මාලිමා ආණ්ඩුව ඉදිරිපත් කරන භයානකම පනත ගේන්න සියල්ල සූදානම් – පදනමෙන්ම බිඳ වැට්ටවූ රටක්-මේ විකෘති රැඩිකල් වෝක් මතවාද අද බටහිර ලෝකයත් ප්‍රතික්ෂේප කරපු කුණු ගොඩක්.
Posted on September 25th, 2025

උපුටාගැණීම මුහුනුපොත

පහුගිය දශකයේ බටහිර ලෝකයට විශාලම හානිය වුනේ යුද්ධ හෝ ආර්ථික අර්බුද නිසා නොවෙයි.

ලිබරල් වාමාංශික බලවේග ගෙන ආ රැඩිකල් වෝක් පනත්, නීති සහ සම්ප්‍රදායන් මගින්.

මේ හරහා ඇති වුනු විකෘති ලිංගික, අනාගමික, සදාචාර විරෝධී වෝක් සංස්කෘතිය එක්ක බටහිර සමාජය කඩා වැටුනා.

ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට එන්න ප්‍රධානම හේතුව වුනේ මේ සමාජ බිඳවැටීම. ට්‍රම්ප් එක්සත් ජනපදය තුළ නැවත සුදු ක්‍රිස්තියානි සංස්කෘතිය මත පදනම් වුනු පවුල් සංස්ථාව ආරක්ෂා වෙන සමාජයක් ගොඩනැගීමට පොරොන්දු වුනා.

මේ විකෘති රැඩිකල් වෝක් මතවාද අද බටහිර ලෝකයත් ප්‍රතික්ෂේප කරපු කුණු ගොඩක්.

නමුත් බයිඩන් පාලන කාලයේ සිටම මේ මතවාද ශ්‍රී ලංකා සමාජයේ පැළ කිරීමට දැවැන්ත මුදලක් පොම්ප උනා. හරිනි අමරසූරිය අගමැති කරමින් මාලිමා ආණ්ඩුවක් පිහිටුවීම එහි එක ඉලක්කයක්.

අද ඒ කොන්ත්‍රාත්තුව ඉශ්ට කිරීමට මාලිමා ආණ්ඩුවේ සංස්කෘතික විරෝධී, පවුල් පදනමක් නොමැති ඇමතිවරියො ටිකක් පනතක් ගෙන එනවා.

සමාජය රැවටීම සඳහා පනත උඩින් දරුවන්ගේ ආරක්ෂාව වගේ අයිසින් ටිකක් දාලා සැබෑ අරමුණු යට හංගලා තමයි රැගෙන එන්නේ.

මේ පනතින් පාසල්වල දරුවන්ට දඩුවම් කිරීම තහනම් කරන බව තමා කියවෙන්නේ. නමුත් කායික දඬුවම් රටේ නීතියෙන් කොහොමත් තහනම්. ඒකට නව පනතක් රැගෙන ඒමට අවශ්‍ය නෑ.

මේ පනත මගින් පාසල් දරුවන්ට වාචිකව උපදෙස් දීම පවා අපරාධ වරදක් ලෙස අර්ථ දැක්වෙනවා. මින්පසු දරුවන්ට උපදෙස් දෙන්න ගුරුවරුන්ට හැකියාවක් නෑ.

කොණ්ඩ විලාසිතා, කොට ගවුම්, පච්ච කොටාගෙන පාසල් ආවත් ඒ ගැන වැරදි පෙන්වා උපදෙස් දීම දරුවාට කරන මානසික හිංසනයන් ලෙස අර්ථ දක්වා ගුරුවරුන් ට දඬුවම් ලබාදිය හැකියි.

දරුවන්ට උපදෙස් දෙන දෙමාපියන්ව නිවසින් පිට කිරීම, සිරගත කිරීම දක්වා මෙම පනතේ ප්‍රතිපාදන දිව යනවා.

කිසිදු උපදෙසක්, හික්මීමක් නොමැතිව හැදෙන දරුවන් උපදෙස් ආදර්ශ ලබා ගන්නේ මහා සමාජයෙන්. ඒ සමාජය මත්ද්‍රව්‍ය හා පාතාලය සමඟ විකෘති වූ සමාජයක්.

අවසානයේ සිදු වන්නේ අධ්‍යාපනයක්, විනයක් නොමැති, සදාචාර විරෝධී හැසිරීම් සහිත දරුවෙක් බිහි වීමයි.

“මෙච්චර දඬුවම් කරලා හදපු රට මොකද්ද ?” බොහෝ දෙනා අසන ප්‍රශ්නයක්. නමුත් අප පෙරලා කිව යුත්තේ සමාජය මේ තරමින් හෝ පවතින්නේ එලෙස හික්මවීම නිසා බවයි.

කිසිදු උපදෙසක්, හික්මවීමක් නොමැතිව දරුවන් හැදෙන සමාජයක් මීට වඩා බොහෝ සෙයින් දරුණු සහ කඩා වැටුනු එකක් වන බවයි.

මාලිමා ආණ්ඩුව ගෙනෙන මේ නව පනතින් අනාගතයේ සිදු වන්නේ එයයි. ඔවුන්ගේ අරමුණ ද එයයි. ඔවුන්ගේ බලයට ගෙන ආ බලවේගවල අරමුණත් එයමයි.

සංස්කෘතික පසුබිමක් නැති, පවුලක් නොමැති, දරුවන් නැති සමලිංගික ගැහැණුන් දරුවන් පිළිබඳ පනත් ගෙන ඒම පවා විහිලුවක්.

පදනමින්ම කඩා වැටුනු රටක් යටත් කර ගැනීමට යුද්ධ කළයුතු නැහැ.

වීදි පුරා බීමත් දරුවන් සැරිසරන, නගරයේ අඳුරු මුළුවල ලිංගිකව එක්වන, මත්ද්‍රව්‍ය නිසා කෘෂ වී ගිය දරුවන් ඔබට හයිටි රාජ්‍යයේ දී දැකගත හැකියි.

ජව සම්පන්න මිනිසුන් විසූ හයිටිය මේ බටහිර මතවාද ප්‍රචලිත වීමත් සමඟ විනාශ වී ගියා. හයිටියේ සම්පත් එක්සත් ජනපදයට හිමි වුනා.

මේ පනත සහ ජවිපෙ ආණ්ඩුවේ අනිකුත් විදේශ ගැති ප්‍රතිපත්ති සමඟ ශ්‍රී ලංකාව හයිටියක් වීම කාලය පිළිබඳ ගැටළුවක් පමණයි.

අනුර කුමාර ඇතුලු මාලිමා ආණ්ඩුව බලය පත් කරගැනීමට දරදිය ඇදි ගුරුවරුන්ට දැන් කීමට ඇත්තේ කුමක්ද ?

Comments are closed.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress