කඳුකරයේ පොළොව ඉරි තලලා: ඇතැම් තැන්වල ගිලා බැසීම්
Posted on December 4th, 2025

Hiru News

%E0%B6%9A%E0%B6%B3%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%9C%E0%B7%85%E0%B7%9C%E0%B7%80+%E0%B6%89%E0%B6%BB%E0%B7%92+%E0%B6%AD%E0%B6%BD%E0%B6%BD%E0%B7%8F%3A+%E0%B6%87%E0%B6%AD%E0%B7%90%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%BD+%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%8F+%E0%B6%B6%E0%B7%90%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8A

අයහපත් කාලගුණය පහව ගිය ද මධ්‍යම කඳුකරය ඇතුළු දිවයිනේ ඇතැම් ප්‍රදේශවලින් තවමත් පොළවෙහි ඉරි තැලීම් සහ ගිලා බැසීම් වාර්තා වනවා.

පසුගිය දා සිදුවූ නායයෑම්වලින් වැඩිම බලපෑමක් එල්ල වූයේ මධ්‍යම කඳුකරයටයි.

එවැනි පසුබිමක කොත්මලේ නයාපාන කන්ද ආශ්‍රිත ඇතැම් ප්‍රදේශවල මේ වනවිට පොළොවෙහි ඉරිතැලීම් වාර්තා වී තිබෙනවා.

ඇතැම් නිවාස පුපුරා ගිලා බැසීමකට ලක්ව ඇති බවටයි හිරු ප්‍රවෘත්ති කළ නීරික්ෂණයකින් අනාවරණය වූයේ.

කොත්මලේ නයාපාන ගම්මානයට පිවිසෙන මාර්ගය ස්ථාන කිහිපයකින් ඉරි තලා තිබුණේ අඩි එකහාමාරක් පමණ ගිලා බසිමින්.

මේ හේතුවෙන් පවුල් 30ක පුද්ගලයින් 150කට අධික පිරිසක් නයාපාන ප්‍රදේශයෙන් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කර තිබෙනවා.

ඒ හේතුවෙන්, ප්‍රදේශවාසීන් පත්ව ඇත්තේ දැඩි අපහසුතාවටයි.

මේ අතර, ගම්පොල – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ දුනුකෙවුල ප්‍රදේශයේ ඇතැම් ස්ථානවල ද පොලවෙහි ඉරිතැලීම් වාර්තා වන බවයි ප්‍රදේශවාසීන් සඳහන් කළේ.

එමෙන්ම, ගම්පොල – පුපුරැස්ස ප්‍රධාන මාර්ගයේ රජතලාව ප්‍රදේශයේ ඇතැම් ස්ථානවල පොලවෙහි යළි ඉරිතැලීම් වාර්තා වී ඇත්තේ ද එම ප්‍රදේශයේ පසුගිය 28 වැනිදා සිදුවූ විශාල නායයෑමත් සමගයි.

මෙවැනි තත්ත්වයන් වාර්තා වන්නේ නම් සිදුකළ යුත්තේ කඩිනමින් එම ස්ථානවලින් ඉවත් වීම බව අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නායයෑම් පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය ගාමිණි ජයතිස්ස කියා සිටියා.

මේ අතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල සහ මාතලේ දිස්ත්‍රික්කවල තවදුරටත් නායයෑම් රතු නිවේදන ක්‍රියාත්මකයි.

Comments are closed.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress