දේශපාලන පංචස්කන්ධවල (පක්ෂවල) හෘදය ශාක්ෂිය පරීක්ෂා කිරීම (Bell the cat !)
Posted on December 23rd, 2025
C. Wijeyawickrema, LL.B., Ph.D.
තමන්ට අන්තිමේදී ගොළු මුහුදවත් ඉතුරු නොවන බව නොදැන අන්ද මන්දව සිටිනා සිංහල බෞද්ධ රැළ්
එතෙක් පැවති SLFP-LSSP-CP ආණ්ඩුවල විකාර හැසිරීම් දඩමීමා කරගෙන, JRJ විසින් රටට කරන්නට යන නැස්පත්තිය ගැන ඇතිවූ කළකිරීමද නිසා, 1978 මාර්තු මාසයේදී ලංකාවෙන් පිටවූ දා සිටම රටට සිදුවන දේ දෙස කණගාටුවෙන් බලා සිටි පංචස්කන්ධයක් වශයෙන් මේ වන විට රට දෙස බලන විට, දැන් 2025 දෙසැම්බර් අගවන විට රටට සිදුවී ඇති විනාශය, 2024 න් පසු JVP/NPP ආණ්ඩුවේ ක්‍රියාකලාපය නිසාවෙන් සිදුවූ දේව සාපයක් හා 1940 ගණන් වල සිට කළු සුද්දන්/දේශපාලකයින් විසින් රටේ භූගෝල විද්‍යාවට ද්‍රෝහි වීමේ විපාකයක් නොවේදැයි මට සිතේ.
පසු ගිය 76 වසරක කාලය, මූසල මුස්පේන්තු අඳුරු යුගයක්” යයි හරි හමන් අධ්‍යාපන දැණුමක් නැති කොට්ටහච්චි නම් තරුණ කටකාර මන්ත්‍රිණී පරාණය විසින් දියවන්නා හෝටලයේදී ප්‍රකාශ කිරීමම ඇය ඇයටම කරගත් ශාපයකි. ඇයත් ඇතුළු පාපිසි හෝ කදිරගමාර්ලා 159+AKD ලාට නොමිලේ අධ්‍යාපනයක් ලැබුණේ එම 76 අවුරුදු අඳුරු යුගය නිසා නොවේද? මේ සංකර නිරාගමිකයින් (ටිල්වින්, [Harini?], නලින්ද, කොට්ටහච්චි, විද්‍යාරත්න ලා), දැන් දැන් පන්සල්/කෝවිල්/පිරිත් පැන් වලට කිට්ටුවීම සිංහල බෞද්ධ ශිෂ්ටාචාරයෙන් සමාව ඉල්ලනවා වැනිය!
පසු ගිය ආණ්ඩු විසින් විශේෂයෙන් 1978 සිට කල කී දේ නිසා හානියට හා කළ කිරීමට හා විශ්වාස බංගලගත්වයට පත්වී නැණ විකලව සිටි සිංහල බෞද්ධ ජනයා, JVP ගල් පැලෙන බොරු වලටද රැවටී දුන් අන්ධ චන්දවල ප්‍රතිඵල දැන් භුක්ති විඳිමින් සිටින්නේ ගලේ මොකක්ද කල පූස් පැටව් මෙන් ලැජ්ජාවෙන්ය. තමන්ගේ මතයට විරුද්ධ අදහසක් දරණ අයට සමාවක් නොදෙන ඉතිහාසයක් ඇති පිරිසක් බලයට ඒම නිසා ළිංවල වැටී ඉන්නා පැරදුන විපක්ෂ දේශපාලකයින් තමන් ළිංකටෙන්ම ගොඩ ආයුතු බව අමතක කර නැවතත් පරණ සෙල්ලමම මහජනයාට පෙන්වමින් සිටී. දියවන්නා හෝටලයට ගොඩ වැදුන මන්ත්‍රී පුළුටු අතරින් සමාව දිය හැකිව ඉතිරිව සිටින්නේ චාමර සම්පත්, අර්චුනා රාමනාදන් (දිලිත් ජයවීර??) පමණක් නොවේද කියා මට සිතේ.
මේ අයට කොටපිටියේ රාහුල අනූනායක හාමුදුරුවන් පෙන්වා දෙන්නේ පරණ තැටිය (පරණ වයින් පරණ බොතල් වල) නම් දැන් ගයන්නට නොහැකි බවය. අකර්මණ්‍යවූ විපක්ෂ මන්ත්‍රීන්ගේ හා පැරදුන දේශපාලකයින්ගේ ක්‍රියාකලාපයට විරුද්ධව මහජනයා අවධි කිරීමේ උත්සාහයක් දරමින්, තමන්ට තිබෙන පක්ෂ දේශපාලන බැඳීම් වලින් ඉදිරියට යමින් සිටින තරුණ පිරිසක් සිය යූටියුබ් ජාලා මඟින් ක්‍රියාකරමින් සිටීම වැදගත් සංසිද්ධියකි. කැලුම් ජයසුමන, වරුණ රාජපක්ෂ, මාතලන්, අභීත එදිරිසිංහ, චරිත් අබේසිංහ, චාමර විජේසූරිය, බොරැල්ල හන්දිය, Dark Room යන අයවළුන් මෙහිදී කැපී පෙනෙන උදාහරණය. සේපාල් අමරසිංහ හා ධර්මසිරි කාරියවසම්ද ඊට සමාන සේවයක් කරමින් සිටී.
ඒ කෙසේ වෙතත් මේ වනවිට AKD ට බලවත්ම අභියෝගය වී තිබෙන්නේ නන්දන ගුණතිලක වැනි පරණ JVP කාරයින්ගෙන් නොව ලන්ඩන් වල ඉන්නා උවිඳු කුරුකුලසූරිය හා ඕස්ට්‍රේලියාවේ වසන කනිෂ්ක චමින්ද ජයලත් යන ඔහුගේ යහපත පතන මිත්රයින් ගෙන්ය. කනිෂ්ක අසන්නේ මේ මොහොතේ කඩිමුඩියේ ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතක්’ (PSTA) පාස් කරගෙන, කතා කිරීමේ නිදහස සීමාකරන්නට හදන්නේ AKD ට පිස්සු හැදිලාද කියාය. අලි මදිවාට හරක් මෙන් මේ අස්සේ නිර්මාල් රංජිත් දේවසිරි AKD වෙනුවෙන් තටමන කෙස් පැලෙන තර්ක (කඩේ යෑම) ඔහු නොදැනම AKD ට කරණ හානියකි.
LankaWeb – අනුර ගැන හෙලිදරව්වක් (Dark Room)
AKD ලා විසින් කරන්නට යන විධායක ජනාධිපති ධූරය අහෝසිකර විධායක අගමැති කෙනෙක් පත් කිරීම සහිත අළුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම හා මිය ගොස් ඇති පලාත් සභා මර උඟුල ක්‍රියාත්මක කිරීම ඔවුන් විසින් රටට කරන්නට සිතන ලොකුම විනාශය ලංකාව නමැති ගහෙන් වැටුණ මිනිහාට (ගංවතුරට හා පස් කඳු වලට යටවූ රටකට) ගොනා ඇන්නා වගේය. වරද විධායක ජනාධිපති ධූරය නොව එයට පත්වන ලෝභ-ද්වේෂ-මෝහ යෙන් පිරි පංචකන්ධයේ කරුමයය. එම තනතුර දූෂණය කරන්නට නොහැකි ලෙස එහි තටු කැපීම මිස මන්ත්‍රී රොඩ්ඩන් මත රැඳෙන්නට සිදුවන විධායක අගමැති පඹයෙක් වී අවසාන වන්නේය. දැනට පවතින චන්ද ක්‍රමය දූෂිතයින් මන්ත්‍රීන් කරණ ඉණිමඟකි. විධායක ජනාධිපති ක්‍රමය නිසා නොවේ නම් මේ වන විට ප්රභාකරන් රට අල්ලාගෙන අවසානය. එක අයවැය පරදවා ම් ගේ යුද මෙහෙයුම බකල් කරන්නට ගත් උත්සාහය වැලැක්වූයේ සෝමවංශ-වීරවංශ දෙන්නා විසින්ය. 1978 ට කලින් පගා දී මන්ත්‍රීලා බිලිබාගත් ඉතිහාසයක් රටට තිබේ.
මෙම රටත් ජීවිතයත් මරණයත් වැනි තීරණාත්මක අවස්ථාවේදී රටේ සිංහල බෞද්ධ ජනයා විසින් එකාවන්ව නැගී සිටිය යුතු කරුණක් වන්නේ පලාත් සභා මර උඟුල අහෝසි කිරීම සඳහාය. ඉන්දියන් පාලම, ඉන්දියාවට ලංකාව ආර්ථික වශයෙන් පූට්ටු කිරිමේ රනිල්-හර්ෂණ ද සිල්වා ගේ කැමැත්ත යනාදී පාවාදීම් මෙම පලාත් සභා මර උඟුල සමඟ සැසඳිය නොහැකිය.
මෙහි පහතින් ඇති ලැයිස්තුව විපක්ෂයේ ඉන්නා සෑම සිංහල මන්ත්‍රී කෙනෙක් විසින්ම සම්පූර්ණ කලයුතු චන්ද පත්‍රිකාවක් වැනිය. එහි දැක්වෙන සෑම වගන්තියකටම එකඟවනවා/එකඟ නොවනවා (yes/no ඔව්/නෑ) යනුවෙන් සටහන් කරණ සේ සැම සිංහල දේශපාලකයාටම ගම් මට්ටමින් දැණුම් දිය යුතුය. සර්ව බලධාරී ස්වාධිපත්‍යය ඇත්තේ දේශපාලකයාට (මන්ත්‍රී පුළුටු වලට) නොවේ.
රනිල්, සජිත්, රවි කරුණානායක, රාජිත සේනාරත්න වැනි අය පලාත් සභාවලට පක්ෂ අය බව රහසක් නොවේ. එහෙත් නාමල් ගේ දිලිත් ජයවීර ගේ අදහස කුමක්ද? පලාත් සභාවලට විරුද්ධ එකම දෙමළ නායකයකයා යාපනේ අරුන් සිද්ධාර්ථ් පමණය. ඔහු ඒ සම්බන්ධයෙන් කරණ පැහැදිලි කිරීම පලාත් සභා ක්‍රමය සුදු අලියෙක් කරගෙන ගසාගෙන කන දකුණේ සිංහල දේශපාලක හොරුන් හිරි-ඔත්තපයක් නැති පංචස්කන්ධ බව තහවුරු කරන්නේය. පලාත් වෙනුවට ජලද්‍රෝණි අනුව සීමා මායිම් කල ජන සභා ක්‍රමයක් මඟින් දෙමළ ජනයාවත් සෙසු ජනයාවත් තමන්ගේ සිවිල් පාලන ප්‍රදේශය තුල බලවත් කිරීමට (empowerment of people, not politicians) හැකිවන්නේය. තවද විකාරයක් වී තිබෙන සීමා නිර්ණය කිරීමේ ජරමරය අවශ්‍ය නොවන්නේය. ජන සභා ප්‍රදේශය තීරණය වන්නේ භාෂාව, ආගම, කුලය අනුව නොව සවාභාවික මායිම් වලිනි. මේ මඟින් දැනට පවතින ප්‍රාදේශීය සභා අහෝසි කල හැකිය. ජන සභා වල සමාජිකයින් පක්ෂ දේශපාලනයෙන් තොරව තෝරා පත් කර ගත යුතුය.
පලාත් සභා මර උඟුල අහෝසි කිරීමට අමතරව සිංහල හා දෙමළ භාෂා 8 ශ්‍රේණිය දක්වා අනිවාර්ය කිරීම වැනි වෙනත් වගන්තිද මෙම ලැයිස්තුවේ ඇත. මේවා පිළිඹඳව ජනයා ගම් මට්ටමින් දැනුවත් කර චන්දය ඉල්ලන්නට එන සිංහල බෞද්ධ අපේක්ෂකයින්ගෙන් ඒ ගැන විමසා බලන්නට ජනයා දිරිමත් කිරීම ගම් වල පන්සල් මඟින් කල හැකි වන්නේ මෙය පක්ෂ දේශපාලනයෙන් තොර ජාතික මෙහෙයක් නිසාය.
මේ පිලිඹද සවිස්තර විග්‍රහයක්, සැලස්මක් (analysis and a plan) කළු සුද්දන්ගේ පාලන සමය: 1948-2025, තෙවන භාගය (පලාත් සභා මර උඟුල-ජන සභා විසඳුම)” යන කෘතියෙන් ඉදිරිපත් කර ඇත.
=======================
| 1 | ඉංග්‍රීසින් විසින් සිලෝන් කිව්වේ අතීතයේදී විදේශික වෙළෙන්ඳන් විසින් සෙයිලාන් ලෙස හැඳින්වූ සිංහලේ යන දිවයිනේ මුල් නමය. | |
| 2 | එම සිංහලේ නමැති රාජධානියේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනයා සමඟියෙන් ජීවත්විය. | |
| 3 | 1505 කතෝලික පෘතුගීසින්ගේ ආගමණයත් සමඟ, විශේෂයෙන් 1798 න් පසු ඉංග්‍රීසීන් විසින් යටත් වැසියා බෙදා පාලනය කිරීමේ උපාය යටතේ, ජනවර්ග කෙටවීම ආරම්භවිය. | |
| 4 | ලංකාව සිංහල සිංහල බෞද්ධයින්ට ලෝකයේ ඇති එකම බිම් කැබැල්ලය. | |
| 5 | ඊලමකට පාර කපා රට තවත් පලස්තීනයක් කරණ 13 වන සංශෝධනය අහෝසි කල යුතුය. | |
| 6 | 1917/23 කාලයේදී සිට ආරම්භවුණ ලෝකයේ වෙනම දෙමළ රටක් යන ව්‍යාපාරයට ලංකාව ගොදුරුවී ඇත. | |
| 7 | ලෝකයේ දෙමළ නිජබිම ටැමිල් නාඩු ප්‍රාන්තයය. | |
| 8 | එක රටක්-එක නීතියක් කාර්ය සාධක බලකායේ නිර්දේශ ක්‍රියාත්මක කල යුතුය. | |
| 9 | බුදු දහම සර්ව බලධාරී දෙවියෙක් අදහන අනිකුත් ලබ්ධීන් සමඟ පාස්සන්නට නොහැකිය. | |
| 10 | බුද්ධ සාසනය හතුරන්ගෙන් රැකදීම රජයේ වගකීමකි. | |
| 11 | බහු ආගමික ඉන්ටර්ෆේත්/බහුජතික කතා බටහිර රටවල හා ජිනීවා ලණුය. | |
| 12 | ලංකාවේ අගමැති/ජනාධිපතිලාගේ පවුල්වල බෞද්ධ නොවන ලඟම ඥාතීන් සිටී. | |
| 13 | යසර් අර්ෆත් හා ගඩාෆි විසින් බිහිකල ගර්භාෂ යුද්ධය ලංකාවේද ක්‍රියාත්මකවේ. | |
| 14 | වහාබි හා ශාරියා ඉස්ලාම් අන්තවාදය රටපුරාම ක්‍රියාත්මකවේ. | |
| 15 | බෝන් අගේන් වැනි ක්‍රිස්තියානී මූලධර්මවාදීන්ගේ අයථා අන්‍යාගමීකරණය තහනම් කලයුතුය. | |
| 16 | ජාතිවාදියා යනු සෙසු ජාතීන්ට (ජන වර්ගවලට?) වෙනස්කම් කරණ, ඔවුන් හෙලා දකිණ හිට්ලර්වාදීන්ය. | |
| 17 | ජාතික වාදය යනු තම ජාතිය හතුරන්ගෙන් ආරක්ෂාකර ගැනීමට ජාතිකාණුරාගයෙන් (ධර්මපාලවාදය) ක්රියාකිරීමය. | |
| 18 | ආගමික අන්තවාදය යනු තම ලබ්ධියට, බලයෙන් හෝ වෙනත් අල්ලස් උපාය මඟින් අන්‍යාගමිකයින් බඳවා තබා ගැනීමය. | |
| 19 | ඉන්දියාවේ සිට මන්නාරමට පාලමක් දැමීමෙන් ලංකාව ඉන්දියාවේ කොටසක් බවට පත්වන්නේය. | |
| 20 | ලංකාව ඉන්දියාවට පූට්ටු කිරීමේ ක්‍රියාවලිය ආරම්භකලේ අගමැති/ජනාධිපතිව සිටි රනිල් වික්‍රමසිංහ විසින්ය | |
| 21 | එක්ටා ගිවිසුම වනාහි සිංහල බෞද්ධයාගේ විනාශයේ ආරම්භයය. | |
| 22 | ඇමෙරිකන් MCC ගිවිසුම සිංහල බෞද්ධයින්ට කරණු ලබන කොඩිවිනයකි. | |
| 23 | දස අවුරුදු ප්ලෑනකට අනුව රටේ අගනුවර රජ රටට (අනුරාධපුරය දෙසට) ගෙනයා යුතුය. | |
| 24 | කොළඹ මාර්ග තදබදයට විසඳුම අහසින් ජපන් කෝච්චි දැමීමේ ප්ලෑන විශාල ධන විනාශයකි. | |
| 25 | 1832 කෝල්බෲක් සූත්‍රය වෙනුවට මුළු රටම ජන සභා සංකල්පයට අනුව බෙදා මායිම් කල යුතුය | |
| 26 | දැනට තිබෙන GSN (ග්‍රාම සේවා නිලධාරී) ඒකක 14,026 ස්වාභාවික මායිම් සහිත (ජල ද්‍රෝණි) ඒකක වශයෙන් අළුතෙන් සංවිධානය කලයුතුය. | |
| 27 | මෙම ස්වාභාවික මායිම් සහිත GSN ඒකක කීපයක් එකතුකර රටතුල ජන සභා ඒකක ඇතිකල යුතුය. | |
| 28 | පාර්ලිමේන්තු මැතිවරණ කොට්ඨාශ ජන සභා ඒකකවල එකතුවෙන් සැදිය යුතුය. | |
| 29 | ජන සභාව පක්ෂ දේශපාලනයෙන් තොර නියෝජිත ආයතනයක් විය යුතුය. | |
| 30 | ජන සභා වලට ගම්වල සිටිනා ආගමික/ පොලිස්/ යුදහමුදා නියෝජිතයින්ද සහභාගී කරගත යුතුය. | |
| 31 | ජාතික ජන සභා කවුන්සිලයක් (සෙනේට් සභාවක්) පිහිටුවිය යුතුය. | |
| 32 | ජන සභාව තීරණ ගත යුතු වන්නේ සම්මුති ප්රජාතන්ත්රවාදී ක්‍රමයට අනුකූලවය. | |
| 33 | අධ්‍යාපනය ලබා දිය යුත්තේ ලමයාගේ මව් භාෂාවෙන්ය. | |
| 34 | රජයේ හා පුද්ගලික සියළුම පාසැල් වල සිංහල හා දෙමළ අනිවාර්ය විෂයයන් කල යුතුය. | |
| 35 | ඉංග්‍රිසි තුන්වන භාෂාවක් ලෙස පාසැල්වල ඉගැන්විය යුතුය. | |
| 36 | රජයේ පාසැල් වල ඉංග්‍රීසි මාධ්‍යය ආරම්භ නොකල යුතුය. | |
| 37 | ඉතිහාසය හා භූගෝල විද්‍යාව අනිවාර්ය විෂයයන් කලයුතුය. | |
| 38 | යම් රටක/ ප්‍රදේශයක ඉතිහාසය යනු ඒ රටේ (භූමියේ) අතීත භූගෝල විද්‍යාවය. | |
| 39 | සිංහල මව් භාෂාව වන සිසුන්ට සිංහල සාහිත්‍ය විෂය හඳුන්වා දිය යුතුය. | |
| 40 | ලෝකයේ ආගම් පිළිඹඳව තුලනාත්මක අධ්‍යයන විෂයක් හඳුන්වා දිය යුතුය. | |
| 41 | රජයේ සේවකයින් දේශපාලන කටයුතුවල යෙදීම තහනම් කලයුතුය. | |
| 42 | රජයේ සේවකයින් සඳහා (විශ්ව විද්‍යාලද අතුළුව) performance evaluation ක්‍රමය හඳුන්වා දිය යුතුය. | |
| 43 | විශ්ව විද්‍යාල අධ්‍යාපනය නොමිලේ ලබාදීම වෙනුවට රාජ්‍ය ණය ක්‍රමයක් හඳුන්වා දියයුතුය. | |
| 44 | සිරකරුවන් හිරගෙදරින් පිටත වැඩට යොදාගන්නා ක්‍රමයක් (public work projects) සැදිය යුතුය. | |
| 45 | දිස්ත්‍රික්/මනාප විහිළුව (බලු පොරය) අහෝසි කර 1978 ට පෙර පැවති මැතිවරණ කොට්ඨාශ චන්ද ක්‍රමයට නැවත යායුතුය. | |
| 46 | තම මන්ත්‍රීවරයා ආපසු කැඳවීමේ අයිතිය චන්දදායකයාට තිබිය යුතුය | |
| 47 | වතුකරයේ තනිකර දමිල ජනාවාස සැදීමේ කුමණ්ත්‍රනය පරාද කල යුතුය | |
| 48 | මන්ත්‍රීවරයෙකුගේ ධූර කාලය වාර දෙකකට සීමා කල යුතුය | |
| 49 | මන්ත්‍රී හෝ ඔහුගේ/ඇගේ ලඟ ඥාතීන් රජය සමඟ කොන්ත්‍රාත්/බිස්නස් ගණුදෙනු නොකල යුතුය. | |
| 50 | සමරිසි-සමලිංගික ක්‍රියා ප්‍රවර්ධනය කිරීමේ සංස්කෘතියක් බිහිකිරීමේ අරමුණෙන් දේශීය හා විදේශීය ව්‍යාපාර ගෙන යන කුමන්ත්‍රණයට රහසින්වත් ආණ්ඩුවේ මැති ඇමතිලා හෝ නිලධාරීන් සම්බන්ධ නොවිය යුතුය | |
| 51 | 1988-89 වර්ෂයේ සිට ලංකාවේ සිදුවූ කැරළි, මනුෂ්‍ය ඝාතන, (රාජ්‍ය, ත්රස්තවාදීන්, LTTE, ඉන්දියන් හමුදා) විමසා බැලීමට කොමිෂන් සභාවක් පත් කල යුතුය | |
| 52 | ICCPR නීතිය, එහි පස්සිකො (come and examine, not come and believe) මූල ධර්මය මත පදනම්වූ බුදු දහමට විරුද්ධව යොදා ගත හැකි ආයුධයකි. එය සංශෝධනය කල යුතුය. | |
| 53 | සුද්දන්ගේ කාලයේ පැනවු රටට හා විශේෂයෙන් සිංහල ජාතියට හා බුද්ධාගමට හානි ගෙන දෙන නීති සංශෝධනය කල යුතුය. | |
| Source: ලංකාව: කළු සුද්දන්ගේ පාලන සමය, දෙවන භාගය, 1948-2024, (343-344 පිටු) | ||