1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිංහල, දෙමළ, ඉංග්‍රීසිකෙටුම්පත්, කෙටුම්පත් කළ නිලධාරීන් පිළිබඳ තොරතුරු තම දෙපාර්තමේන්තුව සතුව නොමැති බව නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ තොරතුරු නිලධාරි පිළිතුරු ලබා දීමට එරෙහිව අභියාචනාවක් ඉදිරිපත් වේ.
Posted on September 18th, 2025
වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන
ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.b ඡේදය, සිංහල භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ ඡේදයට ගැලපෙන ලෙස නිවැරදිව ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන ලෙස මැතිවරණ කොමිසමේ සභාපති විසින් ජනාධිපති ලේකම්ට දැනුම් දී ඇති හෙයින් 1978 සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ව්‍යවස්ථා කෙටුම්පත්, කෙටුම්පත් කළ නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගැන තොරතුරු, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ තොරතුරු නිලධාරී වෙතින් 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහනේ සමායෝජක නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා විසින් 2025.09.16 ඉල්ලා ඇත.
එමගින් ඉල්ලා ඇති තොරතුරු වන්නේ..,
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා කෙටුම්පත්, කෙටුම්පත් කිරීමට නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව සම්බන්ධ වී ඇති බවට නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව සතුව වාර්තා/ තොරතුරු තිබේද?
ඉහත ප්‍රශ්නයට තොරතුර/ පිළිතුර “ඔව්” ලෙස ලැබෙන්නේ නම්
අ.) 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිංහල භාෂා කෙටුම්පත, කෙටුම්පත් කිරීමට සම්බන්ධ වූ නිලධාරියා/ නිලධාරීන් ලෙස වාර්තා වී ඇත්තේ කවුද?
ආ.) 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෙමළ භාෂා කෙටුම්පත, කෙටුම්පත් කිරීමට සම්බන්ධ වූ නිලධාරියා / නිලධාරීන් ලෙස වාර්තා වී ඇත්තේ කවුද?
ඇ.) 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි භාෂා කෙටුම්පත, කෙටුම්පත් කිරීමට සම්බන්ධ වූ නිලධාරියා/ නිලධාරීන් ලෙස වාර්තා වී ඇත්තේ කවුද?
ඉංග්‍රීසි භාෂාවෙන් ඇති 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.b ඡේදය, සිංහල භාෂාවෙන් ඇති 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ ඡේදයට ගැලපෙන ලෙස නිවැරදිව ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කර පළ කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති විසින් ජනාධිපති ලේකම් වෙත දැනුම් දී ඇති බව නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව වෙත වාර්තා වී තිබේද?
මෙම් තොරතුරු ඉල්ලීම RTI/7/2025 අංක යටතේ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ තොරතුරු නිලධාරී විසින් ලියාපදිංචි කර ඇති අතර,
මෙම තොරතුරු ඉල්ලීමට අදාල වාර්තා නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව සතුව නොමැති හෙයින් එනම් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කළ නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිළිබඳ තොරතුරු නැති පදනමින් එකී තොරතුරු ලබා දීමට නොහැකි බවට 2025.09.17 දින පිළිතුරු ලබා දී ඇත.
එසේම ඉංග්‍රීසි භාෂාවෙන් ඇති 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.b ඡේදය, සිංහල භාෂාවෙන් ඇති 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ ඡේදයට ගැලපෙන ලෙස නිවැරදිව ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කර පළ කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති විසින් ජනාධිපති ලේකම් වෙත දැනුම් දී ඇති බව නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව වෙත වාර්තා වී නැති බව නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ තොරතුරු නිලධාරී පිළිතුරු ලබා දී ඇති අතර තවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාල යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයේ යෝජනාවක් ලෙස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඇතිව නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යොමු විය යුතු බවත් දන්වා ඇත.
මෙම පිළිතුරෙන් අතෘප්තියට පත් නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ අභියාචනා කාර්ය පටිපාටිය යටතේ RTI- 10 ආකෘතිය යටතේ අභියාචනයක් නම් කළ නිලධාරී වෙත 2025.09.18 දින ඉදිරිපත් කර ඇත.
අභියාචනය ඉදිරිපත් කිරීමට අදාල නෛතික පදනම ලෙස නීතීඥවරයා සඳහන් කර ඇත්තේ සම්පුර්ණ නොවූ, නොමග යවන හෝ සාවද්‍ය තොරතුරු ලබා දීම සහ ඉල්ලා ඇති තොරතුරු වෙත ප්‍රවේශවීම වැළැක්වීම සඳහා එම තොරතුරු විකෘතිකර හෝ විනාශකර හෝ අස්ථානකර ඇති බවට සැකකරන බවයි.
එසේම පවතින නීතිය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ලේඛන සංරක්ෂණය කිරීමට අදාල නීති වලට පටහැනිව පිළිතුරු ලබා දී ඇති බවත් තොරතුරු ලබා නොදී ඇති බවත් නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා සිය අභියාචනයෙන් දක්වා ඇති අතර, සිය තොරතුරු ඉල්ලීමට අදාල තොරතුරු ලබා දෙන ලෙස නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ නම් කළ නිලධාරී වෙතින් ඉල්ලා ඇත.
http://neethiyalk.blogspot.com/2025/09/1978.html?m=1
මාධ්‍ය අංශය,
වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0712063394
2025.09.18