සමන්මලීට ලොකු චෝදනාවක්…
Posted on October 4th, 2025

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

බස්නාහිර පලාත් පෙරපාසල් ඒ්කකය කිසි දිනක ඉතිහාසයේ මෙතරම් දේශපාලනීකරණය වී නොමැති බව පෙර පාසල් ගුරු වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති අසංක ශ‍්‍රීනාත් මහතා පවසයි.

වර්තමාන අධ්‍යක්ෂකවරිය පුටුවේ වාඩි කරවන්නේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත‍්‍රීවරියක්, එනම් ආණ්ඩු පක්ෂයේ සංවිධායකතුමාගේ නෝනා බව හෙතෙම පෙන්වා දෙයි.

එමෙන්ම, මන්ත‍්‍රීවරිය මහරගමට, කොළඹට හෝ හෝමාගමට පැමිණ පෙර පාසල් ගුරුවරුන්ට දේශන පවත්වන බවට තමා මෑත දිනවල දුටු බව ද සභාපතිවරයා සඳහන් කළේය.

වර්තමානයේ දී මෙම මන්ත‍්‍රීවරියක් විසින් බස්සාර පළාතේ වැඩසටහන් කරගෙන යන බවත්, ඇය විසින්ම වැඩසටහන් දාන බවත් ශ‍්‍රීනාත් මහතා වැඩිදුරටත් චෝදනා කරයි.

බස්සාර පළාතේ වැඩසටහන දැන් අධ්‍යක්ෂක වෙලා තියෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ බව හෙතෙම කියා සිටියේය.

කෙසේ වෙතත්, අද ආණ්ඩුව කරනු ලබන්නේ සමාජය ඉල්ලූ දේවල් නොව, ඉල්ලා නැති දේවල් බව ද අසංක ශ‍්‍රීනාත් මහතා අවධාරණය කළේය.

Comments are closed.

 

 


Copyright © 2026 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress