අපි පරිසරය රැක්කොත් තමා පරිසරය අපිව රකින්නේ (10 කොටස)
Posted on October 14th, 2025
චානක බණ්ඩාරගේ
තම සැමියා/බිරිඳ ට දේවත්වයෙන් මෙන් සළකන අය ඇත. එහි ගැටළුවක් නැත.
තමන් ‘පිච්ච මලින් උපන් කුමාරියක්’ මෙන් සුපිරිසිදුයි කියා සිතන ස්ත්‍රීන් ඇත. තමන් ‘සුදු පාවඩයක්’ වාගේ පිරිසිඳුයි කියා සිතන පිරිමි ඇත. එසේ සිතීම හොඳය, මන්ද, එසේ සිතන්නේ ඒ අය එසේ ජිවත් වෙන නිසාය.
තම ස්වාමියා පිට රට යන අවස්ථාවේ අපේ සිංහල කුල කාන්තාවක් නිව් යෝර්ක්හි JFK එයාර්පෝර්ට්හිදී ඔහුගෙන් සමුගන්නා වේලේ, එහි සෙනග මැද, දන ගසා ඔහුට වැන්දාය. එය දුටු සුදු ජාතිකයෙක් ෆොටෝ එකක් ගසා ප්‍රධාන ප්‍රවුර්තියක් ලෙස නිව් යෝර්ක් ටය්ම්ස් පත්තරේ දැමීය – ‘ශ්‍රී ලංකා සමාජයේ උසස් ගති පැවතුම්’ යන මාර්තෘකාව යටතේ.
බලන විට ඒ මහත්මිය නිව් ජර්සි හොස්පිටල් එකේ හාර්ට් ස්පෙෂලිස්ට් කෙනෙක්, මහත්මයාට රක්ෂාවක් නොමැත. ප්‍රවුර්තිය කියවූ ඇමරිකාවේ සුද්දන් අන්දුන් කුන්දුන්ව, තුෂ්නිම්භූත වුනාලු.
ඒ මහත්මිය කියා තිබෙනවා ‘රක්ෂාවක් නැති උනාට කමක් නැහැ – මට ආරක්ෂාව දෙන්නේ, මගේ දරුවන්ට ආරක්ෂාව දෙන්නේ මගේ මහත්තයා. අපේ රටේ ගැහැණු තම මහත්තයාට වඳින්නේ එයා දෙන ආරක්ෂාවට සහ බිරියට සහ දරුවන්ට ඒ ස්වාමියා පෙන්වන අව්‍යාජ ආදරයට’ කියා.
‘අපේ සමාජ ක්‍රමය අවුරුදු 2,500ට එහා රැකුණේ ඒ උසස් ගුණාංග නිසා. බටහිර බලපෑම් නිසා අපේ උතුම් සිරිත් විරිත් නැතිවෙනවා’ කියා ඇය කියා තිබෙනවා.
ඇය තවත් කියා තිබෙනවා, ‘අපේ පවුලේ නම් නායකයා මගේ මහත්තයා;. නමුත් සමහර පවුල්වල නෝනා වැඩිය දක්ෂයි, ඒවායේ පුරුෂයා තම බිරිඳට නායකත්වය දෙනවා. සම නායකත්වය යටතේ අපේ පවුල් බොහෝ විට වැඩ කරනවා. සිංහල අවුරුදු දා, සෑම සිංහල බෞද්ධ පවුලකම බිරිඳ ස්වාමියාට වඳිනවා’ කියා.
සමහර විට සැමියකු උත්සාහ ගන්නේද, මුළු ජීවිතයම ගෙවනුයේද මුදල් ඉපයීම සඳහා පමණක් විය හැකිය. බිරියකගේ අරමුණ මීට වඩා හාත්පසින්ම වෙනස්ය. ඇයට අවශ්‍ය වන්නේ සැමියාගේ ආදරය හා උණුසුමත්, සමීප ඇසුරත්ය.
අද කාලයේ අපේ තරුණ, තරුණියන්, විශේෂයෙන්ම තරුණියන්, ආදරය සහ ලිංගික ජිවිතය පටලවා ගනිත්. විවාහයට අවශ්‍ය කිසිම පරිනත බවක් තියා අනාරක්ෂිත සම්භන්ධකම් වල ප්‍රතිපල ගැනවත් සමහර තරුණ, තරුණියන්ට දැනුමක් නැත.
ස්වාමියා මහන්සි වී ගෙදර පැමිණ රැට නිදා ගැනීමට යනවිට බිරිඳ හොඳට ඇඳ හදා, පිරිසිඳු ෂීට් කොට්ට උර දා, ඇඳේ කනප්පුව උඩ ලය්ෆ් සඟරාව/රීඩර්ස් ඩයිජස්ට්/ටයිම්, දවසේ පුවත්පත හෝ හොඳ උසස් නව කථාවක් තියා, බොන වතුර වීදුරුවක් පිරිසියකින් වසා තබා තමනුත් හොඳට පිරිසිදුවී, හැඳ, සිට බලන්න; දයාබර ස්වාමියාගේ වෙනස, සතුට,ආදරය.
ආදරය ලොව ලස්සනම දෙයයි. නමුත් එය රැක ගැනීමට අවශ්‍ය දේ නොකලහොත්, දිනපතා එය පෝෂණය නොකලොත් ආදරය ක්ෂයවී, දියවී,අතුරුදහන් වී යා හැකියි.
ආදරය වඩා සුන්දර වීමට නම් අන්‍යෝන්‍ය අවබෝධය සහ විශ්වාසය ඉතා වැදගත් වේ.
කෙනෙකුට ආගම් 2ක් තිබෙන්න විදියක් නැත. ඒ වගෙමයි, කවදාවත් දෙදෙනෙකුට එකවර ආදරය කරන්න බැරිය.
ආදරය යනු දෙදෙනෙක් අතර බැදීමකි. ආදරය තුළීන් කෙනෙකුට දිය හැකි දේ බොහෝය. ආදරය කරන විට කෙනෙකුට බොහෝ ඉවසීමට සිදුවේ. සැබැ ආදරය යනු ද එයයි.
එවැනි උතුම් ගුණයක් වර්ධනය කර ගත හැකි වන්නේ තමන්ගේ මනස (සහ හදවත) දියුණු කරගත් කෙනාටයි. එසේ නොකරන්නෝ තමන්ට සහ අනෙකාට විපත්ම සිදු කරගනිති.
ආදරය යනු විශ්වාස සමඟ බැඳුනු, පුජනීය බඳු හැගීමක්. විශ්වාසයක් නැති තැන ආදරය රඳා පවතින්නේ නැහැ.
මේ දේ තේරුම් ගැනීමට බොහෝ දෙනාට බොහෝ කල් යයි.
නමුත්, ඒ කාලය ඇතුලත ජීවිතයේ ආපහු අරගන්න බැරි තරම් දුරට අපි ආදරේ කල දේවල් අපෙන් ඈත් වෙලා ගිහින් ඉවරයි. සෑම දේ ගැනම ගොඩක් සංවේදීව අපට හිතන්න පුලුවන්නම් ගොඩක් දුරට අපේ ජීවිත ලස්සන කරගන්න පුළුවන් වේ.
විවාහ වීමේදී ඒ කෙනාගේ බාහිර ලස්සන නොවේ අභ්‍යන්තර ලස්සන තියෙනවාද, ඒ මොනවාද කියා සොයා බැලීමයි අවශ්‍ය. එවිට, විවාහය අසාර්ථක වෙන්නේ නැහැ.
කෙනෙක්ගේ සහකරු/සහකාරිය දෙස බලා ඒ අනුව, ඒ පුද්ගලයා ගැන ද අවබෝධයක් ගන්න පුළුවන් කියා කියනවා.
පවුල් සංස්ථාවේ ආයුෂ රැදී තිබෙන්නේ ආදරය සහ විශ්වාසය මතයි. කාලයත් සමඟ වගකීමද එක් වූ විට එය ශක්තිමත් අත්තිවාරමක් බවට පත් වේ.
සැමියා සහ බිරිඳ අතර උද්දච්චකම, අසමානතාවය හොඳ නැත, දෙදෙනා දෙදෙනාට නම්‍යශීලි විය යුතුයි.
සැකය නමැති බීජය හටගත් කල ආදරය නමැති හංසයා පෑල දොරින් පලා යයි .ඒ වෙනුවට ප්‍රධාන දොරටුව තුලින් ප්‍රශ්න සමුදායක් නිවසට ගලා එයි.
දෙදෙනා එකවර එකම ප්‍රශ්නයකට කෝප ගන්නේ නම් එය පවුල් අසමගිය තව තවත් පෝෂණය කරන්නෙකි.
බොහෝ විට මිනිසෙක්/ගැහැනියක් සතුටින් සිටිමටත් අසතුටෙන් සිටීමටත් ප්‍රධාන හේතු සාධකය තවත් ගැහැණියෙකි/පිරිමියෙකි.
සැමියයි බිරිඳයි අතර තියෙන ‘රසායනය’ (chemistry) දන්නේ ඒ දෙන්නා පමණයි.
පිටස්තර අයෙකුට සැමියයි බිරිඳයි අතර තියෙන නියම සම්බන්ධය මුළුමනින්ම අවබෝධ කරගන්න බැරිය; ඒ දෙදෙනා පමණි එහි සම්පුර්ණ විස්තරයම දන්නේ.
විවාහක දෙන්නෙක් අතරේ සිද්ධ වෙන ප්‍රශ්න වලට කවදාවත් තුන් වැන්නෙක් ලං කර ගැනීම හොඳ නැත. පවුල් ජීවිතයේ සිද්ධ වෙන ගැටුම් පිට අයට නොපෙන්වා විසදගන්න පුලුවන්නම් හොඳයි. පවුලට සැබවින්ම ආදරේ ඇති බුද්ධිමතුන්ගෙන් අවවාද අනුශාසනා ඉල්ලා ගන්න.
අම්මාගේ තාත්තාගේ ආදරය සුවිශේෂයි, සදාකාලිකයි. නමුත් වැඩිහිටියෙක් වූ පසු, විශේෂයෙන්ම පවුල් පංසල් වූ පසු, තම සහකාරිය/සහකරු ගේ මතයට වඩාම ගරු කරන්න ඕන. විවාහක බන්ධනය අනිත් සියලු බන්ධන අභිභවා යනවා. බටහිර මතය නම් ‘දෙන්නෙක් එක්කෙනෙක් වෙනවා – මැරෙන තුරාවට’.
බොහෝ විවාහ බිඳීමට හේතුවක් දෙමවුපියන්ගේ අනවශ්‍ය ඇඟිලි ගැසීම්, ඔවුන්ගේ ආඩම්බරකම සහ අදුරදර්ශී නුවණ. විවාහක දෙදෙනාට ඒ දෙදෙනාගේ ප්‍රශ්ණ විසඳාගැනීමට ඉඩ හරිය යුතුයි.
තම ස්වාමියාගේ අතින් අනලා බත් කටක් කැව්වේ නැත්නම් තරහා යන බිරින්දෑවරු සිටිත්.
සැමියා සහ බිරිඳ එකිනෙකාගේ විශ්වාසය දිනාගෙන පවුල් අවුල් කර ගන්නේ නැතිව ලස්සන පවුල් ජීවිතයක් ගත කරන අය කොතෙකුත් ඉන්නවා
ඔබේ නිවස සැර පරුෂ/අසත්පුරුෂ ලෝකයෙන් වෙන්වු, සාමයෙන් සතුටෙන් අනුන දිව්‍යලෝකයක් නම්….
සැබවින්ම ආදරය කරන/ලබන පවුලක ජීවත්වෙන්න ලැබීම ලොව තිබෙන ලොකුම වාසනාවයි; හිඟන පවුලක් උනත් කමක් නැහැ.
සම්බෝලයි, බතුයි කාලා හරි සතුටින් ඉඳීම සැපයි, බුරියානි කා කා සන්ඩු කරනවට වැඩිය.
‘පිදුරු සෙවිලි කල පැල්පතේ ඇති සාමේ නැහැ මහා මන්දිරේ’
බොහෝ ගෙවල්වල බිරිඳට ස්වාමියා සලකනවා, ගෞරව කරනවා. බිරිඳත් එහෙමයි. ඒ පවුල් සාර්ථකයි.
මනුෂ්‍යාගේ නිවස ඔහුගේ (ඇයගේ) මාලිගාවයි.
සමහරු ගෙදර යන්නේ අපායේ යනවා කියලා හිතාගෙන, හරිම කණගාටුදායක තත්ත්වයක් .
දෙදෙනාට දෙදෙනා කථා නොකරන පවුල ‘වැඩකරන’ (functioning) පවුලක් නොවේ.
ඔබ පදිංචි ස්ථානය ගොඩනැගිල්ලකට (house) වඩා නිවහනක් (home) විය යුතුයි.
සෑම දෙනා වෙනුවෙන් මෙවැන්නක් නිර්මාණය කිරීම බිරිඳ සහ සැමියා දෙදනාගේම වගකීමයි. ඒ සඳහා බොහෝ කැප කිරීම් කරන්න ඕන. නිවහනක් බිහිකිරිම අසාර්ථක වේ නම්, බොහෝ විට දෙදෙනාම එයට වගකිවයුතුයි.
දුෂිත, අකාරුණික, බොරු කාර ලෝකයේ ක්‍ෂේමභුමිය නිවහනයි.
බිත්ති හතරක් තුල වූ ඔබ ජිවත්වන ස්ථානය, ඔබ පත්කර ගතයුතු වන්නේ ඔබේ අපායද, දිව්‍යලෝකයකද කියා, ඔබම සිතා කටයුතු කරන්න.
ආදරයෙන් පිරි පවුලක, ඒ අයගේ ගොඩනැගිල්ල ගෘහයක් බවට පත් කරන්නේ ස්ත්‍රීයයි. ඇය විටක සැමියාගේ ආදරණීය බිරිද වන්නීය. ඔහුගේ දරුවන්ගේ ආදරණීය මව වන්නීය. ඔහුගේ ආදරණීය යෙහෙළිය, සහෝදරිය වේ. නිවසේ සියලුදේ කළමනාකරනය වන්නේ ඇගේ දෑතිනි.
මොන ප්‍රශ්ණ ආවත්/තිබුනත් කෑම කන වෙලාවට, අඩුම වශයෙන් දවසේ එක වේලක් හෝ පවුලේ සියළු දෙනා, කෑම මේසේ වටේ වාඩි වෙලා, එකට හිඳ කෑම කන්න ඕන.
ලෝකයේ විවාහ වෙන්න ලෙහෙසිම රට අපේ මේ ශ්‍රී ලංකාවද? ටියුෂන් පන්ති ඉවරවෙලා ගෙදර නොගිහින්, රෙජිස්ට්‍රාර් කන්තෝරුවට ගොස් විවාහ වූ තරුණ යුවල් ඉන්නවා. බොහෝ දෙනෙක් ටික කාලෙකට පස්සේ දිස්ත්‍රික් උසාවි බංකුකුවල වාඩිවෙලා ඉන්නවා දකින්න ලැබෙනවා දික්කසාදය ලබා ගන්න.
ඇත්තවශයෙන්ම දික්කසාදය බලාපොරොත්තුව සිටින තරුණ සැමියා සහ බිරිඳට වඩා දුකක් දැනෙන්නේ ඔවුන් සමඟ එම බංකුවේම හිඳන් සිටින ඔවුන්ගේ වියපත් දෙමව්පියන් දකිනවිටයි.
‘නෝ ෆෝල්ට් ඩිවෝස්’ (අනෙකාගේ වරද පෙන්වා දෙනවා වෙනුවට), ක්‍රමය මඟින් ඉදිරියේදී වඩා ඉක්මනින් දික්කසාදය ලබා ගන්න පුළුවන් වේවි’. හොඳ දෙයක්.
ක්ෂණයකින්, සිතු පමණින් විවාහ වීමට ඉඩ සැලසීම නරකයි (විවාහ වෙනවා කියන්නේ ටු මිනිට්ස් නූඩ්ල්ස් කෑමක් නෙවෙයි).
අඩුම තරමින් මාසයක් වත් නම් දීලා රෙජිස්ත්‍රාර්ට බලා ඉන්න ඉඩ හරින්න ඕන. ඒ මාසය තුල කි දෙනක් තම අදහස වෙනස් කරගන්නවද කියලා එතකොට බලන්න පුළුවන්.
අද විවාහ වෙනකොට පාර්ශවයන්ගේ හැඳුනුම් පත් පමණයි බලන්නේ. කලින් බැන්ද බොහෝ අය නැවත බඳිනවා, දික්කසාද නොවී. බඳින්නට ප්‍රථම රෙජිස්ට්‍රාර් මේවා පිළිබඳව සොයා බලන්න ඕන; නමුත් බලන්නේ නැහැ.
ඕස්ත්‍රේලියාව, නව සීලන්තය වැනි රටවල මේවා තදින්ම බලනවා.
හැබැයි, ශ්‍රී ලංකාවේ සෑම ජන කොටසකටම විවාහ නිතිය එක හා සමාන වෙන්න ඕන. කණගාටුවට කරුණ, අද එහෙම නැහැ.
සමහරු අවුරුදු ගණන් උසාවි ගාටද්දී, සමහරු උසාවි නොගොස් ආගමික පුජකයන් මඟින් පහසුවෙන් දික්කසාද වෙනවා. සහකාරියන් 1 කෙනෙකුට වඩා තියා ගන්නා අය ඉන්නවා, ආගමික නීති ඉදිරිපත් කර. මේවා නරකයි, අසාධාරණයි.
රජයට මේවා වෙනස් කරන්න අමාරු බව පිළිගන්න වෙනවා. ඒ අයම ඉදිරිපත් වෙලා පොදු නිතීයට යටත් වෙන්න කැමතියි කියනවා නම් තමා හොඳ.
ඇතැම් විවාහක පාර්ශයවයන්, මුහුණ පුම්බාගෙන තම ප්‍රතිමල්ලවයා නොරුස්සන අයුරින් කතාබහ කරනවා පමණක් නොව ඔවුනගේ ඇඟටද කඩා පනී. අධික ලෙස කෝපයටද පත්වේ.
කොළඹ 7 ගෙදරක හිඳ, පෑලියගොඩ කැළණි පාලම යට තියෙන පුංචි ලී ගෙදරකින් නැවතුනු පවුලක් තියෙනවා. ඒ වැරදි තිරණ සහ බලාපොරොත්තු නොවූ පරිදි ආ දුක්, කරදර කම්කටොලු නිසා. ඉතාම ශෝචනීය පවුලක්.
අද විවාහ මංගල්‍යය වල පහත රට මනමාලයන් උඩරට ඇඳුම අඳිනවා. එදා එහෙම කලේ නැහැ. සෑම කෙනෙක්ම උඩරට ඇඳුමට සැබවින්ම ගරු කළා.
අද සමහර විවාහ මංගල්‍යය හරියට සමාජ ශාලා නර්තන වාගෙයි. තරු පහේ හොටල් වල පැවැත්වෙන සමහර විවාහ මංගල්‍යය ඇත්තටම අපේ රටේ ඒවාද කියා සිතෙනවා. ඉතා යම්තම් ඇඟ වැහෙන්න ඇඳි ඇඳුම් (දුහුල් ඇඳුම්) ඇඳගත් ලලනාවන්ගේ නෘතයන්, මාධ්‍යධරණී සංස්කෘතියට අයත් ලලනා බෙලි ඩාන්ස්, කාන්තා පස්සාවල් ගැස්සීම ආදියයි මේවායේ පෙන්වන්නේ.
මනමාලයා සහ මනමාලිය කථා පවත්වන විවාහ මංගල්‍යය දැන් තියෙනවා – හොඳට කරන්න පුළුවන් නම් හොඳ දෙයක්. නමුත් ප්‍රශ්නය බොහෝ තැන්වල, ඒ අය මොනවා කියනවද කියලා ඒ අයම දන්නේ නැහැ.
සැමට පේන්න මනාලයා සහ මනාලිය ආලිංගන නැටුමේ යෙදෙනවා. හොඳයි. මනාලිය තම පියා සමඟ ද නැටීමේ තේරුමක් නැහැ. ඇය වෙනෙකකු සතුවී හමාරයි.
එදා සිංහල සිරිතට අපේ විවාහ මංගල්‍යය උත්සවයකදී කවුරුත් ගරු කරන පවුලක වැඩිහිටියෙක්, දෙන්නෙක් නැගිට මනා කථාවක් කළා, නව යුවලට හොඳ උවදෙස්/පණිවුඩ දෙන.
අද තරු පහේ හොටල වල පැවැත්වෙන සමහර විවාහ මංගල්‍යයන් හි පෙන්වන්නේ ෆේස් බූක් වලින් උපුටා ගන්නා ලද දෙදෙනාගේ විකාර පින්තුර ලැප්ටොප් එකකින්විශාල ස්ක්‍රීන් එකකට දමා පෙන්වීමයි. හොඳට පීරා බලන්න – ඒ සමඟ දෙන බටහිර පන්නයේ පණිවුඩය: ‘ඔබ දෙදෙනා එකිනෙකාට සැබවින්ම ප්‍රේම නොකලහොත් වෙනත් කෙනෙක් පැමිණ ඒ ප්‍රේමය අනෙකාට ලබා දෙනු ඇත’ වැන්නකි.
අප දන්න පිටිසර ගමක මඟුල් ගෙයක් – මනමාලියගේ මාමා කෙනෙක් මගුල් ගෙදරකදී ඉංග්‍රීසියෙන් කතාවක් කරනවා කියලා අපට කල් තියාම කියා තිබුනා, එයට ලැස්ති වී ඉන්න කියා. අපි හිතුවේ නිකමට කීවාය කියලා. මෙන්න මොහු හොදටම බී, රතු ටයි එකක් එහෙම දා, කතා කිරීමට් නැගිට්ටේය. මනමාල ජෝඩුව දිහා බලලා ඒ,බි කිව්වා. මනමාලිගෙයි මනමාලයාගෙයි අම්මා තාත්තා දිහා බලලා සි ,ඩී,ඊ , එෆ් කිව්වා. අයි ජේ කේ එල් එම් එන් ඕ කියලා ඉස්සරහා හිටි අමුත්තන්ව ඔලුවෙන් පෙන්නුවා. පි, කිවූ, ආර් කියලා වම්පැත්තේ අයව හිසින් පෙන්නුවා. එස්, ටි, යු, වී කියලා දකුණු පැත්තේ අයව හිසින් පෙන්නුවා. ඩබ්ලිව්, එක්ස්, වයි, ඉසෙඩ් කියලා පිටිපස්සෙ කට්ටියට අත දික්කරලා, තෑන්ක් යු කියලා ඉදගත්තා.
සමහරු හිතාගෙන ඉන්නේ කාන්තා පාර්ශවය ඉන්නේ, මහත්වරුන්ට උයලා පිහලා කන්න දෙන්න තමයි කියලා.
එක පොල් ගෙඩියක් ගා නොදේ, එක ළුණු ගෙඩියක් සුද්දකර නොදේ, බිරිඳට.
නිවෙසේදී හැන්දෑ කාලයේ මත්පැන් බීමට හුරු පුරුදු ඇතැම් සැමියන් රූපවාහිනි නරඹන්නේද මත්පැන් තොලගාමිනි. මේ අතර අධික ලෙස දුම්වැටිවලටද ඇබ්බැහි වූවන්ද බොහෝයි. බිරියට වඩා බෝතලයට ආදරය කරන මෙවැනි සැමියන්ට කටට රස මසවුළු පිසීම හැර වෙනත් වැඩකට කාලයක් බිරියට නොලැබේ.
සැමියා ගෙදර සිටින සති අන්තයේ සහ නිවාඩු දිනවල ඇතැම් බිරින්දෑවරුන් නිවාස හිර අඩස්සියේ පසුවන කෝකිවරියක් සහ වේටර්වරියක් බවටද පත්වේ.
ඇතැම් සැමියන් උග්‍රතම ආඥාදායකයකු ලෙස නිවෙස තුළ හැසිරේ. එවැනි සැමියන්ට බිරින්දෑවරුන් ඇත්තටම ආදරය කරත්ද? බිරිය යනු නිවෙසේ හුදෙක්ම වැඩකාරියක්ද, මෙහෙකාරියක්ද නොවේ. ඇයට නිසි තැන අහිමි කලහොත්, ඇයද ඒ දේම යම් දිනක ඔහුට කිරීමට ඉඩ ඇත.
දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ නොදුන්, දුක් කරදර, හැලහැප්පීම්, අඬදබර ආදියෙන් තොර විවාහ දිවියක් ඇද්ද යන්නත් ප්‍රශ්නයකි – බාධක මැද ගැලුවත්, ගඟක් කිසිදා පහලට නොබසියි.
දවසක් අම්මා අපේ ගෙදර එනකොට මම දරුවාගේ නැපි ගලවලා, ලොකු නිල් බේසමේ දාලා නාවනවා. වයිෆ් TV බලමින් සිටියා. අම්මා සිය වේදනාව යටපත් කරගෙන, හිනා වෙලා ‘හරි හොඳයි’ කියා ගිහින් වය්ෆ් එක්ක TV බැලුවා.
බහුතර පිරිමි අතර අතින් අතට මාරු වේවි යන කාන්තාවට තමයි සමාජය දොස් කියන්නේ. නමුත් ප්‍රශ්ණය ඊට වඩා ගොඩාක් සංකීර්ණයි.
කාන්තාවගේ සුරක්ෂිත බව රැකිමේ වගකීම භාර ගෙන තියෙන අය අතින් පවා කාන්තාවගේ ආත්ම ගෞරවය පමණක් නොව සිරුරද විනාශයට පත් වනවා නම්, ඇයට කොහිද සරණක්?
ගැහැණුන්ට අත උස්සන එක අනුමත කරන්න බැහැ. ඒක ‘නියම’ පිරිමිකමට ආදේශ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.
මොනම දේකටවත් අත උස්සා සැමියෙකුට පහරදෙන කාන්තාවකගේ පහත් ක්‍රියාව අනුමත කරන්න බැහැ. ඕනෑම ප්‍රශ්නයක් සාකච්ඡා කර, වැදගත් විදිහට විසඳා ගත යුතුයි.
බිරිඳට තඩිබාන පුරුෂයා නීචයෙක්. දැන දැන පිරිමියාව කෝප, ප්‍රකෝප කරන ගැහැණිය අසමජ්ජාතියෙක්.
පාර්ශවයන් දෙකම දැන ගන්න ඕන වචන සමහරවිට වස විස වලටත් වඩා දරුණු බව.
චතුර ලෙස සහ බුද්ධිමත්ව තම දුක කීමට ගැහැණියට සහජයෙන්ම හැකියාව දී ඇත. පුරුෂයාද සිය චතුරත්වය සහ බුද්ධිය පුරුදු පුහුණු කරගත යුතුයි (මත්පැන් බීමෙන් නොවේ).
අතින් පයින් නොව කටින් ප්‍රශ්න විසඳා ගැනීමේ මහඟු බලය පිරිමින්ද ප්‍රගුණ කරවා ගත යුතුයි. ගැහැණියකට පහරදෙන පුරුෂයන් ඉදිරි අනාගතයේදී බොහෝදුරට නතරවනු ඇත්තේ හිරකුඩුවෙනි. හැදෙන දරුවන් සිටින පවුලක දෙමවිපියන් මෙය අවධාරණය කර ගත යුතුයි.
අපේ රටේ බොහොමයක් ගැහැණු (විවාහක හෝ අවිවාහක) තදින්ම පතිවත රකිනවා, ඒක සුභවාදී දෙයක්. මේවා පාලනය කරගන්න බැරිවුනොත් මුළු සමාජ තන්ත්‍රයම කැඩී යන්න පුළුවන්.
ගැහැණියකට තමාගේගේ සිත පාලනය කරගන්න පුළුවන් වෙන්න ඕනෑ පුරුෂ පාර්ශවයට වඩා. වැරදි මාර්ගයට ගැහැනියක් පුරුදු උනොත් එයාගෙන් ගන්න දෙයක් නැහැ. එතකොට ඒ සමාජයත් ඉවරයි.
‘හිත හොඳ ගෑනි හැමදාම බඩින්ලු’ – මේක වැරදි කියමනක්, වෙනස් කරන්න කාලය ඇවිල්ලා.
‘ගැහැණු කවුරුද වරදේ නොබැදෙන’ – මේක වැරදි කියමනක්, වෙනස් කරන්න කාලය ඇවිල්ලා.
ගැහැණිකගේ වේදනාව, දුක, කදුළු සෝ සුසුම වැටහෙන්නේ තවත් එබඳුම ගැහැණියකටම පමණක් යයි කියනවා. මෙහි විශාල ඇත්තක් තියෙනවා.
ගුණදම් වඩන හොඳ කාන්තාවෝ රටට දැයට ආදරය කරුණාව කියාදෙන ආදරණිය අම්මාලායි. ඒ අය අප හඳුන්වන්නේ ගෙදර බුදුන් කියාය.
අපේ දෙමවුපියන් වැඩිහිටියන් උගැන්වූ පරිදි සමහර දේවල් තියනවා. විවාහය ජීවිතයේ එක් වරක් පමණක් කරන දෙයක් නම් වඩා අගනේයි.
විවාහයේදී අඩුපාඩු/ කරදර තිබෙන්න පුළුවන්, නමුත් බොහෝ දේවල් ඉවසා දරා ගන්න ඕන.
‘අපි රෙජිස්ටර් උනා පමණයි, විවාහ උනේ නැහැ; ඒ නිසා ඩිවෝස් වෙමු’ කියා කියන අලුත බැඳපු යුවල් ඉන්නවා. මේ අයට අන්දකය්ප්පුව හැදිලද? රෙජිස්ත්‍රාර් උනා කියාන්නේ බැන්දා කියලා කියන එක බව මේ අය දන්නේ නැද්ද?
පිරිමි ආවේ ‘අඟහරු’ ලොවින්, ගෑනු ආවේ ‘වීනස්’ ලොවින්. ඒ කියන්නේ පරස්පර ලෝක දෙකක්; ඒ නිසා එකිනෙකා තේරුම් අරගෙන එකිනෙකාට ගරු කර ජීවත්වීම වැදගත්. බුද්ධිමත්ව සිටියොත් සතුටින්, සාමයෙන්, සමාදානයෙන් ජීවත්වෙන්න පුළුවන්.
කැලේ ඉන්න සත්තුත් පවුලක් වශයෙන් එකට ඉන්නේ දරුවන් වදන කාලෙට. පැටවූ ලොකු වෙන කොට පිරිමි සතා රැලෙන් අයින් වෙනවා. නමුත් මිනිසා සැමදාම බිරිඳ සහ දරුවන් සමඟ එක වහල යට ඉන්න ඕන. අමාරු දෙයක් තමයි, හැබයි, හරියට, හොඳට කරන අය එමට ඉන්නවා. මේ ‘කළාව’ ඉගෙන ගන්න ඕන දෙන්නම.
තමන්ට ගැලපෙන, තමා ගැන අවබෝධයක් ඇති කෙනෙක් විතරක් බැඳගන්න.
පුළුවන් තරම් සිතුම් පැතුම් වලින්, ගතිගුණ, ගුණ ගරුක ආදිය අතින් සමාන වූ කෙනෙක් සහකරු/කාරිය කරගන්න බලන්න. බැන්දට පස්සේ අඩුපාඩු බලලා වැඩක් නැහැ.
කසාදයට කෙනෙක් තෝරාගන්නා විට හමේ පාට, බොරු හුරතල්, බාහිර පෙනුම වගේ දේවලට රැවටෙන්නේ නැතුව ජිවිත කාලයටම තමන් එක්ක ඉන්න, අභ්‍යන්තරය ලස්සන කෙනෙක් තෝරාගන්න. වැදගත් විදියට අවුරුද්දක් ආශ්‍රය කළා නම් (2ක් නම් තමා හොඳම), හොඳ මොළයක් තිබේ නම්, තමන්ටම වැටහෙනවා.
මාගේ මිතුරෙක් කිවූ කථාවක්: ‘මම විවාහ වුණේ යෝජනාවකින්. නෝනාගේ නිවුන් සහෝදරයා සහ නෝනාගේ අම්මගේ නංගි අපි කසාද බඳීනකන් වටේ කැරකුන තරමක්. කොටින්ම ආපි සාලේ කථා කරනකොටත් කවුරුහරි ඇතුලේ කාමරේක ඉන්න බව අඟවනවා. බඳිනකම්ම දුන්නා ෆුල් ගාඩ් එකක්’.
අනුකම්පාවට බඳින්න එපා, ආදරයට මිසක්.
කාර් එකේ/ගෙදර ලොකු කමට, ලොකු නෑයන්ට රැවටිලා බැඳලා පස්සේ දුක්වෙන අය ඉන්නවා.
මංගල යෝජනා උඩ බැඳීම කලාට කමක් නැහැ. හැබැයි කලක් ආශ්‍රය කර බලන්න – කළින් කීවාක් මෙන් අවමව අවුරුද්දක්, හොදම අවුරුදු 2ක්.
මාගේ ඇවැස්ස සහෝදරයෙක් සිය මනමාලිය බලන්න යනකොට ඒ ගෙදර ලස්සනට මල් වවා ගෙදරත් බොහොම පිළිවෙලට කෑමත් හොඳට, රසට තිබුණි. නැන්දම්මා පම්පෝරි ගැසුවේ සියල්ල මනමාලිගේ වැඩ කියයි. ගෙදරට ඇය කැන්දන් ආවට පසුවයි දන්නේ හරියට තේ එකක් හදා ගන්න බැහැ කියා. අර ගෙදර පිළිවෙලට තියාගෙන ඔක්කොම වැඩ කරන්නේ මනමාලිගේ අයියාගේ නෝනාය.
සමාජය කැතම කියන කෙනා (කාලගෝල වගේ) ඔබට හමුවූ ඇතුලත ලස්සනම කෙනා වෙන්න පුළුවන්. අඳුනා ගත්තාට පස්සේ එයා ඔබේ ජීවිතේ බාහිරෙන්ද පෙනෙන ලස්සනම කෙනා වෙයි.
ස්ත්‍රිකට විවාහය උතුම්ය. ස්ත්‍රියකට ආරක්ෂාව වැදගත්ය. ස්ත්‍රියක විවාහය තුළින් (පුරුෂයාට වඩා) ආදරයත්, ආරක්ෂාවත්, නීතිමය සුරක්ෂාවත් බලාපොරොත්තු වන්නීය (නමුත් වර්තමාන සමාජයේ දී බොහෝ දුරට ඇයට නොලැබෙන ප්‍රධානතම දෙයත් එයමයි).
පවුල ඇතුලේ ඇතිවියහැකි තණ්හාව, ක්‍රෝධය,ඊර්ශ්‍යාව, කුහකත්වය, වංක බව – මේවා ඉබ්බෝ දාලා, දම්වැල් දාලා නතර කරගන්න ඕන දේවල්.
ගැහැණියකුට එක බැල්මෙන් පිරිමියෙක්ව වසඟයට ගන්න පුළුවන් කියලා කියමනක් තිබේ. පිරිමි ගැහැනියක දැපනේ දාලා අල්ලගන්න නොයෙක් ක්‍රම සහ විධි තියෙනවා – බොහෝ දුරට මුදල්, සමාජ තත්ත්වය, බලය, යාන වාහන ඇම හැටියට පිරිමි යොදා ගන්නවා. දුප්පත් මිනිස්සුන්ට ඒ අවස්ථා අඩුයි.
තහනම් පෙම කිසිදා හොද දෙයක් නෙමෙයි.
අනියම් සබඳතා කියන දේ අද හරිම සුලභ වෙමින් යයි. මුළු සමාජයම ගිලගන්න පුළුවන් මේවාට. ආශාවන් වලට වහල් නොවිය යුතුයි.
සැමියාට/බිරිඳට ද්‍රෝහී වෙන අය කොපමණ නම් අප සමාජයේ ඇද්ද? එය කෙනෙකුට තම සහකරු/සහකාරියට කල හැකි ලොකුම ද්‍රෝහී කමයි. එවැනි පවුල් බොහෝ විට සාර්ථක නොවේ.
තමන්ගේ සැමියා/බිරිඳ තවත් ගැහැණියකට/පිරිමියෙකුට සම්බන්ධවීම අනිත් අසරණ පුද්ගලයාට දරා ගන්න අසීරු දෙයක්. ඉවසීමෙන් කටයුතු නොකලොත් මුළු පවුලම අවුල් වෙනවා පමණක් නොව පුද්ගලයින් ලෙඩුන් බවට පත්වෙනවා.
සමහරු අපරාධකරුවන් බවට පවා පත් වෙනවා.
කාන්තාවක් වැඩියෙන් පරිස්සම් වෙන්න ඕන තමන් අසරණ වුනහමයි කියා කියනවා. තුන් ලෝකයේම සිටින ‘අනංගයන්’ උදව්වට, අනුකම්පාවට එති. සැමියාට කරදරයක් වුණා නම්, හදිසි අනතුරක් වගේ වේලාවකදී, ඒ අවස්ථාවේ තමන්ගේ පියා, සහෝදරයා, පුතා හැරෙන්න අනෙක් පිරිමි පමණට වඩා විශ්වාස කරන්න හොඳ නැත කියා කියනවා.
විවාහ පාර්ශවයක් වෙනත් කෙනෙකු සමග අනියම් සම්බන්දතාවයක් ගොඩ නගා ගනු ලබන්නේ බොහෝ විට විවාහ දිවිය තුල ඇති වන විවිධ ප්‍රශ්න නිසායි. එය බොහෝවිට ලිංගික හෝ ආර්ථික ප්‍රශ්න, අදහස් නොගැලපීම් සහ මානසික සුවය වැනි තත්වයන් නිසා සිදු වන බව මතය වේ.
අනියම් සම්බන්දතාවයක් පටන් ගැනීම යනු බොහෝ විට එම විවාහය දෙදරා යාමට හෝ අඩු තරමින් ඉරි තැලීමට සාධක විය හැකි කරුණකි. එබැවින් අනියම් සම්බන්ධතාවයක් පටන් ගැනීමට පෙර බොහෝ දුර ඒ ගැන සිතා බැලිය යුතුය.
සමහර පිරිමි සහ ගැහැණු ලිංගික වශයෙන්අනෙකුන්ට වඩා සක්‍රීයයි. නමුත් තම ආවේග ශිෂ්ඨ සම්පන්න ලෙස පාලනය කර ගැනීම ඔවුන්ගේ සමාජමය වගකීමයි.
බොහෝ අය ලිංගිකත්වය පිලිබඳ විනයක් නැතුව කටයුතු කරන්නේ ඒ අය කුඩා කාලයේ ලිංගිකව අපයෝජනය වූ අය නිසා විය හැකියි. ඒ අයට අපේ අනුකම්පාව හිමි විය යුතුයි.
ලිංගිකත්වයෙන් තොරවූ සාර්ථක විවාහ අපමණය.
වයසට යනකොට බහුතරයක් පවුල්වල ඇතිවෙනවා ‘මුස්පේන්තු’, ‘සන්නි’ රෝගයක්: දෙන්නාට දෙන්නා ‘ඇලර්ජික්’.
අපේ රටේ සමහර විවාහක යුවලන් දරුවන් ලැබුන පසු එකිනෙකාට දක්වන සැළකිල්ල උවමනාවෙන්ම අඩු කර ගනිත්. උදාහරණයකට කාන්තාවක් ‘දැන් මට ළමයින්ගේ වැඩ’ කියමින් පුළුවන්කමක් තිබුනත් සැමියාගේ පුද්ගලික අවශ්‍යතා ගැන තැකීමක් නැත. සැමියා හවස මහන්සිවී ගෙදර ආවත් කන්කෙඳිරි.
මෙවැනි පවුල්වල – සැමියා හෝ බිරිඳ තමන්ට වෙන ‘අඩුපාඩු’ වෙනත් විධියකින්පුරවා ගන්න හදන්න පුළුවන්; එවිට එවැනි දේවලින් පවුල් කැඩී යන්න පවා පුළුවන්.
සමහර කාන්තාවන් ළමයින් ලැබුන පසුව ‘දැන් ළමයින් ලොකුයි’ කියමින් හෝ ‘දැන් අපිට එලොවට වැඩක් කර ගැනීමට කාලය ඇවිත්’ කියමින් සැමියාව ප්‍රතික්ෂේප කරනවා. මේ අතරේ, සැමියා මේ ගැන උරණ වුනොත්, වෙනත් ප්‍රතිචාර පෙන්වුවහොත්, කරන පින්දහම් ටිකත් අමතකවෙලා, ‘3වන ලෝක යුද්ධයට’ මුල පුරනවා.
කල්ගත වන විට විවිධාකාරයේ අතෘප්තිකර හැඟීම් උත්සන්න වේ. බිරිය තමන්ට ඇහුම්කන් නොදෙන බවත්, තමන් ගැන උනන්දුවක් නැතිකමත් සමහර විට සැමියාට දැනෙනු ඇත. බිරියටත් එසේමය. මේ හරහා විවාහ දිවියේ අරමුණු වෙනස්කම් නිසා ගැටුම් පැනනඟී.
හුදු ලිංගික ආශාව නිසා අනියම් සම්බන්ධතා පටන් ගන්නා තැනැත්තා හෝ තැනැත්තිය කවදාවත් හොඳ සහකරුවෙක්/සහකාරියක් වන්නේ නැත.
ආගමික පැත්තට වඩාත් නැඹුරුවීමෙන් යහපත් පවුල් ඒකකයක් බිහිකර ගැනීමට හැකිවේ.
නමුත්, කොයි දේත් සීමාවක් තිබේ. විශේෂයෙන්ම එක් අයෙක් ආගමික නොවේ නම්.
පිරිමියා මුලිකවී තීරණ ගන්නා, මුදල් මුලිකව කටයුතු කෙරෙන සමාජයක, ගැහැණියට නියම සමතැන ලැබීමට තව කාලයක් ගතවේවි.
ගැහැණිය වනාහි හැඟීම් වලින් තොර, ගෘහස්ත කාර්යයන් ඉටුකරනා නිල නොලත් දාසියක් නොවේ. බටහිර රටවල කාන්තාවන් හිමි කරගෙන තිබෙන අවස්ථා තවම අපේ කාන්තාවන්ට බොහෝ අංශ වලින් උදාවී නැහැ.
බටහිර කාන්තාවන්ට වාගේ නොවේ, ආසියාවේ කාන්තාවන් පිරිමින්ගෙන් හුඟාක් ගුටි කයි. මෙය ඉතා නරකයි.
මොන කාන්තා සංවිධාන, නීති උපදේශක සේවා, පොලිසි තිබුනත් පැමිණිලි විභාග කරද්දී දෙන්නා සාමදාන වෙලා ආපසු ගෙදර ගොස් බිරිඳට ගහනවා නම් පැමිණිලි කලාට, දඬුවමක් විදියට; මේ වගේ පිරිමි පුනරුත්ථාපනය කරන්න ඕන.
පවුල් උපදේශක සේවා ලබා දෙන්නා ඕනේ ඒ අයට. දැඩි, දඩබ්බර නිතර ලොකු පවුල් අපරාධ කරන අපරාධකරුවන් සිරේ යැවිය යුතුයි.
අපේ සුපිරි ගායිකා ප්‍රියානි ජයසිංහ මහත්මිය සහාසික මරණයකට ලක්වුවා. ඇගේ ස්වාමියා තමා චුදිතයා වුයේ.
පොලිසි ගාව ගැනීම නිසා කැඩුණු විවාහ අපමණ බවත් අප අමතක කල යුතු නැහැ. මන්ද, මනුෂ්‍යයන් යනු ඉතා සංවේදී කොට්ටාශයක් නිසා. ‘මගේ බිරිඳ මාව පොලිසි ගෙනිච්චා’ කියා සිතේ තරහක් ජනිත කරගන්නවා,කවදාවත් යවාගන්නේ නැති.
20වෙනි ශත වර්ෂයේ මැද භාගය වනවිට ඇමෙරිකාව කාන්තා අයිතිවාසිකම්, ‘කාන්තා හඬ’ පිළිබඳව නව, විශ්මිත පෙරලියක් ඇතිකර, එය ලොව අන් රටවල ටද (ශ්‍රී ලංකාව ඇතුළු) අනුකරණය කරවීමට සමත් වෙලා ඉවරයි. එය වසර සිය ගණනක් තිස්සේ සමාජය සිතු සහ ක්‍රියාකළ අයුරු වෙනස් කිරීමක්.
එහි යහපත් ප්‍රතීඵල ලෙස ගැහැණුන් හට සම රැකියා අවස්ථා, සම වැටුප්, හිංසන විරෝධය, අඩු අවතක්සේරුව, චන්ද අයිතිය, ස්ත්‍රී දුෂණ/මිනීමැරීම් අඩු වීම සහ ඔවුනට සමාජයේ වැඩි ගෞරවයක්/ උසස් තැන් ලැබීම ආදිය සඳහන් කරන්න පුළුවන්.
අද බටහිරකරණය වී ඇති සමාජවල අයහපත් ලක්ෂණ ලෙස දක්වන්න පුළුවන් වන්නේ දික්කසාද අධික වීම, කලින් මෙන් නොව විවාහ නොවී සිටීන වැඩිහිටි සංඛ්‍යාව වැඩි වීම, අයිතිවාසිකම් පතා වන පිරිමි/ගැහැණු අතර ඝට්ටන/අපරාධ වැඩිවීම, ගබ්සා වැඩිවීම්, ගැහැනුන් විසින් පිරිමින්ට පහරදීම්, දෙමවිපියන් දෙදෙනෙක් යටතේ ජිවත් නොවෙන දරුවන් සංඛ්‍යාව වැඩිවීම ආදිය සඳහන් කරන්න පුළුවන්.
ඒ රටවල සම ලිංගික සබඳතා ඉහළ යාමට ප්‍රධාන හේතුවක් සාම්ප්‍රදායික විවාහවල වන අසාර්ථකත්වය.
ලංකාව වැනි රටවල පවුල් දෙක එකම ‘සමාජ තත්වයේ’ වීම විවාහයේ සාර්ථකත්වයට හේතුවක්, නමුත් එය හොඳ/අවශ්‍යම දෙයක් නොවේ. වැදගත් වන්නේ දෙදෙනාගේ අදහස් ගැලපීම, ආගම/චාරිත්‍ර/වාරිත්‍ර වල එකඟතාව වැනි දේවල්.
යුවලක් අතර සම්භන්ධය තදින් බිඳී තිබෙනවිට එය නැවත පිළිසකර කිරීමට කාලය අවශ්‍යයි. දෙදෙනා කලකට තාවකාලිකව වෙන්ව සිටියත් කමක් නැහැ. නැවත එක්වී සතුටින් ජීවත්වීමට පුළුවන් සැම වෑයමක්ම දැරිය යුතුයි.
බිරිඳ දැනගත යුතුයි තම ස්වාමියාට සලකන්න, ගරු කරන්න, විශේෂයෙන්ම ළමයි සහ පිට අය ඉදිරිපිට. එවැනි පවුල් සාර්ථකයි.
සමහර සැමියයි බිරිඳයි එක්කෙනෙකුට අනෙකා අප්‍රියයි. සමහර අය මුහුණටම කියනවා ‘ඔයාව මට දකින්නත් අප්‍රියයි’ කියලා.
සල්ලි දැකපු ගමන් තමන්ගේ සිහිකල්පනාව නැතිවෙන අය, සල්ලි නිසා ඒ මේ අත බලන අය විවාහයට සුදුසු නැහැ. සල්ලි තියෙන වෙනත් කෙනෙක් හමු උනොත් තම සහකරු/සහකාරිය දමා යන්න මෙවැනි අය පැකිලෙන්නේ නැහැ.
සැකය තරම් පවුල් ජීවිත විනාශ කරන අන් දෙයක් නැති තරම්ය. සැකයෙන් ආරම්භ වන සමහර පවුල් ආරවුල් කෙලවර වන්නේ ජීවිත වලින් පවා වන්දි ගෙවමින්.
ඒ නිසා පවුල් සංස්ථාව තුල ඇතිවෙන ප්‍රශ්ණ තමන්ට නිරවුල් කර ගැනීමට නොහැකි නම් හොඳම කරුණ වන්නේ පැසුණු බුද්ධියක් ඇති තමනට සැබවින්ම ආදරේ ඇති වැඩිහිටියන්ගේ, හිත මිත්‍රයින්ගේ පිහිට පැතීම සහ/හෝ දැනට වර්තමානයේ ක්‍රියාත්මක වන හොඳ පවුල් උපදේශක ආයතන වල පිහිට පැතීමයි.
සමාව දියනොහැකි තරම් බරපතල වරදක් තිබෙනවා නම් හෝ දෙදනාගේ සම්භන්ධය නැවත කිසි දිනක ගොඩ නැගිය හැකි තැනට පත්වී තිබෙනවා නම්, නීතියෙන් වෙන්වීමට කටයුතු කර (දික්කසාද), තමන්ගේත්, දරුවන්ගේ, පවුලේත් ආත්ම ගරුත්වය ආරක්ෂා කරගැනීම තමයි තියෙන මගඟු පිළිසරණ. හැබැයි දිකසාදය අවසානම තුරුම්පුව බව දැන ගත යුතුයි.
යුවලක් අතර සම්භන්ධය නැවත හදන්න බැරි තරමින් බිඳී තිබෙනවානම්, ඒ දෙදෙනාට කිසිම විදියකින් නැවත එකට ජීවත්ව ඉන්න බැරි නම්, ඒ දෙදෙනා වෙන්ව ජීවත්වීමේ වරදක් නැහැ. එය දෙදෙනාටම හොඳ දෙයකි. නැතිනම් ජීවිතය අපායක් වනු ඇත. කෙනෙක් කලින් මිය යාමට පවා ඉඩ තියෙනවා.
සමහරු උසාවිවල තපිනවා අවුරුදු ගණන් දික්කසාදය ගන්න හරිම අමාරුයි.
මිනිස්සු බහු භාර්යා (නීති විරෝධී) වගේ දේවලට පවා සමහරවිට පෙලභෙන්නේ නීතියෙන් පිළිසරණක් (දික්කසාදයක්) ගන්න තියෙන අමාරුව නිසා. ඒ වගේම, කළින් කීවාක් මෙන්, රටේ සෑම දෙනාටම, සෑම ජන කොටසකටම, එකම විවාහ/දික්කසාද නිතිය තිබිය යුතුයි.
බිරිඳ අලුත් සාරියක්/ඇඳුමක් ගෙනාවහම ඉස්සෙල්ලම පෙන්වන්න ඕනේ එයාගේ මහත්තයාට, මහත්තයා කමිසයක් කලිසමක් ගත්තහම ඉස්සෙල්ලාම නෝනාට පෙන්වන්න ඕනේ.
කාන්තාවන්ගේ කොණ්ඩෙට පෑන් විතරක් නෙවේ, පිරිමිත් පැටලෙනවා.
සැමියා හෝ පෙම්වතා කැමති විදියට කොණ්‍ඩ සැකසුවොත් ඔවුන් ඇයට සදා ආකර්ශනය වෙනවා නියතයි.
‘මාගේ මේ කොණ්ඩය මට කටු අත්තකකි නමුත් මගේ සැමියාට එය සුවඳ මල් අත්තකි’ යයි සිතන කාන්තාවෝ ඇත.
පෙර කාලයේ බිරිඳ හෝ පෙම්වතිය ළඟ නැතිකොට පමණක් පිරිමින්ගේ ඇඟේ හැපෙන්න ආ ලැජ්ජා නැති බවලතුන් මේ මෑතක සිට පිරිමින්ගේ බිරින්දෑ ඉදිරියේත් ඔවුන්ට උකුළු මුකුළු කරන රැල්ලක් ඇතිවෙලාලූ. මාගේ මිතුරියකට ඔය ටික වෙලා: ඇය නිකන් සිට නැහැ; වයින් වීදුරුවක් ගෙන වැරදීමකින් වගේ අර විලිලැජ්ජා නැති බවලතිගේ යන්තම් විලිවැසුන ඇඳුම තෙමෙන්න හලා සැමට ඇසෙන්න ‘ඕහ් සොරි’ කියා කියලා. ඇගේ අනවශ්‍ය මනමාලකම එතැනින්ම නතර උනාලූ.
ඉතා සුපරික්ෂාකාරී ලෙස බැලුවොත් පෙනී යන දෙයක් තමයි බොහෝ පවුල්/දරු ප්‍රශ්නවලදී සමාජය (උදාහරණයක් ලෙස උසාවි, පොලිසි, මාධ්‍යය) තීන්දු තීරණ කරන්නේ ස්ත්‍රීයගේ පැත්තට වාසි වෙන්න. මෙයට හේතුව සමාජය ස්ත්‍රිය දෙස බලන්නේ අනුකාම්පාමයවූ ඇහැකින්. එය හොඳ, විය යුතු දෙයක්.
ඓතිහාසිකව අප රටේ කාන්තාවනට සිදුවී ඇති ‘තදබල අසාධාරණ’, හිංසන, ඒ වගේම දරුවන්ගේ පෝෂණය සහ දරුවන් ලොකු මහත් කිරීමේ වගකීම කාන්තාවටම 100%ක් භාර දීම වැනි හේතු නිසා.
නමුත්, අද ලෝකයේ අපි සාධාරණව, පක්ෂග්‍රාහී නොවී ප්‍රශ්නයක් දිහා බලන්න ඕන. වැරැද්දට ස්ත්‍රී පුරුෂ භේධයක් නොමැතිව වැරදියි කියන්නත්, හරිදේට හරියි කියන්නත්, අපට ආත්ම ශක්තියක් සහ නිර්භීතකමක් තියෙන්න ඕනා. එවන් සමාජයකට වරදින්නේ නැහැ.
ගොඩාක් පවුල්වල තියෙන ප්‍රධානම ප්‍රශ්නය තමයි තමන්ගේ ස්වාමිපුරුෂයා හෝ බිරිඳ අනෙකාට හරිම නපුරු විදියට කතා කිරීම, උස් හඩින් කතා කිරීම. විවාහකයාගේ බලාපොරොත්තුව වන්නේ ආදරය සහ සෙනෙහසයි.
මේ දෙගොල්ලොම අනෙක් කරුණු අතින් විවාහකයාට හරිම හොඳ වෙන්න පුළුවන්. හම්බකිරීම, දරුවන් ගැන අවධානයෙන් කටයුතු කිරීම, වැරැදි වැඩ නොකිරීම. නමුත් ප්‍රශ්ණය නම් – දෙන්නාට දෙන්නා නපුරු වීම හෝ නපුරු වගේ පෙනීම. මෙය කෙසේ හෝ වලක්වා ගත යුතුයි, නැත්නම් මෙය මුළු පවුලම අඳුරු කරයි.
සෑම කාන්තාවකින්ම තමුන්ගේ මවගේ, අක්කගේ, නංගිගේ රූපයෙන් දකින්න. එතකොට හැම පිරිමියෙක්ම හැම කාන්තාවකටම ගෞරව කරාවි. කාන්තා හිංසනය, දුෂණය අඩු වේවි.
බිරිඳට 45 පැනපු ගමන්හෝ ලස්සන මදිවෙච්ච ගමන් වයස 20-25 බවලතියන් මතක් කරගන්න පිරිමි ඉන්නවා. ඒ පවුල් ඉදිරියට යන්නේ නැහැ.
‘ෂුගර් ඩැඩි’ යන ආදර නමින් හඳුන්වන ධනවත් සීයාලා හොයාගෙන යන නැට්ටුක්කාරියෝ විශේෂයක් සිටිත්. සියාලාව නැත්තටම නැති කරලයි ඒ අය නම් යන්නේ.
ගොඩාක් මුදල් තිබෙන වයසක පිරිමියෙකුගේ ඇඟේ එල්ලෙන්න බැලු 20 ගණන්වල කෙනෙක් සිටියාය. සීයාගේ ඇන්ටිට අහුවී දිගට තිබ්බ හොඳ කොන්ඩේ කොටට කපාගෙන ආපසු ගෙදර ගියාය.
විවාහයට පෙර පිරිමි හොයනවා දඟකාර සුන්දර කෙල්ලක්. විවාහ උනාට පස්සේ ඇය ‘නැට්ටුක්කාරී’ කියලා රණ්ඩු කරනවා. කාන්තාවන්ද එසේමයි. ඔතෑනි නිශ්ශබ්ද කොල්ලන්ට වඩා දඟකාර ක්‍රියාශීලී කොල්ලන්ට කැමතියි. හැබැයි බැන්ඳට පස්සේ, වැඩියෙන්ම ළමයි හම්බුනාට පස්සේ, සැමියා කළින් කරපු සේරම අත් හැර ‘නෝන්ජල් බබෙක්’ වෙන්න ඕනේ.
වයසින් මුහුකුරා යනවිට බුද්ධිමතුන්ට වැටහෙනවා ආදරය කියන්නේ නිකම්ම නිකම් සුන්දර වූ දෙයක් පමණක් නොව ඉන් ඔබ්බට ගිය සංකීර්ණ, ආශ්චර්යමත්, කදිම දෙයක් බව. දෙදනා එකට වයසට යනවා.
මොන දෙය නැතත් අවංක, පිවිතුරු ආදරය ඇත්නම් ඒ ජිවිත ලස්සනයි.
ආදරය වනාහි පළ දරන, වටිනාකමින් මිලකළ නොහැකි, මහාර්ගසම්පන්න වූ වෘක්ෂයකි. එහි අයිතිකරුවන් දෙදෙනාම එක්ව එය නිතිපතා පොහොර, වතුර දමා, අවශ්‍ය විට කප්පාදු කර, තද අව්, වැසි. කුනාටුවලින් රැකගෙන, ඉතාම ප්‍රවේශමින් රැක බලා ගත යුතුයි.
නිතිපතා බලාගෙන, වර්ධනය කරගත්තොත් එයින් ලැබෙන පළ වල වටිනාකම කියා නිමකළ නොහැක. හරියට දිව්‍යලෝකයේ ගියාක් මෙන් සැපකි/සතුටකි.
නමුත්, නිකන්, ඔහේ වැඩෙන්න හැරියොත් පළදාව අඩුයි, වතුර, පොහොර වගේ දේවල් නොදැම්මොත් මැරිලාම යනවා. එතකොට පළදාවක් නැතුව ඒ දෙන්නත්, මැරිලාම වගේ යනවා.
බොහෝ අය කරන වරදක්, මෝඩ වැඩක් තමයි මුලදී වෘක්ෂය අර කියපු විදියට බලා හදා වඩා ගන්නවා, පසුව නොසලකා හරිනවා.
පිනට ලැදීවීම ඉතා හොඳයි. විවාහ ජීවිතයේදී පින්දහම් කිරීමත්, විවාහ ජීවිතයත් එකිනෙක නොගැටිමට වග බලාගත යුතුයි.
කාන්තාවක් විවාහනොවී ළමයෙක් ලැබීම අනුබල නොදිය යුතු දෙයක්. නමුත් එවැනි කාන්තාවකට සහ දරුවන්ට විලිලැජ්ජා නැතිව නිදහස්ව, ඔළුව කෙලින් තියා ජීවත්වීමේ වාතාවරණයක් අප රටේ තිබිය යුතුයි, බිහිවිය යුතයි.
ගෙදර ගිනි පිටට දීම නුසුදුසුයි. ගෙදර ගැටළු දෙන්නා කොහොමහරි කතාකර විසදාගන්න. වැරදි හදා ගන්න; සැකය ඇති කර නොගන්න.
හිත හොඳ වුනහම කරදර වැඩියි කියලා කියමනක් තියෙනවානේ. ඒ නිසා අපි අපේ සංවේදී සිත් තද කරගන්න ඕන.
දෙන්නට දෙන්න අතර හොඳ විශ්වාසයක් ඇති වුනොත් ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. නමුත් කිල්ලෝට දෙකෙන් එකක හරි හුණු තිබුනොත් ප්‍රශ්න විසදෙන්නේ නැහැ, උග්‍ර වෙනවා.
‘විවාහය’ යන අකුරු හතරේ ගැබ් වෙලා තියෙනවා කියන්නේ; වී -විශ්වාසය, වා – වාසනාව, හ -හරි මග , ය – යස ඉසුරු යන්නයි.
කැඩුණු පවුලක කවුද හරි කවුද වැරදි යන්න සමහරවිට බාහිරව ඉන්න අපට කියන්න අමාරුයි.
ප්‍රථම ප්‍රේමය සුන්දරම ප්‍රේමය කියනවා, නමුත් එය සුදුසුම ප්‍රේමය නොවිය හැකියි.
ආදරය කරන්නා අනෙකාට මෙන්ම තමන්ටද ආදරය කරත්.
ලිංගිකත්වය ආදරය තුල අන්තර්ගත වූ දෙයක්.
ලිංගිකත්වය යනු රාගය නොවේ.
වැරදි, පහත් කාමයේ නරක ආදීනව බොහෝය
ආදරය මලක් නම් ලිංගිකත්වය, ඒ මල තුල ඇති පැණිය. බඹරුන්, බඹරියන් එන්නේ ඒ පැණි සොයායි. පැණි නැති මල්ද ඇත, ඒවායේ සතුටින් වසන කෘමින්ද වෙත්. එම මල්ද සැපසේ වැඩේ.
ලිංගිකත්වය තොරවූ ආදරයක් තිබිය හැක. සාර්ථක එවැනි සබඳතා අප්‍රමාණය.
ලෝකයට පේන්න විවාහ වීම අවශ්‍ය නැත. කැමති නම් අවිවාහකව ඉන්න, ඒකට කමක් නැහැ. හොඳින් ඉන්නයි ඕන.
අයෙක් විදෙස් ගතවී කැපකිරීම් කරන්නේ තම පවූල වෙනුවෙනි. මෙරට නතරවන පාර්ශවය දැන ගන්න ඕනේ දරුවන්ගේ සහ පිට රට සිටින සහකරු/සහකාරියගේ ගෞරවය රැකෙන පරිදි ජීවත්වීමට.
සැමියා – බිරිඳ අතර තිබෙන ආදරය දෙමව්පියන් – දරුවන් අතර තිබෙන ආදරයට වඩා හාත්පසින්ම වෙනස් එකක්. රාගය තිබෙන්නේ මුල් (විවාහක) සම්බන්ධතාවයේ පමණයි.
දරුවෙක් ලැබු පසු මවක හැසිරෙන්නේ, ආදරය පෙන්වන්නේ, වෙනස් ආකාරයකටයි. පිරිමියා මේ බව වටහා ගැනීම වැදගත්.
බිරිඳ තරුණියකව සිටි කාලයේදී මෙන් හැමදාම හැසිරේ යයි ස්වාමියෙක් බලාපොරත්තුවන්නේ නම් එය මෝඩ කමක් සහ පවුලේ ආරවුල් ඇති වීමට හේතුවක්.
දැනුවත්ව හෝ නොදැනුවත්ව ළමයින් අතර භේද ඇතිකරන දෙමව්පියන් මෝඩ දෙමව්පියෝ.
තාත්තාගේ අම්මාගේ වුණත්, තමන්ගේම වුණත් ’වැරැද්ද වැරැද්දම තමයි’. වැඩිහිටි දරුවෙක් නම් ඒක පෙන්වා දෙන්න ඕන, සාකච්චා කරන්න ඕන ඉතා ප්‍රවේශමෙන්, සංවේදී විදියට.
අපි අපේ පවුලේ අයගේ වැරදි පවුල ඇතුලේ කතා කලාට පිට අය එක්ක ඒවා කියන්න හොඳ නෑ.
පවුලකට දරුවෙක් ලැබුනත්, නොලැබුනත්, දරුවන් විවාහ වී පවුලෙන් වෙන් වුනත් නැතත්, දෙදෙනා අතර ආදරය හා අවබෝධයයි වැදගත් වෙන්නේ.
දරුවෝ නැති අය ‘අපට බැදීම් අඩුයි’ කියලා හිත හදා ගන්න එකයි තියෙන්නේ, පවුල කඩාකප්පල් කර ගන්නේ නැතුව.
විවාහය පිළිබඳව අපේ රටේ සත්‍ය රස කථා කිහිපයක්, මනාලයාගේ හෝ මනාලියගේ බසින්:
මට ආපු යෝජනාවකදී මට දෑවැද්දට දෙනවා කියූ ඉඩමේ හරියටම කියපු පර්චස් ගාන තියෙනවාද කියලා අපේ මඟුල තීන්දු කරපු පසු මනමාලයා මිනින්දෝරුවෙක් එක්ක ගිහිල්ලා ඉඩම මැනලා. හැබැයි, ඒ එක්ක ගිහින් තියෙන්නේ අපේ මාමා කෙනෙක්ගේ පුතෙක්. කියලා තියෙන්නේ විකුණන්න තියෙන ඉඩමක් කියලාලු. අපේ තාත්තාට ආරංචි වුනාට පස්සේ ගොඩාක් තරහ ගිහිල්ලා, මඟුල එතැනින්ම ඉවර වුනා.
මම ගාල්ලේ බලන්න ගිය මනමාලිගේ ගෙදර පවුලේ මහ ගෙදර පෙන්නලා ඒක පවුලේ බාලයා වුණ මනමාලිට දැවද්දට දෙනවා කිව්වා. ඔය වෙලාවේ මනමාලිගේ ලොකු අයියාගේ මුණ ටිකක් අමුතු වෙලා තියනවාත් මට පෙනුනා. මට ඔය දෑවැදි ගැන වගතුවක් නැති වුණත් විස්තර කිව්වාට පසු මගේ කිට්ටු මිතුරෙකු යම් කිසි සැකයක් ඔස්සේ විපරම් කළා. බලනකොට ඒ පවුලේ මගුල් 5 ක් කරලා තියෙන්නේ අර ලොකු අයියාගේ නමට තියෙන ගෙදර පෙන්නලාලු.
මගේ යාළුවා මට හොරා බැන්දේ මම කැමැත්තෙන් හිටපු කෙනාව, හැබැයි මිනිහා තාම මගේ යාළුවා – ගොඩාක් දුරින්.
අපේ අයියා බලන්න ගියා මනමාලියක් මාතර. මනමාලියකගේ ලොකු අක්කා එයාට වැඩිය වයසින් අවුරුදු 20ක් විතර වැඩි අවිවාහක තැනැත්තියක්. පසුව එලි වුනේ මනමාලි කියන්නේ ඒ අක්කා හුඟක් තරුණ වයසේදී ප්‍රේම සම්බන්ධයක් නිසා අවිවාහකව ලැබූ දරුවා. ඒ පවුලේ උදවිය ඒක සැහෙන කාලයක් තිස්සේ වසන් කරලා තියෙන්නේ පවුල පිටින් මුල් ගමේ පදිංචියත් කාලයකට පෙර වෙනස් කරලා.
අපේ අයියා කෙනෙක් කන්ද උඩරටින් බැඳපු මනමාලි නම් හරි කම්මැලියි. එයා ගෙදර බාලයා නිසා ඔක්කොම එයාගේ අතට පයට වැඩ කරලා දීලා. දැන් එයාගේ අවිවාහක ලොකු අක්කා තමයි ඉවුම් පිහුම් සහ ළමයා බලාගැනිල්ල ඇතුළු ඔක්කොම ගෙදර වැඩ කරන්නේ. ඒ අතින් මන් ගෙනා මනමාලි ගොඩක් හොඳයි.
මගේ යාළුවන් දෙන්නෙක් උඩරට පළාතෙන් – මැද මහ නුවරින්, බැඳලා ඉගෙනගත්ත පාඩමට පස්සේ මම ඒ පළාතෙන් කටයුත්තක් කරගන්න බොහොම බයයි. ඒගොල්ලන්ගේ ගෙවල් වල ඔක්කොම පාලනය කරන්නේ නෝනාගේ පවුලේ බවලත්තු ටික, පිරිමින්ට කට අරින්නවත් බැරි තත්වයක් තියෙන්නේ.
මම බලන්න ගිය මනමාලිගේ අක්කාට අවුරුදු 4 ක විතර ළමයෙක් හිටියා.ඒ ළමයා අක්කගේලු. කසාදෙට ඔක්කොම කැමතිවෙලා ලෑස්තිවෙලා තියනකොට දවසක් මම එහෙ ගිහින් ඉන්නකොට අර ළමයාගේ උපත් විස්තර තියන ෆයිල් එක මේසය උඩ තිබුනා. මම නිකන් ඇරලා බලනකොට ළමයා හම්බවෙන්න කලින් ගත් රිපෝර්ට්ස් වල තියෙන්නේ මනමාලිගේ නම. හැබැයි උප්පැන්නේ තියෙන්නේ අක්කගේ නම.
අසරණ සතෙකුට පිහිට වෙනවා කියන්නේ උතුම්ම ක්‍රියාවක්.
අපි හිතනවාට වඩා සත්තු බුද්ධිමත්ය, ඒ අයට තේරෙනවා, අපට නොතේරුනාට. ඒ අය සැම විටම අපව අධ්‍යනය කරනවා.
අහිංසක කැලෑ සතුන්ගේ ආරක්ෂාව එන්න එන්නම නරකයි. බොහෝ විට වෙඩි කාපු අලි, දිවියෝ, ගෝන, මුවෝ වගේ සත්තු මෙලොව හැර යන තත්ත්වෙට ඇවිල්ලා, බොහෝ විට වනජීවී මහත්තුරු/මහත්මීන් ඒ අයව සොයා බලන්න එනකොට.
ඊයේ (14/10/2025) විතරක් අලි 3ක් මරලලු.
අලි තමන්ගේ ගෙවතු විනාශ කරනවා කියලා මිනිස්සු පැමිණිලි කරනවා. අලින් ජීවත්වන කැලය කපලා අපි පදිංචි වෙනකොට අලින් කොහේ යන්නද?
මඩකලපුව කෝච්චියට අලි කොච්චරවාත් අහු වෙනවා, තවමත් මේ ප්‍රශ්නයවත් අපට විසඳගන්න බැරි උනානේ. කෝච්චි පාරේ රස්නෙට අලි එතනට එනවා;. අනික කෝච්චි පාර යන්නේ පෞරාණික අලි මංකඩවල් හරහා. කෝච්චියට පැයට km 10
වේගෙන් හරි යන්න කියලා මේ අලි ටික බේරා ගනිමු.
මඩකලපුව කෝච්චියට අලි රොත්තක් අහු වෙලා මැරිච්ච වෙලේ බේරිච්ච අලි එතනින් ඉවත් නොවී විලාප තිය තිය හිටියලු දින කීපයක්.
මඩකලපුව කෝච්චියට පමණක් අලි මැරෙන්නේ ඇයි? රජරට කෝච්චියට අලි මැරෙන්නේ නැහැ හෝ ඉතා අඩුයි.
ඔබේ බල්ලා ඔබේ ගෙදර මුරකරන හැටි ඔබට ඕනා විදියට කියා දී හදා ගන්න පුළුවන්. සතුන්ට ආදරයෙන්ම කථා කරන්න; ඒකත් කලාවක්. ‘මියෝ අල්ලන්න, කුඩුවට ගිහින් නිදා ගන්න, ලේන්නු මරන්න එපා’ වැනි වැකි නිතර කීවාම තේරෙනවා.
බල්ලෙක්, විශේෂයෙන්ම පුසෙක්, ඉන්නවා නම් මියෝ ටික ඔක්කොම වඳ කරලා දෙයි.
ගෙදර ඇතුලට ආ ලේ මාපිලා මරා ගෙදර අයගේ ජීවිත බේරාගත් පුසෙක් හිටියා.
බල්ලන් පැය 24ම කුඩු වලට දමා හෝ දම්වැල් වලින් බැඳ තබන්න එපා. බල්ලා සතුටින් සිටින්නෙක් වෙන්නේ නැහැ. නපුරු වෙනවා. ව්‍යායාම ලබා දෙන්න, බල්ලන්ව ඇවිද්දවන්න, ඔබද ව්‍යායාමයක් ඒ ගමන්ම ලබා ගන්න.
සුරතල් සතුන්ට ආදරයෙන් කථා කරන විට ඔබේ ලේ පිරිසිඳු වෙනවා පමණක් නොව ඔබ අවට තිබෙන පරිසරයද, පිරිසිඳු, සතුටු සාධක එකක් බවට වෙනවා.
සතුන්ගේ හැසිරීම් ස්වභාවය හැදෑරීමෙන්; විශේෂයෙන්ම ගෙදර ඇතිකරන සුරතල් සතුන්, දිහා බැලීමෙන්, ලෝකය, පරිසරය, ස්වභාව ධර්මය ආදිය ගැන හොඳ දැනීමක් ගත හැකියි.
මාළු ටැංකියක මාළු දිහා බලා ඉන්න – ධ්‍යානයකට සම වැදුනා වැනියි.
මිනිස්සුන්ට වඩා සතුන්ගේ කරුණාව, කළගුණ තියෙනවද කියලා වෙලාවකට හිතෙනවා.
තිරිසන් සතුන් ඇතිකරන අයගෙන් අහලා බලන්න – සමහර විට තිරිසන් සතුන් මිනිසාට වඩා හොඳ නේද කියා ඔවුන් කියනවා නේද?
ගොඩබිම ලොකුම සතා අලියා මාංශ අනුභව කරන්නේ නැහැ.
පරෙවියා/සැළලිහිණියාට උඩදී අනතුරක් නොවුනොත් ආපහු ඒ සතා උන්නු තැනටම එනවා.
ගෙදරින් පිටවූ බල්ලා අතරමං නොවුනහොත් හෝ වෙන අකරතැබ්බයක් නොවුනොත් ආපසු ඒ ගෙදරට එනවාමයි.
ගෙදර ඇතිකරපු බල්ලාව, පුසාව මහළු උනාම, ලෙඩ උනාම හෝ ඕන නැති උනාම ගිහින් අත හැර එන්නේ ගුණමකු පුද්ගලයෝ.
සුරතල් සත්තුන්ව එපා වෙලා ගිහිල්ලා ඒ අයව අතරමං කරලා එන අය හෝ ඒ සතුන් විවිධ ක්‍රම වලින් මරා දාන අය පාපිෂ්ටයෝ.
දිනක් තමුන්ට ගෙදර බල්ලාගෙන් කරදර නිසා බිරිඳගේ ඉල්ලීමට බල්ලාව රැගෙන ගොස් කැලේකට දමා ආපසු ඒමට බලද්දී මිනිහට ගිය පාර අමතක වෙලා. පස්සේ රවුම් ගහලා ගහලා පාර හොයා ගන්න බැරී වෙනකොට මිනිහා දැකලා තියෙනවා බල්ලා දුවනවා කැළේ මැදින්. පස්සේ බල්ලාගේ පස්සෙන් දුවලා තමා ගෙදරට යන පාර හොයාගෙන තියෙන්නේ.
තමන්ව හදපු තැනට සතා සිව්පාවා ආදරෙයි. බල්ලා ගේ රකින්නේත්, පුසා මියන් අල්ලන්නෙත් ඒ නිසයි.
පාරට දුවපු බල්ලා ආපහු ගෙදර නාවා නම් වාහනයකට අහු වෙන්න ඇති, නැත්නම් කවුරුහරි හොරකම් කරන්න ඇති.
ලොව ලොකුම සතා නිල් තල්මසායි. අපේ මිරිස්ස මුහුදේ ඉන්නවා.
චිම්පන්සින් සහ අපේ DNA සංයුතිය 99%ක් පමණ සමානයි.
පරෙවියා අප හිතනවාට වඩා හුඟක් බුද්ධිමත්. හැතැප්ම දහස් ගණනක් ඈත සිටින තම ස්වාමියා සොයා පියාසර කර ආපසු එනවා.
1වන සහ 2 වන ලෝක යුද්ධවලදී පණිවුඩ හුවමාරුවට පරෙවියෝ යොදා ගත්තා.
උසස් යයි කියා ගන්නා අපට ඉව නැහැ; බල්ලන්ට සහ පුසන්ට තියෙනවා.
සුනාමි එනබව බොහෝ මිහිපිට සතුන් දන්නවා මිනිස්සු දන්නේ නැහැ. යාලේ එක සතෙක් මරුනේ නැහැ.
සුනාමියේදී මැරුණු සත්තු ඉන්නවා. ඒ (අප විසින්) බැඳලා හිටපු හරක්, බල්ලෝ වගේ සත්තු.
හොඳ නිරෝගී, පුෂ්ටිමත් ගවයෙක් දවසකට ගොම කිලෝ 12 ක් දෙනවලු.
අපේ රටේ හරක්/සුරතල් සතුන් හොරකම් කරන එක වැඩි වෙලා. කිසිම කෙනෙකුට මේ දේ කරන්න අනුබල දෙන්න හොඳ නැහැ.
හරකා/සුරතල් සතාගේ අයිතිකාරයා තමයි දන්නේ තමන්ට තියෙන හිතේ අමාරුව.
හොරකම් කරලා ගෙනිහිල්ලා හදන්න හදන ගොඩක් සත්තු ඉක්මනට මැරෙනවලු හිතේ අමාරුවට.
අපේ රටටම දැන් ඉතුරු වෙලා ඉන්නේ බුරුවො ගණන 2,000ට අඩුයි. ඒ සතුන් දැනට ඉන්නේ මන්නාරම් දුපතේ (තලේ මන්නාරමේ) සහ කල්පිටියේ.
මීට වසර කිහිපයකට පෙර මාධ්‍යවේදියෙක් දේශපාලනඥයෙක්ගෙන් ඇහුවාලු ගෙවල් නැතුව පාරේ කන්න නැතුව වැටිලා ඉන්න බල්ලෝ, පුසෝ, හරක් වගේ සත්තු ගැන ඔබතුමා මොකද හිතන්නේ කියලා. ඒ සත්තුන්ට කිසියම් කරුණාවක් අපට දක්වන්න බැරිද කියලා. එයා කිවුවාලු හැමෝම නෙවෙයිනේ එහෙම ඉන්නේ. ඉතින් ඔය මිනිස්සුත් ගෙවල් නැතුව පාරේ ඉන්නේ, ඕක මොකක්දකියලා.
කොච්චර ‘බොරු’ හිඟන්නෙක් උනත් අපි සල්ලි කීයක් හරි විසි කරනවා.
අවංක, හොඳ, සිඟන්නන්ට සල්ලි දෙන්න හැකි පමණින්. හැකියාවක් තිබේ නම් හොඳ මිත්‍රත්වයෙන්, සම මට්ටමින් ඔවුනට කථා කරන්න. සමහර හිඟන්නන් බලාපොරොත්තුවන්නේ මුදලට වඩා සම මට්ටමෙන් ඔවුනට දෙන්නාවූ පිලි ගැනීමයි.
සමහර සිඟන්නෝ බොරු කරන්නේ කියා කියනවා; වෙන්න පුළුවන්. නමුත් කෙනෙක් සිඟමං යදින්නේ වෙනත් කල හැකි අන් කිසි දෙයක් නොමැති නිසා නේද (රැකියාවක් කරන්න තරම් කායික හෝ මානසික තත්ත්වයක් නොමැති නම්).
සිඟමං යදින්නේ මිනිසාගේ ලොකුම ගින්න වන බඩගින්න නිවා ගන්නයි. අප අද ජේත්තුවෙන් ගියත්, අපටත් කවදාහරි යන්න එන්න නැති වුනොත් පාරේ සිඟා කන්න සිදු වෙන්න පුළුවන් නේද?
සිඟන්නෙක්ගෙන් අහලා බලන්න; ඔවුන්ට බොහෝ විට මුදල් උපකාර කරන්නේ තියෙන මිනිස්සු නොවෙයි, නැති බැරි මිනිස්සු. බස් වල යන අය කාර් වල යන අයට වඩා සල්ලි විසිකරන බව ඕන සිඟන්නෙක් කියනු ඇත.
දවසක් මම කළුතරදී හිගන්නෙකුට රුපියල් විස්සක් දුන්නා. මම කොළඹට සාමාන්‍ය බසයකින් ආවා. හිගන්නා ඒසී බස් එකේ කොළඹට ආවා.
ඔහුට වයස 57 විතර ඇති; රෝයල් කොලිජියේ ඉගෙන ගත්තේ. තාත්තා ගුවන් යානා කපිතාන්. ලොකු ගෙයක් තිබුනේ කොළඹ 7තේ. තාත්තයි, අම්මායි දෙන්නම දැන් මැරිලා. නංගි බැඳලා කොළඹ 7 මහගෙදර. මිනිහා අද කොළඹ විදී වල හිඟමන් යදිනවා. මුහුණ දෙස ප්‍රවේශමින් බලන්නෙකුට, එදා තිබිච්ච විරාජමාන පෙනුමේ නෂ්ටාවශේෂ, අදත් දකින්න පුළුවන්.
පොල්ගහවෙල දුම්රිය ස්ථානය අසලදී – අන්ධ හිගන්නාගේ සල්ලි පිරිච්ච ටින් එක කවුද මිනිහෙක් උස්සන් දිවුවා. ඒ අන්ධ හිගන්නා පන කඩාගෙන පිටිපස්සෙන්ම දුවලා හොරාව අල්ලා ගත්තා. පොලිසියෙන් ඔහුව චෙක් කළා, එයා ඇත්තටම අන්ධ.
ඕස්ත්‍රේලියාව, නව සීලන්තය වැනි දියුණු රටවල සෑම අධිකරණයකටම ඇතුල් වීමට ප්‍රථම නඩුකාරයන් හැර අන් සියළු දෙනාම ‘මෙටල් ඩිටෙක්ටරය’ පසු කර යා යුතුයි.
ඒ රටවල නම් කෙනෙක් තව කෙනෙකුට එරෙහිව බොරු චෝදනා පැවරීම/ගොනු කිරීම, බොරු සාක්ෂි දීම – Perjury, යන චෝදනාව යටතේ, උස් පහත් භේදයක් නොබලා, දීර්ඝ කාලීනව සිර දඬුවම් ලබන වරදවල්.
Contempt of Court යටතේද එවැනි අය සිර දඬුවම් ලැබිය හැකියි; කෙනෙක් නඩු තීන්දුවක් සාධාරණ ලෙස ප්‍රසිද්ධියේ විවේචනය කිරීම මේ වරදට හසු වන්නේ නැහැ.
ඕස්ත්‍රේලියාවේ සහ නව සීලන්තයේ Contempt of Court යටතට ගැනෙන අපරාධ වනුයේ ගරු අධිකරණයේ නියෝගයකට දැනුවත්ව අවනත නොවීම, නඩු ශාලාව තුල අවිනීත ලෙස හැසිරීම, නඩුවේ යුක්තිය පසඳලීමේ ක්‍රියාදාමයට දැනුවත්ව අවහිර කිරීම, නඩුකාර තුමෙකුගේ සාධාරණ ප්‍රශ්ණ ඇසීමකට පිළිතුරැ නොසැපයීම ආදියයි.
පවත්වා ගෙන යන නඩුවක් විනිශ්චය කරන නඩුකාර වරයෙක් පැහැදිලිව එක් පිළකට පක්ෂපතී බව පෙනෙන්න තිබෙනවානම් අනිත් පාර්ශ්වයකට වෙනත් නඩුකාරයෙක් ඉල්ලා සිටීමේ අයිතිය තිබෙනවා.
ඒ රටවල බොහෝ බරපතල අපරාධ නඩු අසන්නේ ජුරියක් ඉදිරියේ.
චුදිතයාට අයිතිය තියෙනවා ජුරි සභාවක් (සාමාන්‍ය වැසියන් 9 සිට 12 දක්වා) ඉදිරියේද, තනි නඩුකාර වරයෙක් ඉදිරියේද තම නඩුව ඇසිය යුත්තේ යන ඉල්ලීම කරන්න.
ජූරියක් ඇත්නම්, චුදිතයා වැරදිකරුද, නිවැරදිකරුද කියා විනිශ්චය කරන්නේ එම ජූරියේ වැඩි චන්දයයි; නඩුකාරතුමා ජුරිය මෙහෙයවයි; නිතීමය පැත්ත ක්‍රියාත්මක කරයි.
ජූරියේ අය සළකා බලන්නේ නඩුවට අයත් කාරණා (facts) දෙස පමණි. මේ සඳහා ඔවුන් සාක්ෂි වලට සාවධානව සවන් දෙත්.
වැරදිකරු වූ පසු දඬුවම් නියම කරන්නේ නඩුකාර වරයායි.
ඉස්සර ශ්‍රී ලංකාවෙත් එහෙමයි, බොහෝ අපරාධ නඩු ඇසුවේ ජුරි සභාවක් ඉදිරියේ, දැන් මෙය විරලයි.
ජූරියක් මඟින් නඩු කරයක් පවත්වා ගෙන යාම ඉතා මිළ අධිකයි.
සෑම පුරවැසියෙකුටම එක හා සමානව නිතිය ක්‍රියාත්මක විය යුතුයි – මෙය මුළු ලෝකයේම පිළිගත් සිද්ධාන්තයක්.
ගරු අධිකරණය සැමට සාධාරණයි යන්න නිරුපනය කිරීමටයි සමබර තරාදියක් අතැති අහිංසක යුවතියගේ දැස් රෙදි කඩකින් බැඳ දමා ඇත්තේ. ඇයට කවුරුවත් පෙන්නේ නැහැ.
ඕනෑම චූදිතයෙකුට නීතීඥයෙක්ගේ සහාය ලබා ගැනීමට වරම් තියෙනවා.
1996දී පුද්ගලයන් 35 ක් එකවර ඉතා අමානුෂික ලෙස වෙඩි තබා මරා දැමු ඕස්ත්‍රේලියානු මිනීමරු මාර්ටින් බ්‍රයන්ට් වෙනුවෙන් පවා නීතීඥයෙක් පෙනී සිටියා.
අපරාධ වැනි දරුණු නඩු වල අඩු ආදායම් ලාභී චූදිතයන් උදෙසා ශ්‍රී ලංකා රජය විසින් නිතී සහනාධාර සේවයක් සළසා දිය හැකි නම ඉතා මැනවි. මෙය පවුල් උසාවි නඩු වලටද අදාළ විය යුතුයි.
දියුණු රටවල නඩුවක පාර්ශවයක් නම් ඒ තැනැත්තාට සිටිය හැක්කේ එක නීතීඥයයි, එක කවුන්සල් (බැරිස්ටර්) වරයායි; ඒ තැනැත්තාට පක්ෂපාතිත්වය පෙන්වීම වස් 100, 200කට ඉදිරිපත් වෙන්න බැහැ.
නඩුවක නීතීඥවරයාට නඩුකාර තුමාව අමතන්න බැහැ. එකම කවුන්සල් (බැරිස්ටර්)ට පමණයි පුළුවන්.
සියළු ජනතාව, මාධ්‍ය වේදීන්, නීතීඥවරු, පොලිසිය, රාජ්‍ය නිතී අංශ සියළු දෙනාම ගරු අධිකරණයට උපරිමව ගරුකරනවා/ සහයෝගය පළ කරනවා. ජනප්‍රිය නඩුවක් නම් එය බැලීමට නඩු ශාලවට පැමිණිය හැකි සංඛ්‍යාව පිළිබඳව ඒ රටවල අධිකරණය විසින් සීමා පණ වනවා. සිය ගණනින් අධිකරණ ශාලාව තුල තෙරපී සිටීමට ඉඩ දෙන්නේ නැහැ.
එවැනි ජනාකීර්ණ නඩුවක පාර්ශවයක් වෙනුවෙන් නඩු ශාලාවට ඇතුල්වීමට ඉඩ දෙන්නේ 3/4 දෙනාටයි.
2025 ඔක්තෝම්බර් 15 දින සිට සියළුම විදේශ ජාතිකයින් ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර විද්‍යුත් සංචාරක අවසර පතක් (ETA) ලබා ගැනීම අනිවාර්යය බවට රජය නිවේදනය කර තිබෙනවා. මේ සඳහා ගාස්තුව US$50.
මෙය ඉතා හොඳයි. දැන් නොමිලේ ලබා දෙන ඔන් අරයිවල් විසා නිසා අපේ ඩොලර් සංචිතයට කිසිදු වාසියක් සිදු නොවේ.
සංචාරකයනට ඩොලර් 1,500 හෝ 2,000 දී ගුවන් ටිකට් පතක් මිලදී ගෙන ශ්‍රී ලංකාවට පැමිණිය හැකි නම්, විසා ගාස්තුව වශයෙන් ඩොලර් 50ක් ගෙවීමට ඔවුනට නොහැකිය යන්න පිළිගත නොහැක්කකි.
බොහෝ සංචාරකයෝ ශ්‍රී ලංකාවේදී වියදම් කරන්නේ සොච්චම් මුදලකි. සමහරු සති 2ක් ඉන්නවා, ඩොලර් 1,000ක් වියදම් කරලා නැහැ. ලංකාවේ මිනිස්සු ඊට වඩා වියදම් කරනවා.
ඒ නිසා මෙවැනි ඩොලර් 50ක් වැනි ගාස්තුවක් ඔවුන්ගෙන් අය කිරීම අපේ විදේශ විනිමය වැඩි කරගැනීමේ පැත්තෙන් ඉතා හොඳයි.
සහෝදරත්වය තකා, SAARC රටවලින් එන අයට ඩොලර් 35 කරන්න.
ETA නොදා ඔන් අරයිවල් ක්‍රමයට කටුනායක ගුවන් තොටුපොලේදී විසා ලබා ගැනීමට එන අය ආපසු පිටත් කර හරිනවාට වඩා ඩොලර් 250 පමණ ගාස්තුවක් ගෙවා එවන් විසාවක් ගුවන් තොටුපොලේදී ඉල්ලුම් කිරීමේ හැකියාව ලබා දෙන්න.
10/10/2025 දින කැබිනට් සංශෝධනයක් කළා, වෙනස්කම් මදි. තව අවශ්‍යයි.
ආණ්ඩුවට දැන් වසරයි. මේ වසර තුළ සාර්ථක ප්‍රගතියක් නොපෙන්වු කැබිනට් ඇමතිවරු කිහිප දෙනෙක් ඉන්නවා. ඔවුන් කොපමණ ජ්‍යෙෂ්ය්ටයන් වුවත්, කොපමණ නායකත්වයේ ගජ මිතුරන් වුවත් රට ගැන සිතා ඉවත් කරන්න වෙනවා.
දක්ෂ ලෙස වැඩ පෙන්වන නියෝජ්‍ය ඇමතිවරුන් කැබිනට් ඇමතිවරුන් බවට උසස් කළ යුතුයි.
පසු පෙළ දක්ෂයෝ ඉන්නවා – ක්‍රමානුකූලව නියෝජ්‍ය ඇමතිවරුන් ලෙස පත් කළ යුතුයි.
මෙවර පැහැදිලිව බුද්ධ ශාසන අමාත්‍යතුමෙක් සහ නියෝජ්‍ය අමාත්‍යතුමෙක් පත් කළා, හොඳයි.
ආගමික කටයුතු සහ සංස්කෘතිය පිළිබඳව පිළිබඳව නියෝජ්‍ය ඇමතිවරු දෙදෙනෙක් ඉන්න බව පේනවා – ගමගෙදර දිසානායක සහ මොහොමඩ් මුනීර්. මෙයින් අවුල් සහගත තත්ත්වයක් නිර්මාණය වෙන්න පුළුවන් නේද?
බැසිල්ගේ සැළසුම් ක්‍රියාත්මක සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය මේ රජයත් පවත්වාගෙන යනවා. වැඩක් නැහැ.
මුදල් අමාත්‍යංශය තිබෙන්නේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් තමයි.
සැළසුම් ක්‍රියාත්මක කිරීම යනු කැබිනට මණ්ඩලය විසින් අනුමත කරන ලද රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමයි. අමාත්‍යවරු 25 දෙනෙක් පත් කර සිටින්නේ ඒ සඳහා තමයි.
වෙස්ට්මින්ස්ටර් ක්‍රමය –
අමාත්‍යංශ මඟින් රාජ්‍ය සැළසුම් සම්පාදනය කර, කැබිනට් මණ්ඩලය ඒවා අනුමත කල පසු, පාර්ලිමේන්තුවේ පනත්/රෙගුලාසි මඟින් සම්මත කර, ඉන් පසු ක්‍රියාවට නැංවීම කොහොමත් කෙරෙනවා.
ඩිජිටල් ආර්ථික කියා වෙනම අමාත්‍යාංශයක් අවශ්‍ය නැහැ. ඒ ඒ අමාත්‍යාංශ ක්‍රමානුකූලව තම කටයුතු හැකි තරම් ඩිජිටල් කර ගත යුතුයි.
ජනාධිපතිතුමාට ඩිජිටල් ආර්ථික යනුවෙන් උපදේශක වරයෙක් පත් කරගත හැකියි.
පශු සම්පත් ඉතා පහසුවෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයට අනුයුක්ත කරන්න පුළුවන්. මේ දෙක එකටයි යන්නේ, එකම කාසියේ දෙපැත්ත වගේ
නාගරික සංවර්ධන අමාත්‍යංශයක් හෝ එවැනි දෙපාර්තමේන්තුවක් මේ රටට අවශ්‍ය නැහැ – සුදු අලියෙක්. අහෝසි කර දමන්න.
මේ අය කරන්නේ නගර සභා, මහ නගර සභා වලට අයත් වැඩ.
නගර සභා, මහ නගර සභා වලට ආ යුතු ආදායම මේ නාගරික සංවර්ධන දෙපාර්තමේන්තුව අයත් කර ගන්නවා. ඉදින්, මේ සභා ඉතා අපහසුවෙන් දුවන්නේ; මහජනයාට හොඳ සේවාවක් සපයන්න අමාරු ඒ නිසායි.
සෞඛ්‍ය අමාත්‍යවරයාට මාධ්‍ය ඇමති පදවිය දීම සුදුසු නොවේ. සෞඛ්‍ය යනු ඉතා භාරධුර අමාත්‍යංශයක්, ඒ සඳහා දිවා රෑ නොබලා, ඉතා කැපවී වැඩ කළ යුතුයි.
සෞඛ්‍ය අවුල් කරගත්තොත් (එසේ වෙනින් තිබෙන බව පේන්න තියෙනවා), රජය වැටෙන්න පවා පුළුවන්.
මහජන ආරක්ෂක කියා අමාත්‍යංශයක් අනවශ්‍යයි, එම කාර්යය වැටෙන්නේ ආරක්ෂක අමාත්‍යංශයට.
පාර්ලිමේන්තු කටයුතු කියා අමාත්‍යංශයක් අවශ්‍ය නැහැ. සුදු අලියෙක්.
හැකි තරම් මහජන මුදල් නාස්ති නොකර සිටීමට 225 වග බලා ගත යුතුයි.
පාර්ලිමේන්තු කටයුතු ගරු කථානායකතුමා යටතට කොහොමත් වැටෙනවා.
ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය, සමහර කොමිෂන් සභා (මහජන උපයෝගිතා, පොලිස්, මැතිවරණ වැනි) කිසි වැඩක් නැහැ. සුදු අලි.
මේවා ඇත්තටම අපක්ෂපාතීද?
සමහරක් ඒවා ආණ්ඩුවට ඉදිරියට යන්න තිබෙන බාධාවන්.
හරියට, ඔළුව වටෙන් අත දමා නහය අල්ලනවා වගේ; කෙලින්ම නහය අල්ලන්නේ නැතුව.
ගජ මිතුරන්ට පදවි, තානාන්තර දෙන්න මේවා හොඳයි.
තොරතුරු දැනගැනීම කොමිසමක් මඟින් නොව ඒ ඒ රාජ්‍ය දෙපාර්තමේන්තු/ආයතන ඔවුන්ගේ තොරතුරු දැනගැනීමේ නිලධාරී මඟින් සිදු කළ යුත්තක්. තොරතුරු නොදුන්නොත් ජනතාවට අධිකරණයට යා හැකියි.
ජනතාව මැතිවරණ 2දී (ජනාධිපති සහ මහ මැතිවරණය) හොඳට රජය කරන්න කියා බලය ලබා දෙනවා. ඉදින් රජය කරගෙන යා යුතුයි.
සැම විටම වගේ රජයට ‘කකුල් මාට්ටු’ දමන, ප්‍රජාතන්ත්‍ර විරෝධී ව්‍යවස්ථා මණ්ඩල, කොමිෂන් සභා කුමකටද?
දියුණු රටවල මේ විකාර, රනිල්ගේ අට මගල නැහැ.
විපක්ෂයක් රාජ්‍ය පාලනයට සම්බන්ධ කරගෙන බැහැ (ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය හරහා). ඔවුන් රජය කකුලෙන් අදිනවාමයි.
රජය හොඳ නැත්නම් ජනතාව මහ මැතිවරණයේදී ඔවුන්ව පළවා හරිවී.
පළාත් සභා චන්ද නොතබා, ඒ ක්‍රමය අහෝසි කර දැමීමට රජය දැඩිව සිතා බැලිය යුතුයි. 2/3 තිබුනත් බොහෝ විට ජනමත විචාරණයක් අවශ්‍ය වේවි.
පළාත් සභා සුදු අලින් 9 නැවත ගෙන ආවොත් එය රට ආපස්සට යාමක් වේවි.
මේ රටේ ප්‍රබල මැති ඇමතිවරු සමඟ කිට්ටුවෙන්, සමහර ජනාධිපතිවරු සමඟ යම් මට්ටමෙන් ආශ්‍රය කර තිබෙනවා. ඔවුන් කියනවා චානක, එන්න අප සමඟ එකතු වෙන්න, රට වෙනුවෙන් වැඩ කරමු” කියා. එවිට ඔහු දෙන පිළිතුර පුළුවන්, හැබැයි මම නම් අල්ලසට දුෂණයට විරුද්ධයි. කිසිම විධියකින් අල්ලස්, දූෂණ වැඩකට නම් මට සහභාගී වෙන්න බෑ; මට බොරු කියන දේ කරන්නත් බැහැ” කියා.
ඔවුන් එවිට සලිත වෙන සැටි ඔහු පැහැදිලිවම දකිනවා.
පසුව කථා කලාම, ඔවුන්ගෙන් (බොහෝ දෙනෙකු) කෝල්ස් වලට ආන්සර් කරන්නේ නැහැ; නොම්බරේත් සමහරු බ්ලොක් කරලා.
මතු සම්බන්ධයි …..