අයවැය IMF අවශ්‍යතාවට හැදුවාදැයි දැන් බලනවා.. මීළඟ වාරිකය ලැබෙන්නේ ඒ අනුවයි – I.M.F. සන්නිවේදන අධ්යක්ෂ ජූලි කොසැක් කියයි
Posted on November 15th, 2025
උපුටා ගැන්ම ලංකා ලීඩර්
2026 වසර සඳහා ශ්‍රී ලංකාව ඉදිරිපත් කර ඇති අයවැය අයිඑම්එෆ් ණය වැඩසටහනේ පරාමිතීන්ට අනුකූලව සකස් කර ඇත්දැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය විසින් මේ වනවිට අධ්‍යයනය කරමින් සිටින බව අයිඑම්එෆ් සන්නිවේදන අධ්‍යක්ෂිකා ජූලි කොසැක් මහත්මිය පවසා ඇත. මෙම ඇගයීම ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය වැඩසටහනේ පස්වැනි සමාලෝචනය සලකා බැලීම විධායක අධ්යක්ෂ මණ්ඩලයට විශේෂයෙන් වැදගත් වන බව ද ඇය කියා සිටියාය.
ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය වැඩසටහනේ පස්වැනි සමාලෝචනය සලකා බැලීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්යක්ෂ මණ්ඩලය ඉදිරි සති කිහිපය තුළ රැස්වන බව අයිඑම්එෆ් සන්නිවේදන අධ්‍යක්ෂිකාව කියා ඇත.