහුගේ පරම විඥානාර්ථ මෙහෙයුමට
විරුද්ධව කටයුතු කළේය.
පෘතුගීසි දේවගැතිවරුන් ආගම හා අධ්‍යාපනය නමැති උපක්‍රම දෙක ආධාරයෙන් සිංහල
බෞද්ධයින් පරංගින්ගේ අවනත වැසියන් කරන්නට දැරූ වෑයම ඊට වඩා සාර්ථක
අයුරින් ක්‍රියාත්මක
කිරීමට බ්‍රිතාන්‍ය යටත් විජිත ආණ්ඩුකාරවරු පුහුණු වී සිටියහ. 1832 කෝල්බෘක්
කැමරන් කොමිසමේ යෝජනා අතර, ලංකාවේ පාලකයින්ට මිෂනාරී අධ්‍යාපනය රට පාලනය
කිරීමේදී මොන තරම් වැදගත්ද යන කාරණාව පැහැදිලි කර දෙන වගන්ති කිහිපයක්ම තිබේ.
මීට විරුද්ධව සිංහල බෞද්ධයා ආරක්ෂා කළේ පන්සල් අධ්‍යාපනය හා සිංහල බෞද්ධ
සංස්කෘතිය විසිනි. වාදිභසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් වැනි හිමිවරුන්
බිහි කළේ එම අධ්‍යාපනය හා සංස්කෘතියයි. ඇංග්ලෝ ඇමරිකානු හමුදා නිලධාරියෙකු වූ
හෙන්රි ඕල්කොට් ලංකාවට පැමිණ උපායෙන් සිංහල බෞද්ධ නායකයින් රවටා පරම විඥානාර්ථ
සමාගම පිහිටුවා දියත් කළ බීටීඇස් මෙහෙයුම මගින් පන්සල් අධ්‍යාපනය හා සිංහල
බෞද්ධ සංස්කෘතිය වෙනුවට ඉංග්‍රීසි ආණ්ඩුවේ ක්‍රිස්තියානි අධ්‍යාපනයට සිංහල
බෞද්ධයන් සියල්ල කොටු කෙරිණි. වලිසිංහ හරිශ්චන්ද්‍රතුමා මීට විරුද්ධව සිංහල
බෞද්ධයා දැනුවත් කිරීමට වෙහෙසුන ප්‍රඥාවන්තයෙකි.
පරම විඥානාර්ථවාදියෝ වලිසිංහ හරිශ්චන්ද්රට විරුද්ධව නොයෙක් කුමන්ත්‍රණ කළහ.
එතුමාගේ ප්‍රසිද්ධ දේශන කඩාකප්පල් කිරීමට වෙහෙස දැරූහ. ඔවුන්ගේ නිල පත්‍රය
‘සරසවි සඳරැස’ ආධාරයෙන් හරිශ්චන්ද්‍රතුමාට මඩ ගැසූහ. හරිශ්චන්ද්‍රතුමා මෙහෙයවූ
අමද්‍යප ව්‍යාපාරයේ බලය අල්ලා ගත්හ.
මේ අතර වලිසිංහ හරිශ්චන්ද්‍රතුමා හදිසියේ මිය ගියේය. බොහෝ බෞද්ධයෝ, වස
කැවීමෙන් එතුමන් මරා දැමුණු බව සැක හැර සිතූහ. එතුමාට දෙවරක් වස දුන් බවට
කතාවක් ඒ කාලයේ පැතිරිණි. ඒ හඬ යටපත්කර හරිශ්චන්ද්‍රතුමා පිළිකාවකින් මිය ගියේ
යයි සම්මුතියක් ඇති කිරීමට එතුමාගේ හතුරන්ට හැකියාව තිබුණි. හරිශ්චන්ද්‍රතුමා
ගැන ලියන්නන් බොහෝ දෙනෙකු කරන්නේ එක රැලක් වී ඒ කතාව ඉදිරිපත් කිරීමයි.
වලිසිංහ හරිශ්චන්ද්‍ර අනුස්මරණ සභාව විසින් සංස්කෘතික දෙපාර්තුමේන්තුවේ අනුග්‍රහය
ඇතිව මුද්‍රණය කරවන ලද ‘ශ්‍රීමත් බ්‍රහ්මචාරි වලිසිංහ හරිශ්චන්ද්‍ර චරිතය’
නමැති පොතේ සඳහන් ලෙසට ‘හරිශ්චන්ද්‍රතුමා පිළිකාබාධයකින් මිය ගියේ 1913
සැප්තැම්බර් 13 වෙනි දාය. එතුමාගේ ජීවිත කාලය අවුරුදු 36 කට සීමා විය’. (පිටුව
26)
වලිසිංහ හරිශ්චන්ද්‍ර කෞතුකාගාරය හා සංස්කෘතික කේන්ද්‍රයේ ‘ශ්‍රීමත් අනගාරික
ධර්මපාලතුමන්ගේ කල්‍යාණ මිත්‍ර බ්‍රහ්මචාරී වලිසිංහ හරිශ්චන්ද්‍රතුමා’ නමැති
ශත සංවත්සර ප්රකාශනය මෙසේ සඳහන් කරයි. ‘සමාජයට වැඩදායී යහපත් මිනිසුන්ට ලෝකයේ
ඉඩ නැතය යන මතය සනාථ කරමින් එතුමා තිස් හත් වැනි වියේදී මෙලොව හැර ගියේය.
පිළිකා ආබාධයකින් පෙළීම මරණයට හේතු විය’. (පිටුව 60)
1913 සැප්තැම්බර් 15 දිනමින පුවත්පතේ කතු වැකියේ සඳහන් වූයේ මෙසේය.
‘අවුරුදු තිස්පහක් පමණ ආයු වළඳා තව ඉදිරියට බොහෝ වැඩ කිරීමට ශක්ති සම්පන්නව
සිටි හරිශ්චන්ද්‍ර මහතා මෙසේ හදිසියේ අභාවයට පැමිණීමෙන් සිදුවූ බරපතල පාඩුව
පිරිමැසිය නොහැක්කේමය. මීට සති කිහිපයකට පෙර ඉතා හොඳ සනීපයෙන් සිට හදිස්සියෙන්
පිටේ තැනුන පිළිකා රෝගයෙන් ඔත්පල විය’.
‘සන්ඩේ ඔබ්සර්වර්’ පත්‍රයේ 20. 09. 2009 දින ප්‍රසිද්ධ වූ ජයරත්න මෙන්දිස්ගේ
ලිපිය කියවන්නෙකුට හැඟෙන්නේ ආහාර හිඟය හා දුෂ්කර ජීවිතය නිසා එතුමා රෝගියෙකු
වී සිටි බවයි.
‘On his itineraries, sometimes not finding lodging, he had to rough it out
in ‘ambalamas’. He was in poor health owing to under-nourishment. He
suffered all these to awaken people to the need of the hour.’
‘බෞද්ධ සහෝදරයා’ සඟරා කර්තෘ නීතිඥ චාල්ස් ඩයස්, හරිශ්චන්ද්‍රතුමා මිය ගිය
මාසයේ (වර්ෂ 1913 ඔක්තෝබර් කලාපයේ) ’වලිසිංහ හරිශ්චන්ද්‍ර තුමාගේ අභාවය’
මැයෙන් ලියන සටහන මගින් අවධාරණය කරන වැදගත් කාරණාවක් තිබේ.
‘වර්තමාන සිංහල බෞද්ධ ජනතාවගේ පුබුදුවීමට හරිශ්චන්ද්‍ර මහතා බොහෝ හේතුවිය. මේ
මහතා විසින් ප්‍රත්‍යන්ත ප්‍රදේශයන්හි අලසභාවයෙහි ගැලී සිටි සමූහයා බොහෝසේ
එයින් නගා ආගම ජාතිය යන දෙයෙහි යොමු කෙළේය යනු පිළිගත යුතු සත්‍යයකි. එසේ
හෙයින් ඒ මහතාගේ අභාවය නගරවාසී ජනයාට වඩා ප්රත්යන්තවාසී විශාල ජන සංඛ්‍යාවකට
මහත් හානියක් විය. ඔවුන්ගේ සමීපයට පැමිණ ඔවුන් විසින් මෙලෝ පරලෝ වැඩ සඳහා කළ
යුතු දෙය උගන්වන ගුරුවරයා ඔවුන්ට නැතිවිය. ලොකු පාඩුව ඔවුන්හට වුවත් සාමාන්‍යයෙන්
මුළු ලංකාවට හා සම්බුද්ධ ශාසනයටද මේ මහතාගේ අභාවයෙන් ස්වල්ප නොවූ අලාභයක් වී
යයි සලකමු’. (පිටුව 674)
හරිශ්චන්ද්‍රතුමාගේ මරණයෙන් දරුණුම පාඩුව ලබන්නේ ප්‍රත්‍යන්ත වාසීන් බවත්
එතුමාගේ අභාවය ගැන වඩාත් දුක්වන්නේ ප්‍රත්‍යන්ත වාසීන් බවත් මෙම සටහනින්
පැහැදිලි වේ. මේ ප්‍රත්‍යන්ත වැසියන් යනු ගැමි සිංහල බෞද්ධයෝ වෙති.
හරිශ්චන්ද්‍රතුමා
පිළිකාවකින් මිය ගියේ යයි මොවුහු නොසිතූහ. එතුමාට වස දී මරා දැමූ බව ඔවුහු
පිළිගත්හ. එසේ නම් කොළඹ සිටි පිරිසක් හරිශ්චන්ද්‍රතුමාගේ මරණය ගැන පක්ෂග්රාහී
තීන්දුවක් සම්මත කරගෙන තිබේ.
හරිශ්චන්ද්‍රතුමා මියගිය 1913 වසර වන විට පිළිකාව යන්න වෛද්‍ය ක්ෂේත්රයේ ප්‍රචලිත
දෙයක් නොවිණි. පිළිකාව යන වචනය සිංහල වචන කෝෂයට එක්වූයේ පනහේ දශකයේ පමණය.
පිළිකාව පිළිබඳව වෛද්‍ය පර්යේෂණ ප්‍රචලිත වන්නේ දෙවන ලෝක යුද්ධය සමයේය. ඒ
ජර්මානු වෛද්‍ය පර්යේෂකයන් අතරය.
ඕල්කොට් දියත් කළ බීටීඑස් මෙහෙයුම ගැන තොරතුරු සොයද්දී ඕල්කොට් සහ පරම
විඥානාර්ථවාදීන් අනගාරික ධර්මපාලතුමා, වලිසිංහ හරිශ්චන්ද්‍රතුමා සහ
මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ට විරුද්ධව ගෙන ගිය යටිකූට්ටු වැඩ ගැන බොහෝ
කාරණා පැහැදිලි වේ. ඕල්කොට්ගේ මෙහෙයුම පරාජය කිරීමට මෙම බෞද්ධ නායකයින් තිදෙනා
එක හා සමානව වෙහෙසුනහ. ධර්මපාලතුමා ඉන්දියාවේ සිරකරුවකු වූයේය. මිගෙට්ටුවත්තේ
ගුණානන්ද හිමියෝ අඩු වයසින් අපවත් වූහ. තරුණ හරිශ්චන්ද්රතුමාද හදිසියේම අඩු
වයසින් මිය ගියේය.
‘මේ මස 22 දින ලංකාවට පැමිණි කල වැඩ රාශියක් කරන්ට සිතා සිටියා. මගේ අදහස්වලට
සතුටු එකම හිතැති පුද්ගලයා හරිශ්චන්ද්‍රයි….. මට මේ මරණය පැමිණ හරිශ්චන්ද්රට
දීර්ඝායුෂ ලැබුණා නම් මට සතුටුයි’ යන ධර්මපාලතුමා ප්‍රකාශයෙන් හෙළි වන්නේ
හරිශ්චන්ද්‍රතුමාගේ මරණයෙන් ධර්මපාලතුමාගේ ජාතික ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම අඩාල
වූ බවයි.
කල් පසු වී හෝ දැන්වත් හරිශ්චන්ද්‍රතුමාගේ මරණය ගැන සොයා බැලීම ජාතික
කාර්යයකි. කලකට පෙර අපට හරිශ්චන්ද්‍රතුමාගේ මුණපුරකු වූ සුනිල් මංගලවංශ මහතා
හමුවූ ඔහුටද මේ ගැන කීවෙමු. ලේ නෑකමින් පමණක් නොව සිතුම් පැතුම් සහ
වැඩකටයුතුවලින්ද හරිශ්චන්ද්‍රතුමාගේ මුණුපුරකු වූ මංගලවංශ මහතා ඊට දුන්
පිළිතුරෙන් පැහැදිලි වූයේ හරිශ්චන්ද්‍රතුමාගේ අකල් මරණය ගැන ඔහුටද සැකයක් ඇති
බවයි.