අමෙරිකානු – ශ්‍රී ලංකා ආරක්ෂක සහයෝගිතා ගිවිසුම යනු SOFA ගිවිසුමට පාර කපන උපක්‍රමයක් – ජාතික සංවිධානවලින් චෝදනා
Posted on November 15th, 2025

උපුටා ගැන්ම  ලංකා ලීඩර්

අමෙරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක දෙපාර්තමේන්තුව මගින් දියත් කෙරෙන රාජ්‍ය හවුල්කාරීත්ව වැඩසටහන (SPP) යටතේ වෙරළ ආරක්ෂක බලකාය සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමේ පසුබිම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්,

“රාජ්‍ය සහයෝගිතා වැඩසටහන 1993 දී නිර්මාණය කරන්නේ සෝවියට් දේශය බිඳවැටීමෙන් පසුව ගොඩනැගීමට නියමිත වූ ඒක ධ්‍රැවීය ලෝකය තුළ කලාපයේ රටවල් අමෙරිකානු ආරක්ෂක උවමනාවන් සමග ගැටගසා තබාගැනීමටයි.

මේ වන විට SPP ගිවිසුම් 89ක් අත්සන් කර ඇති අතර එම රටවල් NATO සංවිධානයට ගැටගසා ගැනීමට ද ඒවා යොදා ගැනිනි. ඒ අනුව ශ්‍රි ලංකාව ආසියාවේ NATO හෙවත් QUAD සංවිධානයට ගැටගසා ගැනීමට මෙය යොදාගනු ඇත.

එහිදී පුහුණුව, සහයෝගීතාව, ඒකාබද්ධ ක්‍රියාකාරකම් ආදිය සඳහා අමෙරිකානු වෙරළ ආරක්ෂක බලකායට ශ්‍රී ලංකාවේ මුහුද සහ ගොඩබිම ආශ්‍රිතව කටයුතු කිරීමට අවශ්‍ය වේ. ඒ සඳහා පූර්ව අවසරයකින් තොරව නිදහසේ කටයුතු කිරීම සඳහා SOFA ගිවිසුම අවශ්‍ය වේ.

ඒ අනුව මේ ආරම්භ වන්නේ SOFA ගිවිසුමේ අරමුණ B වලට එකඟවීමේ පළමු පියවර බව ඉතා පැහැදිලිය.

Comments are closed.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress